මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 April 2019

---කලු මැනිකා---



යකා මහත්තයා නොහොත් ගුප්ත රෝග විශේෂඥ ජයවර්දන මහතා සමග ගෙවු කාලයේ ලද සත්ය සිදුවීමක් අත්දැකීම් එක්ක.....👇
කොලඹ අවට ගොඩක් ජනාකීර්න ප්රදේශයක ආරක්ශක අංශයක වැඩ කරන කෙනෙක්...එයාගේ එකම දුවට උන සිද්දියක් ගැනයි මේ.

ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වල අමනුෂ්ය ශක්තීන් නෑ කියලයි අපි දන්නේ..ඒත් කොළඹ අවට වගේ තැනක වැඩක් කරා...ඒ ගෙදර අම්මයි තාත්තයි දුවයි...ඒ ගෙදර ටිකක් ලොකුයි.නවීන පන්නයේ වගේ.ඒ ගෑනූ ලමයා ටික දවසක ඉදන් අමුතු විදිහට හැසිරිලා තියෙනවා...භාශාව,ඇදුම් පැලදුම් වගේ ඒවා.ඒක සාමානය දෙයක් කියලා තමයි ගෙදර අය හිතලා තියෙන්නේ...ටික දවසක් යද්දී එයාගේ කාමරෙන් එලියට එන්නේ නෑ ඒ ලමයා...දවස් ගානක් උනත්..ගෙදර කවුරු හරි ගියත් බනිනවා....ගහනවා ඒ වගේ.


ඉංග්රීසි බෙහෙත් කරලා තියෙනවා එයාට..ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ එයාට මානසික අසනීපයක් කියලා...බොහෙත් කරාට අඩුවක් වෙලත් නෑ.ඊට පස්සේ ගුප්ත ශාත්රයෙන් පිලියම් හොයලා තියෙනවා..(ගොඩක් දුරටම වෙලා තියෙන්නේ රැවටෙන එක තමා...මොකද ඕන තරම් බොරුකාරයෝ ඉන්නවනේ)ඒම කරලා වරුවක් දෙකක් හොදින් හිටියත් ආයෙම පරන විදිහමයි.

එන්න එන්නම එයා පිරිහෙනවා...කුනුහරප කියනවා...කාමරයෙන් එලියට ඒන්නේ නෑ.ඒම ඉද්දින් තමා අපේ තැන ගැන ආරංචී වෙලා ඇවිල්ලා තියෙන්නේ...

පලවෙනි පාර ආවේ එයාගේ අම්මා විතරයි එයාට බලපු සාත්තරෙන් එයාලට වෙච්ච දේ කිව්වා..ඒ ගැන පැහැදීමක් එයාට ඇති උන නිසා සනිප කරලා දෙන පොරොන්දුවත් එක්ක දිනයක් නියම කරගෙන ඒ අම්මා ගියා.
දාගත් දිනයේ අපි ඒහෙ ගියා...ගිය ගමන් එයාලගේ ඉඩම වටේම ආරක්ශාවක් දැම්මා...ගෙදරට ඇතුල් වෙනවා එක්කම ඒ ගෑනූ ලමයා කෑ ගහලා(ඕකුන්ට යන්න කියාපිය)කිව්වා...අවුලක් නෑ..වැඩේට ඕන අරන දේවල් ලැහැස්ති කරලා ඒ ලමයව ගේන්න මහත්තයා කාමරේට ගියා...ටික වෙලාවකින් කහ වතුරෙන් තෙමපු රෙදි කෑල්ලක් ඉල්ලුවා ඒක ඒ ලමයගේ ඇගේ දාලා එක්කන් ආවා.සාමානය විදිහට ආවා ඒ වෙලාවේ නම්...ඊට පස්සේ එයාවත් ලග තියාගෙන මතුරන්න පටන් ගත්තා...

ටික වෙලාවක් යද්දී ඒ ලමයා වෙනස් වෙන්න පටන් ගත්තා...ඔලුව වන වන ඉන්නවා කටහඩ වෙනස් වෙලා ගොරෝසු හඩකින් ගොරවනවා වගේ.ඊට පස්සේ ඇහුවා කවුද මේ ඉන්නේ කියලා උත්තරයක් නෑ.බිම බලාගෙනම ඉන්නේ.
ආයෙත් මැතිරුවා යක්ශයන්ගේ අදිපති මහොසොන් දෙවි දැහැනෙන්...ඒ පාර නම් ටිකක් සැලැන්ඩර්...පස්සේ ඇහුවා කවුද කියලා කියනවද නැත්තම් මේ ආත්මේ පුච්චලා දාන්නද කියලා ඒ පාර කට ඇරල කියන්නම් කිව්වා...

ඒ ඉදලා තියෙන ආත්මේ තරුන ගෑනූ ලමයෙක්...ඒයාගේ පවුලෙත් ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි විතරයි දවසක් ඒ ලමයා ගෙදර ඉද්දී කාමතුරයන් 2ක් ගෙන් විනාශ වෙලා ඒ ගෙදරම එයාට වැලලෙන්න වෙලා තියෙනවා ..(ටිකක් හිතපන් ඒ කෙල්ල කොච්චර නම් දුකක් විදින්න ඇත්ද බන්,මතක් වෙද්දීත් මට අදටත් කේන්තියක්,දුකක් එන්නේ)

අභිරහසක් උන එයාගේ මරනය ටික කාලෙකින් අතීතයක් පමනක් උනා.අවසන් මොහොතේ කේන්තිය පලි ගැනීම වගේ සිතුවිලි නිසා පහත් ආත්මයක (යක්ශ) ඉපදෙනවා...අවුරුදු ගානක් ගිහින් ඒ තැන් දියුනු වෙලා ජනාකීර්න ප්රදේශයක දැන් ඒ ගෙදර තිබුනත් ඒ ගෑනූ ලමයා වලලපු තැන තමයි දැන් මේ අසනීප වෙලා ඉන්න ගෑනූ ලමයගේ කාමරෙත් හැදිලා තියෙන්නේ ඒ නිසයි ඒ ලමයගේ ඇගට මෙයා ඇතුල් වෙලා තියෙන්නේ පලිය ගන්න.නමුත් එයාගේ ආත්මයේ ඒ ගේ ඇතුලටම හිර වෙලා...

පලි ගැනීමේ චේතනාව ඒ ආත්මෙන් දුරු කරන්න ඕන දෙවල් කියලා දීලා එයාගේ ආත්මය ශක්තිමත් කර ගන්න කියලා පොරොන්දු අරන් එයාව ජය ශ්රී මහා බෝ සමිදුට කැප කරලා එහේදී එයාව නිදහස් කරා.ඊට පස්සේ ඒ ලමයට කරදරයක් උනේ නෑ....

ඊට පස්සේ මාස හයකට විතර පස්සේ පින් රැස් කරන් ඒ ආත්මය දෙවි ලොවක ඉපදිලා ආයෙත් දේවාලෙට ආවා...අදටත් එයාට උදේ හවස පහන් තියෙනවා කපුරු පත්තු කරනවා...අපි එයාව හදුන්වන්නේ කලු මැනිකා කියලා...

මැරෙන මොහොතේ අපේ හිතට එන සිතුවිලි බලපානවා අපේ ඊලග ආත්මයට.පලිගැනීම්,දැඩි ආශා,ලෝබකම් වගේ දේවල් හිතේ ඇදුනොත් ඒ වගේ වෙලාවට අපේ ආත්මයට බලපානවා ඒක.සසර ගමන කෙටි කර ගන්න පින් කරමු...අපි වයසට යනකල් ඉන්න ඕන නෑ පින් කරන්න...පන්සල් ගිහින් හැම පෝයටම සිල් ගත්තට වැඩකුත් නෑ.අපිට පුලුවන් හැම වෙලාවෙම පිනක් කරන්න.නැති බැරි මනුස්සයෙක්ට කෑම ටිකක් දෙන්න...සතෙක්ට සලකන්න...ගහක් කොලක් හිටවන එක..සුලු සුලු දේවල්...අපේ රාජකාරී ජිවිතත් එක්ක කරන්න අමාරුයි තමා.ඒත් යන එන පාරෙදි උනත් ටිකක් උත්සහා කරමු...(මේක මගේ පුද්ගලික අදහසක්)

Thushandan Rulz

Source: Link



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..






24 April 2019

---සූනියම් දේවතාවුන් වහන්සේ---



රබ්බඩ පුවක් සුවදයි බොල..

ගමේ නිවසක පිරිමි දරුවෙකු උපන් කල රාත්‍රී කාලයේ නිවසේ පිලිකන්න පැත්තෙන් මෙවැනි කට හඩක් ඇසේ..
කටහඩ ඇසී නිවැසියන් අවදි වී බලන විට දරුවා නිදි කර තිබූ ස්ථානයේ නොමැති අතර සොයාගෙන යද්දි ගෙල කඩා ලේ උරා බිව් දරුවාගේ මළ සිරුර පැදුනු ආනේ ගසා තිබියදී හමුවේ..
එහෙත් එක් දරුවෙක් පමණක් මරණයෙන් බේරුනු අයුරු සදහන් වන්නෙ එම දරුවාගේ පින් බලය නිසාය.
ඈ..බොල තෝ තවම මෙතන මොකද කරන්නෙ..තොට පිරිමි දරුවෙක් හම්බ වෙලා..
නොදන්නා අයෙකු ගැමියෙකුගෙන් මෙසේ විමසයි.

අපොයි..එහෙනම් දැන් මොනවා බලන්නද.මේ වෙන කොටත් වැඩේ ඉවර කරල ඇති...
නෑ..බොල ඒක මහා බලසම්පන්න දරුවෙක්..ඌ ලගට කාටවත් කිට්ටු වෙන්න බෑ..
ගෙදර දුව යන මිනිසා දරුවා යහතින් සිටිනවා දැක සතුටට පත්වේ..
මෙය අප ගැමි වහරේ සූනියම් යක්ෂයා පැමිණි අවධියේ කියවෙන කතාවකි..
සූනියම් දේවතාවුන් වහන්සේ ගැන කියවෙන කතා බොහොමයක් තිබේ..මේ ඉන් කතාවක් පමණි.
ගම්බාර සූනියම් දේවතාවුන් වහන්සේ අව පක්ෂයේදී යක්ෂා වේශයක් ගන්නා බව බොහෝ අයගේ විශ්වාසයයි.අප රටේ යකදුරන් යන්ත්‍ර මන්ත්‍ර සදහා ඔඩ්ඩිස යොදාගනී..
ඔඩ්ඩිස කුමරු ලොවට බිහි වන්නේ ඔඩ්ඩි දේශයේ රජුට දාවයවුදගිරි බිසවගේ කුසෙනි.ඔඩ්ඩි දේශය තෙලිගු දේශය යනුවෙන් හදුන් වන්නේ ඉන්දියාවේ ආන්දා ප්‍රදේශයයි.

ඉංදියාවේ එක්තරා ප්‍රදේශයක වැසියන්ට මෙම යක්ෂ බලවේගය නිසා නොයෙකුත් කරදර ඇති වූ බවත් සදහන් වන අතර ඔහුන්ගේ දරුවන් අකාලයේ මිය ගියහ.ගවයින් අතුරු දහන් වූහ.සුනඛයින් ආබාධිතව මිය ගියහ.ගැහැණු යක්ෂාවේශ වූ අතර ලෙඩ රෝග කරදර නිසා ගම් නියම් පාලු වුනා..එහිදී ගම් වැසියන් තෙලිගු මන්තර කරුවන් ගෙන්වා බොහොම අපහසුවෙන් යක්ෂයා අල්ලා පුස්කොල පත් ඉරුවකට තබා කටු ගසා සිරි කිරීමයි..පසුව ආඩිගුරුන්ද සමග ලංකාවට එවයි.මායාදුන්නේ රජ දවස ඔවුන් ගොඩ බසින්නේ මාතරට..මාතර අදටත් හොදම ගුරුකම් සදහා ප්‍රශිද්ධයි.මොහුන් සීතාවක රජු වෙත ගොස් අර පොත පෙන්වා එම පොතට අධිගෘහිත මහා බලසම්පන්න දෙවි කෙනෙකුන් සිටින බවත් එම දෙවිගෙන් උදව් ගත හැකි බවත් සදහන් කරනවා.

කිසිවෙකු විසින් හොරෙන් පොත බලන්න එය විවෘත කල වෙලාවේ සූනියම් යක් ෂයා එයින් මිදුනු බවත් පසුව නැවත අල්ලා ගනීවි යන බයෙන් යුතුව මෙරට විසු බලසම්පන්න මන්තර කරුවන් විනාශ කල බවත් සදහන් වෙනවා..ඉන්දියාවේ විදිහටම ලංකාවේ ඇඹව .කබලෑව .දොඩම්පාවුල සහ අවට ප්‍රදේශ වලට යක්ෂ කරදර ඇති වූ බව සදහන් වෙනවා.මෙම ප්‍රදේශය කබලෑ දෙවියන්ගෙ නින්දගම් කොටුව ලෙසත් හදුන්වනවා.
මෙම යක්ෂයා දමනය කර ඔහුගේ වෛරය නැති කොට යහපත් කෙනෙකු කලේ පත්තිනී මෑණියන් කියලයි සදහන් වෙන්නේ..සූනියම් යක්ෂයා දමනය කලේ පත්තිනී මෑණියන්..



කබලෑවේ රාළ නම් සිල්වත් උපාසයෙකු යක්ෂයා දමනය කිරීමට උත්සහ කල බවත් ඔහු සතියක් පුරා ලුණු නැති කිරිබත් වලදමින් පේවී පත්තිනී මෑණියන්ගෙන් නව ගුණ ඇට වැලක් ලබාගෙන එයින් සත් පට මාලයක් සාදා..ලක්ෂ වාරයක් පිරිත් කර යක්ෂයා එන මග බලා සිට ඔහුගේ ගෙලට දැමුවාලු.යක්ෂයාගේ ප්‍රචන්ඩත්වය නිසා එයින් සතර පොටක් කැඩී ගිය බවත් ඉතිරි තුන් පොටේ බලයෙන් ඔහු මෙල්ල වුනු බව සදහන්..දමනය වූ යක්ෂයා ඉන්පසු බුදුන් සරණ ගොස් මිනිසාට පිහිට වුනා කියලයි කියවෙන්නෙ..ඉස්සරනම් ගුරුකම් සදහා ඔඩ්ඩිස යොදා ගත්තත්..දැන් ඒ සදහා සොහොන් කාලි යොදා ගන්නෙ සූනියම් අප්පච්චි බුදු බව පතන නිසයි..වෛරය නිසා යක්ෂ වේශය වුනත් පෙර මහා පින් ඇති බලවත් අයෙක් තමයි මේ සූනියම් දෙවියො..

මේ වගේ තවත් බොහෝ කතා අප්පච්චි ගැන තියෙනවා..මෙය තමයි ප්‍රධාන කතාව ඒ අතරින් කියවෙන...ඒ වගේම ඔයාල දන්න කතා අත්දැකීම් තියෙනවනම් කියන්න..

Chandanie Deepika

Source: Link



22 April 2019

---ගුරුන්නාන්සේ---



හොල්මන්,අවතාර දැක්කම පේ නුලක් දාගන්ඩ හොයාගෙන යන්නේ කට්ටාඩි ගුරුන්නාසේව.කට්ටඩි කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දන්න බොහොම තේජවන්ත ශරීර කූඩුවක් තියෙන අය.මන්ත්‍ර ජප කරලා අඩි හප්පලා යටිගිරියෙන් කෑගහලා දගලනකොට යක්ෂයෝ,ප්‍රේතයෝ,කුම්භාණ්ඩයෝ පවා වෙව්ලුම් කාලා ඉන්නේ.

පබ්ලිස් ගුරුන්නාන්සේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙන්නේ තාත්තාගෙන්.තාත්තා වගේම අත්තා,මුත්තා,කිරිකිත්තා කට්ටඩි.කට්ටඩි කිව්වාට එසේ මෙසේ අය නොවෙයි.ප්‍රසිද්ධ කට්ටඩි.පබ්ලිස් ගුරුන්නාන්සේ පුංචි පැගිරි කාලේ රට පුරාම තොවිල් බවිල්,හුනියම් කැපිලි,බලි යාග හෝම කර්ම,ඔය කෝකටත් ගිහින් තියෙනවා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ තාත්තා සෙදිරිස් ගුරුන්නාන්සේ තඹ පයිසෙකට විශ්වාස කරන්න බැරි තරම් නපුරා.පුංචි හිත් නොහොදුමක් ඇතිවුණත් විනේ කටිනවා.හදි හුනියම් කළොත් හැත්ත වරිගෙ බුරුත්ත පිටින්ම තීන්දු ගමන් යනවා.ඒ නැත්තටම නැතිවේලා.ඒ හුනියම් කපන්න වෙනත් කට්ටඩියෙක් හොයගන්නත් බෑ.එන්නෙත් නෑ.ඔය තරමට බලගතුයි.සත්‍යයි.

පබ්ලිස් ගුරුන්නාන්සේ සේදිරිස් ගුරුන්නාන්සේ වගේ වින කටින වැඩ කලෙම නැහැ.එයා ශාස්ත්‍රයේ හොද පැත්ත ඉගෙනගෙන හොද අතේ වැඩ කළේ.මැදියම් රෑ පන්දම් පත්තු කරගෙන සොහොන් පොලේ අඩව් අල්ලනකොට සේදිරිස් ගුරුන්නාන්සේ දුම්මල වරම අතට අරගෙන පුතණ්ඩියාව ආරක්ෂා කළා.
"කවදා හරි පුතේ උඹ මටත් වඩා දක්ෂයෙක් වෙනවා"

ඒ වෙලාවට සේදිරිස් කියන්නේ හිත පුරා උපන් දරු සෙනෙහසටමයි.ඒ වුණත් මේවා හරියටම කරන්න ඕනෑ.ගෙදරින් හූනියම් කැපිල්ලකට පිටත් වෙන්න කලියෙන් ගෙවල් දොරවල් වතුපිටි ආරක්ෂා කරලා යන්න ඕනෑ.එහෙම නැත්තම මල යක්ෂයෝ බුරුතු පිටින් හැදිගානවා.සේදිරිස් ගුරුන්නාන්සේ සියළු ශාස්ත්‍ර පබ්ලිස් ගුරුන්නාන්සේට ඉගැන්නුවා.
වයසට යනකොට මේ ශාස්ත්‍රය කරන්න තරමක් අමාරුයි.ඇයි ඔය යන්ත්‍ර මන්ත්‍රවල තියෙන වචන හරියට කියන්න ඕනෑ.සොහොන් පිටියේ දපනේ දාලා ඉද්දි එක මොහොතක් වැරදුණොත් මහසෝනා බෙල්ල කඩලා දාන එක කාටවත්ම නවත්තන්න බෑ.මේවා හරි හරියටම දන්න ගුරුන්නාන්සේ සියලු කටයුතු පබ්ලිස්ට පවරලා විවේක සුවයෙන් ඉන්න තීරණය කළා.

හැබැයි සේදිරිස් ගුරුන්නාන්සේ වගේ නොවෙයි පබ්ලිස් ගුරුන්නාන්සේ.කා එක්කත් හොදයි.අයියේ මල්ලියේ,මාමේ නැන්දේ කියලා කාට කාටත් ගරු නම්බු දිලා කතා කළා.ඒ හින්දාම තමන්ට වඩා බාල වුනත් කවුරුත් ගුරුන්නාන්සේ කියලා කතා කලා .
ගමේ කෙනෙකුගේ ශාන්ති කර්මයක්,දෙහි කැපිල්ලක්,සෙත් ශාන්තියක්,පේ නූලක් දැමිල්ලක් වාගේ වැඩකදී ගුරුන්නාන්සේ සල්ලි බාගේ ගත්තේම නැහැ.
"මං දන්න ශාස්‍තරේ...ඕකට ගාණක් කියන්න බෑ.පඩුරක් ලැබුණාම හොදටම ඇති."

ඒත් ඉතින් කවුරුත් ගුරුන්නාන්සේව හිස් අතින් යැව්වේ නැහැ.හාල් ටිකක්,වී ටිකක්,අඩුම කුඩුම ගෙදෙට්ටම ගිහින් දුන්නා.
සේදිරිස් ගුරුන්නාන්සේට වගේම පබ්ලිස් ගුරුන්නාන්සේටත් රාජකාරිවලින් අඩුවක් තිබුණේම නැහැ.හැබැයි හදි හුනියම් වලට නම් අඩියක් ඉස්සුවේ නැහැ.
එදා දවසක්දා පුත්තලම පැත්තේ ගල්ගොඩින් තුන් හතරදෙනෙක්ම ආවා පබ්ලිස් කට්ටඩි ගුරුන්නාන්සේ හම්බවෙන්න.ඒ වෙලාවේ සේදිරිස් ගුරුන්නාන්සේ ගෙදර හිටියෙත් නැහැ.
"මේගොල්ලෝ කොහෙ ඉදන්ද ආවේ"
පබ්ලිස් ගුරුන්නාන්සේ වාඩිවෙන්‍ට කියලා එහෙම ඇහුවා
"අපි ආයුබෝවං ගාල්ගොඩින්"
"ඉතින් ආපු කාරණාව"

"අපේ ගෙදරට කොඩිවිනයක් කරලා.දැන් අවුරුදු හය හතක් වෙනවා.උන් හිටි හැටියේ අසනීප වෙනවා.දොස්තර මහත්තුරු කියනවා කිසිම ලෙඩක් නැහැ කියලා.ඒ වුණාට අවුරුදු දෙකක් යනකොට බලා ඉද්දි වැහැරිලා ගිහින් කතා බහා නැතිව වල පල්ලට යනවා.මාතර පැත්තෙන් ගුරුන්නාන්සේලා දෙතුන් දෙනෙක් ගෙනාල්ලා කොඩිවිනය කැපුවා.එකට මාස තුනහතරක් විතරයි ඇහැව්වේ.ආයෙමත් පරණ පුරුදු විදිහටම සිද්ධ වෙනවා.දැන් පවුලේ හතරදෙනෙක්ම එලෙව ගිහින්."
"එහෙනම් බොහෝම බලගතු කොඩිවිනයක් වෙන්නැති"

"කිහිප දෙනෙක්ම එහෙම කිව්වා.පබ්ලිස් ගුරුන්නාන්සේගේ වර්ණනාවා කිහිප දෙනෙක්ම කිව්වාට පස්සේ තමයි අපි මේ පාර හොයාගෙන ආවේ.ගෙවල් දොරවල් වතුපිටි පාලුවට ගිහින්.තවත් මෙහෙම ගියොත් වහා කාලා මැරෙන්න තමයි වෙන්නේ."
"මෙච්චරකල් හිටියා වගේ තව දෙතුන් දොහක් ඉන්න.සෙනසුරාදා මාසේ පෝය.මං එදාට එන්නම්.හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා.එහෙම වුණොත් වැඩේ අමාරු වෙනවා.කටින් කෙළ බිදක් හොලවන්නේ නැතිව හිටියොත් මට පුලුවන් ඕක අස්කරලා දාන්න.මං තුණ්ඩුවක් දෙන්නම් ඒක හරිගස්සලා තියන්න."

පබ්ලිස් ගුරුන්නාන්සේ පොතකින් කඩා ගත්ත කොලේක අඩුම කුඩුම ටික ලිව්වා.
සෙනසුරාදා උදේම පබ්ලිස් ගුරුන්වහන්සේ යක් බෙරෙත්, පිරුවටේ බැදගෙන ගෙදරින් පිට වුණා.ආරක්ෂාවන් ඔක්කොම කරලා.හැබැයි අම්මණ්ඩිට වැඩකට යනවා කිව්වාට හරි හමන් විස්තරයක් කිව්වේ නැහැ.සේදිරිස් ගුරුන්නාන්සේ ඒ වෙලාවේ ගෙදර හිටියෙත් නැහැ.

පබ්ලිස් ගුරුන්නාන්සේ තැන හොයාගෙන ගියා.කිව්වා වගේම වත්ත පිටියා පාලුවට ගිහින්.ගෙදර ඇත්තෝ සියලුම කළමනා සුදානම් කරලා තිබුණා.ගුරුන්නාන්සේ ජිවම් කටයුතු පටන් ගත්තා.
"මේක බොහොම බලගතු ගුරුකමක්.මං මේ කටයුතු කරන්නේ නැහැ.මොකද මේ ගුරුකම කළාට පස්සේ කොඩිවිනය කරපු කෙනාට බේරුමක් නැහැ.මේ පවුලට වේලා තියෙන වින්නැහිය දැකපු හින්දායි මාත් මේක කරන්නේ.හැම කෙනෙක්ම මං කියන දේ අහන්න ඕනෑ.පොඩ්ඩක් ගැස්සුනොත් ඔක්කොම ඉවරයි."



දවස පුරාම යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් ඔක්කොම අවසන් කළා.අන්තිමට තියෙන්නේ කොඩිවිනය කපන එක.ඒ කාරිය කෙරෙන්නේ සොහොන් පිටියෙදී.පවුලේම ඥාතියෙක්ගේ මිනී කන්ද උඩ.ඔන්න දැන් අන්ධකාරය ගලාගෙන යනවා.බොහොම හීන් සීරුවේ දෙතුන් දෙනෙක් සොහොන් පිට්ටනියට ගියා.හරියටම රෑ දොළහට මායම් වෙච්ච කට්ටඩියා සොහොන් වල ඇතුලේ දපන දාලා වැටුණා.දිලිහෙන මුවහත් කඩුවක් අරගෙන පුහුලක් කැපුවා.

පාළු මූසල රාත්‍රියේ කට්ටඩියාගේ යටිගිරියෙන් ඇහුණ හූවට ගම්මු උඩ ගිහින් ඇහැරුණා.දොරවල් තද කරලා වගාගෙන එක ගුළියට ගුළි ගැහුණා.යක්කුන්ටම වෙන්වුණු මැදියම් රෑ ජාමේ හූවක් ඇහුණම කවුද එළියකට පහළියකට බහින්නේ.වැඩිහිටියෙක් ගේ ඇතුළටම වලං කෑල්ලක් අරගෙන මුත්‍රා කළා.යක්කු එහෙ මෙහෙ දිව්වා.වේලිච්ච කොළ සර සර ගාලා පෑගුණ.ඒත් පබ්ලිස් ගුරුන්නාන්සේගේ ආරක්ෂාව හින්දා කිසිම අමනුෂ්‍යකුට පුලුවන්කමක් තිබුණේ නැහැ මිනිස්සුන්ට හිරිහැර කරන්න.තීන්දුම තීන්දුයි.කොඩිවිනය කැපුණා.හැම දෙනාම ගෙදරට ගියා.
ගෙදරත් එක්කම එළිය වැටිලා.ඔන්න ඉතින් පාන්දර ජාමේ උණු උණුවෙම කොපි කොප්පයකුත් ලැබුණා.
කොඩිවිනයට අරක් ගත්තු යක්ෂයා ලේ පිපාසයෙන් දැගලුවා.ඒත් ආරක්ෂාවන් හින්දා කිසිවෙකුට හිරිහැර කරන්න බැහැ.ඊට පස්සේ කොඩිවිනය කරපු කට්ටඩියා හොයාගෙන ගියා.

පබ්ලිස් ගුරුන්නාන්සේ ගාල්ගොඩින් පිටත්වෙන්න සූදානම් වෙලා පිරුවටය අරගෙන යක් බෙරය පිරුවටය මැද්දෙන් තිබ්බා.යක් බෙරය දෙපැත්තේන්ම පුපුරලා.ඒ විතරක්ද තාමත් වියලුණේ නැති අමුලේ බෙරේ ඇතුලෙන් ගලාගෙන ආවා.පබ්ලිස් ගුරුන්නාන්සේ මොහොතක් වෙලා කල්පනා කළා.කිසිම වැරදීමක් වුණේ නැහැ.එතකොට මොක්කද මේ වින්නැහිය.

මහ පාන්දරම ගුරුන්නාන්සේ ගුරුකම් ගෙදරින් පිටත් වුණා.
පැය දෙක තුනක ගමනකින් පස්සේ පබ්ලිස් ගුරුන්නාන්සේ ගෙදර ආවා.
"අම්මණ්ඩියේ...කෝ ගෙදර කවුරුත් නැද්ද ?"
අප්පච්ච්ගේ කාමරෙන් ඇහුණු කෙදිරිලි හඩින් යමක් සිද්ධවෙලා තියෙන බව පබ්ලිස් ගුරුන්නාන්සේට තේරුම් ගියා.ගේ ඉස්සරහ කොස් ගහේ අත්තකුත් බිම වැටිලා.
"අප්පච්චියේ මොකද මේ..."
කාමරය දිගේ ගලාගෙන ගිය රුධිරය තවමත් වේලිලා නැහැ.
"කොහෙද පුතේ උඹ ගියේ"
සෙදිරිස් ගුරුන්නාන්සේ ඇහුවා
"කොඩිවිනයක් කපන්න ගාල්ගොඩ ගියා."
"එහෙනම් හරි පුතේ...උඹ හරියටම වැඩේ කරලා"
"මට තේරෙන්නේ නැහැ අප්පච්චි...මොකද මේ"

"නිච්චියක් නැහැ මට.ඒ වුණාට ඔය කොඩිවින මම කරපු එකක් වෙන්න ඇති.ඒකා ආපහු ඇවිත්...ඒකා මහ රෑ ඉදලා ගේ වටේ කැරකුණා.සද්ද දැම්මා.මට පොඩ්ඩක් වැරදුණා.කොස් ගහේ අත්ත පාත්වෙනකොටම මට සේරම තේරුණා."
සෙදිරිස් කිව්වා.

සෙදිරිස් ගුරුන්නාන්සේ අඩුම කුඩුම කපන චක් පිහිය ලේ තැවරිලා ඇද පාමුල තිබුණා.

Sandaru Nimsara

Source: Link


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





20 April 2019

---පිල්ලිය---



මීට වසර 45කට පමන පෙර මුතුරාජවෙල අවට කෙරවලපිටිය /බලගල/ වර්තමානයේ අවරකොටුව හා ඒ ආසන්න ප්රදේශය සම්පුර්න වගුරු බිම් ලෙස පැවත ඇත.. ජානාවාස පිහිටුවා ගත් ඉඩම් තිබී ඇත්තේ ඉතාමත් සුලු ප්රමානයකි.. එක් ප්රදේශයකටම තිබී ඇත්තේ නිවාස පහක් හෝ දහයකි ඒවාත් එකකට එකක් හැතප්ම දෙක තුනක් දුරිනි මා මේ කියන්නට යන සිදුවීම සිදුවී ඇත්තේ ඇලකන්ද ප්රදේශයේයි... මාගේ සීයාගේ උපන් ගම වත්තල ඇලකන්ද ප්රදේශයයයි ඔවුන් මෙහි මුල් ගම් පදින්චි කාරයන්ය. අද අඩියෙන් අඩිය වෙලද වියාපාර හා විවිද කර්මාන්ත ශාලා පැවතියද මීට වසර 45කට පෙර එනම් 1974 මේ ප්රදේශ බොහොමයක් වගුරු බිම්ව තිබී ඇත...

කැලනි ගගට සම්බන්ධව හලාවත දක්වා ඇදී යන හැමිල්ටන් ඇල හා ඝන කැලෑව හැරුන විට මිනිසුන් පදින්චි ඉඩම් තිබී ඇත්තේ ඉතාමත් සුලු ප්රමානයකි... ගන කැලෑ හා වගුරුබිම් නිසා ඒ කාලයේ කොල දිවියන් හා විවිද විසකුරු සර්පයින් නිවෙස් තුලට පැමිනීමද සුලබ සිදුවීම් වී තිබේ .. විශාල ඉඩම් වල පදින්චි පුද්ගලයන් ගමට අලුතෙන් පැමිනන පිටස්තර අයට නොමිලේ ඉඩකඩම් සින්නක්කරයට ලබා දී ඇත.. එසේ ලබා දී ඇත්තේ පාලුවට ගිය වගුරු බිම් හා කලෑ ප්රදේශ වැඩි වශයෙන් තිබීම නිසා පේන මානයයේ තවත් පිරිසක් වාසය කිරීම මහත් අස්වැසිල්ලක් වූ බැවිනි.. ඒ කාලයේ එම ප්රදේශ වල විවිද ගුප්ත සිදුවීම් වලින් නම් අඩුවක් පාඩුවක් නොවූ නිසා මෙසේ ඉඩකඩම් බහුලව පරිත්යාග කල බව තතු දත්තෝ පවසයි..

මෙම ප්රදේශ දීවර ගම්මාන වන අතර එම කාල වකවානුව තුල අතේ මිටේ මුදල් හදල් වැඩි පුර ගැවසී ඇත්තේ බෝට්ටු හිමියන් ලගයි ... ගමේ සිටිනා අනිත් අයවලුන් තම ජීවිකාව සරිකරගෙන ඇත්තේ බෝට්ටු හිමියන්ගේ යටතේ ධීවර වෘත්තීයේ නියෙලෙමිනි. 

හවස හයෙන් හතෙන් පසු කුප්පු ලාම්පු දල්වාගෙන පිරිමි අයවලුන් මැදියම් රැය පසු වෙනකම් අවදිව සිටින්නේ සතුන්ගෙන් සිදුවිය හැකි උවදුරු වලින් තම නිවෙස් ආරක්ශා කර ගැනීමටයි.

හීනියට කසිප්පු ටිකක් කටේ හලා ගෙන ඕපයක් කියවන ගමන් බීඩි කොටයක් පත්තු කරගන පිරිමි මිනිස්සු ටික මැදියම් රෑ පහු වෙනකම් මුර සේවයේ..මේක ඒ කට්ටියගේ දින චර්යවක් විදිහට තමයි මේදේ සිදුවෙලා තියෙන්නේ... මම දැනගත්ත විදිහට මේ 1975 මැයි මාසේ දවසක් කොහොම හරි මැයි හා ජුනි මාස මුහුද වාරකන් කාලය නිසා ගොඩක් දුරට පොඩි බෝට්ටු මුහුදු යනවා අඩුයි අනික මහ වැස්සේ කොහොමත් යන්නේ නෑ.
උදේ ඉදන් තිබුන වර්ශාවෙන් අඩුවක් නම් එදා දවසම නැති හඩයි. කොහොම උනත් හවස් වරුව වෙද්දි වැස්සෙම අපේ කතානායකවරයා වන අප්පුහාමි උන්නැහියේ එලියට බැහල තියෙන්නේ කසිප්පු වාඩියට ගිහින් කසිප්පු ටිකකින් සප්පායම් වීමට හිතාගෙන...

ඔය යන අතරමගදී අප්පුහාමිට හම්බෙලා තියනවා නිව්ටන් නම් වූ ගමේ හොද කකුලක්. ගේ පහුකරන වැස්සෙම හැතප්මයක් විතර ඉස්සරහට යනකොට තමයි මේ පුද්ගලයව හම්බෙලා තියෙන්නේ .. .ඔහු තමයි ඒ කාල වකවානුවේ මේ පැත්තේ ජයටම මස් වෙලදාම කරගෙන ගිය පුද්ගලයා ඉතින් මඩේ එරීගෙන වැස්සෙම තනියෙම යනකොට මේ මනුස්සයා හම්බුන එකෙන් අප්පුහාමියට මාර සතුටක් දැනුනලු.. මොකද වැස්ස වහිනකොට වෙල් යායවල් උතුරනකොට සතා සිව්පාව එලියට බහින නිසා බයෙන් බයෙන් තමයි පොර මේ වැස්සෙම කසිප්පු ගහන්න යන්නේ...අනිත් හේතුව අදුරු ලදු කැලෑවක් අස්සෙන් යද්දි දැනෙන මූසල බව. මේ දෙකම නිසා මේ යකාව මේ වෙලාවෙ මුනගැහුන එක රටක් රාජ්යක් ලැබුනා වගේලු.

ආ උබත් වැස්සෙම බඩගාන්නේ අඩියක් ගහන්න වගේ
කියලා අප්පුහාමි කතාවට මුල පිරුවලු....
අනේ නෑ අප්පුහාමි අයියේ මම මේ උබ එනකම් බලන් හිටියේ කියලා මූ කුපාඩි හිනාවක් දැම්මලු
මම එනකම් වැස්සේ උබ මේ කැලෑව ඇස්සෙ අනේ නිකන් පලයන් බන් යන්න
දෙන්නා මෙහෙම කතා කරගන ඉස්සරහට යනකොට මූ එක පාරටම කැලේ පැත්තට පනල දුවන්න ගත්තලු

අපේ එකා ෆුල් හොල්මන්ලු යකෝ මූට මොකද උනේ වැස්සෙ මූ කෑලේ අස්සට කියන්නෙවත් නැතුව දුවගෙන ගියේ පිස්සු වේ...ගෙ පුතා කසිප්පු ගහල ගහල ඕකගේ මොලේ අප්සට් වෙලා කියල හිත හිත පොර කසිප්පු පොට් එකට යා ගන්නකොට පොට් එකේ වෘත්තීමය කසිප්පු මහත්වරු සියලු දෙනාම පහේ වැඩ ආරම්භ කරල තිබිලා තියෙන්නෙ.පැය බාගෙක විතර ගමන ඉවර වෙලා පොට් එකට අප්පුහාමි සෙට් වෙනකොට වැස්සත් අඩු වෙලා නිසා අප්පුහාමි ඉදගෙන හරි බරි ගැහිලා ඉස්සෙල්ලාම කරේ පැකට් එකක් අරගෙන කටේ හලා ගත්ත එක..
කසිප්පු පැකට් දෙක තුනක් උගුරෙන් පහලට ගියාම මිනිහට මතක් උනා නිව්ටන් කාරයව..
ඒයි ක්රිස්ටෝපර් උබ නිව්ටන් කාරයව දැක්කද බන් අද ? 


උගේ ඔලුව හොද නැත්ද බන් මේ වැස්සේ කැලේ අස්සට රින්ගුවා මා එක්ක මගටම ඇවිත්
නෑ අප්පුහාමි අයියා අදනම් ඕකව ඇහට දැක්කේ නෑ මම හිතන්නේ ඉත්තෑවෙක් හරි හාවෙක් හරි පස්සෙ එලවන්න ඇති ...කියල කිව්වෙ මිනිහගේ හැටි හමෝම හොද හැටි දන්න නිසා වෙන්ට
වෙලාව රාත්රී එකොලහත් පහු උනා අප්පුහාමේගෙ ගෑනි ලමයි තුන්දෙනා එක්ක ඔට්ටු වෙන ගමන් ගෙදර ඉන්න වයසක තාත්තා එක්ක අප්පුහාමියගේ පට්ට පතුරු ඇරිනවා.. 

ඔය මිනිහට බොන්න ගියාම ඉවරයක් නෑ මේ වැස්සෙ මමයි ලමයි ටිකයි දාල ගානක්වත් නෑ ඌරා වගේ තාමාත් බොනවා ඇති කිය කිය ගෑනි නහයෙන් හඩනවා..හොදම ටික තියෙන්නේ දැන් ...වෙනදා අවසිහියෙන් වගේ කෑ ගහගෙන ගෙදර එන අප්පුහාමි අද සද්දයක් වත් නැතුව හරි පිලිවලට දොර ලගට ඇවිත් තුන් පාරක් දොරට තට්ටු කරාලු වැඩේ කියන්නේ වත්තේ අහල පහල ඉන්න ඔක්කොම බල්ලො අප්පු හාමියගේ පස්සෙන් මර බෙරිහන් දිදී බුරනවලු වෙන එකක් තියා ගෙදර බල්ලත් බුරනවලු ... ගෙදර හිටපු වයසක ඩයල් එකට මේකේ පොඩි වෙනසක් තේරිලා සැකේට වගේ මිනිහා ලෑලි දෙකක් අස්සෙන් හිමීට ඇහ තියලා බලද්දි අරූ ඉද්ද ගැහුවා වගේ දොර ලග හිටගෙන දොරට හිමීට තුන් පරක් අයේ තට්ටු කරාලු ... ඔය අතරේ කුස්සියේ හිටපු ගෑනු පරානේ දුවගෙන ඇවිත් තියෙන්නේ දොර අරින්න හිතාගෙන ... දොර අරින්න යනවත් එක්කම තාත්තා එකට ඉඩ නොදී මෙහෙම කිව්වලු

"අරින්න එපා දොර ..ඕකට පුලුවන්නේ කතා කරන්න ඔකා කතා කරනකම් දොර අරිනව එහෙම නෙමේ
ඇයි තාත්තේ එහෙම කියන්නේ මේ මුනුස්සයා දැන් කියේ ඉදන් දොරට ගහනවද ඔන්න ඔතනින් එහාට වෙලා එහෙනම් තාත්තා දොර අරින්නකො කිව්වත් පොර දොර ලගට යන්නෙත් නෑ අරින්න දෙන්නෙත් නැතුව ලෑලි දෙක අස්සෙන් බලා ගෙන ඉන්නවලු
"දොර අරින්න නම් ඕකට කතා කරන්න කියපන් ඇයී ඌ වෙනදට ඔතන හිටගෙන ගමටම අහෙන්න බෙරිහන් දෙන්නේ දොර අරිනකම්ම...""

දැන් ගෑනී කෑ ගහවලූ කතා කරන්නකො ඒයී අනේ කතා කරන්නකො කිය කිය... නොකිව්වට මේකිටත් දොර අරින්න පොඩි බයක් හිතට ඇවිත් තියෙන්නේ කවදාවත් නැතුව බල්ලො සීයක් විතර මූගේ පස්සෙන් ඇවිත් වත්ත වටේම උඩ බුර බුර දුවන නිසා... කොහොමෙන් කොහොම හරි මූ කිසි කතාවක් බහක් නැතුව දොර ලග හිටගෙනම ඉන්නවලු වයසක ඩයල් එකට තේරුනාලු සීන් එක මොකක්ද කියලා
දොර ඇරින්න ඕන කමක් නෑ ඔය ඉන්නේ අප්පු හාමියා නෙමෙයි කියලා නැවත කතා නොකරන ලෙස ඇතින් ඉගියක් දීලා පස්සෙන් පස්සට ගිහින් ඉදගත්තලු ..... ගෑනිත් කරගන්න දෙයක් නැතුව බීරන් තට්ටු වෙලා වගේ එහෙමම කරාලු විනාඩි පහක් විතර ඔහොම දොර ලග හිටපු අප්පුහාමි අයේ හැරිල යන්න ගියාලු ... මූ වත්තේ මායිම පහු කරනවත් එක්කම බල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් මර ලතෝනියක් දෙන සද්දෙ ආවලු අනිත් බල්ලො කෑ ගහගන දුවන සද්දෙත් (හරියට බර දේකින් ගහපුවම බල්ලො කෑ ගහන්නෙ ඒ වගේ) ඊට පස්සෙ වත්ත ඉස්සරහ බල්ලො කෙදිරිගාන සද්දෙත් අහුනලු... ඒත් අරුන් නෙමේලු එලියට බැස්සෙ....

කොහොමෙන් කොහොම හරි උන කිසිදෙයක් අප්පු හාමියගේ ගෑනිට තේරෙන්නෙ නෑලු මේකි වයසක පොරගෙන් ඇහුවම මූ කියන්නෙත් නෑලු මුකුත්....
උබ ගිහින් නිදා ගනින් උන දෙවල් උදේට කතා කරමු ලමයින්ට මේ ගැන දනගන්න තියන්න එපා අරූ ආපුවම මම දොර අරින්නම් අපේ එකා නෙමෙ ඒ ආවේ උබ පලයන් අන්තිමට තාත්තා කටහඩ අවදි කලේ ප්රශ්න සීයකට පමන දුන් එකම පිලිතුර විදිහටයි...

ඔන්න ඉතින් කිව්වත් වගේම හරියටම පැයකට විතර පස්සෙ අප්පුහමියා කරටි කැඩෙන්න ගහලා තව එකෙක්වත් එක්කන් ගෙදර ආවලු .. සීයා දොර ඇරලා මුන් දෙන්නව ගේ ඇතුලට අරන් මුකුත් නොවුන ගානට එදා රෑ ගත කරාලු...
පහුවෙනිදා උදේම පොරගෙ තාත්තා (වයසක ඩයල් එක) ඇවිත් අප්පුහාමිගෙන් ඇහුවලු
උබ ඊයෙ කොහෙද හිටියෙ කියපන් මට
කොහෙ ඉන්නද වෙනද ඉන්න වාඩියෙම තමා
කවුද උබත් එක්ක හිටියෙ එතන
වෙනදා ඉන්න උන්ම තමයි අප්පච්චි මොක්ද කවදාවත් නැතුව මෙහෙම අහන්නෙ?

අහන්නෙද උබ එන්න ටික වෙලාවකට කලින් එකෙක් අවා මෙහාට දොරට තුන් පාරක් තට්ටු කරා ඉස්සෙලම මම ලීය අස්සෙන් ඇහ තියලා බලපු ගමන් මම දැක්කා උගේ ඇස් දෙක ඒක ගිනි බෝල දෙකක් වගෙ ..
බලු නකුටො පන්සීයක් විතර උගේ පස්සෙ .. ආපු එකා ආවේ නම් උබේ වේසෙන් .. ඌ හිට්ගත්ත ගමන් ආපු පුලුටු ගද මුලු ගේ ඇතුලෙම ._මම දනගත්ත ඒ මොකක්ද කියලා.. ඒ වේලාවෙම
කිසිදෙයක් හිතාගන්න බැරි අප්පු හාමි ගල් ගැහිලා වගේ කතාව අහගෙන හිටියලු
උබ මොනාට හරි බය උනාවත්ද ? මොනා හරි දෙයක් උබ දැක්කවත්ද මතක් කරපන්....
වයස පොර ඔහොම කියාගෙන එලියට බැහිද්දි ආප්පු හාමියත් කට ඇරගෙන කිසිදෙයක් හිතාගන්න බැරුව තාත්තගෙ පස්සෙන් එලියට ආවලු

මල හුත්..යි වත්ත වටේම ලේ වමනේ දාගෙන බල්ලො තුන් හතර දෙනෙක් පත බෑවිලා
මේක දැක්ක ගමන් අප්පු හාමිගේ ඇ.ට දෙක පූට්ටුලු....
මම උබට කිව්වෙ නැත්ද මේන් බලාපන් ආපු එකා යන ගමන් අපිට කරලා යන්න ආපු එක ලස්සනට කරගෙන ගිහින් බල්ලො ටිකට.. පිටම හරියට අතගලා තියෙන්නෙ දැක්කා නේද? නහයෙන් කටින් ලේ පෙරා ගෙන මැරී සිටි බල්ලන් පෙන්නන ගමන් වයසක උන්දා කිව්වලු
අප්පු හාමිට ඊයේ බීපු වෙරි පු..න් ගියා වගේ දැනෙන්න ඇති නේද???😁😁😁😁

අප්පච්චි නිව්ටන් කැලෑවේ හිටියා මම යනකොට ඌ එක පාරටම කැලෑව ඇතුලට රින්ගුවා මා එක්ක කතා කරලා මොර සූරන වැස්සෙම අප්පුහාමි කටහඩ අවදි කරේ සීන් එක ලාවට මිටර් උන නිසා වෙන්න ඇති
කියට විටරද උබ ඌව දැක්කෙ ?
හවස හයට විතර
දැන් ඌ ගෙදර ඇතිනෙ වරෙන් යන්න බලන්න කියලා තාත්තයි පුතයි නිව්ටන්ව හොයන්න පිටත් උනේ මෙතන අමුත්තක් තියනවා කියලා තේරුම් ගත්ත නිසා...

නිව්ටන්ගෙ ගේ ලගට දෙන්නා ලං වෙනකොට පැයක් හමාරක් ගියාලු නිව්ටන් කාරයගේ ගෑනි පිල උඩට වෙලා කල්පනා කර කර ඉන්නව දෙන්න ඈත තියාම බලගෙන තමයි ගෙදරට ගොඩ වෙලා තියෙන්නෙ
අහ් පිලමිනා කෝ නිව්ටන් උන්නැහියේ .. ඒ අප්පුහාමිගේ තාත්තා හඩ අවදි කලේ මෙහි වත ගොත දැනගැනීමටයි
බලන්නකො සීයේ ඊයේ හවස ගියා වාඩිය පැත්තේ යනවා කියලා තාමත් නෑ මාත් මේ එනකම් තමයි බලන් ඉන්නෙ කොහෙ හරි වැටිල ඇති බීලා මොකෙක් එක්ක හරි.
වෙරි බැස්සම එන්නෙ නැතෑ උන්දා ගිය තැනකින් මම බලගන්නම්කො ආවම...
සීයාලා මස් මොනා හරි ගන්නද?

නෑ අපි මේ නිව්ටන් උන්නැහියේ හම්බෙන්න කියලම තමා ආවේ...අප්පුහාමි කොලුවට ඊයේ ඔය මනුස්සයව හම්බෙලා තියනවා පස්සෙ මිනිහා මුකුත් නොකියම කැලේට රිංගල තියනවා කියලා මුලු කතාවම ගෑනිට කිව්වලු ....පස්සෙ ගෑනිවයි ගමේ තව දෙතුන් දෙනෙක්වයි එකතු කරන් කට්ටිය නිව්ටන් හොයන්න පිටත් වෙලා තියනවා....
ඔය යන අතරේ කස්සිපු පොලේ වාඩියේ යාලුවන්ගෙ ගෙවල් අහල පහල ඉන්න පුලුවන් හැම තැනකම බලුවත් නිව්ටව කවුරුත් දැකවත් කොහෙවත් ඉදලවත් තිබ්නෙ නෑ...
අන්තිමට නිව්ටන් අතුරුදන් වුන පුවත ගමේම පැතිරගෙන ගිය අතර බොහෝ දෙනා එක්ව කල හොයා බැලීම් වලිදී කැලෑව අතුලේ මුනින් අතට වැටී තිබු නිව්ටන් ගේ මල සිරුර හොයා ගෙන මියයන විට ඔහුට මලපහ හා මුත්රා පිටව තිබූ බවත් අස් දෙකම ඇරගෙන නහයෙන් කටින් ලේ දමා වැටී සිටි ඇත්තේ පොලවේ පස් හාරගෙන ඉතාමත් බයානක විදියට බව මම අසා දැනගතිමි. ඔහුගේ මුහුනෙන් හා ඉරියව් වලින් පෙනී ඇත්තේ යමකට අසීමාන්තිකව බිය වූ ලක්ශනයි
මිනිහා හවස සතෙක් පස්සෙන් කැලේට යනකොට අතේ ඇගිලි පහම පිටේ හිටින්න තමයි දෙන කෙනා කවුරු උනත් මිනිහට දීලා තියෙන්නේ ඒ වැඩි පිරිසගේ මතයයි

ඔය අතරේ තමයි අප්පුහාමියට හවස මිනිහව දකින්න ලැබුනේ ඒ වෙනකොටත් මිනිහ කැලේ ඇතුලේ පතබෑවිලා ඉවරයි
මිනිහාගේ වේසෙන් ආවෙ පිල්ලියක් එත් මොන හේතුවකට හරි අප්පුහාමියා බේරුනා
අප්පුහාමිව මග ඇරුන නිසා ඒ පිල්ලියම අප්පුහාමිගේ වේශයෙන් අයේ අප්පුහාමිගේ ගෙදර ගියේ මගහැරුන බිල්ල ආයෙ ගන්න .. එකත් වැරදුන තැන තමයි බල්ලො තුන් දෙනෙකුට පාර දීලා ගිහින් තිබ්බෙ
අපිට පේනවට වඩා යමක් බල්ලො දකින නිසා තමයි උන් බුර බුර පස්සෙන් කැරකිලා තියෙන්නේ ...හවස හයට එලියට බහින එක තුන්පාරක් දොරට තට්ටු කරොත් දොර අරින්නෙ නැති එක පුලුටු ගද වගේම බල්ලොන්ගේ උඩ බිරීම් වගේ දේවල් ගැන ඒ කාලේ මිනිස්සු ගොඩක් සැලකිලි මත් වෙලා තියනවා කොහොම උනත් අප්පුහාමිගේ තාත්තා සැලකිලි මත් උන නිසා ගෙදර කට්ටිය පරිස්සම් උනා.... හැමදෙම දැනගත්තට පස්සෙ අප්පුහාමියට ශාන්ති කර්මයක් කරන්න උනා කියලයි ආරන්චිය...........

විශ්වාශ කිරීම හෝ නොකිරීම ඔබ සතු පරම අයිතිය වන අතර මා සත්ය කතාවක් මෙසේ අකුරු කලෙමි...විද්යාවෙන් ඔබ්බට ගිය අව්ද්යත්මක ස්තීර සත්යතාවන් වන නොපෙනෙන බලවේග මේ මොහොතෙත් ඔබ හෝ මා අසල සැරිසනවා විය හැක අවදියෙන් සිටීම් මැනවි...

Don Kevin Fernando

Source: Link



18 April 2019

---බන්ඩාරගම කොලමෑදිරිය | සත්‍ය කතාවක් ----


යාලුවනේ ඔන්න ගොඩක් කලෙකින් අපේ ගමේ වෙච්ච ගොඩක් බය හිතෙන ඈත්තම ඈත්ත හොල්මන් කතාවක් අරන් ආවා .මුලින්ම කියන්නම් මගෙ ගම බන්ඩාරගම කොලමෑදිරිය කියන පොඩි ගමක්. මේ කතාව සිද්ද වුනේ නම් අද ඊයෙක නෙවෙයි මීට අවුරුදු දහයකට විතර කලින් .අපේ ගම ගෑන කියනවා නම් දෑන්තියෙන්නේ අපි කලින් ජීවත් වුන ලස්සන ගම නම් නෙව්යි,

ඉස්සර බෑලු බෑලු තෑන්වල ගහකොල කුරුල්ලො සතා සිව්පාවො,
හරි හමන් පාරක් තොටක් ගමේ නොතිබ්බත් ගමේ මිනිස්සු ගොඩක් සන්තොසෙන් ජීවත් වුනා .ඒ අයගේ සරල ජීවිතවලට මහලොකු බලා පොරොත්තු නම් තිබුනේ නෑ යාලු.
ඒදා වේල පිරිමහගන්න කීයක් හරි සොච්චමක් හොයාගෙන හවස් යාමේ ගමේ තේ කඩේ කඩ පිලට එක්කාසු වෙලා බීඩියක් උර උර දුම් වලලු පිටකරන ගමන් ඔපා දූප කතාකරන එක අපේ ගමේ වයසක උදවිය ආගමක් විදියට අදහගෙනයි ජීවත් වුනේ.

සෙසු ආගම් විදියට මෙයාලා ඈදෑහුවේ කසිප්පු , කන්සා වගේ දේවල් තමයි.
මේ හෑම ආගමකටම ගරු කරහෙන අපේ සීයලා ආතලා මාමලා බොහොම සතුටින් ජීවත් වුනා .
ඔය මම කතාව කියන කාලේ මීට අවුදුරු ගානකට කලින් ,ඒ කාලේ කොට් ත්‍රස්තවාදීන් දරුනව්ටම පෑතිරිලා හිටපු කාලයක්.චන්ද්‍රිකා තමයි රට පාලනය කලේ.අපේ උන්දල
කඩ පිලට එක්කහු වෙලා බීඩියක් උරන ගමන් කතාකලේ චන්ද්‍රිකාගේ ජන්ගිය කොචරක් ලොකු ඈද්ද, කොට් කොලබ අල්ල ගනීද , බෑදලා සෑහෙන කාලයක් ගියත් රනිල්ට ඈයි ලමයි නෑත්තේ,පේමදාස මහත්තයගේ පුතා සජිත් පේමදාස ස්ටේජ් එකේ කතාකරන කොට උඩ පෑන පෑන කතා කරන්නේ ඈයි.ඔය වගේ රස බේරෙන මාර්තුකා තමයි අපේ උන්දලා කඩ පිලේ කතා කලේ.ඈත්තටම අද ආපහු අවුරුදු පහලොවක් විතර ගෙවිලා ගියපු කාලය දිහා හෑරිලා බෑලුවොත් අපේම උන්දලා එදා චන්දිකාගේ ජන්ගියේ දිග පලල මෑනලා ආතල් එකට චන්දෙ දුන්න නිසාවෙන් අද වෙනකම් රට එක තෑන පල්වෙනවා නෙද කියන එක ගෑන ලොකු කනගාටුවක් හිතේ උපදින්නේ.

ඔක තමයි රටට වෙච්ච අමු ඈත්ත එකයි මම අමුවෙන්ම ලිව්වේ .වෑරෑද්දක් ඈතොත් සමාවෙන්න
ඉතින් ඔයී අපේ ගමේ තියනවා රෑකට ටිකක් ඈවිදින්න අමාරු ඉස්තාන රාශියක්, දෑන්නම් ඔය ටිකක් හොදයි.
ඉස්සර නම් යන්නම අමාරුයි.මොකද හවස ගොම්මන් කරුවලත් එක්ක අපිට නොපෙනන දේවල් අහුමුලුවලින් එලියට ඈදෙනවා හිම්න් සෑරේ, ඉතින් ඔය ගමේ ඈත්තො ගොඩාක් සීමා කරලා තියෙන්නේ ඔය නොපෙනෙන ඈත්තො ගෑවෑසෙන අදුරු මූසල යායවල් වල ගමන් බිමන් යන්න.

බොල්ගොඩ ගගේ අතු ගන්ගාවක් නිසා අපේ ගමේ ගොඩාක් වෙල්යායවල් ලොකු වගුරු බිම් බවට පත්වෙලා තිබුනේ .ලොකු පන්ගාල් වලින් වටවෙච්චී මේ වගුරු බිම් වල කවුරුත් ඈවිදින්න යන්නේ නෑත්තේ වෑරදීමකින් අඩ්ය ත්බ්බොත් බෙල්ල ගාවට යනකම්ම්ම මඩේ එරිලා මෑරෙන්න වෙන නිසා.වගුරු බිම් නිසාම පොඩ්ඩක් වෑහි දෙකක් වෑස්සොත් ඈති ගග උතුරලා ගන්වතුර ගලන්න ගන් වතුර ගෑලුවහම මුලු වගුරු බිම වගේම එහා ගමට යන පාරත් යට වෙනවා.
ඉතින් ගන්වතුර කාලෙට අපේ ගමේ සමහරක් චරිත වලට රජ මගුල් මොකද මේ ගොල්ලො දන්නවා ගන්වතුර ගෑලුවහම වෙලට පිරෙන

නෑවුම් උල්පත් වතුර පාරවල් දිගේ උඩහට මගුරො කියන ලොකු මාලු ජාතිය උඩහට බඩගාන විත්තිය .අපේ අයත් ගන් වතුර ගලපු පලවෙනි රෑයෙම වෙලට බහින්නේ මගුරො කොටන්න .
හවස හත හතහා මාරට විතර ටොච් අරගෙන මගුරො කොටන්න කඩු කස්තාන අරගෙන දෙතුන් දෙනා ලෑස්තිවෙන්නේ යුද්දෙකට යන්න වගේ .

වතුරට බහින්න කලින් කසිප්පු පොදකින් දිව තෙමා ගන්න මේ අය අමතක කරන්නේ නෑ.
ඉතින් බන් කොහොම හරි මගුරු හත් අට දෙනෙක් කොටා ගන්න රෑ එලි වෙනකම් අපේ අයියලා වතුරේ බෑහෑගෙන දගලනවා.
උබල හිතන්න ලන්කාවේ රසම වෙල්මාලු ඉන්නේ අපේ ගමේ .
අම්මපා අපේ ගමේ.

මොකද ඔයී මිරිසට හිදෙන්න උයපු හුන්ගො හට්ටියක් ලගින් තියාගතන්නම් දෙයි හමුදුරුවන් පල්ලා තනි මිනිහට පාන්ගෙඩ් හතරක් කන්න තරම් දොලදුකක් හෑදෙනවා.
ඒ තරම් රසක් ඔයී මම ඔනේ නම් හත්පොලේ දිවුරන්නම් , අම්මපා එහෙම රසක් නම්...................
ඉතින් බන් වෙලට වතුර ගෑලුවහම දෙතුන් දෙනෙක් එක්කාසු වෙලා මගුරො කොට්ටන්න යන්න එක ඈත්ත ඒත් කවුරුවත්ම හිතන්නේ නෑ බන් තනියම කට්ට කරුවලේ වෙල් ඉවුරු අස්සේ රින්ගන් මගුරො කොටන්න .ඔය මගුරො කියන්නෙත් එචර හොද මාලු ජාතියක් නම් නෙමෙයි.

ඌරගේ කිලි තියනවා වගේම ඔය මගුරො කියන්නෙත් අපිට නොපෙනන වෙනම ලොකයකට අඩ ගහන අමුතුම ජාතියේ සත්තු කොට්ටාශයක් .
බය කියන එක අහපුවත් නෑති එකෙක් ඔනේ මේ තිරිසන් කරුවල යායවල් වල මහ සීතල රෑ යාමේ තනියම මගුරො කොටන්න යන්නේ. ඔචර අවදානමක් අරන්.

අපි නොපෙනෙන ලොකය පොඩ්ඩක් පෑත්තකින් තියමු.ගන් වතුර කොචර අවදානම්ද කියලා කියන්නේ බන්.ගන් වතුර පාරට ඉන්න හිටින්න තෑනක් නෑති වෙච්ච පත්තෑයගේ ඉදලා කුනකටු පොලොන් නයි ගහගෙන එනවා බන් සෑඩ පාරේ .ජීව්තයත් මරනයත් අතර මරු විකල්ලෙන් දගල මේ සරුපයෙක් ගන් වතුරෙදි ඈගේ දෑවටුනොත් වෙන දේ නිකමටවත් කියන්න ඔනේ නෑ නේ .

උන් පලන්නේ තුත්තිරි ගහෙත්එල්ලෙන්න.
බොල්ගොඩ ගගේ අතු ගගේ ඉන්න කිබුල්ලු ගන්වතුර කාලෙට නිදහසේ ඔය වෙල්යාටවල් වල පීන පීන උන්ගේ ආතල් එක ගන්නවා අපි ඈස් දෙකට දෑකලා තියනවා .
ඒ අපි දවල් දෑක්ක දේවල්.
රෑට තිත්ත කරුවලේ ඔය මුකුත් පෙන්නේ නෑනේ බන් .
ඒක තමයි අවදානම.
අපි ආයෙ කතාවට එමු.පොඩ්ඩක් එබිලා බලහන් වෙල දිහාවට මේ තිත්ත කරුවලේ කවුරු හරි එනවද කියලා.උබට ඈහෙනවාද වටේ පිටෙන් ඈහෙන්නේ ගොම්බො ලක්ස ගානාක් එක පොකුරට මහා සද්දෙන් මර ලතොනි දෙන සද්දේ ..........
දෑනෙනවද ඔය සීතල හුලග.........
උබට මාව පෙන්නෙවත් මට උබව පෙන්නෙවත් නෑති කට්ට කලුවර..........
මේ මූසල තනිකම............
උබට උහුලන්න පුලුවන් ද ?
බෑ නෙද ?
මේ පාලු මූසල යායේ මේ වෙලාවට කවුරු එන්නද නේද බන් ඔව් ඔන්න ඔහේ යමන් යන්න.........
.....
.....
.....
හො ...හො ....
.....
.....
.....
.....
පොඩ්ඩක් හිටහන් මොක්කද බන් අර ඈතින් ටොච් එලියක් මෙහාට එන්නේ ?
??
??
??
??
යකො මේ තිරිසන් කලුවරේ කවුද බන් වෙලට බඩ ගාන්නේ .ම්..............
සරමත් කෑහෑපොට ගහගෙන බීඩියක් උර උර ඔලුවෙ ජටාවක් නේද ඔව් .කවුද බන් මේ වෙලාවේ වෙලට එන්නේ තට්ට තනියම මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ
උබලා දන්නවද කවුද කියලා වෙලට බහින්නේ .
ඒ වෙන කවුරුත් නෙමෙයි බන් යකාටවත් බය නෑති විල්බයියා
විල්බයියා කියන්නේ අවුරුදු හෑටක විතර වයසක මනුස්සයෙක් ගමේ කාටවත්ම බය නෑ අයිබොවන්ඩ.
අඩි පහමාරක් විතර උස උඩුරෑවුල වවපු ටිකක් විතර මහත මනුස්සයෙක් නිතරම සුදු බීඩිය කට කොනක. මිනිහා ඈදන් ඉන්න සරම අමතක වුනත් කටේ ගහන් ඉන්න බීඩිය නම් අමතක වෙන්නේ නෑ මෑරුනත්.
ම්නිහට රෑයක් දවාලක් පිනක් පවක් තකන්නේ නෑති හිතුවක් කාර චරිතයක්.විල්බයියා කිවවහමයි මතක් වුනේ ව්ල්බයියට ඉන්නවා මිනිපිරියක් ඔයී ඉට් රූපයක් .මුලු ගමම එලියයි හෑන්දෑවේ ගුරු පාර දිගේ පන්ති ඈරිලා ගෙදර එනවා අම්මපා ඒකි පය තියන තෑන වෑලි කෑට ලෑජාවෙන් ඈබරෙනවා
අම්මපා

අපි පොඩි කාලේ අපිට තිබුනා මහා කරුමක්කාර පිස්සුවක් ලෙන් කූඩුවක් පෙන්න බෑ කොහොම හරි ගහට බඩ ගාලා ඔය ලෙන් කූඩුව කඩලා පෑටව් ඉන්න්නවාද බලනවා .ගොඩක් ඒවයේ ඈස්වත් ඈරපු නෑති ලේන් පෑටව් ඉන්නවා උන්ගේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නෑ අපිත් උන්ව ගෙදර අරන් ඈවිත් ආදරෙන් හදා ගන්න හදනවා .මොන.
උපරිම සතියයි උන් ජීවත් වෙන්නේ.
ගහකොලටත් නෑ උන්ගේ අම්මලා තාත්තලාටවත් නෑ.අහින්සක සත්තු ගෙනහල්ලා මරල දාන කාලකන්නියා කියලා අපේ ආච්චී ඒ දවස්වල නිතරම බෑන්න මට මතකයි.
දවසක් ඔය විල්බයියගේ වත්ත මයිමේ ගෙවල් ලග කෑලේ ලෙන් කුඩුවක් කඩන්න ගොරොක් ගහක් දිගේ බඩගාපු වෙලාවක නිකමට වගේ වටපිට බෑලුවා දෙයියනේ .මගේ හිත ගල් ගෑහුනේ ගෙදර තාත්තට හොරෙන් තාත්තා ගෙනාපු බීඩියක් කක්කුසියේ හෑන්ගිලා 
බීව එක මතක් වෙලා නෙමෙයි.

ව්ල්බයියගේ ලිද ලග නාන විල්බයියගෙ මිනිපිරීව දෑකලා.උබලා දෑකලා තියනවද අර ලොකු කසන හබරල කොලයකට වතුර බින්දු වෑටුනහම මොකද වෙන්නේ කියලා ? හබරල කොලේ තියන සියුමෑලි කමට වතුර රදන්නේ නෑ.අන්න ඒ වගෙමයි එකිගේ ඈගට වෑටෙන වතුර බින්දුත්. බටර් පාට හමට වතුර බින්දු වෑට්ලා සද දිය දොරේ ගලනවා.
මගේ කටේ කෙල හිදුනා අයිබොවන්ඩ. ඔය වෙලාවේ තමයි මගේ ජීවිතයට දෑකපු ලස්ස්නම ලස්සන දර්සොනය දෑක්කේ. ඒකි මම හිටපු කෑලෑව පෑත්තට හෑරිලා ඈදන් හිටපු මල් මල් චීත්ත රෙද්ද ගලවලා අයෙත් ඈදගත්තා .
කොහෙද හෑන්ගිලා හිටපු සුදුම සුදු ලස්සනම ලස්සන හොට රොසම රොස පාට හන්සයො දෙන්නෙක් පියාබුවා විතරයි මට මතක.



මට කෑගෑස්සෙන්න ආවා අම්මපා මම කෑගෑහුවා වෙලාවට සද්දේ ඈහුනේ නෑ .සෑද්දේ ඈහුනනම් වටේ පිටේ එවුන් මට අල්ලන් ගසනවා ගෑනු නාන තෑන් වල ගෑනුනානවා බල බල තිරිසනෙක් වගේ කෑගහනව කියලා .
අයියො සමාවෙන්න කතාවත් අනිපෑත්තට ගියානේ මෙ විල්බයියගේ මිනිපිරියක් නිසා සොරි.දෑන් කතාවට බහිමු දනක් වතුරේ බෑහෑගෙන වතුරට ටොච් එක ගහගෙන විල්බයියා මගුරො හොයනවා ඔය ටොච් එලියට මගුරො ගිනිකන වෑට්ලා මායම් වෙනව .දුරට ගහපු ටොච් එලිය දිගේ මගුරු නාම්බෙක්ව ලගට ගෙන්න ගන්න මන්තර ඔනේ නෑ බලු පෑටියාවගේ දෙපතුල ගාවටම එනවා එහෙම ආවහම කල් යල් බලලා කඩුපාඒ දෙන්න තියෙන්නේ.හෑමොටමත් ඔය වෑඩේ බෑ. වතුරට එල්ලේ වෑරදුනොත් කඩුව එන්නේ කකුලටමයි.

කොහොම ගරි දගලලා දගලලා මගුරෙක් කොටාගන්න විල්බයියට පුලුවන් වුනා වටපිටවේ කලුවර මිනිහට නම් ගානක් වත් නෑ.හෑබෑයි මේ වෙලාවේ හීනියට පොඩි මල් වෑස්සක් වහින්න අරන් තියනවා.වෙලාවත් එකොලහේ කනිසමට ටිකක් කිට්ටුයි.ලාවට මීදුමක් වෙල මෑදෙන් මොදු වෙලා තියෙන්නේ මේ වෙලාවේ සීතල හුලගට විල්බයියගේ ගතේ හිරිගඩු නොපිපුනේ බීඩ් අලුත් බීඩ් කොටයක් විල්බයියට තනි රෑක්ක නිසා.ඔන්න ඔය වෙලාවෙ ඈතින් වතුර කෑලතෙන හඩක් ඈහුන නිසා ටොච් එලිය ගහපු විල්බයියා දෑක්කේ මගුරො රන්චුවක් ම පොදියට දගලන දර්සනේ .මුවගට නෑගුනු සින් හිනාවත් එක්ක විල්බයියා මගුරො ගුලියට කිට්ටු කරන්නේ තවමත් පිටේ එල්ල ගත්ත පොර කවරේ විල්බයියට තනි රකින හිටියේ එක මගුරෙක් නිසා.ඔන්න ඔය වෙලාවේ තමයි මිනිහට අමුතු නුහුරක් දෑනෙන්න අරන් තියෙන්නේ නිකම් නුපුරුදු පාලුවක් වගේ එක පාරටම.

මිනිහට නුහුරු ගතිය නිසා ටොච් එලිය අල්ලලා තියනවා හතර වටෙට ගෙම්බොත් මාරයා අවේස වෙලා වගේ මර ලතොනි දෙනවලු .ටොච් එලියට දෑක්ක දෙයින් විල්බයියා ගෑස්සිලා ගියාලු විල්බයියට පිටිපස්සෙන් මීටර් අසූවක් විතර ඈතින් විල්බයියට පිටුපාලා මිනිහෙක් ඉන්නවලු ඈන තියාගෙන ඉවුරක වාඩි වෙලා බිලී පිතකුත් අල්ලගෙන.කෙට්ටු හීන්දෑරි පොරක් සරමයි රතු ජටාවක් ඔලුවෙ ඔතන් ..මිනිහා මලු බානවාලු
විල්බයියා
" ඔයී ලොකු උන්නෑහෑ "
කියලා කෑ ගෑහුවලා මක් කරනාවාද ඔයී ඔය කියලා.
මුහු කිසිම සදයක් නෑ පොරගෙන් මිනිහා පාඩුවෙ උගෙ වෑඩ.

විල්බයියත් අනේ මයෙ මොකො කියලා මගුරො කොටන්න ටොච් එක වතුරට හෑහුවලු යකො මෙන්න වෑඩක් මගුරො තුන් දෙනෙක් විල්බයියාගේ අත දික් කරන දුරින් ටොච් එලිය ගෑහුවා විතරයිලු මෙන්න ලගටම එනවලු ගතලු කඩුව තුන්පාරෙන් තුන් දෙනාම කොටා ගත්තලු ඔබා ගත්තලු උරෙට .අයෙත් ටොච් එක ගෑහුවලු මෙන්න යකො තව තුන්දෙනෙක් ලග ලගම .උන් තුන්දෙනටත් දුන්නලු ශොට් එක.උන් තුන්දෙනාට පස්සෙ තව තුන් දෙනෙක් දෑන් දහයයි මල්ලේ.දෑන් විල්බවත් කරකවලා ඈතෑරියා වගෙලු.දෑන් මිනිහා පෑය දෙකතුනක් දගලල දගලත් එක මාලුවයි කොටා ගත්තේ .අර යකෙක් ආව විතරයි මාලු පොලිමේ එනවලු.විල්බයියා ටොච් එක ගෑහුවලු අර මනුස්සයා ඉන්න නියරට අම්මට හුඩු මෙන්න මිනිහටත් මාලු අහුවෙනවා කෙලියට .

"ඔයී අද සාරයි නෙද"? කියලා විල්බා අහනවලු අරූ ගෙන්. මොන මිනිහා නෙමෙයි හෑරිලවත් බෑලුවෙ.
මොන හුත්!$# කියලා විල්බයිය තමාටම කියගෙන පොඩ්ඩක් හිතට අමුතක් දෑනුනා නිසා ආයෙත් ටොච් එලිය අර නාදුනන මිනිහට ගෑහුවලු.මෙන්න මෙයකා හිටියට වඩා අඩි දෙකක් විතර උස ගිහින් ලු.විල්බ ඈස් දෙක පිහිදගෙන අයෙ බෑලුවෙ මිනිහට මනො විකාරවත් පෙනවාද කියලා .යකො මෙන්න මු එන්න එන්න උස යනව ඒ අතරේ මිනිහ්හට මාලුත් අහුවෙනවාලු කෙලියට.දෑන්නම් විල්බයියට දෑනුනලු වෑඩේ හරි මෙ නම් ම්නිස් පරානයක් නෙවෙයි කියලා ගෙබි කෑගෑහිල්ල ගොසාවක් වගේ හීතල විල්බව වටකරගෙන .බීඩ් මොන බීඩිද මිනිහගේ උගුර කටත් වේලිලා හොදටම.මූ එන්න එන්න උස යනවලු දෑන්නම් අඩි අටක් විතර උස්යිලු .ව්ල්බයියත් මේ වෙන්නේ මොකක්ද කියලා ඈස්දෙකත් ලොකු කරන් කටත් ඈරන් බලන් ඉන්නවාලු.

මූ දෑන් අඩි දොලහක් වගෙ උස ගිහින් .අයෙත් පාරක් බෑලුවහම්ස් පොල්ගහක් තරම් උස ගිහින් දෑන්නම් දෑනගත්තලු විල්බයියා මේ නම් මහසොනා තමයි කියලා. විල්බයියාගේ මුලු ඈගම දාඩියෙන් තෙත් වෙලාලු .විල්බයියා හිතුවලු මේ නම් මිනිහා ජීවත් වෙන
අන්තිම විනාඩි කීපය තමයි කියලා
උබලා අහලා තියෙනවා නෙද සතෙක් උනත් මරනය ඉදිරියේ මාරාවෙශ වෙනවා කියලා විල්බයිය ටත් ඔය වෙලාවෙ මහසොනා නෙමෙයි මොකාවුනත් මරාගෙන කනවා කියලා කේන්තියක් ලු ආවේ හිතට.
ව්ල්බයියගේ කටට ආවලු අමු තිත්ත කුනුහරප වෑලක්ම.වරෙන් අම්මට හු@#% මරාගෙන කනවා යකො කියලා ගෑලුවාලු මිනිහගේ වස්තරයත් .දෑන් මිනිහා අමු හෙලුවෙන්ලු .මිනිහා හෙලුවෙන්ම ජීවිතකට අහුපු නෑති කුනු හරප කියකිය පස්සෙන් පස්සට ඈවිත් වෙලෙන් ගොඩට ගොඩ නෑග්ගලු.

අරූ තාමත් ඒවගෙමලු.කුනුහරප කිය කියාමලු මිනිහා ගෙදරටම ගියේ. වත්තට යනකොට ලකොහොම හරි මිනිහා වෑට කඩුල්ල ලග යට්ගිරියෙන් හූ කියගෙන සිහි නෑතිව වෑටිලා..
.කොහොම හරි මිනිහට සතියක් විතර යනකම් උන නම් බෑහෑලා නෑ.කොහොම හරි එදා නම් මහසොනට මහසොනට බිල්ල වෑරදුනා.විල්බයියගෙත් පෙර පිනක් නිසා.

මහසොනා ගෑන නම් අපි පුන්චි කාලේ කතන්දර එමට අහන්න ලෑබුනා.අවුරුදට අවාසනාවන්තයො තුන් හතර දෙනෙකුට මහසොනා ගහහපු ආරන්චි අහල ගම්වලින් අපේ කන වෑකුනා.ඒත් බන් මෑතකදිනම් මහසොනා ගහපු කෙනෙක් ගෑන මීට අවුරුදි දෙකකට කලින් අහන්න ලෑබුනා බන් එච්චරයි.මහසොනගේ උත්පත්ති කතාව මෙතන ලියන්න ඔනේ නෑනේ . මම හිතනවා ගොඩක් අය දන්නවා ඒ ගෑන .නොදන්න කෙනෙක් වේ නම් මට මෑසෙජ් එකක් දාන්න මම කියලා දෙන්නම් කතන්දරේ.

ඔය මහසොනා කියන බලගතුම යක්ශ ආත්මය වෙසමුනි රජ්ජුරුවන්ගෙන් වරම් අරන් තියෙන්නේ .එයාට නර බිලි කෑපකරගන්න.

මහසොනාට අවතාර රාශියක් තියනවා.මහසොනා බුදු බනට වත් මෙල්ල කරගන්න බෑරි යක්ශ ආත්මයක් කියලා තමයි කියන්නේ.මම මෙහෙම කිව්වාහම සමහර අය කියයි නෑ එක එහෙම වෙන්න බෑ නේද කියලා

බුදු දහම පිලිබදව සාමානය තරමකට පොත පත කියවලා තියන නිසා බන අහන නිසා දන්නවා බුදුරජානන් වහන්සේට දමනය වෙන භයානකම දරුනුම යක්ශ ආත්ම,සාමානය යක්ශ ආත්ම , කුඩා ප්‍රමානනයෙන් බලවත් යක්ශ ආත්ම ඉන්නවා.ඒ වගේමයි ඒකේ අනිත් පෑත්ත බුදුරජානන් වහන්සේට ගරු නොකරන බලගතු ඉතාම දරුනු ,මදයම , කුඩා යක්ශයො ඉන්නවා.වෑඩියෙන්ම ඉන්නේ මේ කොට්ටාශය.
නමුත් මේ දෙකොට්ටාශම සතර වරම් දෙවියන්ට යටයි.මේ සතරවරම් දෙවිවරු අපේ බුදුරජානන් වහන්සේට වන්දනා මාන කරන ගරු කරන උත්තමයන් පිරිසක් .

මේ ගෑන ලස්සනම කතාවක් තමයි අ අටානාට්ය සූත්ත්‍රය කියන්නේ .මේ අ අටානාට්ය සූත්ත්‍රයේ සින්හල පරිවර්තනයක් කියවලා බලන්න.ඔයාලටම දෑනගන්න පුලුවන්.
මහසොන් යක්ශයා සෑරිසරම ස්තාන ගොඩක් තියනවා සොහොන් පිට්යේ, පාලුතුන් මන්සල, නාන තොටුපල, ගොන්මන් කරුවලේදී , පුලුටු බ්දින තෑනදී , බෙර සද්දෙක,පනින පිම්මක ඔය වගේ තව ගොඩාක් තෑන් තියනවා මහසොන් අවතාරයේ ඈල්ම බෑල්ම වෑටෙන.
මහොසොන් අවතාරයේ ඈල්ලම බෑල්ම වෑටුනොත් ජීවිතය බේරා ගන්න එක ලේසි වෙන්නේ නෑ.ඔය ගොල්ලන්ට මහසොන් අවතාරය දෑක ගන්න ඔනෙද.ඒත් එකට උත්සාහ කරන්නවත් එපා.

වර්තමානයේ බොරෑල්ල කනත්ත කියන්නේ මහසොන් දිශ්ටිය තියන එක තෑනක් මේවාගේ ආසන්නතම සිද්දී කිපයක් මෙහි වෙලා තියනව.අද කොලබ ඔහොම තිබුනට ඉස්සර කොලබ කියන්නේ අමු තිරිසන් කෑලෑවක්.

එදා සිදුවීමෙන් පස්සේ විල්බයියගේ ජීවිතය කනපිට හෑරෙන්න ගත්තා.නිතර නිතර අසනීප උන විල්බයියා සමහර වෙලාවට බලාගත්තු අත බලාගෙන හිටියා මිනිහා ටිකක් ගුප්ත චරිතයක් වුනේ අර සිදුවීමෙන් පස්සේ ඔය සිද්දියට පස්සේ අවුරුදු එකහමාරාක් උන්දෑ ජීවත් වෙන්න ඈති .එයාට අයෙත් සුව කරන්න බෑරි විදියට අන්ශ බගේ හෑදුනා.තුන් හාර මාසයක් දුක් වින්ද විල්බයියා ආයෙත් නොයෙන්නම සදහටම දෙනෙත් පියා ගත්තා...

මහසොන් අවතාරය ගෑන මේ වගේ බය හිතෙන ඈත්තම ඈත්ත කතා අහන්න ඔනේ නම් මේ පොස්ට් එකට ටිකක් වෑඩිපුර කමෙන්ට් කරන්න . අනිවාරෙන් ඉතුරු ඈත්තම ඈත්ත කතා තව එවන්නම්.

Source: Gihan Weerasinghe


අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..