මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

24 June 2019

---බට නලා හඩ දිගේ---


හැන්දෑවේ හමන සුලගට බණ්ඩි ගොයම හෙලවුනේ අපූරු තාලයකට.
" අද රෑවෙනකම්ම උබ වතුර ගහනවද "
නියර දිගේ ගමන් කරමින් හිටිය සෙනරත් මාමා මගෙන ඇහුවේ මම ලගින්ම ගමන් කරද්දී.
" නෑ තව තියෙන්න පහල ලියද්දට වතුර යන්න විතරයි , ඒකට ගියාම හරී... "
මම කීවා..
" එහෙනම් මම යනවා.... "

සෙනරත් මාමා යන්න ගියේ විශාල වෙල් යායේ මා තනිවෙද්දී.. මම ආයෙම සැරයක් පහල ලියද්ද පැත්තට ගියේ වතුර තත්වය කොච්චර ලියද්දට අල්ලලද කියලා බලන්න. ඒ ලියද්ට වතුර එන හැටී දකිද්දී මටහිතුනේ ඒ ලියද්ද පිරෙද්දේ රෑ හත අටවත්වෙයි කියලා. ඒ මොහොත වෙද්දිත් හැන්දෑවේ හය පහුවෙලා තිබුනා.
මම වැඩකරපු විශාල වෙල් යායේ ගොයන් හැමදාම පැහුනේ වැවකින් වතුර ඇවිල්ල නෙමේ. වෙල් යාය අසලින් ගලන් ගිය ඔයෙන් වතුර ගහලා තමා හැමදාම ඒ මුලු වෙල්යායම පැහුනේ.

කලින් මම මේ වෙල් යායේ වැඩකරලා තිබෙනේ නෑ. දැන් මම වැඩකරන ලියදු දහය කලින් වැඩ කලේ මගේ බාප්ප. බාප්ප මිය යාමත් එක්ක වෙල වැඩකරන්න කෙනෙක් නැති නිසාම ඒ වෙල වැඩ කරන වගකීම මගේ හිස මත වැටුනා.
ටිකෙන් ටික අදුරත් වැටෙන්න පටන් ගත්තා. ලියද්ද පිරෙන්න ට්ජව වෙලාවක් යන හින්දා මම ආපහු ගියේ ඔය ලග ස්ටාට් කරලා තිබ්බ වතුර මැශිම ලගට.

ඒත් එක්කමයි මට ලාවට ලාවට වගේ ඈතින් මිහිරි බට නලා හඩක් ඇහෙන්න පටන් ගත්තේ.. කවුරු හරි හරිම ලස්සනට වාදනය කරන ඒ බටනලා හඩට මම මදක් කන් දෙමින් උන්නා.
"කවුද මේ හන්දෑයාමේ බටනලා පිබින්නේ..."

මට දැනුනේ ලොකු කුතුහලයක්. ඒ බටනලා හඩ ඇහෙන්නත් ගලායන ඔයේ ඈතම ඈත ඉස්සවකින්. සිතට ලොකු කුතුහලයක් පිරෙද්දී මම ඒ හඩ ඇහෙන පැත්තට ගමන් කලේ ඒ හඩට වශීවෙලා වගේ.
බටනලා හඩ ඇහෙන පැත්ත කිට්ටුවෙද්දීම වගේ ඒ බටනලා නැවතුනා.... මම ආයේ ඒ අඩ ඇහෙයිද කියලා සෑහෙන්න වෙලා ඒ හරියේ හිටියත් ආයෙම ඒ හඩ ඇහුනේ නෑ..ඒ වෙද්දී මම හිටියේ ඒ විශාල වෙල් යායේ කෙලවරක. ලගින්ම ඔය ගල්න් ගිය ඒ ඉසව්ව පාලුම පාලු ගස් ගොම්මනින් පිරිච්ච ඉසව්වක්.
" කාවද හොයන්නේ... "

එකපාරම මගේ පිටිපස්සෙන් ඇහුන ඒ හඩට මම ගැස්සුනා. පිටිපස්ස හැරිලා බලද්දී මම දැක්කේ තරුණයෙක් මම දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්න හැටි. ඔහුගේ අතේ තිබ්බ බටනලාව දකිද්දී මට ගොඩක් දේවල් තේරුනා. මීට කලින් මම ඔහුව දැකලා තිබ්බේ නෑ.. ඔහු උසයි, කඩවසම් , ඔහු කලින් දැක්ලා කියලා අඩුම ගානේ මට මතකයක්වත් තිබ්බේ නෑ...
මේ බාප්පගේ ගම මිසක් මගේ උපන් ගමනෙමේ.. ඒ හින්දා මේ ගමේ අයව මම එච්චරම අදුරන්නේ නෑ..

"මගේ බට නලා හඩ ඇහිලද ආවේ නැත්නම් "
ඔහු ආයෙම කතා කෙරුවා.
" ඔයාද ඔය බටනලාව ගැහුවේ... ඒත් "
" ඇයි ඒත් කියලා නැවත්තුවේ.. "
කියපු ඔහු මදක් මම ලගට කිට්ටු කෙරුවා.
"මේ වෙලාවට බටනලා පිබින්න හොද නෑ කියලා කට්ටිය කියනවා මම අහලා තියෙනවා.. "
" ඒමොකෝ ඒ....."
"මංදා ඒක හරියටම දන්නෙ නෑ...කට්ටිය කියන්නේ මේ වගේ ගොම්මන් වෙලාවට බටනලා පිබිද්දී ,ඒ හඩට මෝහිනී එනවා කියලා.."
මම කියද්දී ඔහු උස් හඩින් හිනාවෙන්න පටන් ගත්තේ මහ විකාර විදිහට. මට බයත් හිතුනා ඔහු එහෙම විකර විදිහට හිනාවෙද්දී.

" මම කොච්චර නම් මේ වෙලාවට බටනලා පිබිනවද.. කෝh මෝහිනී තියා කවුරුවත් ආවේ නෑනේ... මම පිඹින බටනලා හඩ දිගේ ආවනම් ආවෙර් ඔයා විතරයි...... "
කියූ ඔහු මදක් මම දිහා ඕනෑකමින් බලන් ඉදලා
" මේ මල්ලී මම මීට කලින් මේ ගමේ දැකලා නෑ.....කවුද "
කියලා ඔහු අහුවා...

" මම මේ වෙලේ කොටසක් වැඩ කරනවා... බාප්ප මැරුනට පස්සේ ඒ කොටස වැඩ කරන්න කෙනෙක් නැතිවුනා.. ඒ හින්දා මේ පාර මම වැඩකරනවා... හොදට පැහෙන වෙල්නේ...අපටාදේ පුරන් වෙන්න යවන්නේ කියලා හිතුනා....."
" ආඒක තමා මීට කලින් දැකලා නැත්තේ...මල්ලී පිබලා නැද්ද බටනලා...."
ඔහු කතාව වෙන පැත්තකට හැරෙව්වා.. ඒ වෙද්දී අදුරත් වැටිලා.
" ඉස්කෝලේ යද්දීනම් පිබ්බ.... මම ලග බටනලාවකුත් තිබ්බා.....ඒත් කාලෙකින් මම බටනාලාවක් පිබිනවා තියා අල්ලලවත් නෑ..."

" එහෙනම් මතක්වෙන්නත් එක්ක පිබිමූ අද... "
කියපු ඔහු බටනලාව මම දිහාට දික්කලා....
" අපෝ බෑ... මේ වෙලාවේ බටනාලා පිබින්න බෑ... ඒක නෙමේ අයියලාගේ ගෙවල් කොහෙද..."
" මෙතන තමා මගේ ගෙදර......."
ඔහු කිව්වේ අමුතු තාලයකට

" මොකක් "
මට හිතුනේ ඔහු මාත් එක්ක විහිලු කරනවා ඇති කියලා...
" මගේ.....ගෙදර මෙතන...මෙතන තමා මම ඉන්නේ....."
ඔහු කියද්දී මම පොඩ්ඩක් ගැස්සුනා... ඔහුට තිබ්බෙත් හරි අමුතු සුදු පැහයක්. ඒ පැහය දකිද්දී මට පලමු පාරට අමුත්තක් දැනුනා....

" මම යන්න ඕනා දැන් , මේ වෙද්දී ලියද්දට වතුර පිරිලා ඇතී...... මොකටත බොරුවට මැශීමේ තෙල් පුච්චන්නේ... "
මම හැදුවේ එහෙම කියලා ඔහුට සමුදීලා ආපහු එන්න. ඒත් මම ඉස්සරහට අඩියක් තියද්දීම ඔහු මගේ අතින් අල්ලගත්තා. ඔහු මගේ අත අල්ලද්දී මට දැනුනේ අසාමාන්ය සීතල ගතියක්.
"එහෙම යන්න දෙන්න බෑ..... මම එහෙම යන්න දෙන්නෙත් නෑ......මම කියපු දේ කලාට පස්සෙයි උබට යන්න දෙන්නේ...."

"මොකක් ,පිස්සුද ඔයාට..මට යන්න දෙනවා....."
ඔහු අල්ලගෙන හිටි අතින් මිදෙන්න මම අත ගසාදමමින් කිව්වා. ඒත් ඔහුගෙන් ගැලවෙන්න මට හැකිවුනේ නෑ...
" මම කිව්වනේ , යන්න දෙන්න බෑ....මට කියන දේ උබ කරන්න ඕනා.. මට වුන දේ උබටත් වෙන්න ඕනා , ඒක තමා මගේ නීතිය. එතකොට හිතට සතුටුයි මට උන දෙයක් තව කෙනෙක්ට උනා කියලා.... "
" පිස්සුවක් හැදිලද උබට.. අත ඇරපන් මගේ අත....."

කියපු මම හැදුවේ ඔහුට පයින් පාරක් එල්ල කරලා හරී උගෙන් ගැලවෙන්න... ඒත් මම පයින් පාරක් ගහද්දීම ඔහු මගේ පහර වලක්වගත්තා.. ඊට පස්සේ ඔහු හිනාවුනේ සමච්චලේට.
" මට පිස්සු නෑ..... උබට කරන්න තියෙනේ එච්චරම අමාරුදෙයක් නෙමේ.. මේ බටනලාව අරගෙන පිබින්න විතරයි. ඊට පස්සේ මම උබට යන්න දෙනවා.. අපි දෙන්නම ඊට පස්සේ එකට යමූ...."
" මට බෑ ඕක පිඹින්න , මට යන්න දීපං.. "

මම කැගැහුවේ පෙරට වඩා උස් හඩින්.. අදුරු වැටුනු වෙල් යායේ පේන තෙක් මානෙක කවුරුවත් නෑ....ජීවිතේ පලමු පාරට මම හිටියේ හොදටම බයවෙලා.
" උබට පිඹින්නම වෙනවා.... නැත්නම් යන්න දෙන්නේ නෑ.. උස්සගෙන ගිහිල්ලා අර ඔයේ ඔබලා මරලා දානවා... මම ඒකට කැමතිම නෑ... මට ඕන උබ ඔය බටනලාව පිඹිනවා බලන්න විතරයි.."
මේ අසාමාන්ය විදිහට හැසිරෙන පුද්ගලයාගෙන මට බේරිල්ලක් තිබ්බේම නෑ....
" දෙන්ඩ බටනලාව.... හැබයි පොඩ්ඩ වෙලාවයි පිඹින්නේ... ඉතින් අත අරිනවා...."
අවසානේ මම ඔහු කියපු දේට කැමති වුනේ අකමැත් තෙන් ,ඔහු කියපුඩේ කලොත් ඔහු මට යන්න දේවි කියලා මට හිතුනා.
" අත අරින්නම් ,හැබයි මගෙන් බේරිලා පැනලා යන්නනම් හිතන්නවත් එපා...මොකද උබ මගෙන් කොහොම බේරිලා යන්න හැදුවත් මට උබව ලේසියෙන්ම අල්ලගන්න පුලුවන්...."
ඔහු කිව්වේ තිර හඩකින්.
"නෑ මම දුවන්නෙ නෑ.... "
මම කිව්වා. ඔහු පොඩ්ඩක් මගේ අත අල්ලගෙන ඉදලා අත ඇරියා...

" හරි මෙන්න බටනලාව...... උබ මේක අරන් විනාඩි දහයක්වත් පිඹින්න ඕනා.. අන්න අර ගහ දිහාම බලාගෙන.. "
ඔහු මගේ අතට බටනලාව දීලා කිව්වේ අඩි දහයක් විතර දුරකින් තිබ්බ විශාල ගසක් දිහාටත් අත දික්කරලා.
" ඇයි ඒ ගහ දිහාම බලාගෙන පිඹින්නේ..අනික එච්චරම වෙලාවක්.. එච්චරම වෙලාවක් බටනලාව පිබිද්දී සෑහෙන්න කලුවර වැටෙයි..යන්න පාරවත් පේන්නේ නැතිවෙයි.."

" එහෙම වෙන්නේ නෑ...මාත් ඉන්නවනේ..... තව වෙලා ගත්තොත් උබට ම තමා අවාසිය. හා ඉතින් පටන් ගනිම් මෙන්න මේ තැන ඉදගෙනම පිබින්න පටන් ගනිම්....හැබයි පිටිපාස්ස බලන්න තහනම් ,මම ඇති කියනකම් පිඹපං."

මේ පාර ඔහු කිව්වේ මට තර්ජනය කරලා වගේ.. ඉතින් මම ඔහු කිව්ව විදිහටම එතන බිම වාඩිවෙලා අර ගහ දිහාම බලාගෙන බටනාලාව පිබින්න පටන් ගත්තා. කාලෙකින් බටනලාවක් අල්ලල තිබ්බේ නැතත් ඉස්සර පිබපු පුරුද්දට මට බටනලාව තාලෙට පිඹින්න පුලුවන් වුනා.
අර කෙනා කිව්ව විදිහටම මම කලා. අර ගහ දිහාම බලාගෙන පිටිපස්ස බලන්නේ නැතුව බටනලාව පිබින්න පටන් ගත්තා.. කාලය ටිකෙන් ටික ගෙවිලා ගියේ අර කෙනා බටනලාව පිබින්න කිව්ව වෙලාවත් පහුකරමින්. ඉර එලියත් දැන් තියෙන්නේ ලාවට වගේ......

විනාඩ් දහයකට වඩා ගිය නිසාත් , තාම අර කෙනා ඇති කියලා කිව්වේ නැති හින්දාත් මම බටනලාව පිබින ගමන්ම ලාවට වගේ පිටිපස්ස හැරිලා බැලුවා.. දැකපු දෙයින් මම එකපාරටම නැගිට්ටවුනේ හොදටම බයවෙලා..
මම පිටිපස්සේ හිටිය අර තරුණයා පෙන්නවත් හිටියේ නෑ.. ඒ වෙනුවට මම දිහා බලාගෙන හිටියේ මායාකාරී වගේ අමුතු ඇස් තිබ්බ කාන්තවක්.. සුදුපාට ඇදුමක් ඇදලා හිටිය ඇය කොන්ඩේ කඩාගෙන හිටියා.
" ඇයි නැවත්තුවේ , පිබින්න...හරිම ලස්සනට ඔයා ඒක පිබිනවා...පටන් ගන්න... ආයෙම "

ඇය විනිවිද යන කටහඩකින් කිය කියා මා කිට්ටුවට එන්න පටන් ගත්තා..මම ටිකෙන් ටික පස්සට ගියේ හොදටම බයෙන්.
"ගොම්මන් යාමේ වතුරගලන් යන තැන්වල තරුණයන් බටනලා පිබිද්ගී මෝහිනී එනවා....."
මට ඇයව දකිද්දී මතක් වුනේ ඒ කතාව...
" ඒත් කෝ එතකොට මෙතන හිටිය තරුනයා."

ඒ ගැනත් හිත හිත මම පස්සට ගියා. මම පස්සට අඩියක් තියන පාසාම අර කාන්තාවත් මම ලගට අඩිය අඩිය ඉස්සරහට ආවා.. පිටිපස්සෙන් පිටිපස්ස ට ගිය මම එකපාරටම වැටුනේ පොඩි වලකට. ඒකට වැටෙද්දීම මට කාගේහරි අතක් පෑගුනා.
දෙයියනේ මම විශ්වාස කරන්නේ කොහොමද? ඒ මට පෑගුන අතේ අයිතිකාරයා වෙන කවුරුවත් නෙමේ. මට පොඩ්ඩකට කලින් කතා කර කර හිටියා තරුණයා.. ඔහු වල ඇතුලේ හිටියේ ඇස්දෙක ලොකුකරගෙන මැරිලා.. ඔහුගේ බෙල්ල පුරාම තිබ්බේ දරුණු වනසතෙක් පහුරුගාල වගේ නියපොතු පාරවල්, "

ඔහුගේ නිසල සිරුරට අනුවනම් ඔහු මැරිලා සෑහෙන්න වෙලාවක් ගිහිල්ලා තියෙන්න ඕනා කියලයි මගේ හිත කිව්වේ....
ඒත් එහෙම වුනේ කොහොමද? මම බටනලාව පිම්බේ ඒ තරුනයා මැරිලා හිටිය වල පැත්ත දිහා බලාගෙන. ඒත් මෙහෙම දෙයක් වෙනවා මට පෙනුනේ නැත්තේ ඇයි.....

මම බයෙන් බයෙන් හිතද්දී අර කාන්තාම මා දිහාට ටික ටික ලංවෙන්න පටන් ගත්තා. ඇයගේ අත්වල තිබ්බ නියපොතු ටිකෙන් දික්වෙන්න පටන් ගත්තේ මට මහා නපුරක් ඉස්සරහට වෙන්න යන්නේ කියල පෙරනිමිති පලකරමින්..
"අම්මෝ.... එපා......."
මම යටගිරියෙන් කෑගහගෙන ඒ වලෙන් හොඩවෙලා දුවන්න පටන් ගත්තේ තවත් මෙතන හිටියොත් වෙන්නේ ඉක්මනට අර යකින්නගේ ගොදුරක් වෙන එක බව දැනුනු නිසා...
" හහ් හහ් හා... "

මට පිටිපස්සෙන් ඇහුනේ අර යක්ශනීගේ වියරු හඩ වෙන්න ඇතී..
" උබට බේරිලා යන්න දෙන්න බෑ... මට උන දේ උබටත් වෙන්නම ඕනා..."
විශ්වාස කරන්න. මට ඒ ඇහුනේ අර මැරිලා හිටිය ,කලින් මට බටනලා පිබින්න කියලා කිව්ව තරුණයාගේ කටහඩ.. මම පිටිපස්ස පැත්ත හැරිලා බලද්දී ඔහුත් මරණයෙන් පිබිදිලා වගේ මගේ පස්සෙන් පන්න්මින් හිටියා.
අතේ තිබ්බ බටනලාව මම අසලින් ගලන් බහින ඔයට ව්සිකරලා දැම්මා.. එය දියකලතමින් ඔයට වැටෙනවාත් මට ඇහුනා...
" උබ උබ මොකක්ද ඒ කරපු වැඩේ...... "

ඒ සමගමයි ම්ට අර අද්භූත තරුණයාගේ හඩ වියරු හඩ අහුනේ.. මම මේ ගොම්මන් යාමේ අමුනුශ්ය න් දෙන්නෙක්ට මැදිවෙලා බව මේ වෙද්දී මට තේරිලා තිබ්බා. මුන්ගෙන් බේරිලා දුවල වැඩක් නෑ.
සිතද්දීමයි මට මතක්වුනේ මම වෙනදා රෑට ගමේ බිමන් යද්දී සිතේ බය නැතිවෙන්න කියලා මුමුනන කරණීය මෙත්ත සූත්රය. මම ඒක මුමුන මුමුන දුවන්න පටන් ගත්තා.
"කරණීය මත්ථ කුසලේන
යං තං සත්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච
සුවචොචස්ස මුදු අනතිමානී
" සන්තුස්සකෝ ච සුභරෝ ච.................

මම ඒ සූත්රය මුමුනමින් ඉස්සරහට ම දුවගෙන ගියා. අරුන් දැන් මගේ පස්සෙ පන්නන බවක් පෙනුනේ නෑ.අවසානේ මම නැවතුනේ මහ පාරේ. මම වතුර ගහ ගහ හිටිය ලියදු පැත්තට වත් මම ගියේ නෑ...
පාර ලග හිටවල තිබ්බ මගේ බයික් එකට නැගපු මම ඒක පදවගෙන ගිහිල්ලා නැවතුනේ ඒ ගමේ පන්සලේ. පන්සලේ බෝධී පූජාවක් තියන්න වෙන්න ඇති ගොඩක් අය ඇවිල්ලා හිටියා..
" මාව මාව....... "

පන්සලේ හිටපු සෙනග දිහා බලාගෙන මම කතා කරන්න උත්සහ කලත් කතා කරගන්නවත් බැරිවුනේ බයට. මම පෙනුම ඇදන් උන්න ඇදුම් දිහා බලාගෙන පන්සලේ අය මම දිහා බල හිටියේ පුදුමෙන්. මේ ගමේ ගොඩක් අයට මම අදුරන්නේ නැති පුද්ගලෙක්. මගේ හිතට සැනසුමක් එක්කරමිනුයි ඒ එක්කම එතනට සෙනරත් මාමා ආවේ..
" මොකද වෙලා තියෙන්නේ "
සෙනරත් මාම මගෙන් ඇහුවේ මගේ අතින් අල්ලලා..
" කිසිම දෙයක් කියන්නේ නෑ , මොකකට හරි බයවෙලා වගේ..."
කෙනෙක් කියනවා මට ඇහුනා.
" මට වෙලේ ඉද්දී....."

එතනින් පටන් ගත්තු මම මට උන අද්භූත දේවල් එතන හිටිය අය්ට සෙනරත් මාමා දිහා බලාගෙන කියන්න පටන් ගත්තා...
" ඔය වෙලේදී බටනලා ගහ ගහ හිටිය කෙනා මොන වගේ කෙනෙක්ද..? "
" උසයි සුදුයි,අවුරුදු විසිපහක් විතර වගේ....."
එතන හිටිය කෙනෙක් අහද්දී මම කිව්වා..
" අපේ ගමේ බටනලා ගහන්නෙ සදීරනේ... ඒත් සදීර "
"සදීර අද දවල් ගෙදර අයත් එක්ක තරහවෙලා ගිහිල්ලා කියලා කාට්ටිය කියනවා ඇහුනා.. කොහේ ගියාද හොයාගන්න නැහලු..මට පන්සලේදීත් ඇහුවා සදීර ආගිය අතක් නෑ කියලා...."

" මොකක් ලොකු දෙයක් වෙලා තියනවා , කෝකටත් වෙල පැත්තේ ගිහිල්ලා බලමුද කට්ටියක් , ගොඩක් වෙලාවට සදීර ඔය හැමතැනම වෙලාවක් කලාවක් නෑ බටනලා පිබිනවනේ .. මෙයා කිව්ව කතාව අහෙද්දී මට ලොකු අමුත්තක් දැනෙනවා.."
කට්ටිය එහෙම කතාවෙලා වෙල පැත්තට ගියේ ගියේ මාව පන්සලේ ඉන්දැද්දී... එදා රෑ මම ගෙදර ගියේ නෑ...මම ඒ ගමේ ගොඩක් අදුරන සෙනරත් මාමලාගේ ගෙදර නතරවුනා..
" සදීරගේ මිනිය වෙලේ කෙලවලේම පැත්තේ ඔය කිට්ටුව් වලක තිබිලා හම්බවෙලා..බෙල්ල පුරාම නියපොතු පාරවල්.හරියට කැලෑ සතෙක් පහුරුගාල වගේ.."

සෙනරත් මාමලගේ ගෙදරට ආව කෙනෙක් කියනවා මට ලාවට වගේ ඇහුනා..
" මං හිතන්නේ අර ලමයා කිව්ව විදිහට සදීර බටනලා පිබිද්දී ඒ හඩ දිගේ අර කියන විදිහට මෝහිනී යකශනීවත් පස්සේ ඇවිල්ලද, මම වෙලේ ඉන්නකොටනම් සදීර බටනලා පිබිනවා ඇහුනේ නෑ..."
සෙනරත් මාම ඒකට පිලිතුරු දෙනවා අහුනා...

සෙනරත් මාම ගියාට පස්සෙයි මම වෙලේ ඉනකොට ඒ බටනලා හඩ ආවේ. මට මතකයි එකපාරටම ඒ හඩ නැවතුනා..සමහර විට ඒ වෙලාවේ වෙන්න ඇතී සදීරට ඔය අවාසනාවන්ත දේ වෙන්න ඇත්තේ... ඊට පස්සේ මට හම්බවෙන්න ඇත්තේ සදීරගේ ආත්මය වෙන්න ඇතී...
මට සිතුනේ එහෙම. ඒත් එක්කම ඔහු කියපු තව දෙයක් මට මතක්වුනා

" මම කිව්වනේ , යන්න දෙන්න බෑ....මට කියන දේ උබ කරන්න ඕනා.. මට වුන දේ උබටත් වෙන්න ඕනා , ඒක තමා මගේ නීතිය. එතකොට හිතට සතුටුයි මට උන දෙයක් තව කෙනෙක්ට උනා කියලා.... "
සදීරගේ ආත්මය කිව්ව විදිහට ඔහුහේ ආත්මයට ඕන වුනේ ඔහු මැරුනු විදිහටම මාවත් මරවන්නද...මම ලවා බටනලා පිඹවලා අර යක්ශනිය ගෙන්වලා ඔහුට අත්විදින්න වුන දේම මටත් කරවලා..."

මම හිතුවා. එත් මම බේරුනා.. සමහර විට මට ඒ වෙලාවේ මතක්වෙලා කියපු කරණීය මෙත්ත සූත්රය ඉදිරියේ ඒ අමුනුශ්ය ආත්ම පැරදෙන්න ඇතී....

සමුගන්න අවසරයි 

ඇත්තටම එහෙම දේවල් වෙන්න පුලුවන්ද😲 ඒත් වෙලා තියෙනවා..

Deewana Raaz

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




2 comments:

  1. ඔයාගෙ කතා මාරයි👻👻🙈..ඉස්සර G+ වලත් ආසාවෙන් කියෙව්වා..🌹..පුළුවන් නම් ඔයා කතා ලියන group eke link එක දෙන්න.

    ReplyDelete