මං අද ඔයාලට කියන්න යන්නේ මිනිස්සු හොල්මන් අවතාර එක්ක කරන සෙල්ලම් ගැන.මේවගේ games ගොඩක්ම ප්රසිද්ද යුරෝපානු රටවල් වල තමයි.ඕනේ තරම් films වලත් ඔයාල දාකලා ඇති මේ වගේ දේවල්
මං මුලින්ම කියන්නම් bloody mary ගැන. මේක mary කියන කෙල්ලගේ අවතාරට ගෙන්නගන්න ක්රීඩාවක්.මේක කරන්න ඕනේ ඔයා තනියම ගෙදර ඉන්න වෙලාවට.ගෙදර සේරම ලයිට් නිවන්න ඕනේ. කිසිම කාමරේක ලයිට් තියෙන්න බෑ.ඔයා තනියෙම ඉන්නත් ඕනේ.
ඊට පස්සේ ඔයා bathroom එක ඇතුලට යන්න ඕනේ ඉටි පන්දම් තුනක් විතර පත්තු කරගෙන. ඒ ඉටි පන්දන් කන්නාඩිය ඉස්සරහින් ගහලා.කන්නාඩිය ඉස්සරහට හිටගෙන ඉන්න ඕනේ. ඔයාට ඉටි පන්දම් එලියෙන් ඔයාගේ මූණ කන්නාඩියෙන් පේන්න ඕනේ
මේ විදියට ඉඳලා කීපා වතාවක් කන්නාඩිය දිහා බලාගෙන bloody mary කියලා කීප වතාවක් කියනකොට ඒ bloody mary ගේ අවතාරය කන්නාඩියෙන් පේනවා කියලා යුරෝපානු මිනිසුන් විස්වාස කරනවා.
මේ වගේම කතාවක් තමයි "baby blue " කියන්නේ. ඒකෙදී මතවාද දෙකක් තියෙනවා.ඔයාල දන්නවනේ bathroom එකේ අපි උණු වතුරෙන් නෑවම කන්නාඩියේ මීදුම බැඳෙනවා.මේ සෙල්ලම කරන්න එහෙම කන්නාඩියේ මීදුම බැඳෙන්න ඕනේ කියනවා. කලින් වතාවේ වගේම ගෙදර ලයිට් off කරලා කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා
"බේබි බ්ලූ-බ්ලූ බේබි" මේ වාක්ය 13වතාවක් කියන්න ඕනේ.
"බේබි බ්ලූ-බ්ලූ බේබි" මේ වාක්ය 13වතාවක් කියන්න ඕනේ.
ඒ කියන අතරතුර ඔයා ලමයෙක් නලවන විදියට අත තියාගෙන ලමයෙක් නලවද්දී දෙපැත්තට පැද්දෙනවා වගේ පැද්දී පැද්දී තමයි මේක කියන්න ඕනේ.
(හිතෙන් මවාගත්ත ලමයෙක් නලවන ගමන් මේක කරන්න ඕනේ)
(හිතෙන් මවාගත්ත ලමයෙක් නලවන ගමන් මේක කරන්න ඕනේ)
ඉතිං ඔයා 13 වතාවක් ඒ වාක්ය කිව්වම ඔයාගේ අතට ඇත්තටම බේබි බ්ලූ එනවා කියලා තාමයි විස්වාස කරන්නේ. බබාගේ බර ඔයාට හොඳටම දැනෙනවා කියලා තමා කියන්නේ.
බබා අතට ආවට පස්සේ ඔයා එයාව නලවන්න ඕනේ. එහෙම නලවද්දී එක වෙලාවක ඒ බබා ඔයාගේ අත සූරනවා. ඒ වෙලාවෙදී ඒ ලනයව කොමඩ් එකට දාල ෆ්ලෂ් කරන්න ඕනේ.
එහෙම හරියට කරොත් එතනින් සෙල්ලම ඉවරයි.
එහෙම හරියට කරොත් එතනින් සෙල්ලම ඉවරයි.
හැබැයි ලමයව බිමින් තිබ්බොත් හරි අතට ආවම හෝ අත සූරද්දී ඔයා බයවෙලා ලමයව අතෑරියොත් හරි ලමයා බිම වැටෙනවා.ඒ වැටුනම බබා අඩන්න ගන්නවා. බබා ඇඩුවොත් බ්ලූ බේබිගේ අම්මා ඇවිල්ලා ඔයාව මරලා බබාව අරන් යනවා.
හදිස්සියේවත් බබා වැටුනොත් කොහොම හරි ආයේ බබාව හොයාගෙන කොමඩ් එකට දාල ෆ්ලෂ් කරන්න ඕනේ. නැත්තන් සෙල්ලම ඉවර වෙන්නේ නෑ.
තව සමහරු කියනවා කලින් කිව්ව වගේ කන්නාඩියේ මීදුම බැඳෙන්න ඕනේ නෑ කියලා.ලයිට් වහලා ඉටිපන්දමක් අරන් bathroom එකට ගිහිලා මේක කරාම ඇති කියලා තමා එයාලා කියන්නේ.
ඉතිං මේවා මං ගොතපු කතා කියලා කාට හරි හිතෙනවනම් youtube එකේ serch කරලා බලන්න"bloody mary , blue baby" මේ සෙල්ලම කරලා දාපු video තියෙනවා.
මම හිතන විදියට මේවා නම් 100% ඇත්ත වෙන්න බෑ. ඒත් කන්නාඩි එක්ක හොල්මන් අවතාර වලට ලොකු සම්බන්යක් තියෙනවා කියලනම් මට 100% විස්වාසයි
ඒකට හොඳම උදාහරනය තමයි කෙනෙක් මැරුනම ගෙදර සේරම කන්නාඩි අනිත් පැත්ත හරවලා රෙද්දකින් වහනවා. මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් හොයලා බලන්න.මල ගෙවල් වල කන්නාඩි සේරම වහනවා. ඒ මැරුන කෙනාගේ ආත්මේ අතරමන් වෙන නිසා කියලා තමා කියන්නේ.
අපේ නැන්දා කෙනෙකුත් කන්නාඩියෙන් එයාගෙම මූන විකෘති වෙලා දැකලා බයවෙලා තියෙනවා.ඉතිං යාළු කන්නාඩිවලින් රෑ වෙලා මූණ බලද්දී පරිස්සමින් වෙන වෙන මූණු පෙනෙයි
Source: Link
අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...
Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..