මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

28 February 2019

විශාලතම සිංහල හොල්මන් කතා එකතුව - Best Sinhala Android App




හොල්මන් කතා කියවන්න කැමති ඔයාලට වැදගත් දෙයක් ගෙනාවා අද. මේක තමයි දැනට සිංහලෙන් තියන වැඩිම හොල්මන් කතා ප්‍රමාණයක් එකතු කරලා හදලා තියන හොදම Android App එක. ඕගොල්ලොත් දාගෙන බලන්න.. හොද නරක කියන්න. App එක හදපු කෙනාටත් ඒක ගොඩක් වැදගත් වෙයි.



මේ Link එකෙන් Download කරගන්න පුලුවන්.


QR Code එක


13 February 2019

---ඇපල් (iPhone) ජංගම දුරකථනයෙහි මිනිස්රූපය---



ලොව නොවිසඳුණු අභිරහස් සිදුවීම් අතර තවත් එක් සිදුවීමක් තමයි ඇපල් iphone ජංගම දුරකථනයෙහි මිනිස්රූපය. මේ පුද්ගලයා අලුතින් මිලදී ගන්න ජංගම දුරකථනයේ කැමරාව විවෘත කල විට එහි යම්කිසි ජායාරූපයක් මතුව තිබෙනවා .අපි දන්නවනෙ අලුතින්ම 4n එකක් ගත්තම ඒකෙ තියෙන්නෙ default wallpapers විතරයි කියලා ඒක නිසා තමන්ගේ අලුත්ම ජංගම දුරකථනයේ මේ විදිහට කැමරාව ඕපන් කරහම සාමාන්‍ය දර්ශන පෙවුනත් photo gallery එක පෙන්වන යට කොටුවෙ පේන මුහුණත ගැන පුදුම උණු මේ පුද්ගලයා phone එක reset කර තිබෙනවා.

අපි දන්නවා reset කරපු phone එකක අන්තිමට ඉතුරු වෙන්නෙ ආපු wallpapers ටික විතරයි කියලා ඒත් කැමරාව ඔන් කලහම ආයෙත් අර රූපය මතුව තිබෙනවා අර ගැලරිය පෙන්වන තැනින් ඒත් මේක Gallery යට ගියහම පෙන්නන් නෑ කියලා තමයි සදහන් වෙන්නෙ..ඔහු මේ පිළිබඳව චෝදනා කර iphone එක නැවත Apple සමාගම වෙත යවා සකසා දෙන ලෙස කරනලද ඉල්ලීමකට පිළිතුරු ලෙස එම ජංගම දුරකථනයම සම්පූර්ණ මෘදුකාංග පරීක්ෂාවකින් පසු ලැබී තිබෙනවා.එහෙත් යලිත් අර රූපය මතුව තිබෙන බවයි පැවසෙන්නෙ .මේ පිළිබඳව ඔහු ඇපල් සමාගමට චෝදනා කරන අතර සිදුවීම යට ගැසීමට ඇපල් සමාගම ඔහුට වන්දි මුදලක් දී ඇති බව ඇතැම් අය ප්‍රකාශ කරත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වන්නේ නෑ.

මෙය පැහැදිලි කල හැක්කේ මේ ආකාරයෙන් මෙවගේ දේකට කියන්නෙ හොරෙක්ස්(horex)එකක් කියලා.හොරෙක්ස් එකකින් කරන්නෙ රදවා තබා ගැනීමක් කෙනෙක් මැරුණට පස්සෙ ඊළග භවයට යන්න දෙන්නැතිව යළිත් ශරීරයටද යා නොදී ආත්මය රදවා තබා ගැනීමක් සිදුවෙනවා හරියට තිරයක් වගේ. කැමරාවෙහි කාචය ක්‍රියා කර ඇතේ හොරැක්ස් එකක් ආකාරයට. ඔයාලා දන්නවනෙ මල ගෙයක් උනාම කණ්නාඩි වගේ ප්‍රතිබිම්බය පේන දේවල් අනිත් පැත්ත හරවලා තියෙනවා කියලා මොකද එහෙම කරන්නෙ සිරුරින් මිදුණු ආත්මයට අතරමං නොවී යන්න පුලුවන් වෙන්න.මේක ඇමරිකාව වගේ රටවල පවා කරන දෙයක්.කණ්නාඩි කැඩීම අසුභ දෙයක් විදිහටත් සළකනවා මොකද කණ්නාඩියකින් කෙනෙකුගෙ ආධ්‍යාත්මයේ ප්‍රතිබිම්බය නිරූපණය වන නිසා.

ඇතැම් දුෂ්ට බලවේග සංචරන මාධ්‍යක් ලෙස කැඩපත් යොදා ගන්නවා(Lady marry) .මේ සිදුවීමෙදි වෙලා තියෙන්නෙත් මිය ගිය කෙනෙක්ගෙ සූක්ෂම ශරීර කොටස නැත්නම් Astral body එක කැමරාවෙ ලෙන්ස් එකේ සිර වීමක්. සිදුවීම එහි අර්ථ දක්කවා තිබුණේ ඔය ආකරයෙන්.

-The world unsolved mysterious- ඇසුරින්

Source: Link




10 February 2019

---හොල්මන් සෙල්ලමක්---



ඔන්න යාලුවනේ පට්ටම කාලෙකට පස්සෙ තව කතාවක් ලිව්වා.කතාවක් කිව්වට වෙනද වගේම හොල්මන් සෙල්ලමක් එහෙමත් නැත්නම් චාරිත්රයක් තමයි මේකත්.මේකෙ නම තමයි "BABY BLUE".ඉතින් මේක ගැන සම්පූර්ණ විස්තරේ බලමු.

නම අහපු ගමන් තේරෙන්න ඇති මොන වගේ දෙයක් එක්කද මේ සෙල්ලම කරන්න තියෙන්නෙ කියලා.මේ සෙල්ලමේ අතීත කතව බැලුවම එක එක කතා ගොඩක් දකින්න තියෙනවා.මන් හිතනවා මේක කියවන ගොඩක් අය "Blood Mary" ගැන අහල ඇති.මේ page එකේම කලින් Blood Mary ගැන post එකක් තිබුනා.මේ blue baby කියන්නෙ blood Maryගෙ දරුවා කියල සමහරු කියනවා.කොහොම හරි මේ දරුවගෙ අම්මා blood Mary හරි වෙන ගෑනු කෙනෙක් හරි කියල අපි හිතමුකෝ.මේකයි මේ සෙල්ලමේ අතීත කතාව.

ගම්බද පැත්තක අම්මා කෙනෙක්ට පළවෙනි දරුවා ලැබෙන්න ළං වෙනවා.මේ ගෙදර ඒ ගෑනු කෙනා විතරයි ඉන්නේ.ඒ වගේම මේ ගෑනු කෙනාට මනසික ලෙඩක් තිබුනා කියල තමයි කියන්නේ.ඉතින් එකපාරටම දවසක මේ දරුවා ගෙදරදි ඉපදෙනවා.(ලැබෙන්න තිබුන දවස් වලට කලින්)මේ දරුවා ඉපදෙනකොට නිල් පාට සමක් තිබුනා කියලා සමහරු කියනවා.තව සමහරු මේ දරුවගෙ ඇස් දෙක තද නිල් පාටින් තිබුනා කියලත් කියනවා. කොහොම වුනත් අර අම්මා මේ දරුව ඉපදුණ ගමන් මරලා දානවා.ඒකට එයා පාවිච්චි කරේ bathroom එකේ කණ්ණාඩිය කඩල ගත්ත වීදුරු කෑල්ලක් කියලා තමයි පුරාවෘත්තවල කියවෙන්නේ.ඔන්න ඕක තමයි මේකෙ අතීත කතාව.

අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මේ චාරිත්රයත් blood mary චාරිත්රයට ගොඩක් දුරට සමනයි.ඒත් කරන විදිය පොඩ්ඩක් වෙනස්.bathroom එකේ උණු වතුර පාවිච්චි කරන කොට කණ්ණාඩියේ මීදුම බැඳෙනව දැකල තියෙනවා නේද?මේක කරන්න කලින් ඒ විදියට කණ්ණාඩියේ මිදුම බැඳෙන්න ඕනෙ.ඊට පස්සෙ bathroom එකේ ලයිට් off කරලා ඉටිපන්දමක් වගේ පොඩි එළියක් අරගෙන ඇතුලට ගිහින් දොර lock කර ගන්න.ඊට පස්සෙ ඉටිපන්දම කණ්ණාඩිය ළඟින් තියලා කණ්ණාඩියේ "Baby blue" කියලා ලියන්න.ඊට පස්සෙ අත් දෙක පොඩි ළමයෙක් වඩා ගන්න විදියට තියා ගන්න.

ටික වෙලාවකින් අත් උඩින් හෙමිහිට පොඩි ළමයෙක් තියනවා වගේ බරක් දැනේවි.පස්සෙ ටික වෙලාවකින් ඔබේ අත් දෙකට ආපු බබා ඔබව සූරන්න පටන් ගනීවි.ඒත් බබා බිම වට්ටන්න නම් එපා පුතෝ.(((එහෙම කරොත් උඹට බබා හම්බ වෙයි))) මේ වෙලාවෙදි බබා වඩාගෙන හිටියා ඇති වගේ නම් ඉක්මනට බබාව toilet එකට දාලා flush කරන්න.ඊට පස්සෙ ඉක්මනට bathroom එකෙන් එලියට යන්න.

හදිසියේ වැරදීමකින් බබාව බිම වැටුනොත් බබා අඬන්න පටන් ගන්න බවයි කියන්නෙ.ඊට පස්සෙ ටික වෙලාවකින් කණ්ණාඩියෙන් blue babyගෙ අම්මා මතුවෙනවා.ඇගේ ඇස් දෙකත් තද නිල් පාටයි.එහෙම ඇවිත් "මගේ දරුවා මට දීපන්"කියලා කෑගහන බව කියනවා.ඒ සද්දෙට කණ්ණාඩිය බිඳෙන බවයි ගොඩක් අය විශ්වාස කරන්නේ.ඊට පස්සෙ ඇය බිඳුණු කණ්ණාඩියෙන් කෑල්ලක් අරන් අපි ඉන්න පැත්තට එනවා.අපට මේ වෙලාවෙ බේරෙන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ තියෙන්නෙ එක දෙයයි.ඒක තමයි බබා අඬන සද්දෙන් බබා ඉන්න තැන හොයාගෙන,අයෙත් බබා වඩාගෙන, ඉක්මනට toilet එකට දාලා flush කරන එක.ඊට පස්සෙ පුලුවන් තරම් ඉක්මනට එතනින් මරු වෙන එක.මේ සේරම අම්මා කණ්ණාඩි කෑල්ල අරන් අපි ළඟට එන්න කලින් කරන්න ඕනෙ.නැත්නම් කොහොමත් කෙල වෙනවා.අපට ඉක්මනට මේ ටික කර ගන්න බැරි උනොත් අපටත් වෙන්නෙ blue babyට වුන වැඩේම තමයි.

තව සමහරු කියන විදියට මේක පටන් ගන්නේ මෙහෙම නෙමෙයි.ඒ ක්රමයට කරද්දි කණ්ණාඩියේ මොනවත් ලියන්න ඔනෙ නැහැ.හැබැයි අත් දෙක දරුවෙක් නළවනවා වගෙ පද්දන ගමන් "baby blue" කියලා 13 වතාවක් කියන්න ඕනෙ.ඊට පස්සෙ ඉතුරු ටික නම් කලින් වගේම තමයි.

(මේක කරද්දි බබා toilet එකේ flush නොකර නම් bathroom එකෙන් එළියට එන්න එපා.බිම වැටුනත් කොහොම හරි හොයලා හරි ඒක කරන්න.මොකද මේ වගේ දේවල් හරියට ඉවර කරන විදියට ඉවර නොකරොත් කෙල වෙන්නේ අපටම තමයි.)

වාර්තා වෙන විදියට මේ සෙල්ලම කරන්න ගිහින් මුලින්ම කෙල කරගෙන තියෙන්නෙ කෙල්ලො ටිකක්.එතනිනුත් "Laura" කියලා කෙල්ලෙක්ට තමයි කෙල වෙලා තියෙන්නෙ.

ඉතින් මන් නම් කියන්නෙ මේ වගේ වැඩ නොකර ආතල් එකේ කාල බීල ඉන්න එක ඇඟට ගුණයි කියලා.😂😂


Source: Link

08 February 2019

---විශ්වගේ මනෝකාය මාරක රිය අනතුර වළක්වයි---


දවසේ වැඩකටයුතු නිමකර දැමූ විශ්ව රාත‍්‍රී එකොළහට පමණ නින්දට ගියේය. දින කිහිපයක සිටම නින්ද හරි හැටි ඔහු සොයා පැමිණියේ නැත. ඇඳේ එහෙට මෙහෙට පෙරළෙමින් රැුය පහන්කර දමා ඇඳෙන් බසින විශ්වගේ සිත තුළ මොකක්දෝ අහේතුක හැඟීමක් මෝදුවෙමින් පැවතුණි. එහෙත් එය කුමක්දැයි කියා ඔහුට අවබෝධයක් වූයේද නැත. එදිනත් සුපුරුදු ලෙසම නින්දත් නොනින්දත් අතර ඔහු ඇඳේ පෙරළෙමින් සිටියේය. පාන්දර ජාමයේදී එක දිගට දින කිහිපයක් දුටු සිහිනය නැවත පෙනෙන්නට විය.

විශ්ව සුපුරුදු ලෙස හැඳපැළඳගෙන නිවසින් එළියට බැස්සේය. තම කුඩා පුතුගේ බෑගය හා බෝතලය මෝටර් සයිකලයේ එල්ලාගෙන දරුවාවද ඉදිරියෙන් නංවා ගත්තේය. නිවසේ සිට සැතපුම් පහක් පමණ දුරින් පිහිටි පෙර පාසලට ප‍්‍රධාන මාර්ගයෙන් යෑමට වඩා පැලවත්ත හමුදා කඳවුර හරහා වැටී තිබූ මාර්ගය හරහා යෑම පහසු වූ හෙයින් සුපුරුදු ලෙසම කඳවුර හරහා ගමන් කළේය. දරුවාව දිනපතාම ළදරු පාසලට රැුගෙන ගියේ විශ්වය. දරුවාව ළදරු පාසලට ඇරලවා තම රාජකාරි ස්ථානයට යන විශ්ව හවසට පැමිණෙන්නේද යළි දරුවා රැුගෙනය. එතෙක් වෙලා දරුවා කාලය ගතකරනුයේ දිවා දරු සුරැුකුම් මධ්‍යස්ථානයේය.

හමුදා කඳවුර පසුකර පාර්ලිමේන්තුව අසල ශිල්ප ගම්මානය ආසන්නයට බයිසිකලය පැමිණෙමින් තිබුණි. දියවන්නා ඔයේ ඉවත්කරන පස් රැුගෙන යන ටිපර් රථයක් පහළ ඇළ පැත්තේ සිට වේගයෙන් ප‍්‍රධාන මාර්ගයට දැම්මේය. එහෙත් වේගය ඔහුට පාලනය කරගත හැකිවූයේ නැත. එක් නිමේෂයකදී ලොරියේ ගැටුණු බයිසිකලය උඩින් විසි වී ගොස් ඇළ ඉහළින් වූ පදික වේදිකාව මත පතිත විය. විසිවී ගිය විශ්ව හා දරුවා මහපාර මැදම ඇදවැටුණේය. විශ්වට සියල්ල ඉහළ අහසේ සිට පෙනෙන්නා සේ සියල්ලම හොඳින් දිස්වෙයි. හිසින් ලේ ගලමින් බිම වැටී සිටින විශ්ව අමාරුවෙන් අත දිගුකර තම එකම පුතාගේ අතින් අල්ලා ගත්තේය. දරුවාගේද කිසිදු හැලහොල්මනක් නැත.

අවට ගස්කොළන් නිසොල්මනේ තිබියදී විශ්ව ටිකින් ටික තම සිරුරින් ඈතට පාවි පාවී ඉහළට යන බව හැෙඟන්නට විය. එසේ යෑමට ඔහුට අවශ්‍යතාවක් නැත. හැකි වෙර යොදා පහළට ඒමට උත්සහ කළද එය කළ නොහැකිය. අවට සිටි මිනිසුන් මාර්ගයේ වැටී සිටි විශ්ව හා ළමයා අසලට දිව එන අයුරුද විශ්වට ඉහළ අහසේ සිට දැකගත හැකි විය. ටිකින් ටික විශ්ව පාවි පාවී ඉහළ අහසට ඇදී ගියේය.

විශ්ව තිගැස්සී ඇහැරුණේය. එක දිගට පෙනෙන හීනයේ තේරුම කුමක් විය හැකිද? සිතේ වූ පීඩනය අඩුවන තුරු ඔහු මොහොතක් ඇඳේම වාඩි වී සිටියේය. ඉදිරියේදී සිදුවන අනතුරක ඉඟියක් තමාට පෙන්වන්නේ දැයි ඔහු තුළ සියුම් සැකයක් මතු විය. නොඑසේ නම් මෙතරම් සජීවී ලෙස එකම හීනය දිගින් දිගටම පෙන්වීමට හේතුවක් නැත. ඔහුගේ සිතට මෙය මහත් ගැටලූවක් විය. මෙය විසඳාගත හැක්කේ කෙසේද යන්න ඔහුට සිතාගත නොහැකි කරුණකි.

මිතුරකුගෙන් ලද තොරතුරක් මත භාවනා යෝගියකු සොයා යෑමට විශ්ව තීරණය කළේය. මෙය කෙසේ හෝ විසඳාගත යුතු ගැටලූවකි. එක් අතකින් මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. නොඑසේ නම් මෙය මහා විකාරයකි. පසුවදා රැුකියාවට යෑම පසෙක තැබූ විශ්ව යෝගීවරයා සොයා ගියේය. ආගිය තොරතුරු ටික වෙලාවක් කතා කර කර සිටියද විශ්ව ඔහුට කෙළින්ම තම කාරණාව පැවසුවේ නැත. එහෙත්

යෝගීවරයා තමාගේ සිතේ ඇති ගැටලූව ගැන දන්නා බව ඇසූ පළමු ප‍්‍රශ්නයෙන්ම විශ්වට තේරුම් ගියේය.
‘හිතේ ලොකු බරක් තියෙනවා නේද? හරියට දවස් දෙක තුනකින්ම
නිදාගෙනවත් නැහැ නේද?’
‘ඔව් ස්වාමි’
‘මේ ටික කාලය නම් හොඳ මදි ගොඩක් පරිස්සම් වෙන්න’
‘මම ආවෙත් එහෙම දෙයක් ගැන දැනගන්න’
‘අනතුරක් ගැන.....’
විශ්ව පැමිණි කාරණාව එළියට එමින් පවතින බව ඔහුට වැටහුණි.
‘ඉදිරි සතිය පරෙස්සම් වෙන්න අනතුරක් පෙන්වනවා’

වෛද්‍යවරයාටත්, ජ්‍යොතිෂවේදියාටත් කිසිවක් සඟවා ඵලක් නැත. සැඟවීමෙන් හානිය සිදුවනුයේ තමාටමය. එබැවින් තමා දින කිහිපයක් එකදිගට දුටු සිහිනය විශ්ව යෝගීවරයාට පැවසීය. ඉතා සාවධානව එය අසා සිටි
යෝගීවරයා මොහොතක් දෙඇස් පියාගෙන ධ්‍යානයට සමවැදුණි. විනාඩි කිහිපයකට පසු ඔහු දෙඇස් හැරියේය.
‘ඔව්. ඔබ කියූ ටික මාත් දැක්කා. නමුත් එය ඔබට වළක්වා ගත හැකියි. ඔබට ලොකු දේව පිහිටක් තියෙනවා. ඔබට පිහිට වෙන දෙවියන් ඔබව ආරක්ෂා කරයි. නමුත් විශ්ව නියමයන්ට පිටින් කිසිවක් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. මෙන්න මේ පූජා කටයුතු ටික ඉක්මනින් කරන්න. අනෙක් කාරණාව 26, 27, 28 දවස් තුන හොඳටම පරෙස්සම් වෙන්න’

විශ්ව වහා නිවසට පැමිණියේය. තමා දුටු දෙය හා යෝගීවරයා පැවසූ දෙය පිළිබඳ දැඩි විශ්වාසයක් ඔහුගේ සිතේ තිබුණි. විසිහය වැනිදාට ඇත්තේ තව දින තුනකි. කාලය ඉක්ම ගොස් තිබූ බැවින් කිසිදු පූජාවක් එදින කළ නොහැකිය. පසුදා උදෑසනම කොහුවල ඇන්ඩර්සන් පාරේ කෝවිලට විශ්ව පැමිණියේ තමන්ට යෝගීවරයා පැවසූ පූජාව තැබීමට අවශ්‍ය කළමනාද රැුගෙනය. එහෙත් ඔහුගේ ඉහමොළ ගිනි ගත්තේය. කිසිදු දිනක සිදු නොවූ සිදුවීමකට ඔහු මුහුණ දුන්නේය. එදින කෝවිල වසා ඇත. විශේෂ පූජාවකට සූදානම් වීම උදෙසා අනෙකුත් සියලූ පූජා කටයුතු නවතා ඇත.

කුමක් හෝ බාධාවක් තමා වටා ක‍්‍රියාත්මක වන බව විශ්වට සිතුණි. ඔහු වහා වැල්ලවත්තේ කෝවිලට යෑමට තීරණය කළේය. එතැනින්ද ඔහුගේ පූජාව තැබීමට අවස්ථාවක් උදාවූයේ නැත. ඒ සඳහා කළින්ම දිනයක් වෙන්කර ගත යුතුව ඇත. සිදුවීමට යන දෙය වැළැක්විය නොහැකිද? ඒ තරමටම කර්මය ප‍්‍රබලද? ඔහු උත්සහය අතහැරියේ නැත. ඔහු මෝදර කෝවිල වෙත ගියේය. එහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයටත් වඩා හොඳින් පූජාව සිදු කෙරුණි. විශ්වට කාරණය වැටහුණේ ඉන් අනතුරුවය. ඔහුව කෝවිල් තුනක් වෙත රැුගෙන ගොස් ඇත. කර්මය ලෙහෙසියෙන් විසඳාගත නොහැකිය. ඉන්පසු ඔහු දරුවාද රැුගෙන අනතුර වන තැනට පැමිණියේය. 

ඇළට ඉහළින් වූ පදික වේදිකාව මත සිට යෝගීවරයා පැවසූ පූජා ද්‍රව්‍ය ගඟට දමා පූජාව සම්පූර්ණ කළේය. එදිනෙන් පසු එකදිගට දුටු සිහිනය ඔහුට පෙනුණේ නැත. එහෙත් විශ්වගේ ශරීරය තුළ කුමක්දෝ තේරුම්ගත නොහැකි රෝගී ගතියක් දිගින් දිගට පැවතියේය. විසිඅට වැනිදා රාත‍්‍රිය එළඹියේය. විශ්ව සුපුරුදු ලෙස නින්දට ගියේය. පසුදා පාන්දර ජාමයේ යළිත් කවුදෝ සිහිනෙන් පැමිණ අවවාදයක් දුන්නේය. එනම් තව දින තුනක් පරෙස්සම් වන ලෙසය.

විශ්ව තම පූජාව තැබූ දින සිටම එම මාර්ගය භාවිතය අතහැර දැමුවේ වැඩි ආරක්ෂාවටය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දින තුන වෙනුවට දින හයක්ම එම මාර්ගය භාවිත නොකළ විශ්ව හත්වැනි දිනයේ සුපුරුදු ලෙස දරාවාව මෝටර් සයිකලයේ ඉදිරියේ නංවාගෙන හමුදා කඳවුර පසුකර පැලවත්තේ සිට පාර්ලිමේන්තු වටරවුම දෙසට පැමිණියේය. පසු පසින් වේගයෙන් පැමිණි යතුරුපැදි දෙකක් ඔවුන්ව පසුකර ඉදිරියට ඇදී ගියේය. ඒ සමගම වටරවුමෙන් අධික වේගයෙන් ටිපර් රථයක් පැලවත්ත දෙසට යන්නට හැරවීය. යතුරුපැදි දෙකට අයින්කර ගන්නට ඉඩක් තිබුණේ නැත. යතුරුපැදි දෙකම ලොරියේ ගැටුණි. එක් යතුරුපැදියක් උඩින් විසිවී ගොස් ඇළට ඉහළින් වූ පදික වේදිකාව මත ඇද වැටුණි. 

අනෙක් යතුරුපැදිය මාර්ගයේම පෙරළී ගියේය. විශ්ව සිටි තැනට මීටර් කිහිපයක් ඉදිරියෙන් සිදුවූ දෙය විශ්වට සිතාගත නොහැකි විය. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනාටම කිසිදු තුවාලයක් සිදුවූයේ නැත. එවන් අනතුරකින් ඔවුන් දෙදෙනා බේරුණේ කෙසේද? උඩින් විසිවී ආ යතුරුපැදිය පතිත වූයේ විශ්ව හීනෙන් තම යතුරුපැදිය පතිතවනවා දුටු තැනමය. මිනිසුන් දෙදෙනා වැටී සිටියේද එලෙසමය. එහෙත් කිසිවකුට තුවාලයක් හෝ නැත. එක් යතුරුපැදියක පැති කණ්ණාඩියක් පමණක් ගැලවී ගොස් තිබුණි.

Source: Link



06 February 2019

---ගෝමරීගේ අවතාරය---


අැල්ල පාමුල ගල්තලාවෙහි ගොම්මන් යාමයේ පදමට ඉස්තරම්ම වර්ගයේ අරක්කු හා කටගැස්ම රසවිදිමින් උන්නේ සුදු මහත්වරුන් දෙදෙනෙක් වූ ෆෝල් හා රිචඩ් යන අයයි ඊට අමතරව ඔවුන්ගේ ආවතේවකරු ලෙස ගමනට එක්වී සිටියේ මර්තේලිස් නැමති අයෙකි.. මේ අැල්ල සුප්‍රසිද්ධ වූයේ ගෝමරීගේ අැල්ල නමිනි ඒ නම යෙදෙන්නට හේතු පාධක වූයේ අැල්ල ආසන්නයේ වැදිගම්මානයේ ජීවත් වූ ගෝමරී නම් සොදුරු රුවැත්තියකි අැය සමග හාදවූ ආරච්චිගේ සහෝදරයා ඌ මර්තේලිස් විවාහ කරගන්නා බව පවසමින් උපායශීලී ලෙස රූමත් ගෝමරීගෙන් අයුතු ප්‍රයෝජන ලබාගත්තේය අෑ සිතා උන්නේ මර්තේලිස් සැබැවින්ම ආදරය කරනවා කියායි නමුත් මර්තේලිස්ගේ යටිසිතේ සැගව තිබුනේ රැවටීම පමණි . වනලැහැබ තුල මේ පෙම්වතුන් කල රංගනය සතා සිව්පාවා ගහකොළ හොදින් රසවිදින්නට අැති

මර්තේලිස් මොනතරම් දක්ෂයෙක්ද කිව්වොත් ගෝමරී සිය වසගයට ගැනීමට සෑහෙන පරිශ්‍රමයක් ගත්තේය අැයට වඩා වසර විස්සකින් පමණ වැඩිමහල් වූ ඔහු නාබර වැදි සුරූපිනිය මුලාකරන්නට සොදුරු සුරංගනා කතා දහස් ගනනක් වාතලයට මුසු කලේය .. වැදි රැහේ උන් විතරක් නෙවෙයි ගම්මානයේ වැසියන්ටත් අබමල් රේණුවක් තරම්වත් ආරංචියක් නොවන්නට සිය අනග රංගනය ක්‍රියාත්මක කලේය වචනයෙන් වචනයට බලාපොරොත්තු අැති කරමින් අෑ සුරංගනා ලොවක අතරමං කරන්නට වගබලා ගත්තේය ඔහු කපටියෙකි අනග රංගනයෙන් ගැහැණු උන්මාදයට පත්කල හැකි අනංගයෙකි .... 

අපේ අයියන්ඩී තව ටික දොහකින් ආරච්චිල පයින්ඩේ බාර දෙන්නේ මටයි මගෙ කෙල්ලේ... ඊට පස්සේ උබ මගේ මැණිකේ උබට සුර සැපදෙනවා උබ වගේ ලස්සන සුන්දර කෙල්ලෙක් මේ කැලේ පරවෙලා යන්න මම ඉඩ තියන්නේ නැහැ රත්තරනේ උබ මගෙ බහට මනාපවෙයන් උබව කණකර රත්තරනින් පුරෝනවා මගෙ මැණිකේ .. ආරච්චිල වළව්වේ මැණිකේ වෙන එක සුන්දරම සිහිනයක් ගෝමරී ඔහුගේ කපටි වදන් අතරේ අතරමං උනා එදා ඉදන් වනවදුලේ කාටත් හොරා මේ නවමු පෙම්වතුන් යුවල ඔවුන්ගේ ආදර ලෝකයක තනිවුනා අැල්ල උඩින් අැති ගල්තලාවෙහි ඔවුන් දිනපතාම මුණගැසිණි මේ අනංග රංගන සියල්ලක්ම හමාර වූයේ ගෝමරී ගැබ්බර වූ බව මර්තේලිස් දැනගැනීමෙන් අනතුරුවය ... 

එනපොට හොද නැති බව දැනගත් මර්තේලිස් සිදාදියට වහං වූයේය .. කවුද මේකට වගකියන්න ඕනේ මිනිහා මට කියපන් මම ඌව තියෙන්නේ නැහැ වැදිරැහේ එකෙක්ද ගම්පොජ්ජේ හූරෙක්ද අඩී ගෝමරී දොඩහන් කෙල්ලේ නමුත් අැගෙන් වචනයක් ගන්නට රැහේ උන් කිසිවෙකු සමත් නොවීය රැහේ උන් අෑ දෙස බැලුවේ අවලංගු කාසියක් දෙස බලන අයුරිනි ගෝමරී බලාගත්තු අත බලාගෙන ඔහේ කල්ගෙවීය රැහේ උන්ගේ නොරිස්සුම් බස් අැයට වදයක් විය අෑ බලා උන්නේ මර්තේලිස් තමා කැන්දන් යන්නට එනතුරුය කිසිවෙකුට කිසිම දෙයක් නොකීවේ ඒනිසාමයි පොරමොලා නම්වු අැගේ පියා ගුගුලේය දියණියට හදිකල එකා කවුද කියා දැනගන්නට නමුත් ඵලක් නැත ගෝමරීට අනුකම්පාව දැක්වූ එකම තැනත්තිය වූයේ අැගේ මවයි සිදාදියට සේන්දු වූ මර්තේලිස් සුදු මහත්වරු දෙදෙනෙකු සමග හාද විය ඔවුන්ගේ සමීපතමයෙක් වන්නට ඔහුට වැඩිකලක් ගත නොවීය ඔවුන් විසූ බංගලාවේ භාරකාර තනතුර සුදු මහත්වරු මර්තේලිස්ට පිරිනැමීය මර්තේලිස් ගෝමරී අමතක කර දැමුවේ දෙපා දැවටුණ දුහුවිලි ලෙසින්ය ඔහු ඒතරම් දුස්ඨයෙකි දුර්ජනයෙකි 

දින සති ගෙවී ගියේය කෙමෙන් කෙමෙන් ගෝමරීගේ ගැබ මෝරන්නට විය අෑ ගැබිනියක් බව දැන් හොදින් දර්ශනය වේ මර්තේලිස් තමා රවටා ගමෙන් වහං වී ගිය බව ගෝමරී ඒවන විට තේරුම් අරන් අෑ කල්පනා කලේ තාත්තා නැති දරුවෙක් එක්ක රැහේ කොහොමද ජීවත් වෙන්නේ කියා මැවූ සුන්දර සිහින මාළිගා බිදී යන බව දැණුන විට අහිංසක සුරූපි වැදි යුවතිය තීරණය කලා ජීවිතයෙන් ඵලා යන්නට ක්‍රියාත්මක කලා ඒ තීරණය අැල්ල තුලවූ රුදුරු ජලකඳ තුල සැගව ගියා අැගේ පණනල මර්තේලිස් ගමට පැමිණියේ වසර පහකට පමණ පසුවය ඒ සුදු මහත්වරු සමග අැල්ල ආසන්නයේ ගෝනුන් දඩයම් කරන්නටයි. ගෝමරීගේ සිදිධියෙන් තමාට කිසිදු කැලලක් සිදුවී නැති බව ඉදුරාම දැනගැනීමෙන් අනතුරුවයී මර්තේලිස් ගමට පැමිණෙන්නට තීරණය කලේ සුදු මහත්වරු අරක්කු සප්පායම් වෙද්දී කටගැස්ම වෙනුවෙන් හොදම ගෝන ගාතය ගින්නේ පුලුස්සමින් ඔහු ගල්තලාවට ආසන්නයේ රැදි උන්නේය ගොම්මන් අදුර කෙමෙන් කෙමෙන් ලගාවෙමින් පැවැතිණි හදිසියේ මර්තේලිස්ගේ උකුසු අැස යොමුවුණේ ගල්තලාවෙහි අෑත කෙලවරේ පිටුපා හිදින සුන්දරම ගැහැණු රුව දෙසටයි අරක්කු භාගයකට පමණ වගකියා සිටි ඔහුගේ දැවෙන කාම ගිණිසිලු අැවිලෙන්නට විය .. 

ඔන්න ඕකටනේ බන් දෙන දෙයියෝ හොම්බට අැන අැන දෙනවා කියන්නේ සුද්දන්ට හොරෙන් එන්නම් සුන්දර කෙල්ලේ උබෙ තුරුලට ....එසේ පවසමින් මර්තේලිස් ගොම්මන් අදුරට ස්තුති කරමින් ලංවුණා සොදුරු ගැහැණු රුව වෙත ඔහුට පිටුපා සිටි සොදුරු රුව එක්වරම හැරුණා ඔහු දෙසට ඒ සොදුරු රුව මැකී ගියා මතුවුණි බිහිසුණු වූ ගෝමරීගේ අවතාරය.. බලන්නට බැහැ ඒ තරම්ම වියරුයි ඒ දර්ශනය.. ක්ෂණිකව මරලතෝනියක් පැතිර ගියා මුලු වනාන්තරය දෙදරවන තරමට..... පසුවදා උදෑසන නිසොල්මනේ පාවෙමින් තිබුනා මර්තේලිස්ගේ නිසල දේහය...... 

නිමි..

Source: Link

---එමලිගේ මුදුව/ Ring of Emali Silvester---


ඈත සිතිජයේ සැදැ ඉර බැස යමින් පවතී .රත් පැහැයෙන් යුතු අහස් තලයේ අලු පැහැති වලාකුළු තැනින් තැන පාවෙමින් පවතී. ළමුන් කුඩා ළමුන් වෙරලේ ඒ මේ අත දුවමින් සෙල්ලම් කරමින් සිටියහ. සුදු පැහැති රළ වෙරළේ හැපී බිඳී යයි. වෙරල කොනක ගල් තලාවක් මත හිඳගෙන සිටින මාගේ නෙත ඈත අහසේ පියාසර කරන මුහුදු ලිහිණියන් රංචුවක් වෙත ඇදී ගියේ නිරායාසයෙනි. සචිනි මාගේ අතින් අල්ලාගෙන නැගී බිඳෙන රළ පෙළ දෙස බලා සිටියාය. රාජකාරි කටයුතුවලින් පසුව ඇය සමඟ මුහුදු වෙරළට පැමිණීයේ නිසන්සලව කාලය ගත කිරීම සදහාය.මුහුද දෙසින් හමා ආ සීතල සුළඟ ගතට එක් කළේ අමුතුම ප්‍රබෝධයකි. 

'මහත්තයා සාත්තරයක් අහමුද?' හැරී බැලූ මා දුටුවේ මා දෙස බලා සිටින අහිකුණ්ටක ගැහැණියකි. ඈ අත මොනර පිළක් තිබුණි.බුලත් විට සැපීම නිසා රත් පැහැති වූ තොල් සගල අතුරින් දුබුරු පැහැති දත් දෙපල පෙන්වා මා දෙස මද සිනාවක් පාමින් බලා සිටියාය.
'නෑ ඕන නෑ සාත්තර අහන්න' මා පිළිතුරු දුන්නෙමි.
'යේම කියන්න එපා මාතියා මාතියාගේ මූණ දැක්කහම මට තේරෙනවා මහත්තයා ළඟ ලොකු අනතුරක් තියෙනවා කියලා මං කියන දේ පොඩ්ඩක් අහන්න මාතියාට පාඩුවක් නම් වෙන්නේ නෑ ' ඈ දිගටම කියාගෙන ගියාය. 'කමක් නෑ සෙනුර ඔයා අහලා බලන්න' සචිනි පිළිතුරු දුන්නේය.

'එහෙනම් කියමුකෝ බලන්න මොකද්ද කියලා' මා ඈ දෙසට මාගේ දකුණත දිගු කළෙමි. මද වේලාවක් මගේ අත දෙසත් මුහුණදෙසත් මා සතු ගමන් මල්ල දෙසත් මාරුවෙන් මාරුවට බලා සිටියා‍ය.
' මහත්තයා ලොකු අනතුරක් තමා තියෙනවා, යේක මහත්තයා ළඟම තමා තීනවා. හැබැයි මට මීට වඩා කියන්න බෑ ඒ අනතුර අද හෙටම වෙන්න පුළුවන් නිසා බොහෝ පරිස්සම් වෙන්න ඕනෑ' ඈ පිලිතුරු දුනි.
'පිස්සු කියවනවා ආ මෙන්න මේක තියාගන්න'. මම රුපියල් සීයේ නෝට්ටුවක් ඈ වෙත දිගු කළෙමි.
'සල්ලි නම් කාරි නෑ මහත්තයා ජීවිතේ පරිස්සම් කරගන්න මං යනවා'ඈ ඉවතට ගමන් කලාය.
පිස්සු ගෑනි මොනවා කියනවද මන්දා මට ඇති අනතුර මොකක්ද මටපිටුපා ගමන් කරන ඈ දෙස බලා සිටි මා මටම කියා ගත්තෙමි .

තවත් හෝරාවක් පමණ කාලයක් සචිනි සමඟ මුහුදු වෙරළේ ඒ මේ අත ගමන් කරමින් සිටි මා ඇයව ඇයගේ නිවස කරා ඇරලවා මාගේ නිවස කරා යාමට පිටත් වූයෙමි.මගේ ජංගම දුරකථනය නාද වීමට පටන්ගත්තේ එවිටය.
දුරකථන ඇමතුම මාගේ ප්‍රධානියාගෙනි.

' සෙනුර හදිස්සි delivery එකක් කරන්න තියනව පුළුවන් ඉක්මනට ඔෆිස් එක පැත්තට එන්න'.
මොන මගුලක්ද මේ. මම වෙලාව බැලුවා හවස 7යි. ඉක්මනට ගෙදර ගිහින් විවේක ගන්න හැදුවා විතරයි. මොනවා කරන්නද රස්සාව කරන්නත් එපෙයි. මම යතුරු පැදිය හරවා කාර්යාලය වෙත ධාවනය කළෙමි.
'මේ මීට අවුරුදු 5 විතර කලින් ඕඩර් කරපු මුදු දෙකක් අපි හිතුවේ මේ මිනිස්සුන්ට ඕන නැතුව ඇති කියලා ඒත් මේ දැන් කෝල් එකක් දීල කිව්ව ඒක හදිස්සි උවමනාවකට ගෙනත් දෙන්න කියලා මෙන්න ඇඩ්‍රස් එක තියෙනවා මේක ගිහින් දෙන්න, මේ සේරම සල්ලි ගෙවල තියෙන්නේ ඩිලිවරි ෆී එක ඉල්ලගන්න.' 

ආයතනයේ හිමිකරුවා මා අත තැබූ ආභරණ සහිත පෙට්ටියකි.එහි එමිලිය සිල්වෙස්ටර් ලෙස සටහන් කර තිබුනි.
එහි සඳහන් ලිපිනය ඔස්සේ මම යතුරුපැදිය ධාවනය කළය. කොළඹට නුදුරු වූ නමුත් ජනශූන්‍ය පෙදෙසක් ඔස්සේ යතුරුපැදිය රාත්‍රී කාලයේ ගමන් කළේ තරමක් අපහසු වැහිබර කාලගුණයක් මැද්දේය. මලානික වීදි පහන් වල ආලෝකය ඇරෙන්නන්ට පරිසරය අදුරුය.ප්‍රධාන මාර්ගයෙන් වෙනතකට හැරවා යතුරුපැදිය ධාවනය කලේ තරමක් අඩු ජනශුතිය ප්‍රදේශයක් හරහාය. වේලාව රාත්‍රී 10ට කිට්ටුයි.ඈතින් පෙනෙන සුදු පැහැති මන්දිරය මගේ ගමනාන්තය විය යුතුය .විශාල කළු පැහැති ගේට්ටුවකින් සමන්විත එහි දෙවන මහලේ ඉහල කොටස පමණක් මා හට දර්ශනය විය. යතුරුපැදිය නවතා මදක් එබිකම් කලේ කවුරුන් හෝ සිටිදැයි දැන ගැනීම පිණිස ය. අඳුරේ ගිලී තිබුණු උද්‍යාන ය හැරෙන්නට කිසිවක් පෙනෙන්නට තිබිණි. මා ගේට්ටුව ඇරීමට අත තබනවාත් සමඟම පුදුමයට පත්ක‍රමින් එය විවෘත විය. 

මා යතුරුපැදිය ගේට්ටුව අසල නතර කර උද්‍යානය හරහා වැටී තිබූ මාර්ගය ඔස්සේ නිවස දෙසට ගමන් කළේය. අවට පරිසරයේ තිබුණේ දැඩි නිශ්ශබ්දතාවයකි විටින් විට කෑ ගසන ලද රැහැයියන්ගේ නාදය ඈතින් ඇසුණු බල්ලෙක් ගේ උඩබිරුමක් අරෙන්නට මුළු පරිසරයම අඳුරේ ගිලී පවතී. නිවසේ කවුරුන් හෝ නැතැයි මා සිතේ සැකයක් ඇති විණි .කෙසේ නමුත් මා දැන් සිටින්නේ නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අස්ලල්ය. මෙය කාගේ හෝ සුකෝපබෝගී ජීවිතයක් ගත කරන පුද්ගලයකු බව නම් පැහැදිලිය. නිවස තරමක් පැරැණි වුවද මනාව පවත්වාගෙන යන ලද විශාල නිවසකි.නිවස තුල කිසිදු ආලෝකයක් දක්නට නොලැබීණි. කෙසේ වෙතත් මා ඉදිරිපස දොරටුව මත එල්ලා තිබූ සීනුව නාද කලේය. හිතුවට වඩා විශාල හඩක් ඉන් නිකුත් වූයේ මා සිත තරමක් තිගැස්සීවමිනි.මා මදක් නැවතී බලා සිටියේ කිසිවකු හෝ පැමිණෙතැයි කියාය. විනාඩි කිහිපයක් නිසොල්මනේ අඳුරේ මේ බලා සිටියෙමි.නැවත සීනුව නාද කිරීමට අත ඔසවනවත් සමඟම නිවස තුළින් කිසිවකු තරප්පු පෙළ බසින හඩ මා හට ඇසුනි. ‍ප්‍රදන දොරටුව අභියසට පැමිණ එය නතර විය. 

ඊළඟ මොහොතේ ප්‍රධාන දොරටුවේ අගුල කැරකැවෙන ආකාරය මා බලා සිටිමි. ප්‍රධාන දොරටුව විවෘත විය .ආලින්දයේ දැල්වූ මලානික ආලෝකය මා ඩ්දුටුවෙමි.මා ඉදිරිපස සිට ගෙන සිටින රූමත් සුරූපී යුරෝපීය පෙනුමති කාන්තාවකි. නිල් පැහැ නෙත් යුගකින් හා රන් පැහැ කෙස් කලබකින් සමන්විත ඇය දුටු පමණින් කිසිවකුගේ සිත් ඇද ගැනීමට සමත් වන රූප විලාශයක් සහිත විය.

'මිස් එමලි සිල්වෙස්ටර්? මම විමසුවෙමි.
ඈ හිස සලා මා හට නිවස තුළට පැමිණෙන ලෙස ඉගි කළාය. මා ඈ පසුපස ගමන් කලෙමි. ඈ හසුනක් දෙසට අත දිගු කළා ය. මා ඒ මත හිඳ ගත්තේය. ඇයද මා ඉදිරිපස අසුනක හිඳගත්තය.ඉමිහිරි සංගීත නාදයක් නිවස තුළින් අසුනේය.එය පියානෝවකින් නැගුණු හඬක් බැව් මට පැහැදිලියි. ඈ මා දෙස බලා සිටි.

'මිස් සිල්වෙස්ටර් මම jewellery company එකෙන රින්ග්ස් දෙකක් තියනවා delivery කරන්න. ඒක බාර අරගෙන sign කරල delivery fee එක ගෙවන්න කියවන්න පුලුවන් නම් ලොකු උදව්ව'ක් මා පැවසූයේ මා සුරැකිව රැගෙන ආ ආභරණ පෙට්ටිය ඇය වෙත දිගු කලෙමි ඇය ඒ දෙස මඳ වේලාවක් බලා සිටියාය.ඒ මොහොතේ ඇයගේ ඇස් දෙකෙහි වූයේ අමුතු දීප්තියකි. මද වේලාවකින් ඇයගේ දෙනෙත් වෙනස් වන ආකාරයත් මා දුටුවෙමි . කෙසේ වෙතත් නැවතත් මා මාගේ අවශ්‍යතාවය ඇයට දැනුම් දුණි.

' කරුණාකරලාfee එක ගෙවන්න පුලුවන් නම් මට ඉක්මනට යන්න පුලුවන්' මා ඈ වෙත සැලකර සිටියේය. ඇය මා දෙස බලා කිසිවක් නොපවසා නැවතත් තරප්පු පෙළ නැග ඉහළ මාලය කරා ගමන් කළාය. ඇය මුදල් ගෙනඒමට යන්නට ඇතැයි මා සිතමි. දැන් මා විශාල ශාලාවේ කොණක වූ හසුනක හිදගෙන සිටිමි. සංගීත ඛණ්ඩය නැවතී ගොසිනි. කොහේදෝ සිට බලලුන් පොර කා ගන්නා හඩක් ඇසෙයි.ඈ පිටත්ව ගොස් පැය භාගයක් පමණ වන්නට ඇත. මා වේලාව බැලුවෙමි. රත්‍රී එකොළහත් පසුවී තිබුණි .මම මිස් සිල්වෙස්ටර් කියා කිහිප වතාවක් කතා කළ නමුත් කිසිදු ප්‍රතිචාරයක් නැත. මේ නිසා මා තරප්පු පෙළ ඔස්සෙ සෙමෙන් ඉහලට ගමන් කළෙමි. ඉහළ මාලයේ වූයේ නිදන කාමර සමූහයකි. ඉන් එක් කාමරයක පමණක් දොර විවෘත කර තිබුනි.එහි මලානික විදුලි අලෝකයත් දැල්වෙමින් තිබුණි.මා කෙමෙන් කෙමෙන් එම කාමරය දෙසට ගමන් කර කාමරයේ දොරට තට්ටු කලෙමි. ප්‍රතිචාරයක් නැත.මා කෙසේ හෝ මාගේ අවශ්‍යතාව ඉටුකර ගෙන යා යුතුය .මා කාමරයට එබිකම් කර බැලුවෙමි. ඒ මොහොතේ මා දුටු දර්ශනය නිසා මා මොහොතකට ගල් ගසුනි. මොහොතකට පෙර මා හා කතාකරමින් සිටි සිල්වෙස්ටර් මෙනවිය ඇයගේ නිදන ඇඳ මත ලේ විලක් මැද වැතිරී සිටින අයුරු මා දුටුවේය. 

ඇගේ කෙස් වැටිය බිමට කඩා වැටී ඇත. ඇගේ සිරුරේ තැනින් තැන තුවාල වී තිබුණි . ඇයගේ දෑස් විශාල වී විවෘත වූ මුවෙන් දිව එලියට වැටී ඇත. මේ කුමක් සිදුවේද මට කිසිවක් සිතාගත නොහැකි විය. මහා වහාම කාමරය තුළින් එළියට ගමන් කළෙමි. මෙතෙක් වේලා විදුලිය දැල්වෙමින් තිබූ මෙම නිවස එකම අදුරු ගුහාවක් බවට පත් වී ඇත.මා පැමිණි පඩි පෙල ඉතා අබලන් තත්ත්වයක පවතින ලෑලි දිරාගිය පඩිපෙළකි .මම පඩි පෙළ බැසීමට තැත් කළ නමුත් අවාසනාවකට ලෑලි කැඩී ගිය කොටසක මාගේ එක් කකුලක් සිර විය. මා කළ යුත්තේ කුමක් ද මගේ කකුලේ සිරවී ඇත. මට තවදුරටත් ගමන් කිරීමට නොහැකිය. එකම අඳුරු ගුහාවක් වූ නිවසේ තැනින් තැන විකාර රූප ඡායා වන් හෙමින් ගමන් කරන අයුරු මා යන්තම් දුටුවෙමි.මාගේ සිරුර සිහින් දහඩියෙන් නැහැවී ගියේය.හදවත එලියට පනින්නට තරම් වේගවත් විය. හැකි ඉක්මනින් පාදය ගලවා ගැනීමට තැත් කළමි. ඒත් සමඟම කලින් ඇසූ පියානෝ වාදනය නැවත ඇසෙන්නට විය. ඇති වූ බිය නිසා මම හැකි වෙර යොදා පාදය ඉවතට ඇද්දෙමි. ඒ මොහොතේ මගේ සපත්තු ගැලවී මා පහල මාලය වැටුණි. මා දැන් සිටින්නේ මා පෙර සිටි ආලින්දයේය. එහි තිබූ කිසිදු ගෘහ භාණ්ඩයක් මා හට දැන් දක්නට නොලැබෙයි .තැනින් තැන තිබු දිරා ගිය ලෑලි කැබලි කොට පමණ මට දිස් විය.මා සිටින්නේ කොහිදැයි මා හට සිතාගත නො හැකි ය .

මගේ ගමන් මල්ල ද තරයේ අල්ලා ගෙන ප්‍රධාන දොරටුව වෙතට හැකි ඉක්මනින් දිව්වෙමි. මා හැකි වෙර යොදා ඉදිරිපස දොරටුව විවෘත කිරීමට උත්සාහ කළේ වී නමුත් මාගේ වෑයම අසාර්ථක විය. මම ඉදිරිපස දුරට හේත්තු වී සිටියෙමි. කුමක්දෝ ඡායාවක් මා ඉදිරියෙන් ගමන් කරන අයුරු මා දුටුවෙමි. මාගේ ජංගම දුරකථනයේ ආලෝකයෙන් මා ඒ පසුපස ගමන් කලෙමි. මා දැන් සිටින්නේ නිවසේ මුළුතැන් ගෙය තුළය. එය ජරාවාස වී ගිය ස්ථානයකි.කෙසේ වෙතත් මාහට පිටවී යාමේ මාර්ගයක් සොයාගත යුතුය. මා හැකි වෙර යොදා පිටුපස දොරට පා පහරක් එල්ල කළේ ය. එය විවෘත විය හැකි ඉක්මනි මා වහාම උද්‍යානය ඔස්සේ දිව ගොස් මාගේ යතුරුපැදි පණගන්වා හැකි ඉක්මනින් ගමන් කළ මාර්ගය අසල වූ පොලිස් ස්ථානය වෙතය. මා පොලිස් පොලිස්ථානය වෙත මා මුහුණදුන් සිද්ධිය සැල කර සිටියේය. එහි මිනීමැරුමක් සිදු වී ඇති බව පැවසුවද පුදුමයකි පොලිස් නිලධාරියාගේ මුහුණින් කිසිදු අවධානාත්මක බැල්මක් මා දුටුවේ නැත. ඔහු මා වෙත ජල වීදුරුවක් ලබා දී මොහොතක් සන්සුන්ව සිටින ලෙස දන්වා සිටියේය. ඉන්පසු මා පොලිස් ස්ථානාධිපතිතුමා වෙතට කැඳවා ගියේය. 

' මහත්තයා අපිට ලැබිච්ච 8 වෙනි පැමිණිල්ල ඔය. ඉස්සර නම් අවුරුද්දකට දෙක තුනක් පැමිණිලි හම්බෙනවා .න්මුත් පහුගිය අවුරුදු කීපයකට හම්බුනේ නෑ. මහත්තයා තමයි මේ කාලෙකට පස්සෙ පැමිණිල්ලක් දැම්මේ. මීට අවුරුදු පහකට කලින් ඔය ගෙදර පදිංචිවෙලා හිටිය තනිකඩ ගැහැනියක් එයා ව්‍යාපාරිකයෙක් රහසිගත සම්බන්ධයක් පවත්වාගෙන ගිහින් තියෙනවා ඔවුන් දෙදෙනා රහසිගතව විවාහය සිදුකර ගැනීමට නියමිත වෙලා තියෙන්නේ. නමුත් ඒ බව දැනගෙන තියනවා ඔහුගේ පෙම්වතිය .ඉතින් එයා මැරයන් දම්මලා ඇයව වෙඩි තබා ඝාතනය කරලා තියනවා .ම්හත්තයා වගේ කීප දෙනෙක් අපිට කලින් ඔය ගැන පැමිනිලි කරලා තියෙනවා. 

කොහොම උනත් ඒ ගැන එච්චර හිතන්න එපා '
මහත්තයට ඔන්නම් police station එකේ ඉදලා උදේට යන්න.' ඔහු පැවසීය. මුලු ලෝකෙම මා වටා කැරකෙන සේ මට දැනුනි.එසෙනම් මා මුනගැසී ඇත්තේ හොල්මන් ගැහැනියකි.පොලිස් ස්ථානය පිටත්ව නිවස බලා ගමන් කලෙමි. නමුත් මා හට එක්වර සිහි වූයේ මා රැගෙන ගිය මුද්දය. මගේ ගමන් මල්ල පරීක්ෂා කර බැලීමි. මංගල මුදුව සහිත කුඩා පසුම්බිය එලෙසම තිබුණි. නමුත් මා සචිනි වෙනුවෙන් වෙන්දේසියේ දී මිලට ගත් මුදු යුවල අතුරුදහන්ව තිබුනි.මා එමලි සිල්වෙස්ටර් නමින්වූ පෙට්ටිය විවුර්ත කර බලුවෙමි.ඒ දුටු මා පුදුමයට පත් වුනි.එහි වූ යේද මා මිලදී ගත් මුදු යුවලමය.මෙය කෙසේ වීද?

මා පසුදින ආයතන ප්‍රදානියාගෙන් මේ බව විමසීමි.
'ඔය එමලි සිල්වෙස්ටෙර් අපට ඔය මුදු දෙක හදන්න දීලා අවුරුදු 5ක් වෙනව.ඒත් එක ගන්න අවේ නෑ.ඉතින් මම ඊයේ එක වෙන්දේසියට දැම්මා.ඒක කවුරු ගත්තඩ කියන්න මන් දැනන් හිටියේ නෑ.ඉතින් එයෙ හවස මට ඔය මුදු 2 ගෙනත් දෙන්න කියලා පනිවිඩයක් ලැබුනා.ඉතින් මම ඒ වගේම මුදු 2ක් සෙනුර අතේ යෙව්වා.' ඔහු පැවසීය.

එසේ නම් එමලි සිල්වෙස්ටර් ගේ මුදු යුවල මිලදී ගත්තේ මාය.නමුත් ඇය එය නැවත මාගෙන් ලබාගෙන ඇත.එදා සාස්තර කාරිය කියූ මා ලග තිබූ අනතුර එය විය යුතුය.මෙවන් දේ සිදුවෙනවාදැයි සිතමින් මා කාර්‍යාලයන් පිටත් වූයෙමි.

මාගේ සිව්වන නිර්මාණ්‍ය රස විදි ඔබ සැමට ස්තූතියි.
නැවත හමුවෙමු.

Source: Link