මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

31 March 2019

---කළු බළල් ශාපය---



" ඩහ්....ඩහ්....ඩොහ්....ඩොහ්.."
කාමරයේ ජනෙල් කූරු හරහා ඇතුළට කඩාවදිනා සුළඟ ගෙන ආවේ අමිහිරි කටුක ශබ්දයකි....දැඩි නියඟයෙන් බැට කෑ වියලි කර්කෂ සුළං රැල්ලක් කොහේදො සිට එකවර කාමරයට කඩාපාත් වූයේ නින්දේ සිටි මා අවදි කරවමිනි...

ජනෙල් කූරු අතරින් පෙරී ආ රාස්සිගේ අව්වත්, ගුරු පැහැ ගැන්වුණු වෙල්යායත්, වියළි සුළඟත් ගෙන ආවේ ඉඩෝරයේ කටුකත්වයත්, අපේක්ෂභංගත්වයත් පමණි.....
උදාසීන හැගීම් හිතපුරා තෙරපෙද්දී මා ජනෙල් පියන් වසා දමා මිදුලට පිලිපන්නෙමි....
රාස්සිගේ අව්ව තුරුහිස් මුදුන් අතරින් මිදුලට පතිතවී අක් හෙවණැලි රටා මවයි..මිදුල පුරා තැනින් තැන ගොඩ ගැසී ඇති කොළරොඩුත් , වල් පැලෑටිත් කියා පෑවේ ගෙමිදුල කාලයක් පුරා නඩත්තු කොට නැති බවයි.... මිදුලේ කෙළවරක ඇති තල් ගස කලක් තිස්සේ වවුලන්ගේ වාසස්ථානයක් වන්නට ඇත.මන්දයත් නානාප්‍රකාරයේ ගෙඩි වර්ග,ඇට වර්ග හා වවුල් බෙටි කන්දක් මෙන් ගොඩ ගැසී ඇත.
"මේ නිවාඩුවටවත් මේ ටික අස් කරලා දාන්න ඕනි...."
"මේකෙ කලින් හිටපු උන් කොහොම හිටියද මන්දා...."
නිවසේ ඉදිරිපස වැරන්ඩා කොටසේ ටයිල් මත බැඳී ඇති දුහුවිලි තට්ටුවක් කකුලෙන් අතුල්ලන ගමන් මා සිතුවෙමි....

දේශපාලන පලිගැනීමක් හේතුවෙන් මා සේවය කරමින් සිටි නගරයේ ප්‍රධාන පාසල අතැර උතුරුමැද පළාතේ කෙළවරකට වන්නට පිහිටා ඇති අති දුෂ්කර පාසලකට ගුරු මාරුවක් ලැබීම පිළිබඳව මා දැඩි කණස්සල්ලෙන් මෙන්ම කළකිරීමෙන් යුක්තව කාලය ගත කෙරුවෙමි....
විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් කාලයේ මාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් එම කණිෂ්ඨ පාසලට මදක් ඈතින් පිහිටා ඇති මෙම බෝඩ්ම සොයාගත්තේ ඉමහත් වෙහෙසක් දැරීමෙන් අනතුරුවය...
දරුවන් දෙදෙනාත්, බිරිඳත් නිවසේ තනිකර මා තනිවම මෙහි පදිංචියට පැමිණියේ දරුවන්ගේ පාසල් ගමනත්, නගරයේ සැප පහසුකම් වලින් අනූනව ජීවත්වන ඔවුන්ට මෙහි ඇති කටුකත්වය දරාගැනීමට ඇති නොහැකියාව නිසාවෙනි ....

කුලී නිවසට පැමිණ සතියක් ගතවුවත් නිවසේ අයිතිකරු තවමත් ගෙවත්ත හා නිවස පිරිසිදු කර දුන්නේ නැත...ජරාවායක් බවට පත්ව ඇති ගෙවත්තත්, ඒ ආසන්න නිවාස කිහිපයත් කාලෙකින් අලුත්වැඩියා කර නොමැති නිසාවෙන් කාලයාගේ ඇවෑමෙන් ක්‍රම ක්‍රමයෙන් ගරා වැටෙමින් පවතියි....
හිතේ පවතින දැඩි නොසන්සුන්කම තවත් තීව්‍ර කරන මේ අපිරිසිදු වටපිටාව මදක් හෝ පිරිසිදු කර ගැනීමේ ඇටියෙන් නිවස වටා වැවී ඇති වල් පැලෑටි හා දණහිසට මදක් පහළට වන්නට වැවී ඇති තණකොළ ගස් එකින් එක ගැලවීමට පටන් ගතිමි....
"මි..යෑව්.....මි..යෑව්.....මි....ය්...යෑව් ......"

අසල්වැසි පාලු නිවසේ මුළුතැන් ගෙය පිටුපසින් ඇසෙනා බළලෙකුගේ කෑගැසීමෙන් මා මවිතයට පත්වීමි.. මා දන්නා පරිදි එම නිවසේ නිවැසියන් කිසිවෙකු නොවූ අතර වහලේ කඩතොළු ෂීට් අතරින් ගලා එන බළල් හඬ ක්‍රම ක්‍රමයෙන් උස්ව නැගුණේ ක්ෂණයනි....
මා මදක් විපරම් කර බලා කිසිවෙකු පෙනෙන්නට නොසිටි හෙයින් කරමින් සිටි කාර්‍යයේ දිගටම නියුතු වූවෙමි.. යළි යළිත් බළල් හඬ උස්ව නැගුණු අතර අවසන එය විලාපයක් බවට පත්විය...
"මියෑ....හ්...හ්...හ්...හ්...හ්..හ්...හ්....ඌ "

බළලාගේ කෑගැසිල්ල පෙරට වඩා උස්ව නැගෙන්නේ කිසිවෙකු බළලාගේ ගෙල සිරකර ඇති ආකාරයෙනි....එය කෙඳිරියක්ද විලාපයක්ද යන්න එකවර හඳුනාගත නොහැකි තරම් විරූපිය...
" මොකෙක් හරි කාලකණ්ණියෙක් අහිංසක සතාව පාළු ගෙදරට ගෙනත් දාලා වගේ...."
මා කෝපයෙන් යුක්තව සිතමින්ම කම්බි වැටින් රිංගා අසල්වැසි නිවසේ මුළුතැන්ගෙය සමීපයට පැමිණියෙමි...මා සුරතල් සතුන් කිසිවෙකු කිසිදිනෙක ඇතිකර නැතත්, සතුන්ට ආදරය කළෙමි...අනුකම්පා කළෙමි...ඒ නිසාවෙන්ම නිවස තුළ බළලා සිරවී ඇත්දැයි සැකහැර දැනගැනීම මාගේ මූලිකම අභිප්‍රාය විය....
මියෑහ්...ව්......මියෑහ්....ව්.....මියෑ...යෑ....හ්...

සුවිසල් නිවසේ දෝංකාර නංවමින් නැවතත් බළලාගේ හඬ තීව්‍ර විය...මා දෙතුන් වතාවක් ගේ වටා විපරම් කර ඇවිද්දද නිවසට ඇතුළුවන කිසිම මගක් සොයාගැනීම උගහට කරුණක් විය...මන්දයත් ඉතා සුවිසල් නිවසේ දොර ජනෙල් සියල්ල වසාදමා තිබුණේ නිවසේ ඇතුළතද නොපෙනෙන පරිද්දෙනි.
දශක ගණනාවක් තිස්සේ අව් වැසි වලට නිරාවරණය වෙමින් පර්චස් කිහිපයක් පුරා පැතිරී ඇති සුවිසල් නිවස සැබවින්ම අද්භූත ස්වභාවයකින් ගත්තේය...කඩතොළුව ගිය ෂීට් අතරින් වවුලන් රංචුවක් තටුසළමින් ඉගිලීගිය අතර නිවසේ වහල දක්වා අතු විදාහල කොස් ගසේ අත්තක් වහලයේ ගැටීමෙන් කිරි කිරි ගා ශබ්දයක් ඇතිකළේ පවත්නා දැඩි නිහැඬියාව බිඳදමන්නට මෙනි.....

විනාඩි කිහිපයක්ම විපරම් කර බැලුවද බළලෙකුගේ සළකුණක්වත් දැක ගැනීමට නොලැබුණු හෙයින් ,
"ඌ එළියට එන්න ඇති..." යි සිතා මා නිවසට පැමිණියෙමි...

=============================================================================
දින කිහිපයක් සුපුරුදු ආකාරයෙන් ගෙවීගියේ විශේෂ සිදුවීමකින් තොරවය.ගෙවීගිය දින කිහිපය ඇතුළත එකම වතාවකවත් බළලෙකුගේ කෑගැසීමක් හෝ බළලෙකු මා නොදැක්ක අතර පාසල් අවසාන වාර විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර සැකසිය යුතු හෙයින් බාහිර කිසිවක් ගැන සිතීමට තරම් කාලයක් මට නොවීය. ශ්‍රේණි කිහිපයකටම මා විෂයයන් කිහිපයක්ම ඉගැන්වූ නිසාවෙන් ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම සෑදීමට සිදුවිය.එහෙයින් මධ්‍යම රාත්‍රීය ඉක්වමාද පැය කිහිපයක් වැඩ කිරීමට මට සිදුවිය.

වප් මස පොහොය ගෙවී දිනකට පසු මා සියළුම ප්‍රශ්න පත්‍ර සකසා නිමකිරීමෙන් අනතුරුව සිගරට්ටුවක් දල්වාගෙන නිවස ඉදිරිපස තනා ඇති ලී බංකුවට වී බිරිඳ හා දරුවන් සමග දුරකථන සංවාදයක යෙදුණෙමි...රාත්‍රී අහාරයෙන් අනතුරුව දුරකථන ඇමතුමකින් දරුවන් හා සම්බන්ධවීම මාගේ සාමාන්‍යය පුරුද්ද විය.....

පොහොය ගෙවී දිනයක් පමණක් ගතව ඇති හෙයින් සඳ එළියෙන් අවට වටපිටාව නැහැවී තිබුණි..තුරු හිස් මුදුන් වෙලාගෙන පැතිරී ඇති සඳ එළියත්, සිහිල් සුවදායි සුළඟත් නිසාවෙන් වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරයෙන් මා වශීකෘතව ගියෙමි...භාවනාවක් මෙන් ශාන්ත,ගැඹුරු ආගාධයක් මෙන් ගුප්ත අවට වටපිටාවේ නිහැඬියාව මකා දැමුණේ ගුරුපාරේ ඉඳහිට ගමන් කළ මෝටර් රථයකිනි.එසේත් නැත්නම් නිශාචර පක්ෂීන්ගේ තටු සළනා හඩකිනි....

"මියෑහ්.......ව්......ව්....ව්...ඌ....."
බළලෙකුගේ විලාපයකින් මා දැහැන්ගත සමාධිය බිඳුණි.
"මියෑහ්.......ව්......ව්....ව්...ඌ....."
"මියෑහ්.......ව්......ව්....ව්...ඌ.....ඌ...."
වේදනාවෙන් කෑ ගසනා බළල් හඬ ඇසෙන්නේ මාගේ නිදන කාමරය දෙසිනි..සිහින් කෙඳිරිල්ලක් වූ බළල් හඬ දැන් උස්ව නැගෙන්නේ විලාපයක් ලෙසිණි.

සැකයක් නැත..කිසියම් කැළෑ සතෙකුගේ හෝ බළළුන් දඩයම් කරනා කොල දිවියෙකුගේ ගොදුරක් බවට බළලා පත්වන්නට ඇත.

බළලා බේරා ගැනීමේ ඇටියෙන් මා හැකි පමණ වේගයෙන් නිවස තුළට දිව්වෙමි.
මා එළියට යද්දී වසා ගිය දොර දැන් විවෘත ය.දොර වසා තැබූ බව මට හොඳටම මතකය..නමුදු දැන් කාමරයේ දොර විවර ඇත. දොර විවර කරන්නට ඇත්තේ කවුරුන් විසින්දැයි සිතාගත නොහැකිය.
එකවරම කාමරය තුළට පිවිසීමටද බියක් දැනේ...මන්දයත් සමහරවිට දරුණු සතෙකු හෝ සොරෙකු වුවද කාමරයේ සිටිය හැකි නිසාවෙන් මා මුළුතැන්ගෙයි දොර වැසීමට ගන්නා හරස් පොල්ලද ගෙන හෙමින් හෙමින් කාමරයට පියමැන්නෙමි...
"චෑස්....චහ්...ච්..චහ්...චහ්...."

නිදන ඇඳට යටින් කිසියම් සතෙකු තලුමරමින් කුමක් හෝ බුදින ශබ්දයක් ඇසෙන්නට විය.. සතා සිටින්නේ මට පිටුපස හරවාගෙනය.කාමරයේ දල්වා තිබූ විදුලි බුබුළු එළියෙන් සතා පැහැදිලව නොපෙනේ...මේසය මත තිබූ විදුලි පන්දම දල්වා අතැති පොල්ලද ගෙන පහරදීමට සූදානමින් මා ඇඳ යට බැලීමි....
.
"ගර්....ර්.....ර්....ර්...හ්.....ඝ්...."
එකවරම සතා මා සිටි දෙසට හැරිණ.
ජීවිතයේ මා දුටු බියකරුම සත්වයා මම දුටුවේ එවිටය.

ගිණි පුළිගු මෙන් රත් ඇස් ඇති කාල වර්ණ ඝණැති ලොම් වලින් යුත් ,සාමාන්‍යය බළලෙකු මෙන් තුන් හතර ගුණයක් විශාල හිසකින් යුක්ත බළලෙකු විදුලි පන්දම් ආලෝකය දෙස බලාසිටියේ මාරාවේශ බැල්මෙනි. සර්වාංගම කාලවර්ණ වූ තිරිසන් සතාගේ ග්‍රහණයට නතුව තිබුණේ තවත් කුඩා බළලෙකි.. කුඩා බළලාගේ හිස කඳින් වෙන්වී අතුනුබහන් ආදිය ටයිල් පොළොව මත විසිරී තිබූ අතර කාලවර්ණ බළලාගේ කට දෙපසින් ලේ වැගිරෙමින් තිබිණ.. එක ළඟින් පිහිටි උල් සුදු පැහැගත් දත් පෙළ මගින් ඩ්‍රැකියුලා කතන්තරවල එන වැම්පරයින් සිහිගැන්වීය....සාමාන්‍ය බළලෙකුගේ මෙන් නොව,උල් නිය, දිගු පාද, දිගු කන් ආදිය මගින් තවත් වරෙක මා මතකයට නැගුගේ ෂර්ලොක්හෝම්ස්ගේ කතාන්දරක එන බැස්කිවිල් රුදුරු සුනඛයාය.
ගිණි පුලිඟු මෙන් රෞද්‍ර ඇස් ඇති විශාල කාලවර්ණ බළලා මා දෙස බලාසිටින්නේ ගොදුරකට කුරුමානම් අල්ලන පරිද්දෙනි..බළලාගේ අසාමාන්‍ය පෙනුමෙන් ගල්ගැසුණු මා පියවි සිහියට එළඹුණේ අතැති විදුලි පන්දම බිමට පතිත වු ශබ්දයෙනි...

එයින් කළබලයට පත්වූ බළලා මා වෙතට කඩාවැදීමට සැරසෙත්ම හැකි පමණ වෙර යොදා දැඩි පොලුපහරක් බළලාගේ හිසට එල්ල කළෙමි...මාගේ ඉලක්කය වැරදුණු අතර කාලවර්ණයා මා වෙතට පනිත්ම මාද පිටුපසට පැන්නෙමි.
බළලාගේ විශාලත්වය මා දුටුවේ එවිටය.

සාමාන්‍යය බළලෙකු මෙන් තුන් හතර ගුණයක් විශාල බරැති සිරුරකට හිමිකම් කියූ තිරිසන් සත්වයාගේ නියපහර මාගේ වම් උරහිස මත සළකුණුවෙත්ම ග්‍රීල් කිසිවක් නොගසා ඇති ජනේලයේ වීදුරුව බිඳ දමමින් කාලවර්ණ බළලා කාමරයෙන් බිමට පැන අසල්වැසි නිවස දෙසට වේගයෙන් දිවයන හඬ මට ඇසුණි...
මා හැඳ සිටි ටී ෂර්ටය සිදුරු කරමින් බළලාගේ නිය පහරවල් කිහිපයක්ම උරහිසට කිඳා බැස තිබූ අතර එයින් ඇතිවූ දැඩි වේදනාවෙන් මා මිරිකී ගියෙමි...

උරහිසේ වූ තුවාලය සබන් හා සේදීමෙන් අනතුරුව සර්ජිකල් ස්වල්පයක් නිය සළකුණු මත තවරා පැනඩෝල් දෙකක් බීවෙමි.. කොටියෙකු වන් බළලාගන් සීරීමක් පමණක් සහිතව බේරීමට ලැබීම පිළිබඳව මා දෙවියන්ට ස්තූති කෙරුවෙමි.

කුඩා බළලාගේ මළකුණ අයින් කර කාමරය සෝදා පිරිසිදු කරීමෙන් අනතුරුව පසුදා ගොස් බළල් විසට බෙහෙත් විදගැනීමේ අරමුණින් යුක්තව මා නිදා ගැනීමට සැරසෙද්දී මධ්‍යම රාත්‍රියද ඉකුත් වන්නට ඇත.
නිදාගත්තද කිහිප වතාවක්ම මා නින්දෙන් ඇහැරුණේ උරහිසෙහි ඇතිවූ වේදනාවද සමගිනි. ඒ හැම අවස්ථාවකදීම බළලාගේ මූසල විලාපය රාත්‍රී නිශ්චලතාවය පරයා නැගුණු අතර අළුයම වෙත්ම ක්‍රම ක්‍රමයෙන් විලාප හඬ නැවතිණ..

=======================================================================
උක්ත සිදුවීමෙන් අනතුරුව සති කිහිපයක්ම කළු බළලා දැක ගැනීමට නොහැකිවූ අතර ඉල් මස පොහොය දිනට දවස් කිහිපයක් තිබියදී උගේ විලාපය නැවත අසල්වැසි නිවස දෙසින් ඇසුණි..
උදෑසනින් අවදි වූ මා පාසල් යෑමට නිවසින් පිටවෙත්ම අසල්වැසි නිවසේ ඉදිකඩ අසල විවිධ වර්ණයෙන් යුතු බළළුන් රාශියක් මරා දමා තිබූ අතර උන් සියල්ලගේම හිස කඳින් වෙන්වන සේ හපා දමා තිබුණි.
උදෑසනම දුටු ඒ පිළිකුල් සහගත දසුනින් මා දැඩි කම්පනයට පත්වීමි..පාසල් වේලාවෙන් පසු මේ පිළිබඳව සොයා බැලීමට මා ඉටා ගත්තෙමි..

පාසල අවසන් වී මා පෙරලා නිවස කරා පැමිණ මා පදිංචිව සිටි නිවසට නිවාස කිහිපයක් දුරින් පිහිටි නිවසට ගොඩවැදුණේ කළු බළලා පිළිබඳව දැන ගැනීමේ අරමුණෙනි.එක්කෝ මේ දරුණ සත්වයා මරා දැමිය යුතුය.නොමැති නම් සත්තු වත්තට බාරදිය යුතුය...

මා මේ ප්‍රදේශයට ආගන්තුක හෙයින් එම නිවැසියන් හා සමීප සබඳතාවක් මා අතර නොතිබුණද මා කළු බළලා පිළිබඳව සඳහන් කරත්ම ඔවුන්ගේ දෑස් විසල් විය.
කළු බළලා යන්න සත්‍යත් අසත්‍යත් අතර පවතින්නා මනංකල්පිතයක්ද යන්න තෝරා බේරා ගැනීම මේ කතාව කියවන ඔබ සතුය. කෙසේ වෙතත් අසල්වැසි නිවසේ කාන්තාව කළු බළලා පිළිබඳව මා සමග පැවසුවේ මෙවැන්නකි.

===========================================================================
මා පදිංචියට පැමිණ තිබූ ගම්මානය මීට වසර කිහිපයකට පෙර ත්‍රස්තවාදී සිදුවීම් කිහිපයකටම ඉලක්ක ගතවූ මායිම් ගමක්ව පැවතීම හේතුවෙන් දැන් පවතින තත්වයට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් ඌණ සංවර්ධන පහසුකම් පැවති ගමක් වේ...කොටි ත්‍රස්තයින්ට බියේ ගම්වැසියන් බුරුතු පිටින් ගම අතැර යද්දී පවුල් කිහිපයක් පමණක් මෙම ගම්මානයේ ඉතිරිව ඇත...

මා නතරවී සිටින කුලීනිවස ආසන්නයේ ඇති සෙසු නිවාස කිහිපයේ පවුල් කිහිපයක් පමණක් ගමේම ජීවත් වීමට තීරණය කර තිබූ අතර මා ජීවත්වන නිවසට ආසන්නයේ ඇති අසල්වැසි නිවසේ දොලොස් හැවිරිදි දැරියක් සිය මව සමගින් ජීවත්ව ඇත. ඇයගේ පියා බෝම්බයකට හසුවීමෙන් මියයාම හේතුවෙන් මවත් දියණියත් ජීවත්ව ඇත්තේ නගරයේ තේ කඩවලට කඩයප්පන් විකිණීමෙනි.
දිනක් මව නගරයට ගිය අවස්ථාවේදී දියණිය පමණක් තනිවම නිවසේ සිටියදී කැළෑ බළලෙකු විසින් දියණියව සපා ඇත. සිය මවගේ අගහිඟකම් මැනවින් වටහාගෙන සිටි හෙයින්දො දැරිය මේ පිළිබඳව සිය මවට පවසා ඇත්තේ දින කිහිපයකට පසුය. මේ නිසාවෙන් දැඩි ලෙස රෝගාතුර වූ දියණියට නිසි ප්‍රතිකාර සිදුකිරීමට මවට හැකියාවක් ලැබී නැත. එහෙයින් දැරියට ජලභීතිකා රෝගය (Rabies) වැළඳී ඇත.

අවසානයේදී දැරියව රෝහල් ගතකළද උත්සන්න වූ ඇගේ රෝගය සුවකිරීමට හැකියාවක් ලැබී නැත. මොළයට හානි වීම (Symptoms ), කලහකාරී ලෙස හැසිරීම,
ජලයට පවතින අධික බිය ,ශරීර කොටස් අධික ලෙස රිදුම් දීම ආදී රෝගී ලක්ෂණ හේතුවෙන් දැරිය අකාලයේම මියැදී ඇත..
එම දැරිය මියගොස් ඇත්තේ පොහොය දිනක වන අතර දැරියගේ මවද දියණියගේ ඇවෑමෙන් මාස කිහිපයකට පසු ගම අතැර ගොස් ඇත..

අනතුරුව මව හා දියණිය ජීවත් වූ නිවස පසුකාලෙක දියණියගේ මව විසින් ව්‍යාපාරිකයකට විකුණා ඇති අතර ඔහු විසින් සුවිසල් නිවසක් තනා එහි පදිංචියට පැමිණ ඇත...මා මුහුණදුන් ආකාරයටම කළු බළලාගේ විලාපයත්, පොහොය දිනට ආසන්න කාලයන්හිදී සිදුවන බළල් මරණ ආදියත්, එම නිවසේ ජීවත් වූ සාමාජිකයින් නිරන්තරයෙන් ලෙඩරෝග ආදියට ගොදුරු වීම ආදිය නිසාවෙන් නිවස අතහැර ඔවුන්ද වෙනත් නිවසක පදිංචියට ගොස් ඇත.. ගමේ කාන්තාවන් හා කුඩා දරුවන් කිහිප දෙනෙක්ම කළු බළලා විසින් සපා කෑම නිසාවෙන් කළු බළලාව අල්ලා ගැනීමට ගම්මුන් නොකළ දෙයක් නැතිතරම් වේ...

ගමේ කිහිපදෙනෙක්ම බළලාව අල්ලාගැනීමට කොයි තරම් උත්සහා කළද ඒ සෑම උත්සහයක්ම ව්‍යර්ථව ගොස් ඇත්තේ ඌ පිළිබඳව කිසිදු සළකුණක් ඉතිරි නොකරමිනි. කාලයක් මෙසේ ගතවෙද්දී කළු බළලා යන්න මියැදුණු දැරියගේ අවතාරයක් බවටත් බළලාගේ ශාපයක් ගමට පවතින බවත් ගම්වාසීන්ගේ සිත් තුළ පැල්පැදියම්ව ඇත.මේ නිසාවෙන් මා ජීවත්වූ නිවස අවට නිවාස කිහිපයක්ම පාලුවට ගොස් ඇති අතර දැරිය මියදුණේ පොහොය දවසක නිසාවෙන් එදිනට කළු බළල් අවතාරය ගම්වදින බව ගම්වාසීන්ගේ අදහසයි....

මියගිය දැරියත් කළු බළලාගේ ශාපයත් අතර කෙසේ සම්බන්ධයක් පවතිනවාදැයි මා දන්නේ නැත...නමුදු ඌ අසාමාන්‍ය සත්වයෙකු බව නම් අවිවාදයෙන් කිව හැකිය.... කළු බළලා ඇසින් නොදුටුවෙකු නම් මහ විකාරයක් වශයෙන් පිළිගන්නවා නොඅනුමානය.මා ජීවිත කාලය පුරාවටම විවිධාකාරයේ බළළුන්ව දැක තිබුණද එවන් අසාමාන්‍ය ‍රුදුරු බළලෙකු කිසිදිනෙක දැක නොතිබුණි.

මේ සියළු හේතූන් නිසාවෙන් මා අවසන පාසලේ ගුරු නේවාසිකාගාරයේ නතරවීමට තීරණය කළෙමි....එහෙයින් කළු බළල් ශාපය තවදුරටත් මා අත්වින්දේ නැත....දැන් මා අවුරුදු දෙකක දුෂ්කර සේවයකින් අනතුරුව පසු සුපුරුදු පාසලේම සේවය කරමි... එහෙත් කාලවර්ණයාගේ නියපොතු සළකුණු නිසාවෙන් ඇතිවූ කැළල තවමත් මගේ වම් උරහිසේ ඇත....

කළු බළලා ශාපයක්ද ආශිර්වාදයක්ද නැතිනම් අවතාරයක්ද යන්න අර්ථකථනය කිරීමට මා දන්නේ නැත.
එහෙත්,

සඳ ඇති රාත්රීන් වලදී අසල්වැසි නිවසේ බිත්ති පුරාවටම තවමත් විශාල කාලවර්ණයාගේ හඬ රැව් පිළිරැව් දෙනවා ඇත...

 මම #සුමේධ_හෙට්ටිආරච්චි


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..






29 March 2019

---වැසි දා ආ ආගන්තුකයා---


ඔන්න කාලෙකින් පස්සෙ තමයි මම ගෲප් එකත් එක්ක එකතු වෙන්නෙ....මේක මගේ පස්වෙනි කතාව...කලින් කතා හතරටම ගොඩක් හොද ප්රතිචාර හම්බවුණා වාගෙම මේ කතාව ලියන්නත් ඒ ප්රතිචාර බලපාන්න ඇති.....කොහොම වුණත් සමූහය තුළ දිගහැරෙන මේ කතාවත් වෙනත් කෙනෙකුගේ සත්ය අත්දැකීමක් පදනම් කරගෙන ලියැවුණු එකක්.....

හරි....ඔන්න මම අද ඔයාලව අරගෙන යන්නේ මීට අවුරුදු කිහිපයක් ආපස්සට.. මේ කතාව වෙලා තියෙන්නේ 2009 වගේ කාලෙක.. මේ අත්දැකීමට මුහුණ දුන්නේ මගේ පවුලේම සමීප කෙනෙක් නිසාවෙන් සත්යතාවය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. නිර්මාණාත්මක අවශ්යතාව කරණකොටගෙන යම් යම් සිදුවීම් මාගේ අවශ්යතාව පරිදි වෙනස් කළත්, මෙය සත්ය සිදුවීමක් බව නැවත නැවතත් මෙනෙහි කරමි......කතාවේ රසය හා විශ්වාසනීත්වය තහවුරු කරනු වස් මෙම කතාව මට අවැසි වූ අකාරයෙන් වෙනස්ම දෘෂ්ටිකෝණයකින් යුක්තව දිගහරිමි......

************************************************************

අක්කර කිහිපයක් පුරා පැතිරී ඇති අප ගෙවත්ත සිහිල් සුවදායී තැනක් වූවා සේම නිවස ඉදිරිපස ඇති වෙල්යායෙන් සිහිල් සුළං රැල්ලක් හමාවිත් ගතේ තැවරෙද්දී දැනෙන නිරාමිස සුවයට මම බෙහෙවින් ඇළුම් කෙරුවෙමි... එහෙයින් බොහෝ නිදහස් දිනයන්හි හාන්සි පුටුවට වී කෝපි කෝප්පයක් තොලගාමින් පොතක් බැලීම හෝ දෑස් අයාගෙන රාත්රී කාලයට අහසේ තරු රටා දෙස බලමින් කාලය ගත කිරීම මාගේ ප්රියතම විනෝදාංශය විය...
සුපුරුදු පරිදි නිවසේ ඉදිරිපස ආලින්දයේ ඇති හාන්සි පුටුවට වී මා මහජන පුස්තකාලයෙන් රැගෙන ආ පරිවර්තනයක් කියවීමි......අද ඉරිදා නිසාත් කාර්යාලයේ නිවාඩු නිසාවෙනුත් නිවාඩු පාඩුවේ පොතක් බැලීමට හැකිවීම උද්යෝග්යමත් කරුණක් වූ අතර නිසොල්මන්ව මා භාවනාවකට සමවැදුණාක් සේ පොත් පිටු අතර තනිවීමි......

ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු වශයෙන් කාර්යබහුල සතියක් ගත කරන මා ඉරිදා දවසම පොත් සමග ගත කිරීමට නිරන්තරයෙන් වෙහෙසුණෙමි. කුඩාකළ සිටම අතට හසුවන ඕනෑම පොතක් කියවීමට ඇබ්බැහිවී සිටි නිසාවෙන් කාලෙකින් ලැබුණු ඉංග්රීසි නවකතාවක සිංහල පරිවර්තනය ඉතා ගිජුකමින් යුක්තව එක හුස්මට කියවීමි.... අන්තිම පරිච්ඡේදය දක්වා කියැවූ මට දවස ගෙවීයනවා නොදැණින. නිවසට මදක් ඔබ්බෙන් ඇති ගොවිපොළෙහි සීනුව සය වතාවක් නාද වී නිහඬ විය....
"හවස හයත් පහුවෙලා..." මම මටම මුමුණා ගතිමි.

නිවස ඉදිරිපස ඇති වෙල්යායට ඔබ්බෙන් ඇති රූස්ස මාරගස්, කුඹුක් ගස් අතරින් හිරුගේ අන්තිම මළානික ආලෝක කදම්භයන් පොළොව සිප ගනිද්දී මා කිවමින් සිටි නවකතාව පසෙක තබා ඇළ කණ්ඩිය දෙසට පියමං කෙරුවේ බුදු පහන තැබීමට අවැසි වතුසුදු මල් නෙළා ගැනීමේ ඇටියෙනි....
ඉමක් කොනක් නොපෙනෙන වෙල්යායට සමපාතව ඉන් ඔබ්බට වන්නට ඇති තල්විල ඇළ සුදෝ සුදු පෙණ පිඩු නංවමින් නිසලව ගලා බසින අතර කුඹුක් ගස් වලින් ආවරණය වූ ඇළ ඉවුර දෙසින් හමා ආ සුළං රැල්ලක් මිදුල හරහා ආලින්දයට කඩාවැදුනේ ගතෙහි හීගඩු නංවමිනි....

මා එකින් එක සීරුවෙන් මල් නෙළා නිවස දෙසට යාමට සැරසෙත්ම අසල්වැසි නිවසට දෙසට වේගයෙන් පැමිණි ත්රී රෝද රථයක් හීයක වේගයෙන් එම නිවස ඉදිරිපස නතරවිය....කුමක් හෝ හෝ හදිසි උවමනාවක් ඇතැයි සිතූ මා අප නිවස දෙසට යෑමට පියවර තැබීමි.....

"බුදු අම්මේ.... අනේ රත්තරනේ ....අනේ දෙයියනේ.....මොකද රත්තරනේ මේ වුණේ......මගෙ කෙල්ලට මොකද දැන් වෙන්නේ?? මට දැන්ම යන්න ඕනි...අනේ මට බැරියෝ....."
අතැති මල්වට්ටියේ මල් දසත විසිරෙද්දී මා අසල්වැසි නිවසට වේගයෙන් දිව ගියෙමි....
එම නිවසේ ජීවත්වූයේ අප ගමට අලුතින් පදිංචිය සඳහා පැමිණි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් වන අතර දෙදෙනාම විශ්රාමික ගුරුවරුන් වේ.......ඔවුන් මෙහි පදිංචියට පැමිණ කෙටි කාලයක් වුවත් ඔවුන් හා අප අතර ගොඩනැගී තිබුණේ දැඩි මිත්රත්වයකි....සෑම් අංකල් හා විනීතා ආන්ටි වශයෙන් ඔවුන් අසල්වාසීන් කා අතරත් ප්රසිද්ධ වූයේ කාරුණික, ප්රියමනාප මෙන්ම උගත් වියපත් යුවලක් නිසා වන්නට ඇත.
එහෙයින් මා දැඩි සේ කළබලයට පත්වූයේ ඔවුන්ගෙන් කෙනෙක්ට කුමක් හෝ කරදරයක් වී ඇති බව හැඟුණු හෙයිනි.මන්ද යත්, ඔවුන් දෙදෙනාම අධික රුධිර පීඩනයෙන් පෙළුණු අතර මීට දින කිහිපයකට ඉහතදී ද සෑම් අංකල් දැඩි සේ රෝගීව රෝහල්ගත කළ බැවිණි.....
නමුත් සිදුව තිබුණේ වෙනත් දෙයකි...

සෑම් අංකල් හා විනීතා ආන්ටි දෙදෙනාට දරුවන් දෙදෙනෙකු වු අතර වැඩිමහල් පුතු විදේශ රටක දිවි ගෙවන අතර දියණිය අප ගමට මදක් ආතින් පිහිටි ගමක පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කළාය....ඇගේ සැමියා වූ සරත් අයියාද ගුරුවරයෙක් වූ අතර ඔවුන් සතියකට වරක් හෝ කිහිපවරක් සෑම් අංකල් හා විනීතා ආන්ටිව බැලීමට අසල්වැසි නිවසට පැමිණෙන හෙයින් සරත් අයියාත් මමත් මිතුරන් වූවෙමු......
නමුත් අවාසනාවකට සරත් අයියා අපව හැරදා සදහටම සමුගෙන තිබුණි.....සිය දරුවන් දෙදෙනා අමතර පන්තියකට ගෙන ගොස් නැවත නිවස දෙසට පැමිණෙමින් සිටියදී සරත් අයියාගේ මෝටර් සයිකලය බසයක ගැටීමෙන් එම ස්ථානයේදීම සරත් අයියා මෙලොව හැරගොස් තිබුණි....
ඒ අනුව විනීතා ආන්ටිගේ විලාපයේ අරුත මට පසක් විය.......

==========================================================================
කාර්යාලයේ මා හට සිදු කිරීමට පැවරී තිබූ ඉතා හදිසි රාජකාරි කටයුතු කිහිපයක් සමීපතම මිතුරෙකුට පවරා දුන් මා අම්මා හා තාත්තාද කැටුව සරත් අයියාගෙ අවමඟුලට සහභාගීමට ඔවුන් විසූ ගමට යෑමට ත්රීවීලරයක් කුලියට ගෙන නිවසින් පිටත් වන විටත් රාත්රී 7 ද පසුවී තිබුණි.....
පැයකට ආසන්න කාලයක ගමනකින් අනතුරුව අප මළගෙදරට ළඟා වූ අතර ඒ වන විටත් හට් ගසා සුදු කොඩි ඇද සියළු සැරසිළි ගම්වාසීන් විසින් සිදුකර තිබුණි....

ඒ වන විටද සරත් අයියාගේ දේහය නිවසට ගෙනවිත් නොතිබූ අතර දේහය නිවසට රැගෙන එන විට අළුයම හතර වත් වේ යැයි ගම්වාසීන්ගේ අදහස විය. ඇක්සිඩන්ට් එකක් නිසාවෙන් අළුයම හතර වෙද්දීවත් මිනිය ගන්නට හැකිවේදැයි මා තුළ සැකසංකා පහළවිය.

කෙසේ වුවත් මළගෙදර වැඩ කටයුතු වලට හැකි ආකාරයේ උපරිමයෙන් සහය වූ මා මාගේ පාසල් කාලයේ මිතුරන් කිහිප දෙනෙක් සමග ආගිය තොරතුරු කතා බස් කරමින් පැය කිහිපයක් ගත කළෙමි....
ජංගම දුරකථනයේ වෙලාව රාත්රී 10.45 සනිටුහන් වෙද්දී හෙට සිදුකිරීමට යෙදී තිබූ වැඩ රාජකාරි පවරාදුන් මාගේ කාර්යාලීය මිතුරාගෙන් මගහැරුණු ඇමතුම් කිහිපයක් දැක මා ඔහුට ඇමතුමක් ගත්තෙමි....
"මචං.....
ඔව් බන්...මම මළගෙදර තමයි ඉන්නේ.....මගේ ෆෝන් එක සයිලන්ස් වෙලා..උඹ මට කෝල් ගොඩක් අරන්...හදිසියක්ද බන්....??
හප්පට....එහෙමද බන්...හරි..හරි...බන්
මම ගෙදර ගිහින් එවන්නම්....හරි...මට විනාඩි දහයක් දිපන්කෝ...."
කාර්යාලීය මිතුරාට පැවරූ රාජකාරියේ අත්යවශ්යයම දේ මට ඔහුම ඊ - මේල් කිරීමට අමතකව තිබුණි...Excel ෂීට් කිහිපයක් හා Documents කිහිපයක්ම ඒ වෙනුවෙන් ඔහුට යැවිය යුතුව ඇති නමුත් කළබලය නිසාවෙන් එය මට අමතක විය..

නිවසේ පරිගණකයේ (Laptop) තැන්පත්ව ඇති එම ලිපිගොනු ඔහුට යැවීමට වෙනත් කිසිඳු විකල්පයක් නොමැති හෙයින් මිතුරෙකුගෙන් යතුරු පැදියක් ඉල්ලාගෙන අම්මා හා අප්පච්චිට නොදන්වාම නිවසට ඒමට මා තීරණය කෙරුවෙමි... අම්මාට කිවහොත් මට තනියෙන් නිවසට යෑමට නොදෙනා බව මා දන්නා හෙයින් පැන නැගුණු දැඩි අවශ්යතාවය නිසාවෙන් යළිත් පෙරළා මළගෙදරට ඒමේ බලාපොරොත්තුවෙන් මා යතුරු පැදියේ නැගී නිවසට ඒමට පිටත් විය.

මළගෙදර සිටියදී සිහින් පොදයක්ව පැවති වැස්ස ටිකෙන් ටික වැඩිවන බැවින් 80 වේගසීමාවද ඉක්මවා මා වේගයෙන් යතුරුපැදිය නිවස දෙසට ධාවනය කෙරුවෙමි... වැහි අඳුරත්,වැහි පොද නිසාවෙනුත් මාර්ගය පැහැදිලිව නෙපෙනෙන තරමට වැස්සේ වේගය ක්රමිකව වැඩිවූ අතර යතුරුපැදිය ධාවනය වූ වේගයට සමාන්තරව ඊ බරු මෙන් ඇද වැටෙන වැහි බිඳු නිසාවෙන් ගමනේ වේගය අඩාල විය..
අතරින් පතර හමුවන වාහන හැරෙන්නට පාරේ කිසිම වාහනයක් නැති තරම්ය.නිවෙස්වල විදුලි බල්බවලින් නැගෙනා කණාමැදිරි එළි සරි ආලෝකය පසක් කර දුන්නේ කරන්ට් එක ඩිම් වී ඇති බවකි....
හොල්මන් ,අවතාර, කරුවල, සීතල, වැස්ස, පහු කරගෙන යන්න තියෙන සොහොන.... මේ හැම දෙයක්ම කොහේදො සිට එකවරම මගේ හිතට කඩාපාත් වූයේ වැස්සෙන් ඇතිවූ සීතලද පරයා නැගුණු සීතලකින් මාගෙ පපුව හිරිවට්ටමිනි......චකිතයක් හිත කොණක හොල්මන් කළද ආරක්ෂාකාරී ආකාරයෙන් මා යතුරුපැදිය ධාවනය කළෙමි...සැතපුම් කණු එකින් එක පසු වෙද්දී වර්ෂාවේ වේගයත් ඒ හා සමගාමීව යතුරුපැදියේ වේගයත් ක්රමිකව වැඩිවිය.

වෙලාව රාත්රී එකොලහ පසුවන්නට ඇත.මන්දයත්,අප නිවසට හැරෙන ගුරුපාර අයිනේ හන්දියේ ඇති කඩය මේ වනවිටත් වසා තිබිණ.සාමාන්යයෙන් මෙම කඩය රාත්රී එකොලහ පමණ වන විට වසා දමයි.. මෙසේ විනාඩි විස්සකටත් අධික කාලයක් යතුරු පැදියේ වේගයෙන් ගමන් කළ මා ගුරුපාරට පිවිසෙත්ම වේගය අඩුකර ගතිමි...

බොරළු අතුරා ඇති පටු මාර්යගේ වළ ගොඩැලි මගහරිමින්, වතුරවළවල් මගහරිමින් ඉතා දුෂ්කර ගමනකින් අනතුරුව , තල්විල ඇළ හරහා ඉදිකර ඇති පාලම දකිද්දී නිම්හිම් නැති සතුටක් දැණින.. එනම් ගමනේ අවසානය බොහෝ ආසන්න නිසාවෙන් අනවශ්යව බියවීම ගැන මටම දොස් නගා ගනිමින් ,හිත යටින් මටම හිනාවෙමින් පිළිවෙලින් කුඹුක් ගස් පෙළත්, අනතුරුව වෙල්යායත් පසුකර නිවසට පැමිණියෙමි.... නිවසේ ආලින්දයේ යතුරු පැදිය නවතා තබා නිවසේ යතුරු කැරැල්ල තබා ඇති මල් පෝච්චියෙන් යතුර ගෙන දොර විවර කර ගේ තුළට පිලිපන්නෙමි...
=======================================================================
තෙත බරිත වූ ඇඳුම් උණා දමා අඩක් තෙත බරිත වූ මුදල් පසුම්බියත්, උරයක බහාලූ මාගේ ජංගම දුරකතනයත් වියලීමට හැර පරිගණකය (Laptop) ක්රියාත්මක කර මිතුරාට අවැසි Documents සෙන්ඩ් කෙළෙමි...තද කුණාටුවක් ආකාරයෙන් ඇදහැලෙන වර්ෂාව හා සැරින් සැරේ ගිගුරුම් දෙන අකුණු නිසාවෙන් ඊ - මේල් සෙන්ඩ් වූයේ ඉතා සෙමිනි...කිහිප වතාවක්ම Resend යනුවෙන් පරිඝණක තිරය මත දිස්වෙද්දී අවසන් වරටත් මම යැවිය යුතු Excel හා Words Documents සියල්ල සිලෙක්ට් කර Resend යන්න ක්ලික් කොට තබා දොර විවර කර ආලින්දයට පිවිසුණෙමි......

වෙලාව රාත්රී 11.43 ලෙස ඔරලෝසුවේ සටහන් වෙද්දී දහවල් පොත කියවමින් සිටි හාන්සි පුටුවට වී වෙල්යාය දෙස බැලීමි....වැස්ස තවමත් අඩුවන පාටක් නැත...ආපසු මේ වැස්සේ මළගෙදරට යාමටද අකමැත්තක් පහළ වූ හෙයින් යතුරුපැදියේ අයිතිකාර යහළුවාට ඇමතුමක් ගෙන මා යළිත් පෙරලා නොපැමිණෙන බවත්, හෙට උදේ පාන්දරින්ම යතුරු පැදියත් ගෙන පැමිණෙන බවත්, ඒ බව අම්මා ට දැනුම් දෙන ලෙසත් දැන්වූවෙමි....
මේ වනවිට ඊ - මේල් පණිවිඩය sent වී ඇති නිසාවෙන් පරිගණකය ක්රියා විරහිත කොට නිවසේ සියළුම විදුලි බල්බයන් නිවා දමා නිදාගන්නට ඇඳට එද්දී මධ්යම රාත්රී දොළහේ සීනුව වැස්සේ හඬද පරයා ගොවිපොළ දෙසින් ඇසිණ.....

පැයකට ආසන්න කාලයක් වැස්සේ තෙමුණු නිසාවෙන් සියුම් හිසරදයක් සමග නහය බර ගතියක් දැනෙන්නට වූ නිසාවෙන් මා බෙඩ් ෂීටය හිසවටා ජටාවක් මෙන් ඔතාගනිමින් නිදන්නට සැරසුණෙමි....
අතොරක් නොමැතිව ඇද හැළෙන වර්ෂාවේ තීව්රතාවය කියාපාන්නට මෙන් වැහි බින්දු වීදුරු ජනේලයේ වැදී ගෙන දුන්නේ අමිහිරි හඬකි.....

"ක්රෝක්....ක්රෝක්.....තක්....තක්......"
තල්විල ඇල ඉවුරේ ඇති මාරගස් පෙළ ගැලවී යන්නට මෙන් සුළං හැමුවේ අතු කිහිපයක්ම මහ හඬක් නංවමින් බිම පතිත කරවමිනි ..... වැස්ස තව තවත් මෝරන්නට වූ අතර නිවසේ උළු කැට කිහිපයක් සුළං පහරක් සමග විසිවී යන හඬත් සමග හොල්මන් අවතාර යළිත් මා මනසේ රෝපණය විය....
සියල්ල අමතක කොට බුදුබණ මෙනෙහි කරමින් විනාඩි කිහිපයක් ගැඹුරු හුස්මක ගිලුණු මට විනාඩි කිහිපයක් ඇතුළත නින්ද යන්නට ඇත......
"නිශාන්ත පුතේ....නිශාන්ත පුතේ...."
තද නින්දේ පසුවූ මා අවදි උඩ විසිවී අවදි වූයේ කිසිවෙකු විසින් මට කරන ආමන්ත්රණයෙනි.....ජංගම දුරකථනයේ අළුයම 2.45 වගෙයෙන් සටහන් වෙද්දී ,
නැවතත්.....

නිශාන්ත පුතේ....නිශාන්ත පුතේ...."
සෑම් අංකල්ගේ හඬ ඔවුන්ගේ නිවස දෙසින් ඇසෙත්ම මම නැගිට වහාම එළියට ආවෙමි...මේ වනවිට වැස්ස පායා සිහින් පොදයක් පමණක් පතිත වූ අතර සෑම් අංකල්ලාගේ නිවසේ ප්රධාන දොර විවෘත කර ඇතිවාක් මෙන් පෙනෙන කහපාටට හුරු ආලේකයක් නිවස තුලින් එළියට විහිදේ.....
ගෙම්බන්ගේ හා රැහැයියන්නේ අතොරක් නැති නාද රටාවන් ගෙන ආවේ මා කිසිදාක අත් නොවිඳි මූසල නාදයකි.....දහවල් කාලයේ ශාන්තව ගලාගිය තල්විල ඇළෙන් නැගෙන්නේද ශෝකාලාපයක් සරි අමිහිරි ඝෝෂාවකි....සුළං රැළ්ලක්වත් නොමැති වුවද ඇළ ඉවුරේ ඇති මාරගස් එහෙට මෙහෙට වැනෙන්නේ කවුරුන් හෝ ඒවා බලෙන් තල්ලු කරනවාක් මෙනි.....
මේ සියල්ල නෙතට ගෝචර වෙද්දී මා තිගැස්සුණු මනසකින් යුක්තව සෑම් අංකල්ලාගේ නිවස දෙසට පියමැන්නෙමි..

"අංකල්.....අංකල්.....??" මා ඇමතීමි.
ප්රතිචාරයක් නොවීය....
"අංකල්......අංකල්...." ඇත්තේ දරාගත නොහී නිහැඬියාවකි.....
"මළගෙදරට මොකක් හරි ඕනෑවෙලා ඇති..සෑම් අංකල් කවුරුහරි එක්ක එන්න ඇති.."
මා සිතුවෙමි.....
නැත.නිවසේ මිදුලේ වාහනයක හෝ කිසිම ජීවී පාදයක සටහනක් නැත....එසේ නම් මට කතා කළේ කවුද? මම හීනයක් වත් දැකලද??මා මටම මුමුණා ගත්තෙමි...
මා සෑම් අංකල්ලාගේ නිවස ආසන්නයටම ගියෙමි...මා අප නිවසින් එනවිට විවෘතව තිබූ එම නිවසේ ප්රධාන දොර මේ වන විට වසා තිබුණි.එළියක්ද පෙන්නට නැත.
මම වැස්සට හොඳටම තෙමුණු නිසාත් මා නිකරුණේ බයවුණු නිසාවෙන් විකාර හීනයක් පේන්න ඇති. මා සිතීමි...

මා එසේ සිතමින් යළිත් අප නිවස දෙසට යෑමට සැරසෙත්ම මා දුට දසුනින් මා හිරිවැටී ගල්ගැසී ගියෙමි.....
මා මුළින්ම සඳහන් කළ ආකාරයට අප නිවස වටාම ඇත්තේ වෙල් යායක් වන අතර නිවසට යාමට ඇත්තේද කුඹුරක් මැදිනි...මා අප නිවසේ දල්වා තිබූ බල්බයේ කහපාට ආලෝකය පාරට මළානික ආකාරයෙන් වැටී ඇත....
මිනිසෙකුගේ අපැහැදිලි රුවක් අප නිවස දෙසට මට මීටර කිහිපයක් ඉදිරියෙන් ගමන් ගන්නා ආකාරය මට පෙනේ.....
බිමට නැබුරුකරගත් බැල්මෙන් යුතුව අප නිවස දෙසට පිය නගනා ඒ අපැහැදිලි රුව කාගේදැයි මට එකවරම ග්රහණය කරගත නොහැකි වුවත්, ඒ සරත් අයියා යන්න තේරුම් ගැනීමට කෙටි වෙලාවක් පමණක් ගතවිය..සුදු පැහැති ෂර්ට් එකේ පිටුපස මඩ හෝ ලේ තැවරී තිබුණි...හිසේ පිටුපස කලු කෙස් වෙනුවට තිබුණේ හට්ටියක් මෙන් වූ කුහරයකි....

"ඔව්....ඒ සරත් අයියා තමයි....." මගේ හිත සියදහස් වාරයක් මට කොඳුරා කියන්නට ඇති......
මා දැක්කේ එපමණකි..මා සිහිසුන් වූවාද,ක්ලාන්තය හැදුණාද යන්න තේරුම් ගන්නට තරම් සිහියක් මට නොවීය....
මා මට හැකි උපරිම වේගයෙන් නිවස දෙසට දුව ආවෙමි....හෙළනා හුස්ම මගින් පෙණහළු පුපුරා යන ආකාරයේ කුණු ගඳකින් නහස් කුහර පෙරෙද්දී මා යාන්තමට නිවස තුළට පැන දැඩි ආයාසයකින් දොර වසා දැම්මෙමි....දැඩි ආයාසයක් දරා හුස්ම ගැනීමට උත්ශා කළෙමි.....නිවස වටා එක් එක් හඬවල් රොක් වන ශබ්දයත් ,පොල් ගස් වලින් සිය දහස් ගණනින් පොල් ගෙඩි කඩනා ශබ්දයත් ,ජනෙල් දොරවල් කඩා බිඳ දමන ශබ්දයත් එකිනෙක පරයා නැගෙද්දී මම එහෙමම සිහිසුන් වූවෙමි...


මේ කතාව සිද්දවෙලා දැනට අවුරුදු කිහිපයක් ගෙවිලත් ඉවරයි....එහෙම වුණත් මේ අද්දැකීමට මුහුණදුන්න කෙනා අදටත් යතුරු පැදියක් පදින්නෙ නෑ...වහින වෙලාවට තනියෙන් ඉන්නෙ නෑ...වෝල්ට් අඩු අගයක් ගන්න බල්බ් වලට පවා බයයි..කොටින්ම කිව්වොත් මේ සිදුවීම නිසාවෙන් එයාට එයාගෙ රැකියාවෙන් පවා අයින් වෙන්න සිද්ධවුණා... මේ සිදුවීම වෙද්දී එයා තරුණ කෙනෙක්..ඒත් දැන් විවාහවෙලා දරුවො ඉන්න තාත්තා කෙනෙක්.... එයාට ගැටලුවක් වෙයි කියලා හිතුණු නිසයි නම් ගම් සියල්ල සඳහන් කරලා නැත්තේ....
ඒ වගේම මේ හොල්මන් සිදුවීම එතනින් කෙළවර වුණේ නෑ....ගොඩ දෙනෙක් ඒ හොල්මන දැකලා තියෙනවා..අර මම කිව්ව විදියටම....පිළිකුල් විදිටට..බැරිම තැන බෝධීයක් හදලා එතන බුදු ගෙයක් හැදුවා....දැන් නම් හොල්මන් නැහැ කියලයි හැමෝම කියන්නේ....හම්මෝ....මම නම් ඒත් එතනින් දවල්ට යන්නෙත් පණ බයෙන්......


මම #සුමේධ_හෙට්ටිආරච්චි



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



27 March 2019

---යක්ෂයාගේ මහල---



O/L විභාගයෙන් පසු ලැබුණු නිවාඩු කාලය තුළ.මට සිතුනා කුමක් හෝ රැකියාවක් යෙදිලා යම් කිසි මුදලක් හොයාගන්න.ඒ හේතුවෙන් මම ගෙවල් ළඟ ඇති ඇගලුම් කර්මාන්තයක සේවයට ගියෙමි.embrotex නමින් හඳුන්වන එම කර්මාන්ත ශාලාවේ ඉඩම මුල් අවධියේ අපට අයිති ඉඩමකි.එම හේතුවෙන් එම කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු සියල්ල ම රැකියාවට යාමට පෙර සිටම දැන හඳුනගෙන සිටිමි.එම හේතුවෙන් එම අගලුම් කර්මාන්ත ශාලාව තුළ මට සේවය කිරීම ඉතාමත් පහසු විය.නමුත් මෙම සේවා ආයතනය තුළ.එක් සතියක උදේ හතේ සිට රාත්‍රිය 7 තෙක්.අනිත් සතියේ රාත්‍රි 7 සිට උදෑසන 7 තෙක් සේවය කළ යුතු වේ.ටික කාලයක් සාමාන්‍ය පරිදි කාලය ගත විය.එම කාලය තුළ මට දැන ගැනීමට හැකි වූ දෙයක් නම් මෙම කර්මාන්ත ශාලාවේ දෙවැනි මහලේ තුළ අවතාරයක් ඇති බවත්ය.එමෙන්ම යම් යම් අවස්ථාවල දී යම් පුද්ගලයන් මෙම අවතාර දැක ඇති බව ය.

නමුත් ඒ දේවල් අසන විට මට සිනහ පහළ විය.අපේ සීයා කිව්ව කතාව මට සිහි විය.හොල්මන් යනු සෙලවෙන සිතය.මම ඔවුන්ට ද පැවසුවෙමි.මට හරියටම මතකයි එදා සෙනසුරාදා දවසක්.වැහි කාලගුණ තත්ත්වයක් තිබූ හේතුවෙන් එදා සේවයට පැමිණියේය ස්වල්ප දෙනෙකි.රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් රාත්‍රී දොළහට විවේක කාලයක් ලබා දෙයි.එම කාලය තුළ අපි බිස්කට් කා තේ බි කාලය ගත කරයි.අපි ආහාර ගන්නා කාමරේ දෙවැනි මහලේ පිහිටා තිබිණි.එදා දවසට පෙර දවසේ සේම බිස්කට් කා තේ බී.නැවත පහත මහලේ සේවා ස්ථානයට පැමිණියෙමි.ටික වෙලාවක් යද්දි මට පිපාසයක් ඇති විය.මා සෑම තැනම වතුර බෝතලේ සෙව්වෙමි.එවිට මගේ යාළුවෙක් කිව්වා වතුර බෝතලේ ඇත්තේ දෙවැනි මහලේ බවත් එය රැගෙන ඒමට අමතක වූ බවත් ය.මා සියල්ලන්ටම එය රැගෙන ඒමට කිව් නමුත් ඔහු සියල්ල ම එය ප්‍රතික්ෂේප කළේය.ඒ තනියම යාමට ඇති බිය නිසා වෙනි.මං ඒ සියල්ලට බැණ වැද.මන් වතුර බෝතලේ ගෙන ඒමට ගියෙමි.උඩමාලයට ගිය පසු විදුලි පහන් එකිනෙකට දමා අවශ්‍ය කරන කාමරයට පැමිණියේ ය.

මේස මත ඇති වතුර බෝතලය අතට ගද්දි යම්කිසි ගැහැණු කටහඬක් මට ඇසුනි.එවිට නම් යම්කිසි චකිතයක් මගේ සිතේ ඇති විය.මොකද රාත්‍රී සේවයේ දී කාන්තාවන්ට වැඩ කිරීම තහනම්.ටික මොහොතක් ගතවෙද්දී සද්දේ අඩාල වූ බැවින් මා සිතට ධෛර්යය රැගෙන ඉදිරියට ගමන් කළෙමි.ටික දුරක් එසේ ගමන් කරද්දී මා පිටුපසින් කවුරුන් හෝ පැමිණෙන බව මට හැඟිණි.මා ගමන නවතා පිටුපස හැරී බැලූ නමුත් කිසිවකු නොමැත.මා නැවත ගමන ආරම්භ කරද්දි නැවතත් මා පිටුපසින් කවුරුන්දෝ ගමන් කරන්නා බව මට හොඳටම දැනෙයි.මා නැවත නැවතී.පිටුපස බලද්දි මට දෙවියන් සිහිවිය.

මදිති ඇට මෙන් රතු සහ ගිනි බෝල මෙන් විශාල දෙනෙත් යුතු.කොන්ඩෙ නොපිරූ,කොණ්ඩය අවුල් සහගත වූ කලුම කලු භයානක යුවතියක් දුටු වෙමි.මා කොච්චර බියට පත් වුණා ද කිවහොත්.මට කෑ ගැසීමට පවා නොහැකි විය.මා මුඛයෙන් වචන පිට නොවී ය.දිවීමට කියා ඇවිදීමට වත් නොහැකි විය.මගේ කකුල් දෙක පන නැති විය.දෙවැනි මහලේ සිට පාලවෙනි මහල දක්වා ඇවිදීමට ඇති පඩි පෙල දිගේ බිමට ඇද වැටිණි.බිමට ඇද වැටුණු පසු නැවතත් මා නැගිට සේවා කාමරයට දිව ගියෙමි.නමුත් මා යාලුවන්ට එය පවසන්නේ කෙසේද .එය මට ලැජ්ජා සහගත දෙයකි.මා කිසිවෙකුටත් එය පැවසුවේ නැත.නමුත් ඒ වන විට මා දහඩියෙන් නෑවී හමාරය.මාව වෙව්ලයි එය මටද දැනේ.මා දුටු මාගේ මිත්‍රයකු මා සමීපයට පැමිණ මා හොලවද්දි තමා මම පියවි සිහියට පැමිණියේ.මා දුටු සියල්ල සිදු වූ දේ සියල්ල තේරුම් අරගෙන තිබුණි.ඔවුන්ට එය පුරුදු ජවනිකාවකි.මොකද මෙවැනි සිදුවීම් සියල්ල ඇසින් දුටු ඒ නිසාවෙනි.ඔවුන් මාගේ නිවසට දුරකථන ඇමතුමක් දී සිදු වූ දේ පවසා මා නිවසට රැගෙන ගියේය.ඉනෙන් පහළ කොටස පණ නැති විය.ඇවිදීමට නොහැකි විය.ගෙදර ගිය පසු ඊළඟ දවසේ අපේ ගෙවල් ළඟ ඇති දේවාලයකට මා රැගෙන ගියේ ය.කපු මහත්තයට සියල්ල පවසා මට දෙහි කපා නුලක් අතේ ගැට ගැසූවත් මට කිසි සුවයක් නොමැති විය.මට තවමත් ඇවිදීමට නොහැකි විය.මුලු ඇඟම ගැහෙයි.පසුව තේවත්ත පල්ලියේ පියතුමකු ළඟට ගෙන ගිය මාගේ මෑනියන් පියතුමාට සියල්ල පවසන ලදි.පසුව පියතුමාගේ මෙසේ උඩ තිබූ විශාල කුරුසයක් රැගෙන මගේ හිස මත තබා යාච්ඤා කිරීම ආරම්භ කළේ.

විනාඩි කිහිපයක් තුළ මා සිහිසුන්ව බිමට ඇද වැටිණි.මා පියව් සිහියට පැමිණි විට මා තුළ තිබූ ඒ බියජනක හැඟීම් සියල්ල මගහැර ගොස් තිබුණි.සියල්ලන්ම පුදුම කරමින් මා හට ඇවිදීමට හැකි විය.පල්ලියේ පියතුමන් ආශිර්වාද කළ දී ජේසු මාලයක් මා ගෙලේ පළඳා.අශිර්වාද කර.නැවත කිසිම දේකට බය නොවෙන්න කියා පවසා.යන්න කීවේය.අපි පියතුමාගෙන් සමුගෙන ගෙදර ආවේ ඉමහත් සිත් සතුටෙනි.මා නැවත එම කර්මාන්ත ශාලාවට ගියේ නැත.මා මුහුන දුන් මෙම අද්දැකීම මට කිසිදා අමතක කරන්නද..?

 Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..






17 March 2019

---බෝධි පූජාව තියන විට මහ හඩින් හැඬ­ූ­ ප්‍රෙතිය---


“රෑට නිදාගන්න දෙන්නෙම නෑ. යන්තම් නින්දයාගෙන එනකොටම කවුදෝ කෙනෙක් කකුලෙන් අදිනවා. ඉතින් ගැස්සිලා ඇහැරෙනවා”යි සිරිසේන කීවේය.
“තමුන් කොහේද පදිංචි?”
“පිළියන්දල. අලුතෙන් සල්ලිවලට ගත්ත ගෙයක.”
“අලුතෙන්ම හදපු ගෙයක්ද?”
“නෑ, ඒ ගෙදර හිටපු අය ගේ අපට විකුණලා වෙනත් දිහාවකට පදිංචියට ගියා.”

“ඔහොම තමයි. අනුන් හදපු ගෙවල්වල පදිංචියට ආවම. ඒ ගෙවල් හදලා තියෙන්නේ ඒ අය උපන් නැකැත්වලට. ඒ වගේම ඒ අය ගේ විකුණලා යන්න ගියත්, ඒ ගෙවල්වලට ආශාවෙන් මැරිලා දුගතිගාමීව ඉපැදුණු අමනුස්සයෝ ඒවා අතහැරලා යන්නේ නෑ. ඔය ගෙදර කොයි වගේ එකක්ද?”
ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සිරිසේනගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය.
“ගේ අලුත් එකක්. හදලා අවුරුදු හතරකට පහකට වැඩිය නැහැ. කාමර හතරයි, සාලයයි, කෑම කාමරයයි, කුස්සියයි තියෙන්නේ. දැනට අපිත් අරගෙන අවුරුදු පහක් වෙනවා.”

“වෙන කවුද ගෙදර ඉන්නේ?”
“අපි පස් දෙනා විතරයි”
සිරිසේන පැවැසුවේ එහි පැමිණ සිටි බිරියත්, දරු තිදෙනාත් පෙන්වමිනි.
“කාමර හතරම නිදන කාමරද?”

“නෑ. තුනක් නිදන කාමර. එකක් ගබඩා කාමරයක්. ඒ ගබඩා කාමරෙන් නිතරම වගේ දුර්ගන්ධයක් දැනෙනවා. කලින් හිටපු අය අතහැරලා දාලා ගිය අල්මාරියකුත් ඒ කාමරේ තියෙනවා. ඒක ඇතුළෙ ගෑනු ළමයකුගෙ ඇඳුම් වගයකුත් තියෙනවා. ඒ කාමරේ ඉඳලා සුදු සාරියක් ඇඳගත්තු තරුණ ගෑනු ළමයෙක් රෑට එහා මෙහා යනවා පෙනෙනවා.”
“කොච්චර කාලයක ඉඳලද ඕවා දැක්කේ?”
“අපි මේ ගෙදර පදිංචියට ආපු මුල් දවස්වල ඉඳලම ඒ දුර්ගන්ධය දැනුණා. සතියක් දෙකක් ගත වෙනකොට ඒ ඡායාව පෙනෙන්නත් ගත්තා.”
“ඉතින් අවුරුදු පහක් තිස්සේම ඔය අමනුස්සයත් එක්කමද ජීවත් වුණේ?”

“ඔව් මහත්තයා වෙන මොනවා කරන්නද? සල්ලි දීලා ගත්ත ගේ දාලා කොහේ යන්නද? කරදර වැඩිවෙනකොට ඇදුරන් ගෙන්නලා තොවිල් පවිල් කළා. එහෙම කළාම මාසයක් හමාරක් කරදර නැතිව ඉන්නවා. ආයෙත් කරදර පටන් ගන්නවා. මේ කාලය තුළ තොවිල් හතක් අටක් කළා. පිරිත් කිව්වා. වැඩක් වුණේ නෑ. ඒකයි ඔබතුමා ගැන පත්තරෙන් දැකලා, හොයාගෙන ආවේ” යි සිරිසේන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන ආ ආකාරය පැවැසීය.
ගවේෂකවරයා සිරිසේන වෙතට ශක්ති කිරණ එල්ල කරන විට ඔහු පසුපසට විසිවී ගොස් වැටුණේය. බිම වැටී දඟලන්නට වූයේය. ඔහුගේ ශරීරයට ඇතුළු වී සිටි ප්‍රේත ජීවියා ඉවත් කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත එන්නැයි උපදෙස් දුන්නේය.
සති තුනකට පසුව සිරිසේන පවුලේ අය සමඟ නැවැත ආවේය. එදින ඔහු දිෂ්ටි වී අඬන්නට පටන් ගත්තේය. ගවේශකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ අඬන්නේ?”
“මේ මගේ ගෙදර මට යන්න බෑ. මගේ ගෙදර දාලා මම කොහේ යන්නද?”
“හරි හරි අපි තවම යන්න කීවේ නැහැනේ. මම ඇහැව්වේ ඔය කවුද කියලා.”
“මම රෝෂිණී.”
“රෝෂිණී මොනව වෙලාද මැරුණේ?”
“ගෙදර පිටිපස්සෙ පඩිය ළඟ ලිස්සලා වැටිලා ඔළුව වැදුණා. එච්චරයි මතක සිහිය නැතිව ගියා.”
“මොන අවුරුද්දෙ ද?”
“1997”

“ඊට පස්සේ කවද ද සිහිය ආවේ? මොනවද දැක්කේ?”
“මගේ ශරීරය මිනී පෙට්ටියක තියලා තිබුණා. ලස්සන සුදු සාරියක් අන්දලා තිබුණා දැක්කා. ඒ වෙලාවේ තමයි සිහි කල්පනාව ආවේ.”
“වෙන මොනවද දැක්කේ?”
“නෑදෑයො ඇවිත් හිටියා. මගේ අම්මයි, තාත්තයි අඬනවා දැක්කා. සුනන්දත් ඇඬුවා.”
“කවුද සුනන්ද කියන්නේ?”
“ඒ මාව බඳින්න හිටිය එක්කෙනා.”
“ඒ වෙනකොට රෝෂිණීට වයස කීයද?”
“අවුරුදු විසි අටයි.”

“රෝෂිණීගේ අවසන් කටයුතුවලින් පස්සේ කොහෙද ගියේ?”
“මම කොහේ යන්නද? ගෙදරමයි හිටියේ.”
“ඒ මොකද? මැරුණ නම් ඉවත් වෙලා යන්න එපෑයැ.”
“ඒ මොකටද කොහේවත් යන්නේ? මගේ ගෙදර, මගේ බඩුමුට්ටු.”
“ඊට පස්සෙ?”
“මම ගෙදර ඉන්නවා දැකලා අම්මයි තාත්තයි බය වුණා.”
“ඇයි අම්මයි තාත්තයි ඔයාට පින් දුන්නේ නැද්ද?”
“ඒ අය පින්කම් කළා. මට පින් දැනුණේ නෑ.”

“කට්ට¾ඩි ගෙනැල්ලා මාව ගෙදරින් පන්නන්න හැදුවා. මට කේන්ති ගියා. කේන්ති ගිහින් ඒ දෙන්නට කරදර කළා. බය කළා.”
“ඊට පස්සේ?”
“ඊට පස්සේ ඒ දෙන්නා ගෙදර ඉන්න බැරුව ගේ විකුණලා යන්න ගියා.”
“ඉතින් ඒ අය එක්ක ඔයාටත් යන්න තිබුණනේ?”
“මම මොකටද යන්නේ? ගියත් එතැනටත් කට්ටඩි ගෙනැල්ල මට කරදර කරන්න හදාවි. මම මගේ ගෙදර නතර වුණා. මගේ අල්මාරිය, ඇඳුම් මේ ගෙදරමනෙ තිබුණේ.”
“මේ ගෙදරට කට්ටඩි ඇවිත් මොනවද කළේ?”
“මම දන්නෙ නෑ. අම්මයි, තාත්තයි තොවිල්වලට සූදානම් වෙනකොට මම පැනලා ගියා. ගිහින් සොහොනට වෙලා හිටියා. මාසෙකින් විතර ආයෙත් ආවා.”

“ඉතින් සොහොනෙම ඉන්න තිබුණනේ?”
“අපෝ එතැන හරියට සෙනඟ. එතැන ඉඩ නෑ. කරදරයි. මම ආපහු ගෙදර ආවා. මට මගේම තැනක් තියෙද්දි මම මොකටද සොහොනෙ ඉන්නේ. එතැන ඉන්නෙ යන්න එන්න තැනක් නැති අය.”
“ඉතින් මේ ගෙය අලුතින් ගත්ත අයට ඇයි කරදර කරන්නේ?”
“මම කාටවත් කරදර කරන්නේ නෑ. මම මගේ අල්මාරිය ළඟට වෙලා ඉන්නවා. ඉතින් මේ අය මාව දැකලා බය වුණාට මම මොනවා කරන්නද? මේ ගොල්ලොත් කට්ට¾ඩි ගෙන්නනවා. එතකොට මම පැනලා යනවා. ආයෙත් එනවා.”

“මේක හරියන්නෙ නෑ. තමුන්ට මේ ගෙදර ඉන්න බෑ.”
ප්‍රේත ජීවියා යළිත් හඬන්නට වූවාය. නොනවත්තවා හඬන්නට වූවාය. ඇඩිල්ල නතර කරන්නට අපහසු වූ බැවින් සිරිසේනගේ ශරීරයෙන් ප්‍රේත ජීවියා ඉවත් කළේය.

නැවැත බෝධි පූජා හතක් පවත්වන ලෙසද, ඒ ගෙන යන මල් වට්ටිය වේලපහින් සකස් කොට රෝෂිණීගේ අල්මාරිය ඇති කාමරයේ තබා සවසට පන්සලට ගෙන යන ලෙසද උපදෙස් දුන්නේය.
බෝධි පූජාව ආරම්භ කළ මුල් දිනවල රාත්‍රියට ප්‍රේතිය මහ හ¾ඩින් හඬන හඬ නිවෙසේ සියල්ලන්ටම ඇසෙන්න විය. වෙනදා ලස්සන සුදු සාරියකින් සැරැසී ඡායාවක් ලෙස පෙනුණු කාන්තා රූපය, තද නිල් පැහැ ගත් මුහුණින් යුතුව කොණ්ඩය කඩාගෙන සාලයේ පුටුවක හිඳගෙන සිටින අයුරු රෑ දවල් දෙකේම විටින් විට පෙනෙන්නට විය. බෝධි පූජාවේ පස්වැනි දිනයේ සිට මෙතෙක් ගෙදර පැවැති කරදර තත්ත්වය මඳක් අඩුවිය.
නැවත සිරිසේන පවුලේ අය සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියේය. එදින ද ඔහු දිෂ්ටි ගැන්වීය.

“කොහොමද රෝෂිණී?”
“අනේ මන්දා මහත්තයා”
“රෝෂිණී 1997 මැරුණා නේද?”
“ඔව්”

“ශරීරය වළ දැම්මා නේද?”
“ඔව්”
එතැනින් රෝෂිණී ඉවරයි. දැන් වෙනත් කෙනෙක්.”
“ඔව් මට දැන් තේරෙනවා.”
“මේ අය බෝධි පූජාවට යනකොට ඔබත් ගියාද?”
“ඔව්, අන්තිම දවස්වල ගියා.”
“මොනවද දැනුණේ?”
“අමුතු සුවයක් දැනුණා.”

“එතැන වෙන මොනව ද දැක්කේ?”
“මම වගේ තවත් අය එතැන හිටියා. ඒ අය මිනිස්සු මල් පහන් පූජා කරනකොට ඒවාට අත ගසා සාධුකාර දුන්නා. මමත් එහෙම කළා. එතකොට හිතට විශාල සහනයක් දැනුණා.”

“රෝෂිණී හොඳ කෙනෙක්. කාටවත් කරදරයක්, පාඩුවක් නොකර ජීවත් වුණ කෙනෙක්. ඒ මේ මගේ ගෙයය, මගේ අල්මාරියය, මගේ ඇඳුම්ය කියා හිතින් අල්ලාගෙන හිටපු නිසා දිව්‍යාත්මයක් ලබා දිව්‍යාංගනාවක් වෙන්න බැරි වුණා. මගේය මගේය කියල ගෙවල් ‍ෙදාරවල් බදාගෙන හිටියම ප්‍රේතාත්ම ලබා ඒවායේම උපදින්න සිද්ධ වෙනවා. රෝෂිණීත් මැරිලා ප්‍රේතියක් වෙලා උපන්නා. ඔතැනම තව දුරටත් හිටියොත් මේ අය රෝෂණීව අල්ලලා බැඳලා මුහුදට දාන්න කියාවි.”

“අනේ! අනේ! එපා මහත්තයා. ඒක නම් කරන්න එපා. මට හොඳ තැනකට යන්න මහත්තයා උදවු කරන්නකෝ. එතකොට මහත්තයා කියන හොඳ තැනකට මම යන්නම්.”
“හොඳයි මම කියන දේ කරන්න ඕනෑ.”
“හොඳයි කියන දෙයක් මම කරන්නම්.”

“එහෙම නම් මේ සිරිසේනලා තවත් දවස් හතක් බෝධි පූජා තියාවි. හෙට ඉඳලා ඒ අය සමඟ බෝධි පූජාවට ගිහින් ඒ දවස් හත එතැන නතර වෙලා ඉඳලා අටවැනි දවසේ ගෙදර එන්න.”
“හොඳයි මම එහෙම කරන්නම්.”

බෝධි පූජාව පටන් ගත් දිනයේ සිට නිවෙස ශුද්ධ පවිත්‍ර කොට අටවැනි දින දහවලට භික්ෂුන් වහන්සේ දස නමක් නිවෙසට වඩම්මවා සාංඝික දානයක් පිරිනමා රෝෂිණිගේ නම කියා පැන් වඩා ඇයට පින් අනුමෝදන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

මේ අතර රෝෂිණීගේ අල්මාරිය අලුත්වැඩියා කොට පන්සලට දානය දවසේ පූජා කරන ලෙසද, ඇගේ ඇඳුම් සෝදා පිරිසුදු කොට ගමෙන් අෑත සිටින නැතිබැරි කෙනකුට පරිත්‍යාග කරන ලෙසද, එසේ දෙන්න බැරි ඇඳුම් පුලුස්සා දමන ලෙසද උපදෙස් දුන්නේය.

දානය පිරිනමා පැන්වඩා පින් අනුමෝදන් කළ විට සිරිසේන දිෂ්ටි ගැන්වී “මම යනවා. මම යනවා. ආයෙත් එන්නෙ නෑ, සාධු.... සාධු... මම කැලණියට යනවා” යි ප්‍රේත ජීවියා ඉවත්ව ගියාය.

 Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..







15 March 2019

---රාවණා රජතුමාගේ විවේක මාලිගාව---


 ජීවිතේ අපිට අහන්න ලැබෙන සමහර කතා ප්‍රබන්ධ වලට වඩා අද්භූතයි.. මේ ඒ වගේ කතාවක්..
මේකට අදාල ප්‍රදේශය තියෙන්නේ රටේ මැදට වෙන්න.. දැනටත් මේ ප්‍රදේශය වනාන්තර සහ ගස් කොලන් වලින් පිරුණු ප්‍රදේශයක්.. ඒ වගෙම අපේ රටේ පැරණි රජ කෙනෙක් වුන රාවණා රජතුමාට සම්බන්ධ ප්‍රදේශයක්..මේක මට කියපු පුද්ගලයා මේකට මූණ දුන්න කෙනෙක්.. ඔහු මීට අවුරුදු 3කට උඩදි මිය ගියා සර්ප දෂ්ටනයකින්.. මේක වෙලා තියෙන්නේ 1980 ගණන් වලදියි..

ඒ කාලේ ඔහු වයස අවුරුදු 35ක වගේ තරුණයෙක්.. කැලෑ තියෙන ප්‍රදේශ වල කොයි කවුරුත් කරනවා වගේ ඔහුයි, තව යාලුවෙකුයි දඩයමේ ගිහින් තියෙනවා ඉත්තෑවෝ හොයාගෙන..
මේ විදියට හොයාගෙන යනකොට ඔවුන් මීට කලින් ඇවිල්ලා පුරුදු නැති වනාන්තර ප්‍රදේශයකට ඇව්ල්ලා තියෙනවා.. මේක තැනින් තැන ගල් තියෙන වනාන්තරයක් වගේලු.. ගල් යට හදපු බෙන වල ඉත්තෑවා හැංගිලා ඉන්න නිසා ඔවුන් සෝදිසි කර කර ගිහින් තියෙනවා.. ටික දුරක් යනකොට ඔවුන් ඇවිල්ලා තියෙනවා එලිමහන් බිමක් වගේ තැනකට.. මේ එලිමහන් කොටසේ තිබිලා තියෙනවා ගල් වලින් හදපු මාලිගාවක් වගේ නටබුන්.. පොඩි එකක් නෙවෙයි.. ඔහු කියපු විදියට නම් මට හිතේ මැවුනේ ගල් වලින් හදපු හින්දු දේවාලයක් වගේ..

ගල් මේස, ගල් වලින් හදපු ආසන, පිත්තල භාජන වගේ ඒවා මේ මාලිගාවේ බිම වැටිලා තිබිලා තියෙනවා.. වටපිටාවේ වඳුරෝ සෑහෙන ප්‍රමාණයක් ඉඳලා තියෙනවා.. නමුත් ඒ වඳුරෝ අසාමාන්‍ය විදියට නිශ්ෂබ්දයි කියලයි ඔහු කිව්වේ..

කොහොම වුනත් මේ පුද්ගලයෝ දෙන්නා මේක ඇතුලේ ඇවිදලා බලලා තියෙනවා.. කාමර කාමර වගේ තිබුනලු.. ඉහලින් හිරු එළිය වැටෙන්න මැද මිදුලක් වගේ පොකුනකුත් තිබුනලු.. කුලුණු වල සත්තුන්ගේ කැටයම් තිබුනලු..

මිනිස්සුන්ව හැමදාම ප්‍රශ්න වලට ඇදලා දාන්නේ තණ්හාවයි.. මෙයාලට වුනෙත් ඒකමයි..
මේ පුද්ගලයා බිමට නැවිලා අර බිම වැටිලා තිබුණ පිත්තල සෙම්බුවක් අර ගත්තලු ගෙදර ගෙනියන්න හිතාගෙන.. ඔහු ඒක අතට ගන්නකොටම එක පාරට අර නිශ්ෂබ්ද වඳුරෝ කෑ ගහන්න පටන් අරන් තියෙනවා.. ඒ අතරේ ඔවුන් ඇස් කොනෙන් දැකලා තියෙනවා දිග කලු පාට යමක් මාලිගාවේ යටින් අර පොකුණෙන් මතු වෙනවා..

ඔහු කියපු හැටියට නම් ඒ ඔහු දැක්ක ලොකුම නාගයා.. ලොකු ශරීරයක් සහ පෙණයක් එක්ක ශබ්ද කරමින් ඔවුන් දිහාට බඩගාගෙන ඇවිලා තියෙනවා..
ඉතින් ඔවුන් දුවලා තියෙනවා.. නමුත් කැලේ ටික දුරක් දුවද්දි ඔවුන් සිහි නැති වෙලා වැටුනලු..
ගමේ අය ඔවුන්ව කැලේ වැටිලා ඉන්නකොට හොයාගෙන තියෙන්නේ දින කීපයකට පස්සේ.. පස්සේ ඔවුන් කණඩායමක් මේ මාලිගාව හොයන්න ගිහින් තියෙනවා.. මාලිගාව තියා ඒ වගේ වනාන්තර ප්‍රදේශයක් වත් ඔවුන්ට හම්බු වෙලා නෑ..

ගමේ වැඩිහිටි අය නම් කියන්නේ ඒ රාවණා රජතුමාගේ විවේක මාලිගාවක් කියලා..
නාගයෝ රාක්ෂ ගෝත්‍රයේ අය එක්ක සම්බන්ධයි රාවණා රජතුමාගේ කාලේ ඉඳලම.. ඒක අපි දන්නවා.. ඒත් ඒක දාලා කතාවක් ගොතලා කියන්න තරම් අර මිනිස්සු උගත් නෑ කියලත් මම දන්නවා.. තිරිසන් සතුන්, පරිසරය රාවණා රජතුමා එක්ක සම්බන්ධයි.. ඒ නිසා මේ කතාව ඇත්ත වෙන්න පුලුවන් ඉඩ බොහොම වැඩියි..

ප්‍රබන්ධයට වඩා ඇත්ත බොහොම ලොමුදැහැ ගන් වන සුලුයි මහත්වරුනි ..

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


 

---පොල් වත්ත---



මෙ කතාව සිදු වෙලා තියෙන්නේ අපේ ඔෆිස් එකේ වැඩකරන අයියා කෙනෙට .
ඔහු උසස් පෙලට අනුරාධ පුර නගරෙ විද්යාලයකට තමයි ගිහින් තියෙන්නේ.
ඔහුගේ නම් සඳුන් කියලා අපි කියමු.
සඳුන්ලා උසස් පෙල විබාගයට මාසයක් විතර තියන කොට මිතුරෙක්ගේ ගෙදර රෑට පාඩම් කරන දාගෙන තියනවා.
සදුනුත්, ඔහුගේ මිතුරන් වන ගයාන්, සහ දනුක යන තුන් දෙනා එක දවසක් පාඩම් කරලා,
රෑ 01 විතර ගිහින් නයිට් කඩයකට ආප්ප සහ කොත්තු කාලා .
(ඒ සඳුවා, අපි කුරුම්බ කඩමු බං)
(කොහේ ද කුරුම්භ තියෙන්නේ )
සඳුනුත් දනුකගෙන් අහල.
( හරි උබලා දෙනා වරෙන්කෝ)
වයස 16, 19 පාසල් කොල්ලන්ට කුරුම්බා හොරෙන් බානවා කියන්නේ පුල් ආතල් වැඩක් නේ මචන්ලා,
ඉතින් සඳුනුත්, ගයානුත් සහ දනුකයා කීපු පොල් වත්ත ඇති පාර ලඟට ගියා..
පාසල තුළ දනුකයාට පොල් හොරෙන් කැඩිම පිලිබඳ නමකුත් තිබුනු නිසා
දනුකයාට හොරෙන් කුරුම්බා බානවා කියන එක හරියට බත් කනවා වගේ වැඩක් බව සඳුන් සහ ගයාන් දැන සිටියා..

සඳුන්ට පාර බලන්න කියලා පොල් වත්තට දනුක සහ ගයාන් පැන්නා..
ටික වෙලාවක් ගත විය.
සුදු ඇද ගත්ත කවුද? එනවා දැක සඳුන්,,
ඔහු දනුකට සහ ගයාන්ට,
( සඥාවක් දුන්නා)
උන් දෙන්නාත් සඳුන්ගේ සඤාවට වත්තෙන එලියට ආව..
(ඇයි මචන් මොක ද කෙස් එක)
ගයාන් සඳුන්ගෙන ඇසුවා..
( කවු ද අතන පාරේ ඉන්නවා මචන්)
සදුන් මිතුරන්ට පෙන්නුවා..
පුදුමයි කිසිවෙකු නැහැ.
( කෝ බං මොකෙක්කත් නෑ සඳුවා,
උභ හොල්මනක් දැක ද?)
සඳුන්ට පුදුමයි දැන් ටිකට ඉස්සල්ලා මේ පැතට ආව මිනියා නැනේ..
( නැහැ බං මං දැකා මේ පාර දිගෙ සුදු ඇඳමක් ඇද ගත මිනියෙක් ආව.)
( හරි හරි සඳුවා යමං කුරුම්බා ගෙඩි හතරක් කැඩුවා අර බෝකුව උඩට ගිහි බොමු බං )
යාලුවෝ තුන් දෙනා බොකුව උඩට වෙලා කුරුම්බා බිබි සිටියා..
( අම්මට උඩු අර බලපං )
( දනුකයා සඳුන්ලාට යමක් පෙන්නුවා..)
( කවු ද මචන් ඒ )
ගයානුත් හොලමන් වෙලා වගේ බලාගෙන සිටිනවා..
( ඒ දනුකයා ඔය මිනියා තමයි අර ඉස්සල්ලා මං දැකා කිවුවේ )
මිතුරන් තුන් දෙන සිටිය පැතට සුදු සරමක් ඇදගත්ත් වයස 55 විතර නපුරූ මූනක් ඇති පුද්ගලයෙක් ඇවිදගෙන ආව.

සඳුන්ලා පසු කරගන ගිය ඒ පුද්ගලය ඉදිරියෙන් ඇති හතරමන් හදියෙන් හැරි ගියාය.
යාලුවන් තුන් දෙනාට ඒ පුද්ගලයා ගැන සැකයක් ඇති විය.
( ඒ එ මිනිය නම් මට ඇල්ලුවේ නෑ,
යමු පස්සෙන්)
දනුකය කියාගෙන ඉදිරියට ගියාය...
ඔහුන් හතර මං හන්දියට ඇවිදින් පාර බැලුවට කිසිදු අයෙකු නෑ සිටියේ
එ හතරමන් හන්දියේන් එක පැතක පොල් වත්ත,
අනිත් පැතේ කුඹුර,
නමුත් සඳුන්ට කවුරු හරි ඔවුන් දෙස බලනවා වගේ දැනුනත්,
යාලුවන්ට ඒ කරුන කිවේ නැහැ..
( කෝ බං ඒ මිනියා මෙතනෙන් හැරුනානේ කොහේට ද? මාරු උනේ)
දනුකයා කියනවා..
( බුදු අම්මේ)
ගයාන් බියෙන් කෑගාන්න ගත්තා..
සඳුනුත් දනුකත් බිය විය...
ගයාන් වෙවුරන්නේ ඇයි ද වටහා ගැනීමට බැරි උනා..
නමුත් ( ඇයි ගයියා මොකට ද උබ බය වෙලා)
සඳුන සහ දනුක ගයාන්ව අල්ලගෙන අහනවා..
ගයාන් ( අර අර බලපං )(
ගයාන් අත දික් කරන පැත දෙස මිතුරන් දෙන්නා ද බලලා.
එත කොට තමයි සඳුන් සහ දනුකයාට එලොව පොල් පෙනිලා තියෙන්නේ...
විරූපි මූනක් ඇති ගින්නදර පිට වෙන ඇස් දෙකක් ඇති පුද්ගලයෙක් ඔහුන් දෙස බලාගෙන ඉන්නවා දැකලා තියෙන්නේ..

යාලුවන් තුන් දෙනා හොඳට ම බයවෙලා,
එ මොහොතේ ම බල්ලන් රංචුවක් නිහඬ රාත්රිය ය බිද දමා උඩ බුරන්නගෙන..
යාලුවන් තුන් දෙනා පස්ස නොබලා දුවලා..
ඔවුන් නතර වෙල තියෙන්නේ ගයාන්ලාගේ සියලාගේ නිවසේය.
නිවසේ අයට ඔවුන් වෙච සිදිය කියලා..
(දෙහි හාමුදුරුවනේ මුන් තුන් දෙනා
බෙරිලා තියෙන්නේ ජය ශ්රී මහ හාමුදුරුවන්ගේ පිහිටින්)
ගයාන්ලාගේ සියා කියලා..
යාලුවන් මූණට මූන බලාගෙන සියා කියන කතාව නොතෙර නිසා..
( දරුවනේ තෝපිලා පොල් කැඩුවේ දිසානායක මහත්තයාගේ වත්තෙන් ද?)
සියා ඇසුවා..

දනුකයා
(ඔව් සියේ )
( උබලා දනේ නැ ද
ඔය වත්තේ රෑට හොල්මන් කරන මිනියෙක් ඉන්නවා කියලා..
ඒ දිසානායක මහත්තයාගේ තාත්තා කියලා තමයි ගමු කියන්නේ
ඔය වත්තේ පොල් හොරේන් කඩන්න ගිය මිනියෙක් මිට අවුරුදු 15 පෙර අබ්බූත ලෙස
මරනයට පත්ව සිටියා..

එදා ඉදලා කවුරුත් රෑට නොව දවල්ටවත් පොල් ගෙඩියක්වත් ඔය වත්තෙන් ගනේ නැහැ ළමයිනේ)
ඳුන්ලාගෙන් පසු ව ද ගමේ කිහිප දෙනෙක් ඒ අද්දෑකීමට මූණ දිලා තියනවා .
එක් පුද්ගලයෙක් හොඳට ම ලෙඩ වෙලා තොයිලයක් ද?
පවත්තලා.

සඳුන් සහ යාලුවන් එදා සිට
රෑ ගමන් නතර කරලා..
තව මත් හොරෙන් කුරුම්බා ගෙඩියක් නොව නෙල්ලි ගෙඩියක්කත් කඩනේ නෑ.
නිමි..

--සුරාජ් රනසිංහගේ--



Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



13 March 2019

---මහ සෝනාගේ උපත---



සාර්ථක පාලකයෙක්ව සිටි එළාර පලවා හැරීමට දස මහා යෝදයන් පිරිවර ආ රෝහණ උප රාජධානියේ දුටු ගැමුණු රජ තම සෙබළ පිරිසට රිසි ලෙස විවෙික සුව ගැනීමට අවස්ථාවක් ලබා දුන්නාලු..දුටු ගැමුණු රජුගේ එක් යොධයෙක් වුණු ගෝඨයිම්බර ලද අවස්ථාවෙන් රෝහණයේ සිටි තම බිරිඳ සුමනාව අනුරපුරයට ගෙන්වා ගත්තලු....

තමන් හැදුණු වැඩුණු මාමිනියා ගමට නුදුරු ප්‍රදේශයක නායකයකු වූ රිටිගල ජයසේන ගෝඨයිම්බර බැහැ දැකීමට පැමිණ ඇත්තේ ඔය අවස්ථාවේ...ස්ත්‍රී ලෝලයකු වූ රිටිගල ජයසේන මධුවිතෙන් රස පිනා යන ආහාරින් සජ්ජිතව තම අසලින් ගමන් කළ සුමනාගේ නිතඹ⁣ට අත තබා ඇට්ටර වැඩක් කළාලු( දැන් අහන්න එපා මොක්කද් ඇට්ටර වැඩේ කරපු කියලා මම මේ පත්තරේ තියෙන විදියට කියන්නේ)

ගෝඨයිම්බර සහ රටිගල ජයසේන අතර තම්බපණ්නි සුසානයේදී ද්වන්ධ සටනක් ඇති වුණේ ඒ නිසා..දුටු ගැමුණු කුමරුන් මේ දෙදෙනාට ද්වන්ධ සටන නතර කරන්නැයි නියෝග කළත් ද්වන්ධ සටනකින් මිස වැරැද්ද නිවැරැදි කළ නොහැකි යැයි දෙදෙනාගෙම මතය විය...තම්බපණ්ණී සුසානයේදී මරුවාගේ හොරාවෙන් ඇරඹි සටන ගෝඨයිම්බරට අවාසී වී ඇත්තේ පාතරසයද නොවළඳවා,යුද සන්නාහයද නොපැලඳ,උතුරු සළුවකින් පමනක් හිස වසා සටනට ආ නිසාලූ....

එකක් එකටම ඔය යොධයාව ඔය තත්වෙට පත් කරන්න ඇත්තේ සුමනා..කොහොම වුණත් මේක නම් මහා ගෑනු හුටපටයක් නොවැ...

ඉස්බක් අහසට පැන ජයසේනගේ සුරුරෙහි සන්නාහයෙන් තොරව පැවති නිකටට වම් පා සුළඟිල්ලකින් පහරක් වැදුණු කල ඔහුට මතක් වුණේ සෙනසුරු දෙවියන්මලු.. දෙවියන් විශ්වාස කළත් ඔටුවා බැඳ තබන්න යන අරාබ් කියමනට අනුව සුළැඟිලි පහරින් ඇගෙන් වෙන්වූ ජයසේනගේ හිස "ඔලුකරඳන" ගමට වැටුණාලු...(ඔලු කරඳන යන ගම අනුරාධපුර කැකිරාව ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබේ)

විපත දුටු සෙනසුරුට තරු පෙනී මනුලොවින් පැමිණ උතුරට හිසදා නිදා සිටින මිනිසෙක් සොයාගොස් එවැන්නේක නොදැක වළස් හිසක් ජයසේනගේ කඳට සවිකොට ජීව ප්‍රාණය පිම්බාලු....ඔන්න ඔහොමලු මහසෝන් යක්ෂ ආත්මය බිහිවුණේ......




අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..







11 March 2019

---කොත්තුවට වැටුණු පෙරේත බැල්ම---




චම්පික සහ මධුසංඛ අවුරුද්දක පමණ සිට අතිජාත මිත්රයෝ ය. කිමෙද ඔවුන් දෙදෙනාම රැකියාව කරන ලද්දේ කැලණිය පිහිටි කර්මාන්ත ශාලාවක නිසා වෙනි .තව ද ඔවුන් දෙදෙනා බෝඩින් වී සිටියේය එක්කම බෝඩින් කාමරයේ වීමයි .ඔවුන් දෙදෙනාම රැකියාවට පැමිණි දින සිට බෝඩිං වී සිටි බෝඩිං කාමර අතහැර අලුත් බෝඩිමක් වෙත ඇවිත් දැනට මාස 5 ක් පමණ විය . කාලය සෙමින් සෙමින් ගෙවෙන්න ට විය .චම්පිකතමා වැඩ කරන ස්ථානයේ ගැහැනු ළමයෙක් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගන්න විය . චම්පික සහ මධුසංඛ ගේ වැඩමුරය අවසන් වෙන්නේ රාත්රී 8 ටය.එදින සඳුදා දිනයකි චම්පික යාළු සිටී .සෙව්වන්දි ඒ දින රැකියාවට පැමිණියේ නැත ඇය එදින රැකියා ස්ථානය දන්නවා ඇය නිවාඩු ලබා ගෙන තිබිණි .චම්පික වැඩට ගියේ එදින අකමැත්තෙනි.

චම්පිකගේ වැඩ මුරය අවසන් වන්නේ අටටය .එහෙත් ඔහු එදින රාත්රි හතට off වී .සෙව්වන්දි ව බැලීමට පිටත් විය .චම්පික ගේ දුරකථන ඇමතුමෙන් ඇය පාර දෙසට පැමිණිනි අතර ඇය පවසා සිටියේ.රාත්රී ආහාරය සඳහා කිසිවක් සාදා ගැදා ගැනීමට නොහැකි වූ බැවිනි .ඇයට කඩේකින් මොනවා හරි අරන් දෙන ලෙස ය .චම්පික ඇයව කැටිව කතා බස් කරමින් හෝටලයක් වෙත ගමන් කළේය .ඇයට කෑම එකක් අරන් දුන් ඔහු .ඔහුගේ රාත්රී කෑම සඳහා බිත්තර කොත්තු වක් ලබා ගත්තේ ය . එහි ලබා ගත් ඔවුන් විහිළු තහළු කරමින් ආදර බස් මුමුණමින් ඉදිරියට පියමං කළේ ය .එවිට රාත්රී 8.30 ට පමණ විය .සෙව්වන්දි ගේ බෝඩිමට යෑම සඳහා කෙටි පාරක් දැන ගෙන සිටී චම්පික එම පාරින් යෑමට සූදානම් විය.නමුදු එම පාර ටිකක් ගුප්ත අඳුරු කින් යුත් පාරක් විය .සෙව්වන්දි එයට කැමතියි නො වී ය .නමුදු චම්පිකගේ බලකිරීම මත .ඔවුන් දෙදෙනා ම එම පාරේ ගමන් කිරීමට වි ය

.තාප්ප දෙක මැදින් ඇති මෙම පාර ටිකක් අඳුරු ය .චම්පික සහ සෙව්වන්දි ඉදිරියට ගමන් කරයි.seuwandi ගේ බිය වැඩි නිසාවෙන් ඇය .චම්පිකගේ දකුණු අතේ එල්ලෙමින් සිටි .එක්වරම චම්පික නතර විය .සෙව්වන්දි බියෙන් ඔහු ලඟම රැඳී සිටී .වටපිටාවේ කවුරුත් නැත ඔවුන් සිටි ස්ථානයට මඳක් අඳුරු ය .එක්වරම චම්පික සෙව්වන්දි ව ඔහු දෙසට ඇද ගත්තේ සෙව්වන්දි හීනෙකින් වත් නොසිතූ ලෙසිනි .චම්පික සෙව්වන්දිට හාදුවක් දී තුරුළු කරගෙන සිටියේ ආදරයට මිස .වෙන කිසිම වැරදි අදහසකින් නොවුණි ඔවුන් දෙදෙනාටම නොදැනුවත්ව වේලාව රාත්රී 9 ට ආසන්න විය.දැන් ඇති චම්පික අපි ඉක්මනට යමු seuwandi එසේ පවසා සිටියේ .තමා එනතුරු තමාගේ යහළුවන් වැඩ අවසන් වී ඇවිත් බෝඩිමට වී බලා සිටින නිසාවෙනි .එතනින් නික්ම වූ ඔවුන් දෙදෙනාම .බෝඩිම වෙත පිටත් විය .නමුත් ඔවුන් අසල සිටගෙන ඔවුන් දෙස බලාගෙන සිටී පෙරේත යක්ෂණිය ඔවුන්ගේ පසු පස ඒවි කියා ඔවුන් හීනෙකින්වත් නොසිතන්නට ඇති .සෙව්වන්දි බෝඩිමට දැමූ චම්පික .ඔහුගේ බෝඩිම කරා තාර පාර දිගේ ඇවිදිමින් ගියේ ය .ඔහුගේ පසුපස කවුරුන් හෝ එන බවක් දැනුන ද .එය නොතේරුනා සේ පය ඉක්මන් කර ඔහු බෝඩිම වෙත ගමන් කෙළේ ය . ඔහුගේ බෝඩිම ඇත්තේ උඩ තට්ටුවේ ය .ඉක්මනින් පඩිපෙළ නැග්ගා ඔහු කාමරයට පැන දොර වසා ගත්තේ ඉතාමත් බිය වූ ස්වරූපයෙන් ය . චම්පික මොකෝ බං උනේ ....

අනේ මන්ද බං බන් මගෙ පස්සෙන් කවුද ආවා පේන්න කවුරුවත් නෑ බං .
දැන් උඹ කොහෙද ගියේ මං කඩේට ගියාම සෙව්වන්දි එක්ක කෑමක් ගන්න ..කෑම අරන් එනකොට තමයි මේ සිද්ධිය වුනේ බං .

පොඩ්ඩක් හිටහං මම බලන්න .එසේ පැවසූ මදුසංඛ දොර විවෘත කළෙමි .ඔහුට ඔහුගේ සිහි මුර්ජා වන තරමේ දුගදක් දැනුනි ඉදිරියේ සිටගෙන තමා දෙස බලා ඉන්නා ඉන්නා අපහැදිලි කාන්තාවගේ ඡායාරූපයක් ඔහුට දිස් විය .සිදුවූ ද වූ දේ වටහා ගත් මදුසංක .තමා දන්නා සියලුම කුණුහරුප වලින් බැනවදිමින් ඉදිරියට ගමන් කළේ තමාට ඇති වූ බිය නිසා වෙනි .මද වේලාවකින් එම දුඟද නොමැති විය .චම්පිකගෙන් සියලු විස්තර අසා දැන සිටි ඔහු.චම්පිකට හොඳටෝම බැන වැද .මද වේලාවකින් ඔවුන් දෙදෙනාම රාත්රී ආහාර වේල ගැනීමට සූදානම් විය .චම්පික රැගෙන ආ බිත්තර කොත්තුව පිනිලි වී තිබුණි. අඩෝ මදුශන්ක මොකෝ බන් මේ දැන් ගත්තු කොත්තුව නරක් වෙලානේ බන්.

එක තමා හරකෝ බිත්තර අරගෙන පලු පරවල් වල එනවා ද බන් ඔය කොත්තුව ට බැල්ම වැටිලා තමයි අර යක්ෂණිය උබ පස්සෙන් එන්න අත්තේ ... ඔවුන් දෙදෙනාට ම රාත්රී ය පුරාම නින්දක් නොවිය .ටික දවසක් යන තුරුම ඔවුන් මුහුන දුන් අත්දැකීම ඔවුන්ගේ සිත් වල රැඳුණි.


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



 Source: Link

09 March 2019

---අද්භූත රුව---



මා ඔහුගෙන් විමසුවේ ඔබ හොල්මන් ගැන දන්නවද ඔබ ඒවා දැක තිබෙනවාද යන්නය. ඔහුගේ මුහුනෙන් එවෙලේ පිලිබිබු වූයේ තැතිගැන්මක ස්වරූපයයි. ඔහු හුස්මක් ඉහලට ඇද පහලට හෙලා පැවසුවේ ඔහුට බොහො සේ අත්දැකීම් ඇති බවයි. ඔහු දෑත් පෙන්නා පැවසුවේ එම සිද්දීන් මතක් වන විට රෝම කූප පවා කෙලින් වන බවයි.
නමින් ඔහු ඕසෙ, පිලිපීන් ජාතිකයෙකු වන මොහු දිනක් මා රැකියා කරන ස්ථානයට ආවේ අමතර සහයකයෙකු වශයෙනි. අපගේ සේවා ස්ථානය මාරු කිරීමත් සමගම එහි ඇති බඩු බාහිරාදිය අස් කිරීමට ආයතන ප්‍රධානියා ඕසේව සහයට රැගෙන විත් තිබුනි.
එදින ඉතා කාර්‍යබහුල දිනයකි. ඕසේ හා මම යුහුසුළුව කාර්‍ය්න්හී නිරතවිය. අප දෙදෙනාටම දහවල් ආහාරය ගැනීමට අවශ්‍ය උවත් ලොරි රථ දෙක පුරවා පිටත් කර පසුව ආහාර ගමු කී පසු ඔහුද ඊට එකග විය.
පසුව අප එම කාර්යන් නිම කර ආහාර ගැනීමට පටන් ගත්තෙමු. මා පුරුද්දක් වශයෙන් දහවල් ආහාර ගන්නා අතරතුර මෙම වෙබ් පිටුවෙහි සත්‍ය හොල්මන් කථා කියවීම කරගෙන ගියේය. ඕසේගෙන් හොල්මන් පිලිබද විමසීමට සිතුනේ මා හට එවෙලේදීය.
මා ඔහුගෙන් විමසුවේ ඔබ හොල්මන් ගැන දන්නවද ඔබ ඒවා දැක තිබෙනවාද යන්නය. ඔහුගේ මුහුනෙන් එවෙලේ පිලිබිබු ඌයේ තැතිගැන්මක ස්වරූපයයි. ඔහු හුස්මක් ඉහලට ඇද පහලට හෙලා පැවසුවේ ඔහුට බොහො සේ අත්දැකීම් ඇති බවයි. ඔහු දෑත් පෙන්නා පැවසුවේ එම සිද්දීන් මතක් වන විට රෝම කූප කෙලින් වන බවයි. ඉන්පසුව ඔහු සිදුවු සිදුවීම් පැවසීය.
දිනක් ඔහු තම වයස අවුරුදු හතරක් පමන වන පුතුත් සමග ඔහුගේ නිවසේ ආහාර ගනිමින් සිටින අතරතුර කාමරයක් දෙසින් යම් ශබ්දයක් ඇසී ඇත. ඔහු සිතා ඇත්තේ ඒ ඔවුන්ගේ සුරතල් පූසා බවය. එක් වරම සාලය හරහා යමක් වේගයෙන් ගොස් ඇත. ඔහු දැක ඇති අයුරින් එය ගැහැනු ශරීරයකට සමාන රුවකි සුදු පැහැයට හුරු එය හරි හැටි හදුනා ගැනීමට නොහැකි අයුරින් සාලය හරහා ගොස් අතුරුදන් වී ඇත. ඔහු පැවසූ අන්දමට අද්භූත සිදුවීම් වල ආරම්භය මෙය විය.
ඉහත කී සිදුවීම වී සතියකට පමන පසු ඔහුගේ බිරිද ඔවුන්ගේ නිදන කාමරයෙහි දොර අසල සිහිසුන්ව සිටියදී ඕසේගේ මව දැක ඇති අතර ඇය ජලය මුහුනට ඉස ලේලිය ව පියවි සිහියට ගෙන ඇත. ඇය කාමරය අස් පස් කරමින් සිටියදී ඇයට දැනී ඇත්තේ කවුරුන් හෝ ඈ දෙස බලා සිටිනවා වැනි හැගීමකි. සැක සිතී වට පිට බලනවිට කාමරයේ එක් කොනක සුදු පැහැති කාන්තා රුවක් ඈ දෙස බලා ඉන්නා ආකාරය දැක ඇත. ඉන්පසු කාමරයෙන් පිටතට යාමට දොරටුව දෙසට ගොස් ඇත. එක් වරම දොරටුව අසල ඉහත කී රුව සිටින ආකාරය දුටු ඈ ක්ලාන්ත වී ඇත.
තවත් දිනක් ඕසේගේ බිරිඳ දහවල් ආහාරය නිමවා මුලුතැන්ගෙය අස් පස් කොට දිය නෑම සදහා පිටත් වී ඇත. මේ අතර ඕසේගේ මව තම මුණුබුරා සමග කිසියම් ගමනක් ගොස් නැවත නිවසට පැමින ඇත. ඈ හට මුලුතැන්ගෙයි දෙසින් ශබ්දය ක් ඇසී තිබිනි. එදෙසට ගොස් බලන විට ඈ හට දැක ගැනීමට ලැබ තිබී ඇත්තේ සූකර මස් ව්‍යංජනය පොලොව මත විසීරී තිබෙන අයුරුත් සුදු පැහැති රුවක් ඒ දෙස බලා සිටින අයුරුය. එම රුව ක්ශනයෙන් ඉන් පසු අතුරුදන් වී ඇත. ඔවුන්ගේ නිවසේ මෙසේ කිහිප දවසක්ම ව්‍යංජන පොලොව මත විසිරී තිබී ඇත.

මෙවැනි සිදුවීම් බොහෝ සේ එක් එක් ආකාරයට සිදු වී ඇති බවට ඔහු පැවසුවේය. ඔහු පැවසූ අන්දමට අවසාන වශයෙන් සිද්ද වු සිද්දිය තම පුංචි පුතු සාලයේ සෙල්ලම් කර කර සිට ඇත එක් වරම පුතු මහ හයියෙන් හඩන්නට පටන්ගෙන ඇත. මෙය ඇසී ඕසේගේ බිරිඳ හා මව සාලයට දුවා ඇත. ඔවුන් දැක ඇත්තේ පුතුට මදක් එහායින් ඉහත කී අද්භූත රුව සිටින ආකාරයයි. දරුවාගේ මව සහ ඕසේගේ මව ක්ශනයෙන දරුවාද රැගෙන නිවසින් එලියට දුවා ඇත.

ඒ වෙලේහි ම ඕසේට කතා කොට ගෙන්වාගෙන ගමේ ක්‍රිස්තියානි පල්ලියේ ෆාදර් තුමා නන් දැනුවත් කර, එතුමත් සමග නිවස කරා පැමින බයිබලය කියවා යාඣ්ඣ්‍ය කොට ශුද්ධ වු ජලය නිවසේ ඉස නිවස ආරක්ශා කරන ලද බව ඔහු පැවසීය. ඉන් පසු ඔහු පවසන අන්දමට මේ වන තුරුත් කිසිම කරදරයක් සිදු වී නොමැත.
මෙම කතා බහ කෙටි කාලයක් ඇතුලත සිදු වූවකි. ලොරි රථය ක් ආපසු පැමිනි නිසා ඔසේ සමග කථා බහ එතනින් අවසන් විය. නැවතත් ඕසේ ඔහුගේ කාර්‍ය්න්හී නිරත වූ අතර මා ලොරි රථයේ පැමිනියවුන් සමග වැඩෙහි යෙදීය. ඔහු සතුව තවත් අත්දැකීම් තිබුනද ඒ වා මා සමග බෙදා ගැනීමට කාලයක් නොතිබුණි.


Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





07 March 2019

---කළුකුමාරයා සහ මෝහිණිය---

 
කළුකුමාරයා හා මෝහිණිය යනු කවුරුන්ද?බටහිර මනෝ විද්‍යාවට අනුව මෙය මානසික පෙරලියකි.යටි හිතේ ඇති ආශාව ඉස්මතු වී අවුත් නින්දේදී කාන්තාවක් හෝ පිරිමියෙක් බවට පත්වී දර්ශනය වේ.මේ මා හට වෛද්‍යවරු කී දේය.දේශීය වෛද්‍යවරු පැවසුයේ මෝහිණිය නම් යක්ෂණියකුගේ ක්‍රියාවක් පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන බවය.එසේම මානසිකවචද සමහර අවස්ථාවට සිහින පෙනී,මේ ආකාරයට සිදුවන බව දේශීය වෛද්‍ය ක්‍රමයේද සඳහන් වන බවද පැවසීය.

මගෙන් මෙන්ම මට හමු වූ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය්ම අදහස් විමසීමේදී පෙනී ගියේ පිරිමියාට මෝහිණීයත්,ස්ත්‍රියට කළුකුමාරයත් පෙනීමේදී මානසිකව ද බලපා ඇති ආකාරය ය.මානසිකව ආශාව ඉස්මතු වී පෙනෙන සිහිනයේදී කාන්තාවක් හෝ පුරුෂයකු පෙනී ක්ෂනික මෝචනය වීම සිදුවේ.නමුත් පසුව ක්ලාන්ත ගතිය,ඇතැම් විට උණ,සීතල,හන්දිපත් රුදාව වැනි දේ නැත.එය දිනපතා මෙන් දින තුන හතරක් සිදුවුවහොත් හන්දිපත් රුදාව වැනි දේ ඇති වේ.මන්ද දනිහිස් වල මැලබෝර්න් ගතිය නැති වී යන හෙයිනි.රෝගියෙකු දුටු විට දක්ෂ පලපුරුදු යකදුරු මහතෙකුට නාඩිබලා සේම සලකුණු අනුව මානසික රෝගයද නැතිනම් භූත රෝගයද කියා හඳුනාගත හැක.මෝහිණිය හෝ කළුකුමාරයා ශරීර ගත වූ විට මුහුණේ පැහැය වෙනස් වේ.එසේම මේ දෙදෙනාම සිටිනුයේ තනියම නොවේ,කෙසේ හෝ ප්‍රේතයකු හෝ ප්‍රමාණවත් භූත පිරිසක් රෝගියාගේ ශරීරයට රිංගවයි.රෝගියා කොතරම් අපිරිසිදු වුවත් ප්‍රේතයාට කම් නැත.නමුත් කළුකුමාරයා හා මෝහිණිය අපිරිසිදු කමට අකමැතිය.

උන් කරනුයේ ප්‍රේතයා ශරීරගතව සිටින විට ඈත බැල්ම හෙලා සිට උවමනා අවස්ථාවට ශරීරගත වීමය.දේවාල,කෝවිල් වලට හා පන්සල් වලට මෙවැනි භූතරෝගීන්ට යා නොහැක.පිරිත් දේශනා වලට සවන්දිය නොහැක.තෙල් නූල් මතුරන විට අමාරු තත්වයට පත්වේ.මානසිකව බලපාන අයට මේ කිසිවක් නැත.කෙතරම් තෙල් නූල් මැතුරුවත් ඔවුහූ නිසොල්මන්ව සිටිති.මෙවානි අය පරීක්ෂණ සමයේ අපට හමුවිය.එවිට අප උපදෙස් දෙන්නේ ස්ත්‍රීය හෝ පුරුෂයා හැකි ඉක්මනින් විවාහ කර දෙන ලෙසය.එවිට ස්වප්න දෝෂ නිමාවේ.නමුත් මෝහිනී,කළුකුමාරයා තදින් බැල්ම ඇති අයගේ විවාහය ඉතා අසීරුය.මන්ද මේ දෙදෙනාටම විවාහ වීමට ඉඩ නොදෙති.විවාහ වූවත් රාත්‍රී සිහිනෙන් දර්ශනය වීම අනිවාර්යයෙන්ම සිදු වේ.ඉන් පසු විවිද කරදර ඇතිකරයි.මෙවැනි අවස්ථා වලදී අප කලේ මෝහිණියට අංග සම්පූර්ණ පිදේනිය දී ස්ත්‍රී ඇඳුම්,සාරි,යටසාය,පනා,කොණ්ඩ කටු,වලලු,සුවඳ වර්‍ග,මල් වගර්‍ පුළුටු කර දීමය.දිශ්ඨි කිරීමේදී මෝහිණී දිශ්ටිය ඇති අය ශරීරය වෙව්ලවා ඇතැම් විට ප්‍රල්‍ය වී බෙරපදයට නැටුවාය.

කළුකුමාරයාට රුක් අත්තන ගහේ කරුව සිටුවා ගැටපොළොස් මාලුව,එළවලු 25,පුළුටු,දිය ගොඩ මාංශ,බිත්තර,රීරි ගොටු සහිතව පිදේනිය නැවුම් නෑබිලියක සකසා දීමයි.දිශ්ටි කිරීමේදී තදින් දිශ්ටිය ඇත්නම් කාන්තාව බෙරපදයට නටා පිදේනිය බාර ගත්තේය.එම අවස්ථාවට අපි දෙදෙනාගෙන්ම නැවත නොඑන ලෙසට දිව්රුම් ගත්තෙමු.මංත්‍ර පොත්වල සඳහන් ආකාරයට මේ දෙදෙනාගේම නායකයා කළු වළාවට අධිපති කළු යක්ෂයාය.මේ දෙදෙනාම ශරීරගත වීමට පෙර මේ ආකාරයේ සිහින පෙනේ.කළුපාට වැහි වළාකුළු,අහස ගොරවා විදුලි කෙටීම,තද වැස්ස,ගං වතුර,හමුදා භටයින්,පොලිස් භටයින්,මල්වතුවල ඇවිදීම,පාළු කැළෑවල ඇවිදීම පලමුව මේ ආකාරයට සිහින පෙනී පිරිමින්ට කාන්තාවනුත්,ස්ත්‍රීන්ට පුරුශයනුත් පෙනේ.අඳුරන අය සේම නඳුනන අය ලෙසත් දර්ශණය වේ.එසේම මානසිකවද මේ සිහින පෙනෙන අවස්ථාද ඇත.ඒ ගං වතුර,මල්වතු,උයන් වතු ආදිය ද ඊට හේතුවන්නේ ධාතු ශක්තිය කිපී ඉහට ගැනීමය.එවිට සිහිනයක් බවට පරිවර්‍තනය වී දර්ණනය වේ.මානසික සිහින පෙනුනාට එය එතරම් ගණන් ගත යුතු නැත.

අධිකාම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විවාහ වී සිටියත් මානසිකව මෙවැනි සිහින පෙනී ස්වප්න මෝචනය වීමට හැකිය.මෝහිණී නව දෙනෙකි. ශරීරයට බැල්ම වැටුන විට ස්ත්‍රීන් අප්‍රිය කරයි,නිතරම මූත්‍රා කිරීමට අවශ්‍යය,පපුව දැවිල්ල ඇතිවේ,අතපය වේදවනාය,පපුවේ බරගතිය දැනේ.නිතර සීතලක් දැනේ.ඇතැම් විට උණ ගතිය ඇති වේ.කළුකුමාරයාගේ බැල්ම ඇතිවූ විට පොලොස් ඇබුලට ප්‍රිය කරයි,පිරිමින් අප්‍රිය කරයි,වම් පයෝදරයට රිදුමක් ඇතිවේ,පපුව ගැහෙයි,ඇඟ සීතලවී උණ පවා ඇති වීමට පුළුවන.අතපය වේදනා ගෙනදේ.බඩේ යමක් තනි කරගෙන නොමැති නම් දෙහි කපා නූල් දැම්ම විටදී සුවවේ.

ශරීරයට ඇතුල් විය හැක්කේ බඩේ යමක් තනිකර ගතහොත් පමණි.එසේ නොමැති නම් තිබෙනුයේ ඈත බැල්මකි.

(සැ.යු:සිරිල් සුරේන්ඳ්‍ර නම් කතෘ විසින් රචිත සත්‍ය අත්දැකීම් ජීවිතය තුළින් නම් ග්‍රන්තයෙන් උපුටා ගැනීමකි)


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..