මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 June 2019

---කනත්ත අසලින් මතුවුණු සුනඛයා ----


මෙම සිදුවීම මීට වසර 60ට පමණ පෙර මාගේ මෑණියන්ගේ අප්පච්චිට මුහුණ දීමට සිදුවූ අද්භූත සිදුවීමකි.මෙම කතාව මාගේ මෑණියන් මා හට කී පරිදි ඔබ හට ගෙන එන්නෙමි.

අපේ අප්පච්චියේ ගම හඟුරන්කෙත කරදගොල්ල.අප්පච්චිගේ ගෙවල් වලට ඈතින් මළගෙයක් වුණා.අද වගේ නෙවෙයි ඒ කාලේ ෆොටෝස් ගන්න ඇත්තෙ බොහොම අඩුවෙන් හිටියේ.එදා මළ ගෙදර ෆොටෝස් ගන්න කෙනෙක් නැති වුණා.ඒත් අප්පච්චි ළඟ කැමරාවක් තිබුණා.කොහොමහරි අප්පච්චිට එන්න කියලා තිබ්බා මළ ගෙදර ෆොටෝස් ගන්න.ඒ මිනිස්සු මළමිනිය ඉන්දවලා ෆොටෝස් ගන්නවාලූ,හිටවලා ෆොටෝස් ගන්නවලූ ,ආයෙත් නිදාගෙන ඉන්න විදිහට ෆොටෝස් ගන්නවාලු,ඒ මිනිය එක එක විදියට තියලා ෆොටෝස් අරන් තියෙනවා.අප්පච්චි ෆොටෝස් අරන් ඉවර වෙලා මළ ගෙදර හවසත් ඉඳලා රෑ ජාමේ අප්පච්චි ගෙදර එන්න ඇවිත්.

අපේ අප්පච්චි බය කෙනෙක් නම් නෙවෙයි.එතකොට අප්පච්චි ට අවුරුදු 35ක් විතර ඇති.පුතා දන්නවනේ ඒ පැතිවල පාරවල් කොහොමද කියලා.එතකොට ඒ කාලේ කොහොමද කියලා හිතාගන්න පුළුවන් නේද.එදා කෝම හරි පොඩි වැස්සක් ලාවට වගේ තිබිලා තියෙනවා.ඒ නිසා අප්පච්චි ඉක්මණින් ගෙදර එන්න ටිකක් වේගය වැඩි කරල ඇවිත් එන්නෙ.ගෙදර යන්න තියෙන්නෙ කනත්තක් ගාවින්.අප්පච්චි බය නැහැනේ.අප්පච්චි කනත්ත හරියෙන් ඇවිත් තියෙනවා.

කොහොමහරි අප්පච්චි කනත්ත ගාවින් යනකොට ලොකු උස බල්ලෙක් ඉස්සරහින් යනවා පේනවලු.ඒ දවස් වල ගමේ සොයිසා මහත්තයාගේ බල්ලා නැතිවෙලා.ගමේ මිනිස්සුත් හොයනවලු හොයනවලු ඒත් හොයාගන්න බැරි වෙලා.අප්පච්චි හිතුවලු මේ සොයිසා මහත්තයාගේ නැතිවෙච්ච බල්ලා වෙන්න ඇති හිතලා,අප්පච්චිත් දැන් හයියෙන් හයියෙන් ගිහින් තියෙනවා,ආයේ ටික වෙලාවක් යද්දි ඉස්සරහින් ගිය බල්ලා පේන්න නැති වෙලා.ආයෙත් ටික දුරක් යද්දි මේ බල්ලා පස්සෙන් එනවාලු.අප්පච්චි හිතුවලු මේ ඉස්සරහෙන් ගිය බල්ලා කොහොමද දැන් පස්සෙන් එන්නේ කියලා.ආයෙ ටික දුරක් යද්දී ඒ බල්ලා ඉස්සරහෙන් ඉඳගෙන ඉන්නවලු දිවත් දික් කරගෙන.ඇස් දෙකත් ලොකු කරගෙන අප්පච්චි දිහා කන්න වගේ බලාගෙන ඉන්නවාලු.අප්පච්චි ඒ වෙලාවෙ හිතුවලු මේ නම් බල්ලෙක් නම් වෙන්න බැහැ.මොකක් හරි අද්භූත දෙයක් සිදුවෙනවා කියලා හිතාගෙන අප්පච්චි එහෙම්මම හිටගෙන ඉඳල තියනවා.අප්පච්චි සෑහෙන වෙලාවක වැස්සේම ඒ විදියට ඉඳලා.අප්පච්චි දිහා කන්න වගේ බලන් ඉන්න බල්ලා බලන් ඉද්දිම උස යනවා.ඒ වෙලාවේ නම් ඇත්තටම අප්පච්චි ගොඩක් බය වෙලා ඉඳලා තියෙන්නේ.ටික වෙලාවක් යද්දි බල්ලා අතුරුදහන් උන නිසා අප්පච්චි ආයෙ එන්න ඇවිත්,

ඒත් හරි සිහි කල්පනවකින් නෙවෙයි.ඒ දවසේ ගෙදර ඉන්දලා තියෙන්නේ අම්මයි,අප්පච්චිගේ අම්මයි.අප්පච්චිගේ අම්මා බැලුවාලු පුතාට මේ මොකද වෙලා තියෙන්නේ.මොනවද මේ දොඩවන්නෙ කියලා.ඒ වෙලාවෙ අප්පච්චී ගේ කටින් කලුපාට කිසියම් දෙයක් වැටිලා තියෙනවා.ඒ විතරක් නෙවෙයි අප්පච්චීට හොඳටම උණ අරගෙන.ඒදාම අප්පච්චිට නූලක් දැම්මත් කිසි සුවයයක් නැහැ.ඊට පස්සේ යන්තරයක් දැම්මා,පිරිත් කිව්වා කිසිම දේකට සුව වෙලා නැහැ.පස්සේ තොයිලයක් නැටුවා.එතකොට තව කවුරුහරි කිව්වා අප්පච්චිට අසාධ්යයි.දිවත් සුදු මැලි වෙලා.දැන් නම් බේරගන්න අමාරුයි මැරෙන්න ළඟයි කිව්වලු.එතකොට අපි පොඩි ලොකු අයියයි හීන් අයියයි තේරෙන වයසක ඉඳලා තියෙන්නෙ.ඊට පස්සේ ආයෙත් ගොඩාක් අයව ගෙනත්,ගේ මැද පිරිත් මන්ඩපයක් ගහලා.නවත්තන්නේ නැතුව මාරුවෙන් මාරුවට පිරිත් කියලා තමා මැරෙන්න ගිය අප්පච්චිව හොඳ කරලා තියෙන්නේ 

ඉතින් යාලුවනේ කතාව හොඳයිද කියලා නම් දන්නේ නැහැ.අඩුපාඩු තියෙනවා ඇති.එහෙම තිබ්බ නම් සමාවෙන්න.නැවත සත්ය සිදුවීමක් සමග ඔබ හමුවට එන පොරොන්දුව සමගින් දැනට නවතින්නම්..

හැමෝටම බුදු සරනයි..ජේසු පිහිටයි...!!
(චානක දිල්රුක්)

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



28 June 2019

---වෙසමුණි හෙවත් වෛශවණ---



හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32 ලෙස කියවෙන්නේ එයයි(දෙතිස් වද) .යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.

වෙසමුණිගේ බිරිද කෞවේරි. ඔවුන්ට 

1.වර්ණකවි(මණිග්‍රීව )
2. නලකුබර (මයුරාජ )
නමින් පුතුන් දෙදෙනෙක් සහ
3.මීනාක්ෂි නමින් දුවක්ද සිටි බව කියැවෙනවා.

කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.

කවුද මේ වෙසමුණි / කුවේර / වෛයිශවණ
ඔයාලා දැකලා ඇති සීවලි යන්ත්‍රය වටේට දෙවිවර් හතර දෙනෙක් ඉන්නවා. එ අය තමා

1.ධෘතරාශ්ඨ
2.විරුඩ
3.විරුපාක්ශ
4.වෛශවණ




මේ අයගෙන් වෛශවණ තමා වෙසමුණි කියන්නේ.ශක්‍රයාගේ විශ්වාසවන්තම සේවකයෙක්.ඔහුගේ රාජකාරිය වන්නේ ශක්‍රයා ආරක්ශා කිරිමයි.එ නිසා 

ඔහුට යකුන් පාලනය කිරීමේ බලය ලැබී ඇත. ශක්‍රයා විනෝද වීමට උයන් කෙළියට යන විට යුගන්දර පර්වතයට උතුරු දිග්භාගයේ පූර්ණ ආරක්‍ෂක කටයුතු භාර වන්නේ ඔහුට ය. සක්‌ රජු තම දිව්‍ය සභාව කැඳවා සාකච්ඡා පවත්වන විට ද වෙසමුණි මෙම උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂකයා විය යුතුය. එහෙත් එහි අපූරුවක්‌ ද වේ. එනම් ඔහු උතුර ආරක්‍ෂා කළ යුත්තේ දකුණු දෙසට මුහුණලා ගෙනය.

වෙසමුණි මහා බලවතෙකි. ඔහුගෙන් වරම් නොගෙන සිතුමතේ ක්‍රියා කිරීමට සෙසු යක්‍ෂයන්ට නොහැකියි. යක්‌ තොවිල් පවිල්වලදී ද, වෙසමුණි ගැන සඳහන් වන්නේ යක්‍ෂයනට පමණක්‌ නොව ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදී භූතයන් සැමට නායකයා බැවිනි. වෙසමුණි අණ දුන් විට සෙසු යක්‍ෂයන් එම රාජකාරිය හරියටම ඉටු කළ යුතුය. සිරිසඟබෝ රජු දවස රක්‌තාක්‍ෂී නම් යක්‍ෂයකු පැමිණ මිනිසුන් ලෙඩ කළ බවක්‌ එළු අත්තනගලු වංශයේ සඳහන් ය. එමෙන්ම වරින්වර මිනිස්‌ ලොවට පැමිණ සොහොන් පිටිවල රැඳී සිටීම, ලෙඩ රෝග බෝ කිරීම, හදි හූනියම් කිරීම පමණක්‌ නොව, මළ මිනී ගසා කෑමට ද ඔවුනට හැක. එහෙත් ඒ සඳහා වෙසමුණිගෙන් වරම් ගත යුතුමය. කාලි යක්‍ෂණිය ද මිනිසුන්ට හිංසා කර ඇත්තේ වෙසමුණිගෙන් වරම් ලබා ගෙනය. එහෙත් එයට පිටු පෑ අවස්‌ථා ගැන ද කියවේ. විදුර ජාතකයෙහි සඳහන් වන පරිදි පූර්ණක නම් යක්‍ෂයා එරන්දතී ලබා ගැනීම සඳහා වෙසමුණිගෙන් වරම් ලබා ඇත්තේ අයථා ලෙසය. බලධාරීන් ලවා එවන් දේ අද මෙන් එදා යක්‍ෂයන් අතරත් සිදුව ඇති බවය එයින් පෙනෙනුයේ.

ඔහුට ධන නිධාන 09 ක්‌ තිබුණි. කඡ්ව, මුකුන්ද, නන්ද, මකර, නීලසම්බ, යදිත, වර්ග යදිම, මහා පද්ම ඒ නවයයි. කෙතරම් ධන නිධාන තිබුණ ද කුවේරට මුල් කාලයේ, ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොවීය. පෙර සිටම ඔහුට පරම්පරාගතව ලංකාපුර පැවරී තිබුණද, ඔහුගේ සොහොයුරු රාවණා එම ලංකාපුරය අත්කර ගෙන තිබුණු බැවිනි ඒ. ලංකාපුරය යනු යක්‍ෂ රාක්‍ෂයන් සඳහාම විශ්මකර්ම විසින් නිර්මාණය කරන ලද ධනයෙන් පිරි දූපතකි.වෙසමුණි දෙවියෙකු ලෙස ද පෙනී සිටියෙකි. දිව්‍ය ලෝක හයෙන් පහළම පිහිටි දිව්‍ය ලෝකය පාලනය කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි. 

කෙතරම් බලයක්‌ ඇතත්, ධනයක්‌ ඇතත් වෙසමුණිගේ ශරීරය නම් විරූපීය. අවලස්‌සනය. ඔහු අංග විකලයකු ලෙස ද දේව කතාවල හැඳින්වේ. වෙසමුණිට පාද 03 ක්‌ ඇති අතර ඉන් එකක්‌ නොණ්‌ඩිය. දත් ඇත්තේ 08 පමණි. ඒවා ප්‍රමාණයෙන් විශාලය. එසේ අවලස්‌සන රූපයක්‌ ඇතත් ශරීරය පුරා රන් මිණි ආභරණ පැළදි බව දේව කතාවල සඳහන් වෙයි.
වෙසමුණිගේ බිරිඳ යක්‍ෂණි, කුවේර, භූCඳ්ඡවතී ආදී නම් කිහිපයකින් හැඳින්වේ. වෙසෙමුණිට දාව වෙනත් ස්‌ත්‍රියකගෙන් උපන් විභීෂණ සහ කුම්භකර්ණ යන දෙදෙනා ද බලවතුන් ය. විශේෂයෙන් කැලණිපුරයට අධිපති දෙවියා වශයෙන් සැලකෙන්නේ විභීෂණය. අදත් ඔහුට බැතිමත්තුහු පුද පූජා පවත්වති. එහෙත් කුම්භකර්ණ නම් තද නින්දේමය. ඔහු ඇස්‌ හැර ලොව දෙස බලන්නේ මාස 06 ට වරකි. දැස්‌ හැර බැලූ පමණින් යළිත් නින්ද්‍ර්‍රෝපගත වෙයි. විභීෂණ රජෙකු වුවද මෙම නින්ද්‍රෝපගත සොහොයුරා නැගිට වීමේ කාර්යය කිරීමට ඔහුට වරම් නැත. අප රට බොහෝ දෙනා ද කුම්භකර්ණයන් මෙන් නිදා සිටිනුයේ ඔවුන් අවදි කිරීමට බලයක්‌, කොතැනකවත්, කිසිවෙකුටත් නැති බැවිනි.

මෙය ලංකා ඉතිහාසය ඇසුරෙන් හා විවිධ ලිපි ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලද්දකි.



අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



26 June 2019

---අත්භූත නිලමැස්සාගෙන් ආ පණිවුඩය---


මං මේ ගෲප් එකේ කතා කියෙව්වට කතාවක් ලියන්න නම් හිතන් හිටියෙ නෑ.මොකද මට ඒ වගේ සිද්දීන් අත්විදින්න ලැබිලා නැති හින්දා.ඒත් මං මේ කියන්න යන දේ දෙපාරක් අත් විදපු හින්දා මං මේක ලියන්න හිතුවා.



මේ කියන්න යන සිදුවීම මං මුලින්ම අත්වින්දේ 2010 අවුරුද්දේ ජූලි මාසේ විතර. ඒ වෙද්දි අපි හිටියෙ දෙහිවල. මං පොඩි කාලෙ ඉදන් ම හැදුනෙ වැඩුනෙ ඒ ගෙදර.ගෙදර හිටියේ තාත්තයි, අම්මයි, මමයි. තාත්තා ඒ වෙද්දි රිටයර් වෙලා ගෙදර හිටියේ.මේ සිද්දිය වෙනකොට මං උසස් පෙල කරන්න පාඩම් කර කර හිටියෙ. මේ සිදුවීම වුනේ සෙනසුරාදා දවසක. එදා හවස මං දැක්කා තාත්තගෙ කාමරේ ගාව දොර රෙද්දේ වහලා ඉන්නව අමුතුම නිල් පාටට හුරු මැස්සෙක්. මෙයා සාමාන්‍ය නිල මැස්සෙකුට වඩා ටිකක් විතර ලොකුයි. අමුතුම නිල් පාටක්. එදා රෑ තාත්තා කෑම කාලා එද්දී එක පාරටම වැටෙන්න ගියා. ඒත් මං කොහොම හරි තාත්තව වැටෙන්න දෙන්නෙ නැතුව අල්ලගත්තා.තාත්තව අම්මයි මායි ලග අයියා කෙනෙක් ගෙ වාහනයකින් ඉස්පිරිතාලෙට ගෙනිච්චත් එයාව බේරගන්න ලැබුණෙ නෑ.එයාට ඇවිත් තිබුණේ හාර්ට් ඇටෑක් එකක්.වෛද්‍යවරු කිව්වෙ එයාගෙ හදවත දෙකට පැලිලා කියලා.එයාට කලින් කිසිම ලෙඩක් තිබුණෙ නෑ.
නිල මැස්සගෙ කතාව මට එහෙම්මම අමතක වෙලා ගියා.

ආපහු මට ඒ වගේම දෙයක් අත්විදින්න ලැබුණා ගිය මාසෙ 3 වෙනිදා.ඒ වෙද්දී අම්මයි මායි හිටියෙ පිලියන්දල. අම්මගෙ අම්මයි තාත්තයි ඉන්නෙත් පිලියන්දලමයි. ඒ කියන්නෙ මගෙ සීයයි, ආච්චියි. අම්මගෙ නංගි ඒ කියන්නෙ මගෙ පුංචි ගාව තමයි ඒ දෙන්න හිටියේ. සීයට අවුරුදු 93ක්. ඒ වුනාට එයා හිටියෙ කොල්ලෙක් වගේ. එයාගෙ වැඩ එයා තනියම කරනව. මේ කියන දවසෙ මට පුංචිගෙන් කෝල් එකක් ආව සීයගේ ඇග රිදෙනව කියනව කියලා ගෙදර කවුරුත් නෑ කියලත් කිව්වා. මං කිව්වා එහෙනම් ඉස්පිරිතාලෙ එක්කන් යමු මම එන්නම් කියලා. මං එදා ශොර්ට් ලීව් එකක් දාල ගෙදර ඇවිත් අම්මටත් කියලා එයාලගෙ ගෙදර ගියා. ගිහින් මං සීයට කතා කලා එයා කාර් එකට නගින්න ආවෙත් කිසිම ප්‍රශ්ණයක් නැතුව. එයාට කාර් එකට නගින්න මං දොර අරිද්දී මං දැක්ක අර වගේ ම නිල මැස්සෙක් සීයා නගින පැත්තේ දොරේ වහලා ඉන්නව. ඉස්පිරිතාලෙට එයාව ගෙනිච්චයින් පස්සේ වෛද්‍යවරු කිව්වේ එයව ඇඩ්මිට් කරගන්න වෙනව දවස් තුනකින් ගෙදර යන්න පුලුවන් කියලා. මං සීයා ගාව ඉන්න කෙනෙකුත් හොයල දීලා එයාව ඇඩ්මිට් කරලා ගෙදර ආවා. ඒ වෙද්දි 2.45 ට වගේ ඇති. ඇවිත් පැයක් විතර යදිදි මට සීයා ගාව නවත්තපු කෙනාගෙන් කෝල් එකක් ආව සීයා නැති වුනා කියලා. එයාටත් ඇවිත් තිබුනෙත් හාර්ට් ඇටෑක් එකක්.

තාත්තයි, සීයයි නැතිවෙන්න කලින් මෙයා පණිවුඩයක් අරගෙන ආවද කියල හැගීමක් මට නිතර ම එනවා. මේක මගේ හිතලුවක් වෙන්නත් පුලුවන්.කොහොම වුනත් මටනං හිතෙන්නේ මේ මැස්සා එලොවින් ආපු පණිවුඩකාරයෙක් කියලා.
ඒ ගැන තීරණය කිරීම ඔයාලට බාරයි.ඔයාල ඒ ගැන හිතන දේත් කියලා කමෙන්ට් එකක් දාලම යන්න.

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





24 June 2019

---බට නලා හඩ දිගේ---


හැන්දෑවේ හමන සුලගට බණ්ඩි ගොයම හෙලවුනේ අපූරු තාලයකට.
" අද රෑවෙනකම්ම උබ වතුර ගහනවද "
නියර දිගේ ගමන් කරමින් හිටිය සෙනරත් මාමා මගෙන ඇහුවේ මම ලගින්ම ගමන් කරද්දී.
" නෑ තව තියෙන්න පහල ලියද්දට වතුර යන්න විතරයි , ඒකට ගියාම හරී... "
මම කීවා..
" එහෙනම් මම යනවා.... "

සෙනරත් මාමා යන්න ගියේ විශාල වෙල් යායේ මා තනිවෙද්දී.. මම ආයෙම සැරයක් පහල ලියද්ද පැත්තට ගියේ වතුර තත්වය කොච්චර ලියද්දට අල්ලලද කියලා බලන්න. ඒ ලියද්ට වතුර එන හැටී දකිද්දී මටහිතුනේ ඒ ලියද්ද පිරෙද්දේ රෑ හත අටවත්වෙයි කියලා. ඒ මොහොත වෙද්දිත් හැන්දෑවේ හය පහුවෙලා තිබුනා.
මම වැඩකරපු විශාල වෙල් යායේ ගොයන් හැමදාම පැහුනේ වැවකින් වතුර ඇවිල්ල නෙමේ. වෙල් යාය අසලින් ගලන් ගිය ඔයෙන් වතුර ගහලා තමා හැමදාම ඒ මුලු වෙල්යායම පැහුනේ.

කලින් මම මේ වෙල් යායේ වැඩකරලා තිබෙනේ නෑ. දැන් මම වැඩකරන ලියදු දහය කලින් වැඩ කලේ මගේ බාප්ප. බාප්ප මිය යාමත් එක්ක වෙල වැඩකරන්න කෙනෙක් නැති නිසාම ඒ වෙල වැඩ කරන වගකීම මගේ හිස මත වැටුනා.
ටිකෙන් ටික අදුරත් වැටෙන්න පටන් ගත්තා. ලියද්ද පිරෙන්න ට්ජව වෙලාවක් යන හින්දා මම ආපහු ගියේ ඔය ලග ස්ටාට් කරලා තිබ්බ වතුර මැශිම ලගට.

ඒත් එක්කමයි මට ලාවට ලාවට වගේ ඈතින් මිහිරි බට නලා හඩක් ඇහෙන්න පටන් ගත්තේ.. කවුරු හරි හරිම ලස්සනට වාදනය කරන ඒ බටනලා හඩට මම මදක් කන් දෙමින් උන්නා.
"කවුද මේ හන්දෑයාමේ බටනලා පිබින්නේ..."

මට දැනුනේ ලොකු කුතුහලයක්. ඒ බටනලා හඩ ඇහෙන්නත් ගලායන ඔයේ ඈතම ඈත ඉස්සවකින්. සිතට ලොකු කුතුහලයක් පිරෙද්දී මම ඒ හඩ ඇහෙන පැත්තට ගමන් කලේ ඒ හඩට වශීවෙලා වගේ.
බටනලා හඩ ඇහෙන පැත්ත කිට්ටුවෙද්දීම වගේ ඒ බටනලා නැවතුනා.... මම ආයේ ඒ අඩ ඇහෙයිද කියලා සෑහෙන්න වෙලා ඒ හරියේ හිටියත් ආයෙම ඒ හඩ ඇහුනේ නෑ..ඒ වෙද්දී මම හිටියේ ඒ විශාල වෙල් යායේ කෙලවරක. ලගින්ම ඔය ගල්න් ගිය ඒ ඉසව්ව පාලුම පාලු ගස් ගොම්මනින් පිරිච්ච ඉසව්වක්.
" කාවද හොයන්නේ... "

එකපාරම මගේ පිටිපස්සෙන් ඇහුන ඒ හඩට මම ගැස්සුනා. පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ තරුණයෙක් මම දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්න හැටි. ඔහුගේ අතේ තිබ්බ බටනලාව දකිද්දී මට ගොඩක් දේවල් තේරුනා. මීට කලින් මම ඔහුව දැකලා තිබ්බේ නෑ.. ඔහු උසයි, කඩවසම් , ඔහු කලින් දැක්ලා කියලා අඩුම ගානේ මට මතකයක්වත් තිබ්බේ නෑ...
මේ බාප්පගේ ගම මිසක් මගේ උපන් ගමනෙමේ.. ඒ හින්දා මේ ගමේ අයව මම එච්චරම අදුරන්නේ නෑ..

"මගේ බට නලා හඩ ඇහිලද ආවේ නැත්නම් "
ඔහු ආයෙම කතා කෙරුවා.
" ඔයාද ඔය බටනලාව ගැහුවේ... ඒත් "
" ඇයි ඒත් කියලා නැවත්තුවේ.. "
කියපු ඔහු මදක් මම ලගට කිට්ටු කෙරුවා.
"මේ වෙලාවට බටනලා පිබින්න හොද නෑ කියලා කට්ටිය කියනවා මම අහලා තියෙනවා.. "
" ඒමොකෝ ඒ....."
"මංදා ඒක හරියටම දන්නෙ නෑ...කට්ටිය කියන්නේ මේ වගේ ගොම්මන් වෙලාවට බටනලා පිබිද්දී ,ඒ හඩට මෝහිනී එනවා කියලා.."
මම කියද්දී ඔහු උස් හඩින් හිනාවෙන්න පටන් ගත්තේ මහ විකාර විදිහට. මට බයත් හිතුනා ඔහු එහෙම විකර විදිහට හිනාවෙද්දී.

" මම කොච්චර නම් මේ වෙලාවට බටනලා පිබිනවද.. කෝh මෝහිනී තියා කවුරුවත් ආවේ නෑනේ... මම පිඹින බටනලා හඩ දිගේ ආවනම් ආවෙර් ඔයා විතරයි...... "
කියූ ඔහු මදක් මම දිහා ඕනෑකමින් බලන් ඉදලා
" මේ මල්ලී මම මීට කලින් මේ ගමේ දැකලා නෑ.....කවුද "
කියලා ඔහු අහුවා...

" මම මේ වෙලේ කොටසක් වැඩ කරනවා... බාප්ප මැරුනට පස්සේ ඒ කොටස වැඩ කරන්න කෙනෙක් නැතිවුනා.. ඒ හින්දා මේ පාර මම වැඩකරනවා... හොදට පැහෙන වෙල්නේ...අපටාදේ පුරන් වෙන්න යවන්නේ කියලා හිතුනා....."
" ආඒක තමා මීට කලින් දැකලා නැත්තේ...මල්ලී පිබලා නැද්ද බටනලා...."
ඔහු කතාව වෙන පැත්තකට හැරෙව්වා.. ඒ වෙද්දී අදුරත් වැටිලා.
" ඉස්කෝලේ යද්දීනම් පිබ්බ.... මම ලග බටනලාවකුත් තිබ්බා.....ඒත් කාලෙකින් මම බටනාලාවක් පිබිනවා තියා අල්ලලවත් නෑ..."

" එහෙනම් මතක්වෙන්නත් එක්ක පිබිමූ අද... "
කියපු ඔහු බටනලාව මම දිහාට දික්කලා....
" අපෝ බෑ... මේ වෙලාවේ බටනාලා පිබින්න බෑ... ඒක නෙමේ අයියලාගේ ගෙවල් කොහෙද..."
" මෙතන තමා මගේ ගෙදර......."
ඔහු කිව්වේ අමුතු තාලයකට

" මොකක් "
මට හිතුනේ ඔහු මාත් එක්ක විහිලු කරනවා ඇති කියලා...
" මගේ.....ගෙදර මෙතන...මෙතන තමා මම ඉන්නේ....."
ඔහු කියද්දී මම පොඩ්ඩක් ගැස්සුනා... ඔහුට තිබ්බෙත් හරි අමුතු සුදු පැහයක්. ඒ පැහය දකිද්දී මට පලමු පාරට අමුත්තක් දැනුනා....

" මම යන්න ඕනා දැන් , මේ වෙද්දී ලියද්දට වතුර පිරිලා ඇතී...... මොකටත බොරුවට මැශීමේ තෙල් පුච්චන්නේ... "
මම හැදුවේ එහෙම කියලා ඔහුට සමුදීලා ආපහු එන්න. ඒත් මම ඉස්සරහට අඩියක් තියද්දීම ඔහු මගේ අතින් අල්ලගත්තා. ඔහු මගේ අත අල්ලද්දී මට දැනුනේ අසාමාන්ය සීතල ගතියක්.
"එහෙම යන්න දෙන්න බෑ..... මම එහෙම යන්න දෙන්නෙත් නෑ......මම කියපු දේ කලාට පස්සෙයි උබට යන්න දෙන්නේ...."

"මොකක් ,පිස්සුද ඔයාට..මට යන්න දෙනවා....."
ඔහු අල්ලගෙන හිටි අතින් මිදෙන්න මම අත ගසාදමමින් කිව්වා. ඒත් ඔහුගෙන් ගැලවෙන්න මට හැකිවුනේ නෑ...
" මම කිව්වනේ , යන්න දෙන්න බෑ....මට කියන දේ උබ කරන්න ඕනා.. මට වුන දේ උබටත් වෙන්න ඕනා , ඒක තමා මගේ නීතිය. එතකොට හිතට සතුටුයි මට උන දෙයක් තව කෙනෙක්ට උනා කියලා.... "
" පිස්සුවක් හැදිලද උබට.. අත ඇරපන් මගේ අත....."

කියපු මම හැදුවේ ඔහුට පයින් පාරක් එල්ල කරලා හරී උගෙන් ගැලවෙන්න... ඒත් මම පයින් පාරක් ගහද්දීම ඔහු මගේ පහර වලක්වගත්තා.. ඊට පස්සේ ඔහු හිනාවුනේ සමච්චලේට.
" මට පිස්සු නෑ..... උබට කරන්න තියෙනේ එච්චරම අමාරුදෙයක් නෙමේ.. මේ බටනලාව අරගෙන පිබින්න විතරයි. ඊට පස්සේ මම උබට යන්න දෙනවා.. අපි දෙන්නම ඊට පස්සේ එකට යමූ...."
" මට බෑ ඕක පිඹින්න , මට යන්න දීපං.. "

මම කැගැහුවේ පෙරට වඩා උස් හඩින්.. අදුරු වැටුනු වෙල් යායේ පේන තෙක් මානෙක කවුරුවත් නෑ....ජීවිතේ පලමු පාරට මම හිටියේ හොදටම බයවෙලා.
" උබට පිඹින්නම වෙනවා.... නැත්නම් යන්න දෙන්නේ නෑ.. උස්සගෙන ගිහිල්ලා අර ඔයේ ඔබලා මරලා දානවා... මම ඒකට කැමතිම නෑ... මට ඕන උබ ඔය බටනලාව පිඹිනවා බලන්න විතරයි.."
මේ අසාමාන්ය විදිහට හැසිරෙන පුද්ගලයාගෙන මට බේරිල්ලක් තිබ්බේම නෑ....
" දෙන්ඩ බටනලාව.... හැබයි පොඩ්ඩ වෙලාවයි පිඹින්නේ... ඉතින් අත අරිනවා...."
අවසානේ මම ඔහු කියපු දේට කැමති වුනේ අකමැත් තෙන් ,ඔහු කියපුඩේ කලොත් ඔහු මට යන්න දේවි කියලා මට හිතුනා.
" අත අරින්නම් ,හැබයි මගෙන් බේරිලා පැනලා යන්නනම් හිතන්නවත් එපා...මොකද උබ මගෙන් කොහොම බේරිලා යන්න හැදුවත් මට උබව ලේසියෙන්ම අල්ලගන්න පුලුවන්...."
ඔහු කිව්වේ තිර හඩකින්.
"නෑ මම දුවන්නෙ නෑ.... "
මම කිව්වා. ඔහු පොඩ්ඩක් මගේ අත අල්ලගෙන ඉදලා අත ඇරියා...

" හරි මෙන්න බටනලාව...... උබ මේක අරන් විනාඩි දහයක්වත් පිඹින්න ඕනා.. අන්න අර ගහ දිහාම බලාගෙන.. "
ඔහු මගේ අතට බටනලාව දීලා කිව්වේ අඩි දහයක් විතර දුරකින් තිබ්බ විශාල ගසක් දිහාටත් අත දික්කරලා.
" ඇයි ඒ ගහ දිහාම බලාගෙන පිඹින්නේ..අනික එච්චරම වෙලාවක්.. එච්චරම වෙලාවක් බටනලාව පිබිද්දී සෑහෙන්න කලුවර වැටෙයි..යන්න පාරවත් පේන්නේ නැතිවෙයි.."

" එහෙම වෙන්නේ නෑ...මාත් ඉන්නවනේ..... තව වෙලා ගත්තොත් උබට ම තමා අවාසිය. හා ඉතින් පටන් ගනිම් මෙන්න මේ තැන ඉදගෙනම පිබින්න පටන් ගනිම්....හැබයි පිටිපාස්ස බලන්න තහනම් ,මම ඇති කියනකම් පිඹපං."

මේ පාර ඔහු කිව්වේ මට තර්ජනය කරලා වගේ.. ඉතින් මම ඔහු කිව්ව විදිහටම එතන බිම වාඩිවෙලා අර ගහ දිහාම බලාගෙන බටනාලාව පිබින්න පටන් ගත්තා. කාලෙකින් බටනලාවක් අල්ලල තිබ්බේ නැතත් ඉස්සර පිබපු පුරුද්දට මට බටනලාව තාලෙට පිඹින්න පුලුවන් වුනා.
අර කෙනා කිව්ව විදිහටම මම කලා. අර ගහ දිහාම බලාගෙන පිටිපස්ස බලන්නේ නැතුව බටනලාව පිබින්න පටන් ගත්තා.. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියේ අර කෙනා බටනලාව පිබින්න කිව්ව වෙලාවත් පහුකරමින්. ඉර එලියත් දැන් තියෙන්නේ ලාවට වගේ......

විනාඩ් දහයකට වඩා ගිය නිසාත් , තාම අර කෙනා ඇති කියලා කිව්වේ නැති හින්දාත් මම බටනලාව පිබින ගමන්ම ලාවට වගේ පිටිපස්ස හැරිලා බැලුවා.. දැකපු දෙයින් මම එකපාරටම නැගිට්ටවුනේ හොදටම බයවෙලා..
මම පිටිපස්සේ හිටිය අර තරුණයා පෙන්නවත් හිටියේ නෑ.. ඒ වෙනුවට මම දිහා බලාගෙන හිටියේ මායාකාරී වගේ අමුතු ඇස් තිබ්බ කාන්තවක්.. සුදුපාට ඇදුමක් ඇදලා හිටිය ඇය කොන්ඩේ කඩාගෙන හිටියා.
" ඇයි නැවත්තුවේ , පිබින්න...හරිම ලස්සනට ඔයා ඒක පිබිනවා...පටන් ගන්න... ආයෙම "

ඇය විනිවිද යන කටහඩකින් කිය කියා මා කිට්ටුවට එන්න පටන් ගත්තා..මම ටිකෙන් ටික පස්සට ගියේ හොදටම බයෙන්.
"ගොම්මන් යාමේ වතුරගලන් යන තැන්වල තරුණයන් බටනලා පිබිද්ගී මෝහිනී එනවා....."
මට ඇයව දකිද්දී මතක් වුනේ ඒ කතාව...
" ඒත් කෝ එතකොට මෙතන හිටිය තරුනයා."

ඒ ගැනත් හිත හිත මම පස්සට ගියා. මම පස්සට අඩියක් තියන පාසාම අර කාන්තාවත් මම ලගට අඩිය අඩිය ඉස්සරහට ආවා.. පිටිපස්සෙන් පිටිපස්ස ට ගිය මම එකපාරටම වැටුනේ පොඩි වලකට. ඒකට වැටෙද්දීම මට කාගේහරි අතක් පෑගුනා.
දෙයියනේ මම විශ්වාස කරන්නේ කොහොමද? ඒ මට පෑගුන අතේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙමේ. මට පොඩ්ඩකට කලින් කතා කර කර හිටියා තරුණයා.. ඔහු වල ඇතුලේ හිටියේ ඇස්දෙක ලොකුකරගෙන මැරිලා.. ඔහුගේ බෙල්ල පුරාම තිබ්බේ දරුණු වනසතෙක් පහුරුගාල වගේ නියපොතු පාරවල්, "

ඔහුගේ නිසල සිරුරට අනුවනම් ඔහු මැරිලා සෑහෙන්න වෙලාවක් ගිහිල්ලා තියෙන්න ඕනා කියලයි මගේ හිත කිව්වේ....
ඒත් එහෙම වුනේ කොහොමද? මම බටනලාව පිම්බේ ඒ තරුනයා මැරිලා හිටිය වල පැත්ත දිහා බලාගෙන. ඒත් මෙහෙම දෙයක් වෙනවා මට පෙනුනේ නැත්තේ ඇයි.....

මම බයෙන් බයෙන් හිතද්දී අර කාන්තාම මා දිහාට ටික ටික ලංවෙන්න පටන් ගත්තා. ඇයගේ අත්වල තිබ්බ නියපොතු ටිකෙන් දික්වෙන්න පටන් ගත්තේ මට මහා නපුරක් ඉස්සරහට වෙන්න යන්නේ කියල පෙරනිමිති පලකරමින්..
"අම්මෝ.... එපා......."
මම යටගිරියෙන් කෑගහගෙන ඒ වලෙන් හොඩවෙලා දුවන්න පටන් ගත්තේ තවත් මෙතන හිටියොත් වෙන්නේ ඉක්මනට අර යකින්නගේ ගොදුරක් වෙන එක බව දැනුනු නිසා...
" හහ් හහ් හා... "

මට පිටිපස්සෙන් ඇහුනේ අර යක්ශනීගේ වියරු හඩ වෙන්න ඇතී..
" උබට බේරිලා යන්න දෙන්න බෑ... මට උන දේ උබටත් වෙන්නම ඕනා..."
විශ්වාස කරන්න. මට ඒ ඇහුනේ අර මැරිලා හිටිය ,කලින් මට බටනලා පිබින්න කියලා කිව්ව තරුණයාගේ කටහඩ.. මම පිටිපස්ස පැත්ත හැරිලා බලද්දී ඔහුත් මරණයෙන් පිබිදිලා වගේ මගේ පස්සෙන් පන්න්මින් හිටියා.
අතේ තිබ්බ බටනලාව මම අසලින් ගලන් බහින ඔයට ව්සිකරලා දැම්මා.. එය දියකලතමින් ඔයට වැටෙනවාත් මට ඇහුනා...
" උබ උබ මොකක්ද ඒ කරපු වැඩේ...... "

ඒ සමගමයි ම්ට අර අද්භූත තරුණයාගේ හඩ වියරු හඩ අහුනේ.. මම මේ ගොම්මන් යාමේ අමුනුශ්ය න් දෙන්නෙක්ට මැදිවෙලා බව මේ වෙද්දී මට තේරිලා තිබ්බා. මුන්ගෙන් බේරිලා දුවල වැඩක් නෑ.
සිතද්දීමයි මට මතක්වුනේ මම වෙනදා රෑට ගමේ බිමන් යද්දී සිතේ බය නැතිවෙන්න කියලා මුමුනන කරණීය මෙත්ත සූත්රය. මම ඒක මුමුන මුමුන දුවන්න පටන් ගත්තා.
"කරණීය මත්ථ කුසලේන
යං තං සත්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච
සුවචොචස්ස මුදු අනතිමානී
" සන්තුස්සකෝ ච සුභරෝ ච.................

මම ඒ සූත්රය මුමුනමින් ඉස්සරහට ම දුවගෙන ගියා. අරුන් දැන් මගේ පස්සෙ පන්නන බවක් පෙනුනේ නෑ.අවසානේ මම නැවතුනේ මහ පාරේ. මම වතුර ගහ ගහ හිටිය ලියදු පැත්තට වත් මම ගියේ නෑ...
පාර ලග හිටවල තිබ්බ මගේ බයික් එකට නැගපු මම ඒක පදවගෙන ගිහිල්ලා නැවතුනේ ඒ ගමේ පන්සලේ. පන්සලේ බෝධී පූජාවක් තියන්න වෙන්න ඇති ගොඩක් අය ඇවිල්ලා හිටියා..
" මාව මාව....... "

පන්සලේ හිටපු සෙනග දිහා බලාගෙන මම කතා කරන්න උත්සහ කලත් කතා කරගන්නවත් බැරිවුනේ බයට. මම පෙනුම ඇදන් උන්න ඇදුම් දිහා බලාගෙන පන්සලේ අය මම දිහා බල හිටියේ පුදුමෙන්. මේ ගමේ ගොඩක් අයට මම අදුරන්නේ නැති පුද්ගලෙක්. මගේ හිතට සැනසුමක් එක්කරමිනුයි ඒ එක්කම එතනට සෙනරත් මාමා ආවේ..
" මොකද වෙලා තියෙන්නේ "
සෙනරත් මාම මගෙන් ඇහුවේ මගේ අතින් අල්ලලා..
" කිසිම දෙයක් කියන්නේ නෑ , මොකකට හරි බයවෙලා වගේ..."
කෙනෙක් කියනවා මට ඇහුනා.
" මට වෙලේ ඉද්දී....."

එතනින් පටන් ගත්තු මම මට උන අද්භූත දේවල් එතන හිටිය අය්ට සෙනරත් මාමා දිහා බලාගෙන කියන්න පටන් ගත්තා...
" ඔය වෙලේදී බටනලා ගහ ගහ හිටිය කෙනා මොන වගේ කෙනෙක්ද..? "
" උසයි සුදුයි,අවුරුදු විසිපහක් විතර වගේ....."
එතන හිටිය කෙනෙක් අහද්දී මම කිව්වා..
" අපේ ගමේ බටනලා ගහන්නෙ සදීරනේ... ඒත් සදීර "
"සදීර අද දවල් ගෙදර අයත් එක්ක තරහවෙලා ගිහිල්ලා කියලා කාට්ටිය කියනවා ඇහුනා.. කොහේ ගියාද හොයාගන්න නැහලු..මට පන්සලේදීත් ඇහුවා සදීර ආගිය අතක් නෑ කියලා...."

" මොකක් ලොකු දෙයක් වෙලා තියනවා , කෝකටත් වෙල පැත්තේ ගිහිල්ලා බලමුද කට්ටියක් , ගොඩක් වෙලාවට සදීර ඔය හැමතැනම වෙලාවක් කලාවක් නෑ බටනලා පිබිනවනේ .. මෙයා කිව්ව කතාව අහෙද්දී මට ලොකු අමුත්තක් දැනෙනවා.."
කට්ටිය එහෙම කතාවෙලා වෙල පැත්තට ගියේ ගියේ මාව පන්සලේ ඉන්දැද්දී... එදා රෑ මම ගෙදර ගියේ නෑ...මම ඒ ගමේ ගොඩක් අදුරන සෙනරත් මාමලාගේ ගෙදර නතරවුනා..
" සදීරගේ මිනිය වෙලේ කෙලවලේම පැත්තේ ඔය කිට්ටුව් වලක තිබිලා හම්බවෙලා..බෙල්ල පුරාම නියපොතු පාරවල්.හරියට කැලෑ සතෙක් පහුරුගාල වගේ.."

සෙනරත් මාමලගේ ගෙදරට ආව කෙනෙක් කියනවා මට ලාවට වගේ ඇහුනා..
" මං හිතන්නේ අර ලමයා කිව්ව විදිහට සදීර බටනලා පිබිද්දී ඒ හඩ දිගේ අර කියන විදිහට මෝහිනී යකශනීවත් පස්සේ ඇවිල්ලද, මම වෙලේ ඉන්නකොටනම් සදීර බටනලා පිබිනවා ඇහුනේ නෑ..."
සෙනරත් මාම ඒකට පිලිතුරු දෙනවා අහුනා...

සෙනරත් මාම ගියාට පස්සෙයි මම වෙලේ ඉනකොට ඒ බටනලා හඩ ආවේ. මට මතකයි එකපාරටම ඒ හඩ නැවතුනා..සමහර විට ඒ වෙලාවේ වෙන්න ඇතී සදීරට ඔය අවාසනාවන්ත දේ වෙන්න ඇත්තේ... ඊට පස්සේ මට හම්බවෙන්න ඇත්තේ සදීරගේ ආත්මය වෙන්න ඇතී...
මට සිතුනේ එහෙම. ඒත් එක්කම ඔහු කියපු තව දෙයක් මට මතක්වුනා

" මම කිව්වනේ , යන්න දෙන්න බෑ....මට කියන දේ උබ කරන්න ඕනා.. මට වුන දේ උබටත් වෙන්න ඕනා , ඒක තමා මගේ නීතිය. එතකොට හිතට සතුටුයි මට උන දෙයක් තව කෙනෙක්ට උනා කියලා.... "
සදීරගේ ආත්මය කිව්ව විදිහට ඔහුහේ ආත්මයට ඕන වුනේ ඔහු මැරුනු විදිහටම මාවත් මරවන්නද...මම ලවා බටනලා පිඹවලා අර යක්ශනිය ගෙන්වලා ඔහුට අත්විදින්න වුන දේම මටත් කරවලා..."

මම හිතුවා. එත් මම බේරුනා.. සමහර විට මට ඒ වෙලාවේ මතක්වෙලා කියපු කරණීය මෙත්ත සූත්රය ඉදිරියේ ඒ අමුනුශ්ය ආත්ම පැරදෙන්න ඇතී....

සමුගන්න අවසරයි 

ඇත්තටම එහෙම දේවල් වෙන්න පුලුවන්ද😲 ඒත් වෙලා තියෙනවා..

Deewana Raaz

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




22 June 2019

---වැහි කබාය---


ඒ1995 අවුරුද්දයි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලබා ගත් මට ලැබුණු මුල්ම පත්වීම වූයේ කොලඹ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ආයතනයක නුපුහුණු සිවිල් ඉංජිනේරු පදවියයි.මාගේ රැකියාවේ ස්වභාවය අනුව මට පැවරී තිබූ රාජකාරිය වූයේ ලංකාවේ විවිධ ප්‍රදේශ වල වැඩබිම් පරීක්ෂාවයි.ඒ සදහා මට ආයතනය විසින් කාර් රථයක් ද සැපයූ නිසා ගමන් බිමන් ඉතා පහසු විය.

එදා ඉතා වැහිබර කාළගුණයක් පැවති දිනයක් වූ අතර ඉරිදා දිනයක්ද වූයෙන් මා විවේකයෙන් නිවසේ කාලය ගත කලෙමි. උදෑසන10 ට පමණ අපගේ නිවසේ දුරකථනය නාද වන්නට විය.
"හෙලෝ කවුද කතා කරන්නේ" මම විමසීමි.
‘’හෙලෝ දනන්ජය මං මේ බොස් කතා කරන්නේ”
“කියන්න සර්”
“අනේ කොල්ලො, මට පොඩි උදව්වක් ඕනේ”
“ඔව් සර්”
“අපේ නුවර සයිට් එකේ ඉංජිනියර්ගේ අම්මා නැති වෙලා… මිනිහා ගෙදර ගියා. උබට බැරිද සතියකට විතර සයිට් එක බලාගන්න… ලොකු උදව්වක් කොල්ලො”
“දැන් කොහොමද නුවර යන්නේ” මා සිත මගෙන්ම විමසීය.
මා රැකියාවට ගොස් මසක් පමණ වූ බැවින් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද මට නොහැකිය.
“ඕ. කේ. සර් මං යන්නම්” මා පැවසීමි.
"වෙරි ගුඩ්...එහෙනම් කොල්ලො දැන්මම ලෑස්ති වෙලා පලයන්.එතකොට හෙට උදේම වැඩට බහින්න පුලුවන්"

මං සූදානම් වී ගෙදරින් පිට වෙද්දී සවස 4 පසු වී තිබූ අතර මා කඩුගන්නාවට සේන්දු වන විට සවස 7 පමණ වුනි.අසල තිබූ තේ කඩයකින් තේ බිව් මා නැවත ගමනාරම්භ කලෙමි.මා මහනුවරට පැමිණෙන විට රාත්‍රී 8 පසු වී තිබිණි.අපගේ වැඩබිමට මහනුවර සිට තවත් කි මී 30ක් පමණ ගමන් කිරීමට තිබුණි.අධික වර්ශාව නිසා ගමන් කල යුතු මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබූ හෙයින් මා අතුරු මාර්ගයක් භාවිත කළ යුතු යැයි සිතුවෙමි.ගම්වැසියන් කීපදෙනෙකු ගෙන් මාර්ගය අසා දැනගත් මා අතුරු මාර්ගය ඔස්සේ ගමන් ගත්තෙමි. එම මාර්ගය ඉතා පාලු වූ තවමත් තාර නොදැමූ ගුරු පාරක් බදු විය. එම පාරේ තවදුරටත් ගමන් කිරීමේදී කිසිදු වාහනයක් හෝ පුද්ගලයෙක් නොදුටු මා හට ඉතා මූසල පාලු ගතියක් දැණුනි.මාගේ රථයේ රේඩියෝවක් ද නොතිබූ හෙයින් එම චකිතය දෙගුණ තෙගුණ වී ගියේ ය. නිතර අහසේ මැවෙන විදුලි රටා හේතුවෙන් මාර්ගය ඒකාලෝක වී ගිය අතර එක්තරා මංසන්ධියක් අසල කිසියම් රුවක් මැවෙන අයුරු මා විදුලි එලියක් අතරේ දී දුටිමි.මා තවදුරටත් ඉදිරියට යද්දී ඒ මැදි විය ඉක්ම වූ කාන්තාවක් බැව් හදුනා ගැනීම එතරම් අපහසු නොවුණි. ඈ එක්වරම වාහනය ට අත දිගු කලා ය.මාගේ පය මට ද අවනත නොවී ඈ ඉදිරියේ ම රථය නැවතෙන පරිදි තිරිංග තද කළේ මාගේ මුලු ශරීරයම ඈගේ ග්‍රහණයට නතු කරගත් බවක් ගම්‍ය කරමිනි.මා නොකමැත්තෙන් මෙන් රථයේ රථයේ ලාම්පුව දල්වා වීදුරුව තරමක් පහත් කළෙමි.

ඇයි අම්මේ...
“අනේ දරුවෝ මං මේ මගේ දුව බලන්න ගිහින් එන ගමන් වැස්සට අහු වුණා... පුතාට බැරිද මාව ගිහින් ඇරලවන්න මේ පාරෙමයි ගේ තියෙන්නේ පොඩි දුරයි”
ඈ ඉතා සිහින් සිරුරකින් යුතු කාන්තාවකි. ඈ ඇද සිටියේ සුදු පැහැති සාරියකි.වර්ශාවට දෝ ඇගේ සාරිය කහ පැහැ ගැන්වී තෙත බරිත වී තිබුණි.ඇගේ මුහුණ බලාපොරොත්තු විරහිත වූ ස්වභාවයකින් යුක්ත විය.

“අනේ පුතේ ලොකු උදව්වක්”
ඇගේ ඉල්ලීම අහක දැමීමට තරම් මා අමනුෂ්ශයෙක් නොවන නිසාත් ඇයට මාගේ මවගේ තරම් වයස වන නිසාත් මා එම ඉල්ලීම තරමක චකිතයකින් වුවද පිලිගතිමි.
“හොදයි නගින්න අම්මේ...”

ඈ හිමින් සීරුවේ විත් රථයට ගොඩ වූ අතර මා නැවතත් ගමනාරම්භ කළෙමි.තරමක් දුර යන තුරුත් ඈ මා සමග කිසිදු කතා බහක් සිදු නොකළ අතර මා ඒ නිහඩ බව බිදින්න ට විමි.
“අම්මා මේ පලාතෙම ද?”
“ඔව් දරුවෝ මං පොඩි කාලේ ඉදන්ම හැදුණෙ වැඩුණෙ මෙහෙ තමයි”
“ඉතින් මේ වැස්සේ කොහෙද ගියේ”
“මං ගියා මගෙ දුව බලන්න”
“දුව කොහෙද ඉන්නේ?”

එසේ මා විමසුවද ඇයගෙන් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.
“ඔන්න ඔතනින් මාව දාන්න දරුවො...”
ඈ එකවර ම පැවසූ අතර මා එවිටම තිරිංග තද කළෙමි.
“කොහෙද ගෙවල්” යැයි මා විමසුව විට ඈ ගුරු පාරක් දෙසට තම දෑත දිගු කළාය.
“මෙතනින් යන්න ඔනී දරුවෝ”

“දුරයි වගේනෙ අම්මේ....මං ගිහින් දාන්නද?”
යැයි මා විමසූ විට ඈ පවසා සිටියේ මාර්ගය වාහනයකට ගමන් කළ නොහැකි පරිදි අබලන්ව ඇති බවකි.
“නෑ කමක් නෑ මං යන්නම්....”
වැස්සනෙ අම්මේ කොහොමද යන්නේ?
මා ඇසූ විට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
“කමක් නෑ මං ගාව රේන් කෝර්ට් එකක් (වැහි කබායක්) ඇති ඒක ඇදන් යන්න...”
ඇයද එය හිස වනා පිලිගත්තා ය.
“මං මේක ආපහු දෙන්නේ?”

යැයි ඈ විමසූ විට මා පැවසුවේ මා පැමිණියේ රාජකාරියකට බවත් මා දින කීපයකින් නැවත පැමිනෙණ බවත් ඒ එන ගමනේ දී මට එය නැවත ලබා ගත හැකි බවත් ය.එය හිස වනා පිලිගත් ඈ සෙමින් සෙමින් ගුරු පාර දිගේ පහලට ගිය අතර මාද කඩිනමින් මාගේ නවාතැන් පොල කරා ඇදුනෙමි. මා නවාතැන් පොල කරා පැමිණෙන විට රාත්‍රී 10 පසුවී තිබුණි.කලබලයට රාත්‍රී ආහාර පවා ගැනීමට මට නොහැකි වුණි. තිබූ ගමන් මහන්සියට මා ඇද සිටි ඇදුම් පිටින්ම මට නින්ද ගොස් අවදි වූයේ පසුදා උදෑසනයි.
මා උදෑසනම සූදානම් ව වැඩබිම කරා පිටත් වුනෙමි.

තිබූ වැඩ රාජකාරි මධ්‍යයේ සතියක් ගෙවී ගියේ විදුලි වේගයකිනි.ඊට පසු දින කලින් ඉන්ජිනේරු තැන සේවයට වාර්තා කළ බැවින් මට නැවත කොළඹ බලා පැමිණීම ට ඉඩ හසර විවර වුණි.

නැවත පැමිණෙන ගමනේ දී මා හට වැහි කබාය මතකයට නැගුණු අතර එය ලබා ගැනීමේ අටියෙන් නැවතත් එම අතුරු මාර්ගයේ ම ගමන් කරන්නන්ට වීමි. එදින එම කාන්තාව ගමන් කල ඉසව්වට මා මොටර් රිය පැදවීමි.තරමක් දුරට ගමන් කරන විට මාර්ගය අබලන් වූ බැවින් මා රියෙන් බැස පා ගමනින් ගමන් කරන්නට වීමි.තරමක් දුර ගමන් කිරීමේ දී කුඩා නිවාස දෙකක් ඇති බව මා දුටිමි.ඉන් එක් නිවසක් ගරා වැටී තිබූ අතර අනෙක් නිවසේ ඉදිරි පස දොර විවෘතව තිබුණි.
මා එම නිවස දෙසට යන විට වයස60ක පමණ පුද්ගලයෙකු එලියට පැමිණි අතර ඔහු මගෙන් පැමිණි කාරණය විමසී ය. මා ඔහුට පැමිණි කාරණය විස්තර කළෙමි.මාගේ කතාව අසා සිටි ඔහු තම දෙ අත් වලින් ඔහුගේ හිස අල්ලා ගන්නට විය.

“මහත්තයත් අහුවෙලා එහෙනං....ඔය ගෑණිගේ නම කරලයින් නෝනා.ඔය ඉස්සරහ පේන ගෙදර තමයි හිටියේ. ළමයි තුන්දෙනෙක් හිටියා. උන් බැන්දට පස්සෙ මෙහෙන් චුත වුණා.උන් මේ ගෑනි උන්නද මලාද කියල බැලුවෙ නෑ.ළමයි ගැනම හිත හිත ඉදලා ඒකිට පිස්සු හැදුනා.නිතරම ළමයි ගැන කියව කියව ඉබාගාතේ ඇවිද්ද එක තමයි කළේ.දවසක් මහ පාරේ ලොරියකට යට වෙලා ගෑණි මැරුණා.රෑට පාරෙ යන කීප දෙනෙක්ම ඔය ගෑණිව දැකල තියෙනව කියලා නම් මං අහල තියෙනවා ඒත් මෙහෙම දෙයක් ආරංචි වෙච්ච මුල් වතාව.ඔය ගෑණිව වල දැම්මෙත් ඔය පේන ගෙදර පිටිපස්සෙ.හා හා ඒකෙන් කාරි නෑ මහත්තය ඕව අමතක කරලා දැන් ගෙදර යන්න”

මා ආපසු යාමට හැරුණ ද ගමන් කිරීමට දෙපා ද වාරු නැත්තා සේය.මාගේ කමිසය ද දහදියෙන් තෙත්ව ගොසිණි.කෙසේ හෝ මම ආපසු යන්නට හැරුනේ ඈ විසූ නිවස දෙස ද මාගේ නෙත් යොමු කරමිනි.මා හිමින් සීරුවේ එම නිවස පසු කරමින් ගමන් කරන්නට වීමි.එසේ ගමන් කරද්දී ඇගේ නිවස පිටුපස සොහොනක් යැයි සිතිය හැකි කොන්ක්‍රීට් වලින් බැද තිබූ යමක් දුටිමි.ඒ මත මාගේ වැහි කබාය ද තබා තිබිණි.

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..





20 June 2019

---තරුණියගෙ අවතාරය---



මේ සිද්ධිය වෙන්නෙ මරදාන පොලිස් නිවාසයක් තුළ පටන් ගන්න වෙන්නේ මෙහෙම මම මගෙ යලුවා එක්ක මාසයක්.. පාඩම් වැඩ වලට ගෙදර ඉදලා.බොඩ්මට ගියෙ හෙට ඉදන් පටන් ගන්න විභාගයට මුන දිමට හිතාගෙන.එත් ගියාට පස්සෙ තමයි.දැන ගන්න ලැබුණේ බෝඩිමේ හැමොටම දෙවියන් ගෙ ලෙඩ හැදිලා කියලා..අනෙ දෙවියනේ..අපි විභාගයට යන්න ඔනි..ඉතිං මොකද කරන්නේ කියලා.කල්පනා කරද්දී බොඩිමෙ අක්කා කිවා .අපි අදුරන ගෙදරක් තියේ කැමති නම් ඉන්ඩ කතා කරලා දෙන්නම් කියලා..ඉතිං අපට වෙන කරන්න දෙයක් නැතිව කැමති වෙන්න උනා.ඔන්න හවස් වෙද්දී එ කියපු බොඩිම හොයගෙන අපි ගියා..හරිම මුසල පාට ගෙයක්..මන් යලුවා එක්ක නිකමට වගෙ කිවා..මෙක හොල්මන් ගෙයක් වගෙ කියලා..යලුවා.ට එ ගෙදර හොදයි.කියද්දි..උබට පිස්සුද මට නම් බයෙත් බැ..කියලා මට නිකමට කිය උනා..
ඔන්න අපි විස්තර ටික එ නැන්දාට කියලා..කාමරයක් ඉල්ලා ගත්තා අපට උඩ තට්ටුවට ගිහින් කෙලවරෙ කාමෙරෙ ගන්න කිවා..මගෙ යලුවා දන්න කෙනා වගෙ ඉස්සර වෙලා .කාමරය හොයාන ගියා.

අනෙ දෙවියනෙ සොල්දරයක් මෙ උඩ තට්ටුවට තියෙන්නෙ..ජරබර සද්දෙ අහෙනවා හයියෙන අඩිය තිබ්බත්...කාමරය අස් කරලා ..නා ගෙන එන්න පහලට ගියා..අපි උඩට එද්දී අපට කතා කරපු නැන්දා පෙන්න හිටියෙ නැ .එත් අපි නා න කාමරය හොයන ගියා..යාලුවා නාන කම් මන් වටපිටාව බැ ලුවා..කලුවර වෙන්න එන නිසා..වැඩි දෙයක් දකින්න. ලැබුණේ නැ ..ගොඩනැගිලි වගෙ එක දිගට තියෙන කාමරය පෙලියක අවසාන කමරෙ තමයි නාන කමරෙ ..යලුවා.නාන කොට එ පාලුවට ගිය කාමර දිහාවට මම ඉබේම වගෙ.ගියා .හරිම මුසල පාටක් එවාගෙ තිබුණු නිසා.මගෙ මුලු සර්වාංගයම හිරිගඩු පිපෙද්දි..මම යාලුවට කතා කරා..එත් නාන කාමරය දිහා කිසිම සද්දයක් නැ ..මන් හිතුවා..යාලුවා මාව දලා.කාමරෙට යන්න ඇති කියලා ...මම එයා නාන කම් එතන හිටපු නැති නිසා කියලා..එහෙම හිතලා හිත සන්සුන් කරන් මන් නාන කමරෙට ගියා..ශවර් හයි කරලා.තියෙද්දී විශාල ටැංකියක් එතන තිබුනා මන් එක්මනින් නාන්න පටන් ගත්තා..වතුර වැටෙද්දීම කෙදිරිගාන සද්දයක් ටැංකිය පැත්තෙන් ඇහුණා මට උන් හිටි තැන අමතක උනා




මම වෙව්ලන්නට ගමන් ටැංකිය ළඟට ගියා ..මගෙ යාලුවා තමත් ටැංකිය ඇතුළෙ වෙව්ලනවා..මට දැනුණා ..මොකද බං මෙ මම යාලුවා.ටැංකියේන් එලියට අරං කාමරය ට යද්දී නැන්දා මොකද උනෙ.අහුවා..මන් මොකුත් නැ.කියද්දී නැන්දා හිනා උනා..පස්සෙ රාත්‍රි කැම ගන්න පහළට අපට යන්න උනා..එ ගිහින් කැම කාල පාඩම් කරන්න අපි පටන් ගත්තා..එතකොට 9 විතර වෙලාව..අපිට පහල නැන්දා දොර වහන සද්දයක් අහුන.අපි හිතුවා.නිදා ගත්තා කියලා..එත් එක්කම ලයිට් ගියා .දෙවියනේ දැන් අපි කොහොම පාඩම් කරන්නේ මෙ ගැනී ලයිට් ඔෆ් කරා..කියලා..අපි දෙන්නා ෆොන් එකෙ ටොච් එක පත්තු කරන් කරුවලෙම පහලට ගියා..ලයිට් දන්න කියන්න..එත් නන්දා පෙන්න නැ .අනෙ මෙවගෙ ගැනී කියලා හිතලා අපි ලයිට් හොයලා දාගත්තා..පස්සෙ අපි පඩම් කරන්න ගත්තා..එත් අපි හිටපු කමරෙ ජනෙල් පියන් නැ ගිර්ල් විතරයි තිබුනෙ.එ පැත්තෙන් සද්දයක් අවා..එ ජනෙලය පහලට වෙන්න තියෙන්නෙ නාන කාමරය.අපි දෙන්නා.ජනෙලය ලගට ගිහින් බැලූ වාම කිසි දෙයක් පෙනුන් නැ ..අපහු අපි පාඩම් කරන්න ගත්තා වෙලාව 11ව්තර...

ටිකක් වෙලා පාඩම් කරද්දි අපහු සද්දයක් අහුනා..එත් එක්කම කාමරය පැත්තෙන් කවුදෝ එන අඩි සද්දයක් අහුනා..අපි ගල් ගහිලා බලාන ඉද්දි අපහු ලයිට් ගියා..කාමරය දොර තද කරලා..වහලා තිබ්බ නිසා මොකා ආවත් කාමරය අතුලට නම් එනවා බොරු කියලා.මන් සතුටු උනෙ..අපි ලොකු යකඩ පුටුවකුත් දොරට හෙත්තු කරලා තිබුන නිසායි..මගෙ යාලුවා ගෙන මන් අහුවා අත්තටම නාන කමරෙ ටැංකිය අතුලෙ මොකද කරෙ කියලා.එයා .කිවා.එයා නාන කොට දොරට මන් ගහනවා.බැරිව දොර අරිනකොට කවුරුත් නැ..ආයෙත් ගහන නිසා දොර අරලා බැලුවා එත් එක්කම හුලගක් අවා මෙ අහෙන අඩ් සද්දයම අහුනා නිසා එයා.මන් එනකම් ටැංකිය අතුලට රින්ගුවා කිවා...මන් එ වෙලාවෙ අතනට නොගියනම්..මොනා වෙයිද .....අපහු ලයිට් අවා..අපෙ බය නැතුව ගියෙ සද්ද මොකුත් අහුන් නැ අපි ලයිට් නිවලා නිදා ගන්න තිරනය කරා..එත් අපට නිදා ගන්න එක හිනයක් උනෙ..අපෙ කාමරය දොර අරින ශබ්දයත් එක්ක ..තත්පර ගනක්වත් ගත උනෙ නැ .අනෙ දෙවියනෙ.කාමරය දොර අරිලා..පෙන්න කවුරුත් නැ ..මන් අපහු දොර වහන්න.ඉක්මන් උනා..එත් එක්කම මුලු කාමරය පුරාවෙන්ම හිනා වෙනවා.කෙල්ලක්..මගෙ යලුවා..ගල් ගිල්ලා වගෙ බලාන ඉන්නවා..ලයිට් නැ .එකපාරට සද්දය නැවතුනා නිහඬ විම ගැන වුනත් මට බය ඇති උනෙ නිහඩතාවය හොද දෙයක් නොවන නිසා..

ටික වෙලාවකින් අපි අපහු නින්ද ට වැටුණා .හොදටම නින්දේ ඉන්න ගමන් මම මගෙ අත යාලුවා ගෙ පැත්තෙ යවනවත් එක්කම හිස් බවක් දැනුණා කො මගෙ යලුවා.හෙලා .හෙලා....හෙ ලා..මට බයටම..තොල් වෙලිලා ගිහින් දිව පැටලෙන්න ගත්තා..එත් යාලුවා නැ ..මන් ෆොන් එකෙ ටොච් එක මුලු කාමරය පුරාම යවා බැලූ වත් කිසි කෙනෙක් නැ ..යලුවා කොහෙ ගිහින්ද දන්නෙ නැ මන් වහපු දොර එ විදියටම තියෙද්දි.යලුවා..පෙනෙන්නට නැ ..මන් නිකමට වගෙ නිදාගෙන හිටපු ඇඳ යට බැලුවේ යලුවා හැංගිලාද බලන්න් එත් එ වෙලාවෙ තමයි දැක ගන්න ලැබුණේ අපේ ඇඳ යට ලොකු රවුමක් කපලා තියෙන බව..මන් ටොච් එක ගහලා බැලූවාම.තමයි දැක්කේ මගෙ යාලුවා එ පහල කමරෙ ක වැටීලා ඉන්නවා..එත් එ හොල්මන් ගෙදර එ කමරෙ හොය ගන්න ටිකක් අමාරු වුනත් මන් එලිය වැටී ගෙන එනකොට යලුවා..හිටපු එ කමරෙ හොයා ගත්ත..යලුවට කලන්තෙ ...තව එ කමරෙ දකින්න ලැබුණේ ලණු කිපයක් .. අපි පහුවදාම එ බොඩිමෙන් යන්න පිටත් වෙද්දි....නැන්ද දුව හොදට නින්දගියද අහනවා.මන් ඔව් කියලා කියද්දී නැ න්දා වියරු ලෙසින් පරන හිනාවම දැම්මා ........

අවසානයේ වෙච්චි හැමදේම යාළුවෝ එක්ක කියද්දී එක ලමෙක් අපි හිටපු බොඩිම පිලිබද සියලු විස්තර කිවා..එනම්.එක නමින් හොල්මන් බොඩිම බවත්..ගැහැනු ළමයෙක් එ බොඩිමෙ නවතින්න ගිහින් එ ලමයාව.එ බොඩිම අයිතිකාරයා පොලිස්පතිවරයා වරයා.විසින් දුශනය කර මගෙ යලුවා වැටී සිටි කමරෙ එල්ල මරා තිබුන බවය....එනිසා එ බොඩිමෙ.එන ගැහැනු ළමයින් නාන කාමරය තුල දුශනය වු නිසා මගෙ යලුවා ට දොරට ගහන ශබ්ඩයක් අවෙ..එනිසා වන්නට පුලුවන් බොඩිමෙ.සිටි නැන්ද ගැහැනු ලමයින් නවතිමට ආ විට..බොඩිමෙන් පිටවෙන්නෙ .ස්වාමියාගේ බල කිරිම නිසා පසු කාලයක ස්වාමියා මිය ගියාත් ඔහුගෙ ආත්මය තවමත් බොඩිමෙ පුරා සැරිසරමින් සිටි.....

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..