මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

10 June 2019

---බෙල්ල නැති කඳ---


මේක ඇත්ත කතාවක්.මගේ ආච්චි අම්මාට වුන දෙයක්.ගාල්ලේ ගම්මානයක.

මෙහෙම පොඩි හැඳින්වීමක් කරන්නම්. මගේ ආච්චිගේ උපන් ගම ගාල්ලේ.ඒත් එයා හැදුනේ වැඩුනේ දෙහිවල.එයා කසාද බැන්ඳේ කෑගල්ලට.සීයා තාත්තා විදුලි බල මණ්ඩලයේ සේවය කලේ.ඉතින් ආච්චිට පළවෙනි බබා (මගේ අම්මා) ලැබෙන්න ආවාම සිරිතට එයා ගමේ යන්න හිතලා තියෙනවා.ගාල්ලේ.




ඒ 1970 සැප්තැම්බර් මාසයේ දවසක්. සීයයි ආච්චියි ගාලු යන්න පිටත් වෙලා.කොහොම හරි කෑගල්ලේ ඉඳන් ගාල්ලට එනකොට රෑ වෙන්න ඇවිත්.ආච්චිට ආස හිතිලා බූන්දි කන්න.ඉතින් ගාල්ලෙ ටවුන් එකෙන් බූන්දි පාර්සලේකුත් අරන් මේ දෙන්න ගමට යන බස් එකේ නැගලා. බස් එකේ ඇවිත් එතනින් බැහලා පයින් යන්න ඕනලු ගොඩක් දුර ගෙදරට.දැන් වගේ දියුණු නෑනේ.ඉතින් ආච්චිගේ බඩු මල්ලත් උස්සන් සීයා ආච්චිවත් අල්ලගෙන පයින්ම යන්න පටන් ගත්තලු ගෙදරට.ආච්චි අතේලු බූන්දි මල්ල.මේ වෙද්දි රෑ දහයත් පහු වෙලා වගේලු වෙලාව. ඉතින් මෙහෙම දෙන්නා ඉස්සරහට යනවලු.හරි ලස්සන පලාත.ඇල දොල කුඹුරු මැදින් යන්න තියෙන්නේ.ඒත් හරි පාලුයි.මෙහෙම යද්දි තියේලු පොඩි බෝක්කුවක්.ටිකක් පාලු ගතිය වැඩි හරියක්ලු ඒ.මෙතන පහු වෙද්දි ආච්චිට දැනෙනවලු අර බූන්දි මල්ල කවුරු හරි අදිනවා.මෙයා අත ගසලා බූන්දා ටික අරගෙන.සීයට කියලත් නෑ.ආයෙම ටික දුරක් යද්දි අරෙට වඩා තදින් පාර්සලේ අදිනවලු.ආච්චි මල්ල අදින ගමන් හැරිලා බලලා.මුකුත් නෑලු.ආච්චි හොඳටම බය වෙලා.සීයට කියලා වුන දේ.සීයා ඒ පාර අර බූන්දි මල්ල උදුරලා ඈතට විසි කරලා.හොඳ කුණුහර්ප දෙක තුනක් කියලා ආච්චිවත් ඇදගෙන වගේ පය ඉක්මන් කරලා ඇවිත්.


ගෙදරටත් තව දුරයිලු.ඒ එද්දි ඈතින් පේනවලු ලාම්පු එලියක්.සීයා එතනට එක්ක ගිහින් ආච්චිව.ඒ වෙද්දි ආච්චිට සිහියත් මදි වගේලු.ගමේම අය නෑදෑයෝ වුනාට සීයා අදුන⁣න්නෙත් නෑ මේ අය.පස්සේ අර ගෙදරට ගිහින් විස්තරේ කියලා.ආච්චි ගේ මාමා කෙනෙක්ගේ ගෙදරක්ලු ඒක.ඒ ගෙදර නැන්දා ඇවිත් ආච්චිව ඉක්මනට ගෙට අරගෙන.පිරිත් පැන් බොන්න දීලා.මූණ සෝදලා පිරිත් පැන් වලින්.එතකොටලු සිහිය ආවේ.පස්සේ ටිකක් දොස් කියලා, මේ රෑ මෙහෙම ගෑනියෙකුත් අරන් මෙහෙම ගමන් එනවද කියලා.ඉතින් කොහොම හරි පහුවදා උදේ තමයි ඒ ගෙදර අය ආච්චිලව එයාලගේ ගෙදරට එක්ක ගිහින් තියෙන්නේ.

ඒ යන්න කලින් අර ගෙදර මාමා අපේ සීයට කතා කරලා එලියට.ඊයේ වුන දේ ගැන කියලා.ඒ බෝක්කුව උඩ මීට දවස් 7කට කලින් අපේ ආච්චිගේ නෑදෑවෙන අයියා කෙනෙක්ව මරලා දාලා.බෙල්ල කපලා.බෙල්ල බෝක්කුව උඩලු.කඳ ඇලේලු.ඉතින් එදා තමයි ඒ කෙනාගේ 7 දවසේ දානේ තිබිලා තියෙන්නේ.ඊට කලිනුත් දවසක් කෙනෙක් ඒ කෙනාව දැකලා.බෙල්ල නැතිව කඳ ඇවිදිනවා.ඒත් වෙලාවට ආච්චි දැකලා නෑ.එහෙම දැක්කනම් මේක ලියන්න මමත් නෑ.

ආච්චිට මේ කතාව කියලා තියෙන්නේ මගේ අම්මා ලැබිලා ආයිමත් කෑගලු ආවටත් පස්සේ.එයා බය වෙයි කියලා කවුරුත් මුකුත් කියලා නෑ..

අදටත් මේ පැති වල මෙහෙම දේවල් වෙනවා..ඒ දවස් වල වැඩියි.ඒත් අදටත් නැත්තේ නෑ..

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




1 comment: