වහලා එහෙම නැත්නම් වහලෙකු යන සිත ඇඳී යන වචනය ඔබ දුටු පමණින්ම මේ සිදුවීමට අදාළ කථා පුවත ඔබට කියවන්නට සිතෙන්නට ඇතැයි මා හොඳාකාරවම දන්නේය. සැබැවින්ම මෙය ඉතා හොද කතා රසයක් රැගත් කතා පුවතකි. එවකට මහා බ්‍රිතාන්‍යයයෙ යටත් විජිත රාජ්‍යයන් ලෙස පැවති බොහො රට වලට සුදු ජාතිකයන්ගෙ බැල මෙහෙවර කම් කර ගැනිමට අප්‍රිකානු ග්‍රොත්‍රිකයන් ඒ ඒ රටවලට රැගෙන ගියේය. සුද්දන් ඔවුන් අපේ රටටද රැගෙන ආවේය.
දැනට වසර 150ට පමණ පෙර ඒ කියන්නේ අපේ රටේ කන්ද උඩරට රාජධානියේ අවසන් සමය, 1868 දී පමණ ඌව වෙල්ලස්සේ බදුල්ල කියන අග නගරයේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඔබ වර්තමානයේ බදුලු නගරයට ඇවිත් තිබෙන කෙනෙකු නම් අද බදුල්ල මහරෝහල , බදුල්ල වෙලේකඩේ බලකොටුව යන ස්ථාන ඔබට හොඳින් මතක ඇති. ඒ සියලුම ස්ථාන එදා සුද්දා හදපු ඒවා, ඔවුන් තමන්ගේ බල ප්‍රදේශ පාලනය කරන්න යොදා ගත්ත ගොඩනැගිලි. ඒ වගේම මේ සිදුවීම සිද්ධ වෙන්නෙත් දැනට කයිලගොඩ නම් හඳුන්වන නගරයට බොහෝ කිට්ටු ග්‍රාමය තුලයි. දැනට මේවා බොහොම ජනා කීර්ණ පළාතක් වුනත් ඒ කාලේ නම් එහෙම නෙවෙයි ඉතිං.
මේ කථා පුවත ඇත්තටම සැගවුණු කථාවක්, මේ කථාව කල එලි බහින්නේත් ටිකක් අමුතුම ආකාරයකට තමයි.... මගේ ආති ජාත මිත්‍රයා නිශාන්ත සහෝදරයාගේ නිවාස පිහිටියෙත් මේ කයිලගොඩ ප්‍රදේශයේම තමයි. නොපෙනෙන බලවේග ගැන හොඳ දැනුමුතු කමක් ඔහුටත් ඇත. කාලයක පටන් අමුනුෂ්‍ය බලපෑම් එක්කම ඔට්ටු වෙලා මගේ මිත්‍රයටත් දැන් හොඳට පදන් වෙලයි ඉන්නේ. කෙසේ හෝ ඔහුට පැමිණි ගෘහ භූත දෝෂයක් පිරික්සීමට යාමේදී කට්ටඩි ගුරුන්නාන්සේ කෙනෙකුට අහම්බෙන් දකින්නට ලැබුණු ප්‍රේත ආත්මයක් පිටුපස ගොස් තමයි මේ කථා පුවත හෙළි කර ගත්තේ.
1868 සුද්දාගේ කාලේ ඉතිං දන්නවනේ අර මං මුලින් කිවුවා වගේ තමන්ගේ වහල් කම් කර ගන්ඩ සුද්දා වහල්ලු ගේනවා කියලා. ඔන්න ඔය අප්‍රිකාවෙන් ගෙනාපු වහල්ලු ගාල් කරපු ප්‍රධාන වහල් ගාලක් තිබිලා තියෙනවා දැනට කයිලගොඩ කියන නගරයේ, ගුරුන්නාන්සේ කියපු විදියටනන් එක තිබිලා තියෙන්නේ දැනට කයිලගොඩ පන්සලට අල්ලපු වත්තේ.
උදේ කාලයේදී ඉංග්‍රීසි සොල්දාදුවන්ගේ අඩන්තේට්ටන් වලින් හොඳටම බැට කන පිරිසක් තමයි මේ කාපිරි වහල්ලු කියන්නේ... දිග දම්වැලකින් උදේ පාන්දරින්ම ගැට ගහන වහල්ලු අශ්වයෝ පිටේ යන සුද්දෝ ඇදගෙන ගිහිං තියෙනවා බල කොටු වල වැඩටත් වෙනත් වැඩ කරගන්නත්. සුද්දෝ මේ වහල්ලුන්ට සළකන්නේ බල්ලොන්ට වගේ තමයි. සුද්දාගේ කෑම වෙල හදලා ඉවර උනාට පස්සේ ඉතිරි වෙන අහාර කොටස් තමයි මේ වහල්ලුන්ට කන්න දීලා තියෙන්නේ. අමුඩ කෙටියක් ගහ ගන්න දීලා තියෙන්නේ පොඩි ගෝනි පඩංගු කෑල්ලක්. අපා දුකක් විඳින කොටසක් විදියට තමයි මේ කාපිරි කොට්ටාශය ගමේ අය දැකලා තියෙන්නේ.
මේ වහල්ලු කියන්නෙත් මිනිස්සුමනේ උන්ටත් හැඟීම් දැනීම් තියෙනවා. වහලෙකුගේ එකම හීනය කියන්නේ නිදහස තමයි. මේ වහල් කඳවුර ඇතුලේ හිටියා මහා දරුණු දඩබ්බර කාපිරියෙක් හැමදාම ඉංග්‍රීසි සොල්දාදුවන්ගෙන් කටෙන් ලේ විසිවෙන්න ගුටී කලා හිනා වෙන ඒක මේ කාපිරියගේ පුරුද්දක්. උදේට පෝලින් ගහගෙන දම්වැල් දාලා මුන්ව පාරදිගේ එක්කාගෙන යනකොටත් මෙන්න මේ කාපිරියා මිනිස්සුන්ගේ ඇඟට හපා කන්ඩත් පනිනවා. මෙහෙම මේ කාපිරියගේ ම්ලේජ ක්‍රියාවන් නිසා මේකාව මරලා දාන්ඩ ඕනි කියලා ඔන්න සුදු ඒජන්ත තීරණය කරනවා.
එක දවසින් මරන්නේ නැනේ, ඒ දවස් වලත් සුද්දගේ නිතිය අකුරට වැඩ, මරණයට නියම උනාට පස්සේ දවසක් දෙකක් මේ කාපිරියව කඳවුරේම වෙනම සිර කුටියක රඳවනවා. කුටියේ ඉන්න නිසා මේකාගේ දම්වැල් ඔක්කොම ලිහලා දාලයි තියෙන්නේ මරන්නනේ ඉන්නේ, සුද්දගේ නිතියේ තියෙන්නේ එහෙමයි.
මෙහෙම කුටියක දාල ඉන්න කාපිරියට තෙරුම් යනවා තව දවසකින් තමන්ව සුද්දෝ මරලා දාන බව. කාපිරියා කරන්නේ කෑම දෙන වේලාවක් බලලා ලඟට එන ඉංග්‍රීසි සොල්දාදුවා මරලා යතුරෙන් දොර අරගෙන කුටියෙන් පැනලා යන ඒක.
මරු විකාරෙන් මේ කාපිරියා පැනලා ගිහිං කැලැ වැදිලා හැඟෙනවා. සුදු ජාතික සොල්දාදුවන්ට මේකව හොයා ගන්න බැරි වෙනවා.
මෙහෙම ටික දවසක් යනකොට ක්‍රමයෙන් ගමේ මිනිස්සුන්ගේ හරකා බාන, කුකුල්ලු කෑම වර්ග තවත් එකී නොකී දේවල් නැති වෙන්න ගන්නවා. වැඩි කල් යන්න කලින් ගම් වැසියෝ දැන ගන්නවා කැලැ වැදිලා ඉන්න කාපිරියා තමයි මේ දේවල් කරන්නේ කියලා.
තත්වේ එන්න එන්න ටිකෙන් ටික දරුණු අතකට හැරෙනවා. ඒ කියන්නේ දැන් මේ කපිරියා ගමේ ඉන්න ගැණු උදවියටයි පොඩි ළමයින්ටයි කරදර අතවර කරන්න පටන් ගන්නවා. සුදු ජාතිකයන්ට පැමිණිලි කරලා කැලේ පීරලා හෙවුවත් මේකාව හොයා ගන්න බෑ.
ඉවසාගෙන ඉන්න බැරි තැනම ගමේ ඉන්න යුග පුරුෂයෝ ඔක්කොම ටික එකතු වෙලා තීරණයක් ගන්නවා ඕං. මොකද්ද ගන්න තීරණේ මේකාට මොකක් හරි ඇමක් පාවිච්චි කරලා මරලා හංගන ඒක.
දැන් ඉතිං කට්ටියම එකතු වෙලා කථා කරගත්ත විදියටම ගැණු කෙනෙක් තනි පංගලමේ තියලා මේකා එතනට එනකං හැංගිලා ඉඳලා මේකාව අල්ලා ගන්නවා.
අල්ලාගෙන විතරක් නෙවෙයි ඉතිං මරලා සුදු ජාතිකයන්ට හොරෙන්ම මිනියත් වළලලා දානවා.
ගමේ කට්ටියම ඉතිං සැනසුම් සුසුම් හෙළුවා සුද්දාටත් හොරෙන්, කරදරේ ඉවරයිනේ කියලා.... ටික දවසක් ඔහොම ගමට කරදරයක් නැතුව ගෙවිලා යනවා.
කවදාවත් ගමේ වෙලා නැති අමුතු අත්භූත සිදුවීම් වෙන්න ගන්නවා ආයෙත්, පුංචි ළමයි ලෙඩ වෙනවා ගැණු බයවෙනවා.
අර මරලා දාපු වහලා යක්ෂයෙක් වෙලා යළි ඉපදෙනවා. මෙහෙම ඉපදෙන යක්ෂයා දැන් ගමේ ගැණු අයගෙන් පොඩි ළමයින්ගෙන් පළිගන්නයි සැරසෙන්නේ. ගමේ කීප දෙනෙකුම අකාලයේ මේ හේතුව නිසා මිය යනවා.
මේ සිද්ධිය ගමේ මිනිස්සු පන්සලෙන් සරණක් හොයන්නේ ඊට පස්සේ , මේ අවනඩුව පන්සලේ හාමුදුරුවන්ටත් ගිහිං කියනවා. පන්සලේ හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ගැන මහා දැනුමක් ඇති කෙනෙක් නෙවෙයි. ඉතිං හාමුදුරුවෝ මලේ රටෙන් ඇවිල්ලා හිටපු මලයාලන් ගුරුකන් දන්න මලයාලන් කාරයෙකුට වැඩේ පවරලා පණිවිඩේ යවනවා කාරණාව කියලා.
මේ ආරාධනාව පිළිඅරගෙන බදුල්ලේ ගම්මානෙට එන මේ දක්ෂ මලේ රටේ කට්ටඩියා තමන්ගේ රාජ කාරිය අකුරටම ඉටූ කරනවා, ඒ කියන්නේ මෙච්චර දවසක් ගමට වින කරපු මේ යක්ෂයාව අල්ලා මුට්ටියක් ඇතුළේ හිර කරලා පන්සල් වත්තේ කොනක වල දානවා.
ඉතිං ගමේ මිනිස්සුන්ගෙන් බොහොම පැසසුම් තෑගි බෝගත් එක්ක මේ මලේ රටේ අමුත්තා පිට වෙනවා..... එදා ඉඳලා ගමේ මිනිස්සුන්ට ඒ යක්ෂයා දකින්න ලැබෙන්නේ නැ.
කාලය දශක ගණන් ගත වි වර්තමානය තෙක් ඇදී එනවා .ගැටළුවක් නොමැත. නමුත් ජනාකීර්ණ වීමත් සමග පන්සල් වත්ත කොට වුණා. අතීතය වැලලුනා. පන්සල් වතු ටිකෙන් ටික ආක්‍රමණය වෙන්නත් පන්සල් වතු පෞද්ගලික වෙලා ඔප්පු තිරප්පු හැදෙන්නත් ගත්තා.
ඔය ඉඩම් වලත් ගෙවල් හැදෙන්න ගත්තා. ඒ කියන්නේ ඉතින් දන්නවනේ අර වල දාපු මුට්ටිය තිබුණු ඉඩමත් අන්තිමට විකිණිලා විකිණිලා මගේ ආතිජති මිත්‍රයා නිවහනක් හදන තැනටම පත්වුණා.
ගෙයක් නිකං හදන්නේ නෑනේ මේ කාලේ... අත්තිවාරම් කපනවා ඉඩම සකසනවා ඕවා මේවා වැඩ ගොඩක් කරනවනේ ඉතිං, එහෙම කරද්දී අර එදා වල දාපු මුට්ටියත් පොඩ්ඩක් අහුවෙලා සිදුරු වෙලා ඕකෙන් අර කලින් හිටපු යක්ෂයා නිදහස් වෙනවා.
මිත්‍ර වරුණේ කථාව මෙතනින් පස්සේ ඔබ සිතනා තරම් භීෂණයෙන් ත්‍රාසයෙන් ඇලලී යන්නේ නම් නැත,
මොකද නිදහස් වෙන යක්ෂයා මුට්ටියෙන් නිදහස් වෙලා හිටියත් ඉන්නේ බන්ධනයකට අහුවෙලා. එත් එක්කම යක්ෂයා සිටින්නේ හඬා වැලපිමෙනි. මුට්ටිය ඇතුලේ අවුරුදු ගානක් හිර වෙලා හිටපු යක්ෂයාට අවට වට පිටාවෙ වෙලා තිබුණු වෙනස් කම් ගැන හිටියේ බොහොම බය වෙලා. ඒ කියන්නේ මේකා එක පාරමනේ අවුරුදු ගානකින් මු හිටපු වට පිටාව දකින්නේ.
මගේ මිත්‍රයාගේ ගෙදරට ඇවිල්ලා හිටපු ගුරුන්නාන්සේ මේ යක්ෂයාව දකිනවා. ඊට පස්සේ පුංචි පිදෙනියක් හදලා ඕකට මේ යක්ෂයාව ගෙන්නලා තමයි මේ විස්තර ඔක්කොම අහගන්නේ.
දැන් මු කියන්නේ, මේකාව මේ බන්ධනයෙන් නිදහස් කරලා යවන්ඩ කියලත් ආපහු කාටවත් කරදරයක් නොකරනවා කියලත්, එහෙම කරොත් ආයෙත් හිර වෙන්ඩ වෙන බව තෙරුම් අරගෙන ඉන්නවා කියන එකත්ය.
ඉතිං අවුරුදු ගානක් හිරවෙලා හිටපු යක්ෂයාට පිං අනුමෝදම් කරවලා එකාව නිදහස් කලා.
ගුරුන්නාන්සේ කියපු විදියටනන් එකා මගේ මිත්‍රයටත් ගුරුන්නාන්සේටත් තුන් පාරක් වැඳලා තමයි චුත වෙලා තියෙන්නේ. මගේ මිත්‍රයානන් දැකලා නැ, එත් ගුරුන්නාන්සේගේ දැහැනට පෙනිලා තියෙනවා.
මේකාගේ ස්වභාවය ගැන පොඩ්ඩක් කියනවනං කළු දිගැටි සිරුරක් තියෙන පොඩි රෙදි කඩකින් විලි වහ ගත්ත, සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් විශාල ඇස්, නහයක්,කටක් බොහෝ දිග අප පය තියෙන, එක කකුලකට විතරක් දාපු දම් වැල් කෑල්ලකුත් එල්ලා ගත්ත එකෙක්.
ගුරුන්නාන්සේ අන්තිමට යක්ෂයාගේ ඉල්ලීමට බත් මුට්ටියක් උයලා දීලා තියෙනවා. යක්ෂයා නිදහස් වෙලා යනකොට සළකුණක් විදියට දෙයක් කරලා යන්න කියලා ගුරුන්නාන්සේ ඉල්ලලා තියෙනවා.
යක්ෂයා කියලා තියෙන්නේ එයා වෙනුවෙන් උයපු බත් මුට්ටිය, උගේ නික්ම යාමත් එක්කම පිළුණු වෙනවායි කියාය. මගේ මිත්‍රයා පැවසු පරිදි එය එසේම වී තිබුණේය.
යක්ෂයාගේ කර්මයේ ස්වභාවය කෙසේ වේ දැයි අප සොයා ගියේ නැත..... ඔහු නිරයේ හෝ තිරිසන් උපතක් හිමි කර ගනු ඇත. එය නොඅනුමානය...!
ඔබ සැමට තෙරුවන් සරණයි !
by Kavinda Rathnayake
Source: Link