මේ කතාවත් මගෙ යාලුවො දෙන්නෙකුට වෙච්ච සත්‍ය සිදුවීමක්...
මට මතක විදිහට ඒ 2005 අවුරුද්ද වගේ ඇති.. යාලුවෙක්ගෙ තාත්ත නැතිවෙලා අපේ සෙට් එකම මල ගෙදර ගියා.. මල ගෙදර තිබුනෙ කිරිබත්ගොඩ ඊරියවැටිය කියන හරියෙ..
සුවිසාල වෙල් යායවල් වලින් ඒ ප්‍රදේශය සමන්විත වෙලා තිබුන. ඒ වෙල් යායක කොනේ තිබුන අතුරු පාරක තමයි මල ගෙදර තිබුනෙ..
සුවිසාල වෙල් යායවල් වලින් ඒ ප්‍රදේශය සමන්විත වෙලා තිබුන. ඒ වෙල් යායක කොනේ තිබුන අතුරු පාරක තමයි මල ගෙදර තිබුනෙ..
ඉතින් අපි දේහය බලල එහෙම රෑ දහයට විතර පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් උනා.. ඒකට අපි තෝර ගත්ත තැන තමා අර කියපු වෙල් යාය ඉස්සරහ තිබුන හිස් ඉඩමක්..
බෝතල් දෙකක් , සෝඩා , බයිට් එකට ඌරු මස් , කුකුල් මස් සමග අපි වැඩේට සෙට් උනා.. ඒ කාලෙ වෙද්දිත් මම ඌරු මස් කන එකෙන් වැලකිලා හිටියෙ.. නමුත් අපේ අනිත් කට්ටියම ඌරු මස් කනව..
ඇත්තටම ඒවගේ මල ගෙදරක් ලග පාලු වෙලක් ඉස්සරහ මහ රෑ ඌරු මස් කන එකට මගෙ වැඩි කැමැත්තක් නැතත් ක්‍රිස්තියානුවන් වෙච්ච මගෙ යාලුවන්ට ඒ ගැන ගානක් වත් තිබුනෙ නෑ..
කොහොමහරි රෑ දොලහටත් අපි ඌරු මස් කකා අරක්කු බොනව මතකයි.. රෑ එකට විතර වැඩේ ඉවර වෙලා අපි ගෙවල් වල යන්න ලෑස්ති උනා.. මම සහ කීපදෙනෙක් නුවර පාර පැත්තටත් දෙන්නෙක් විතරක් රාගම හරහා කදාන පැත්තටත් යන්න පිටත් උනා..
ඒ දෙන්නට ඊරියවැටිය ඉදල රාගමට යන්න ලේසිම පාර තමයි හොරපෙ ස්ටේශන් එක ලගින් ගිහින් යන එක.. ඒ පාරෙ ගිහින් තියන අය දන්නව ඇති ගෙයක් දොරක් නැති මහ විශාල පාලු වෙල් යායක් හරහ තමයි පාර තියෙන්නෙ.. කොහොමටත් ඒ පාරෙ රෑ යනකොට හිතට මහ අමුත්තක් දැනෙනව..
මෙතන ඉදල කතාව තනිකරම ඒ යාලුවො දෙන්න ලබපු අත්දැකීම..
ඉතින් දෙන්න වෙන වෙනම මෝටර් බයිසිකල් දෙකකින් රාගමට යන්න පිටත් උනා.. හොරපෙ ස්ටේශන් එක ලගින් අර වෙල් යායට දාල ටික දුරක් යනකොට දෙන්නටම පේනව සුදු ඇදගත්ත ගෑනු ටිකක් වෙල මැද්දෙ ඉන්නව.. ඒක දැක්ක ගමන් දෙන්නගෙම හිත ටිකක් ගැස්සුනත් එක්කෙනෙක් හිතල තියෙන්නෙ කිරි අම්ම දානෙකට යන කට්ටියක් වෙන්න ඇති කියල.. ඒත් එක්කම මතක් උනා මේ පාන්දර දෙකට විතර පාරක් වත් නැති වෙල මැද්දෙ මොන කිරි අම්මලද කියල..
දැන් දෙන්නම ටිකක් බය උනා.. ඒ ගෑනු දිහා බලාගෙනම බයිසිකල් වල වේගෙ වැඩි කරන්න හැදුවත් වේගෙ වැඩි වෙන්නෙත් නෑ.. පිටි පස්සෙ බයික් එකේ යන කෙනා හයියෙන් ඉස්සරහ එක්කෙනාට කෑ ගැහුව.. ඒත් කෑ ගහගන්නත් බෑ.. ඉස්සරහ එක්කෙනාටත් එහෙමමයි... කොහොමහරි බයික් දෙක පාර දිගේ බාගයක් විතර දුර එනකොට මේගොල්ලන්ට පේනව අර ගෑනු ටික දත් විලිස්සගෙන හී හී හී ගගා හිනා වෙවී වෙල මැද්දෙ ඉදල පාවෙවී මෙයාලට ලං වෙනව
... ඇදුම් සුදු පාට උනත් බලන්න බැරි තරම් දිලිසෙනව.. මූනු එච්චරම පැහැදිලි නැති උනත් කටවල් දෙපැත්තෙන්ම සෙම වැක්කෙරෙනව වගේ තමයි පේන්නෙ. වෙන දිහාවක් බලාගෙන බයිසිකල් පදින්න හැදුවත් ඒක කරන්නත් බෑ.. ඒකෙන් ඇස් දෙක අහකට ගන්නත් බෑ.. දෙන්නගෙම බෙල්ල ලොක් වෙලා වගේ..
එනපොට හරියන්නෙ නෑ කියල දැන ගත්ත දෙන්න බයිබලේ මහ හයියෙන් කියන්න පටන් ගත්ත.. ( බයිබලේ කිව්වට යාඣා කලේ.. ඔය වචනෙ හරියට කොටා ගන්න බැරි හින්දයි බයිබලේ කියල කිව්වෙ ) දෙන්නම ක්‍රිස්තියානි..
දෙන්නගෙම හොද වෙලාවට අර ගෑනු ටික වෙලෙන් පාරට ගොඩ වෙනකොටම වෙල ඉවර වෙලා ගෙවල් මණ්ඩිය ආපහු පටන් අරන්..
හොදටම බය වෙච්ච දෙන්න පිටිපස්සවත් බලන්නෙ නැතුව රාගම ටවුන් එකට ඇවිල්ල තමයි නැවතිලා තියෙන්නෙ..
මේක සත්‍ය සිදුවීමක්.. අනික දෙන්නම එකම බයිසිකලේ නෙමෙයි හිටියෙ.. දෙන්න වෙන වෙනම හිටියෙ.. කියන විස්තරෙත් එකමයි.. ඒ කියන්නෙ දෙන්නම එකම දේ දැකල තියනව.. එයාල තමයි ඌරුමස් වැඩිපුර කෑවෙත්..
කොහොම නමුත් මම තනියම ගෙදර ආව.. මම නං මුකුත් දැක්කෙ නෑ.. හැබැයි මම ඌරු මස් කෑවෙ නෑ..
පුලුටු ජාති කාලා මහ රෑ පාලු තැන් වල යන්න එපා කියල වැඩිහිටියො කියන ඒවයෙ යම් සත්‍යයක් තියනව කියල ඒ සිදුවීමෙන් පස්සෙ මට හිතුන..
පුලුටු ජාති කාලා මහ රෑ පාලු තැන් වල යන්න එපා කියල වැඩිහිටියො කියන ඒවයෙ යම් සත්‍යයක් තියනව කියල ඒ සිදුවීමෙන් පස්සෙ මට හිතුන..
Link: Source
No comments:
Post a Comment