මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

09 June 2020

---ලැගුම්හලේ ආත්මය---



මේක උණේ මම දන්න කෙනෙක්ගෙ නෑදෑයෙක්ට , ඔහු හොටෙල් ෆීල්ඩ් එකේ ගොඩක් ඉහල පෝස්ට් එකක් කෙනෙක් මං ඔහුව තුශාර කිය්ලා හදුන්වන්නම්....

තුශාර වැඩ කලේ ශ්‍රී ලංකාවෙ එක්තරා පලාතක එක්තරා දිස්ත්‍රික්කයක ගොඩක් ප්‍රසිද්ද සංචාරක හෝටලයක, ඒ හෝටලයේ කලමනාකාරවරයෙක් විදිහට. මේ තමයි තුශාරගෙ මුල්ම පත්වීම. මේ සිද්දිය වෙද්දි වැඩ බාරගෙන සති දෙකක් වගේ, මේ හෝටලය මීට කලින් ගොඩක් ආදායමක් ලබපු හෝටලයක් උනත් ටික කාලයක ඉදන් හොටෙල් එකට එන සංචාරකයො ගාන, හොටෙල් එකේ තියන වෙඩින් එහෙම අඩුවෙන්න අරන් ඒත් තුශාර මේ දේවල් ඒතරම් ගනන්ගෙන නෑ මොකද ඒ පැත්තෙ අඩියෙන් අඩියට හොටෙල්, ඒ කාලෙ හැටියට සැලකිය යුතු තරම් වැටුපක්, හොටෙල් එකෙන්ම වාහනයක්, සිම් එකක් එක්ක ෆෝන් එකක් (අර චූටි අංක ගොඩක් තියන ටච් පෑඩ් එකකුත් තියන ෆෝන් වර්ගෙ මට දැන් ඒකෙ නම මතක නෑ ) එහෙම ලැබුනු නිසා තුශාර ආසාවෙන් වැඩ බාරගෙන, මුල් දවස් වල නම් හොටෙල් එකේ ඒ තරම් අව්ලක් පෙනිල නෑ.... 


ඒත් එක දවසක් ආව තරුණ සංචාරක ජෝඩුවක් සති දෙකකට වගේ හොටෙල් එක බුක් කලාලු ඒත් එයාල සතියක් වත් ඉන්නෙ නැතුව ගියාලු, ඔහොම තව එන අය වැඩි දව්ස් ඉන්නෙනැතුව ඉක්මනට යනව, මේක හොටෙල් එකට පාඩුවක් වගේම තුශාරටත් ලොකු අව්ලක් නිසා බෝඩ් මීටින් එකක් තියල මේ ගැන හැමෝටම කිය්ල් දැනුවත් කලාලු, ඒත් මීටින් එකෙන් පස්සෙ ස්ටාෆ් එකේ කිසිම කෙනෙක් කියුව දේ ඒතරම් සලකිල්ලක් දැක්වුවෙනම් නැතිලු. ඒ නිසා තුශාරට ටිකක් කේන්ති ගිහින්,
දිගින් දිගටම මේක සිද්දවෙන්න අරන් නිසා තුශාර හොටෙල් එකේ අය්ති කාර කෙනා දවසක් හොටෙල් එකට ආවම මේ ගැන අහලා ඒත් ඔහු ප්‍රශ්නෙ මග ඇරලා නිකන් හිටිය මිසක් මොනවත් කියලා නෑ.... දැන් තුශාරට මේක ලොකු අව්ලක් නිසා හොටෙල් එකේ එක එක සෙක්ශන් වෙන වෙනම චෙක් කරන්න පටන් අරන්, අලුත් රෙසිපි එහෙමත් එකතු කලා කිය්ල් තමා මට කියුවෙ. ඒ අතරෙ අලුතින් කිහිපදෙනෙක් වැඩටත් අරන්... ඒ රූම් බෝය් පෝස්ට් එකට, ඒත් වැඩට අලුතින් ආපු දෙන්නෙක් සතියකට වගෙ පස්සෙ අස් වෙලා ගිහින්. දැන් හොටෙල් එක දුවන්නෙ පාඩු පිට. තුශාර වැඩ කරන්න ආවට පස්සේ මාස 2ක් විතර යනකල්, ඒ මාස දෙකටම වගේ තිබිල තියෙන්නෙ වෙඩින් දෙකය් ලු.


හොටෙල් එක දැන් කඩා වැටිල නිසා ස්ටාෆ් එකේ ගොඩක් අය වෙන හොටෙල් හොයගෙන ගියාලු.
කොහොම උනත් තුශාරට ලොකු උවමනාවක් තිබුනලු මේක තිබුන තත්වයට ආයෙත් පත්කරගන්න. එක දවසක් තුශාර වැඩකට හොටෙල් එකේ එක පැත්තකට දෙවනි තට්ටුවෙ කොරිඩෝව දිගේ ගිහින්, ඒ යද්දි 13 රූම් එකෙන් ( මට කාමරේ අංකෙ මතක නෑ හිතුන අංකයක් දෑවෙ) කවරුහරි අමාරුවෙන් කෙදිරිගාන සද්දයක් ඇහිලා ඒඑක දවසක් තුශාර ඔෆිස් රූම් එකේ ඉන්න වෙලාවෙ කෝල් එකක් ආවලු එයයි ගෙ මේසෙ උඩ තියන ෆෝන් එකට, එතකොට රෑ 7ත් පහුවෙලා කියල කියුවෙ. ඉතින් තුශාර කෝල් එකට අරන්, කතාකරල තියෙන්නෙ ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා අපේ රටේ කෙනෙක් කොහොම හරි මේ කාන්තාව එක්ක තුශාරත් කතාකරලා, ඒ කාන්තාව තුශාරට කියල තියෙන්නේ දහ තුනේ කාමරේ ලය්ට් වැඩ කරන්නෙ නෑ බල්බ් එක මාරු කරන්න කියලා, තුශාර ඒක කරන්නම් කිය්ලා දුරකතන ඇමතුම විසන්දි කරලා. 

සාමාන්‍යෙන් ඒ වගේ කෝල් එන්නෙ නෑ එයාගෙ රූම් එකේ ෆෝන් එකට, මොකද ඒව කරන්න වෙනම සෙක්ශන් එකක් තියනවා. ඉතින් තුශාරට මේක ටිකක් අව්ල් වගේ උනත් එයා බල්බ් එක මාරුකරන්න අදාල අයට කියුවලු. ඒ කරලා ආයෙම ටික වෙලාවකින් වැඩ ඉවර කරලා යන්න හදද්දීම ආයෙත් දුරකතන ඇමතුමක් ඇවිත්, ඒ වෙලාවෙත් කතාකරලා තියෙන්නෙ අර කලින් කතාකරපු කාන්තාව, දැන් තුශාරට පොඩි සැකයක් වගේ දෙයක් හිතුණු නිසා උඩට ගිහින් දහ තුනේ කාමරය හොයාගෙන ගියාලු ඊට පස්සේ කාමරේ බෙල් එක ගැහුවලු ඒත් දොර ඇරුනෙ නැති නිසා අගුල කරකැව්වලු එපාර නම් දොර ඇරුනලු ක්‍රීස් ගාල සද්දෙත් එක්ක සාමාන්‍යෙන් පාවිච්චි වෙන දොරක් නම් එහෙම ඇහෙන්නෙ නෑනෙ,ඇතුලට ගියගමන් කතාකරත් කවුරුවත් කතාකරේ නැතිලු, කාමරේ ගොඩක්ම කරුවල නිසා ෆෝන් එකේ ටෝච් එක දෑවලු ඒ කාමරේ පුදුම විදියට දූවිලි තිබිලා, හරිම පුස් ගදකුත් දැනුනලු. 

කෝල් කරාට කාමරේ කවුරුත් නැති නිසා ආයෙම එන්න හැදුවලු බල්බ් එක මාරු කරන්න යවපු කොල්ලා අල්ලගන්න, එකපාරටම කාමරේ ලය්ට් එක පත්තු වෙන්න අරන් ඒත් එක්කම තුශාර හැරිල බලද්දි දැකල තියෙන්නෙ කාමරේ සිවිලිම් ෆෑන් එකේ එල්ලිලා බෙල්ලෙ ශීට් එකක් ගැටගහගෙන මැරුණු විදේශික ජාතික තරුණයෙක් ගෙ මලකදක් ඒක ගොඩක් නරක් වෙලා ගදත් දැනුනලු, තුශාර බයවෙලා එතනින් යන්න හදනකොටම දඩස් ගාල සද්දයක් ඇහුනලු ආයෙ හැරිල බලද්දි ඒ මිනිහගෙ මිනිය කඩන් වැටිලලු ඒ වෙද්දි නම් තුශාර හොදටම බයවෙලා එලියට දුවන්න හැදුවට කකුල උස්සගන්න වත් බැරි උනාලු එකපාරටම ඉතිපිසෝ ගාතාව මතක් වෙලා බාගයක් කියද්දි අර දොර දඩස් ගාල වැහුනලු තුශාර දොරකොඩ හිටපු නිසා උරහිසේ දොර වැදුණු පාරට විසික් වෙල ගියාලු, 

එදා එහෙම ශේප් වෙලා ආයෙ පහුවදා දවසෙ රෑත් මේක ගැන හොයන්න තිබුණු ආසාව නිසාම ඒ පැත්තට යන්න පඩිපෙල නැග්ගලු, එකපාරටම පඩිපෙල මුදුනින් අලු පාටට හුරු ගව්මක් ඇදලා කලු පාට කොන්ඩෙත් මූනම වැහෙන්න දාපු ගෑනු කෙනෙක් පඩිපෙලට වඩා අඩි 2-3 උඩින් පාවි පාවි පහලට එනවලු ඒ කෙනාගෙ කකුල් දෙක පෙනිල නම් නෑලු. තුශාර එකපාරටම දුවල ගිහින් වැඩ කරන අයට කියුවලු ඔක්කොම වැඩ නවත්තලා ඒක බලන්න එන්න කියුවලු ඒත් පුදුමෙ කිය්න්නෙ මේ හොටෙල් ස්ටාෆ් එකේ කිසි කෙනෙක් මේකට පුදුම උනේ නැතිලු, ඊට පස්සෙ කලින් දවසෙ බල්බ් එක මාරුකරන්න යවපු පිරිමි ලමයා හොයාගෙන එයාගෙන් ඒ ගැන ඇහුවම ඒ ලමයා කියල තියෙන්නෙ හරි පුදුම හිතෙන කතාවක් ඒ කෙනාට අනුව මේ හොටෙල් එකේ මීට අවුරුදු එක හමාරකට විතර උඩදි පවා ඔහොම හොල්මන් හිටියය් ඒනිසා හොටෙල් එක අය්තිකෙනා අඩු ගානකට මේක දැන් ඉන්න අය්තිකාරයට විකුනුවලු. 

එයා මුලුන් දැනන් හිටියෙ නැතත් පස්සෙ ඒක දැන ගත්තලු ස්ටාෆ් එකේ හැමෝටමත් ඔය හොල්මන් දෙකම පෙනිල තියන නිසා ඒ කාමරේ වහල කවුරුවත් ඒ පැත්තට යන්නෙවත් නැතිලු. එදා පනිවිඩේ කියලත් නොගියෙ ඕක හොල්මන් වල වැඩක් කියල දන්න නිසාලු. මේකට තුශාරට පුදුම හිතිලා...ඊට පස්සෙත් දවස් කීපයක් හොල්මන් කාන්‍තාව දැකල තිබුනලූ කොහොමින් හරි තුශාර ඔහුට හොටෙල් එකෙන් දුන්න ෆෝන් එකේ කැමරාවෙන් ඒ හොල්මනගෙ ෆොටෝ එකක් අරන්, මේ වෙද්දි සංචාරකයො මුලු හොටෙල් එකටම ඉදල තියෙන්නෙ දහදෙනෙකු ටත් අඩුවෙන්ලු, ඉතින් මේක ගැන තුශාර හොටෙල් එක අය්ති කෙනා එක්ක කතා කරලා ඔහුට අනුව ඒ හොටෙල් එකට ආව තරුණ යුවලක් ටික දවසක් ගතවෙද්දි මොනයම් හෝ හේතුවක් නිසා රෑක බහින්බස් වීමක් සිදුවෙලා තියනවා ඊට පස්සේ ඒක දුරදිග ගිහින් ඒ පිරිමි කෙනා කාන්තාවට පහර දීලා කාමරේදිම මරල දාලා ඒ පිරිමි කෙනත් බෙල්ලෙ ශීට් එකක් ගැටගහන් මැරිලා දෙන්නම දෙන්නට දෙන්නාතරහින් මැරුණු නිසා හොටෙල් එකේ හොල්මන් කරනවලු එන සංචාරකයො පවා බය වෙනවලු, 

වැඩකරන අයටත් මුලදි පෙනිලා ඒත් පස්සෙ ඒක ගානක් නැතිවෙලා එයාලටත් ඒත් අලුතින් වැඩට එන හැමෝටම පේනෝලු ඒ නිසා ගොඩක් අය ආයෙ හැරිල යනෝලු ඒ නිසාම මේ කාමරේ වහල දාලා තියනවලු ඒ මිනීමැරුමට පස්සෙ ඉදන්ම, අලුත් අය්තිකාරයත් මේ බලපෑම නැතිකරන්න මොනවකලත් බැරි උන නිසා පාඩුව විදගෙන හිටියෙ කාට හරිහොටෙල් එක විකුනන්නලු, ඒක අහලා තුශාරට හොද අදහසක් ආවලු ඒක අය්තිකාරයටත් කියුවම එයත් කැමති උනාලු ඊට පස්සෙ මුලු හොටෙල් එකම ප්‍රතිසංස්කරණය කරලා මුල ඉදන් ලස්සනට හදලා ඒ මිනීමැරුම උන කාමරේම සර්වරාත්‍රික පිරිත් සඣ්ඣායනාවක් පවත්වලා උදේ දවල් දාන දීලා අර ආත්ම වලට පින් දුන්නලු කොහොම හරි ඊට පස්සෙ නම් ආයෙ හොල්මන් පෙනිල නෑලු ටික කාලයක් යද්දි හොටෙල් එකට සංචාරකයො අයෙ එන්න ගත්තලු ඊටපස්සෙ මේහොටෙල් එක ගොඩක් දියුණු වුනාලු.

**********************************************************************************************************

පසුව ලියමි......

මේ කතාව මට කෙනෙක් කිය්පු එකක් මේ හොල්මනගෙ ෆොටෝ එක මම දැක්කා.. තුශාර කිය්ල මන් හදුන්වපු කෙනා අවුරුදු 11ක් විතර මේකෙ වැඩ කලාලු. මේක ඒ තරම් විශ්වාස කරන්න බෑ වගේ තමය් විශ්වාස කරන නොකරන එක ඔයල තීරනය කරන්නකෝ මීට වඩාහොද ඇත්ත කතාවක් තියනවා ඒක නම් ඉවර නෑ තාම සිද්ද වෙනවා ඒකත් හිතුනොත් ලියන්නම් කතාවෙ කරුණු වෙනස් කලේ නෑ මටකිය්පු විදිහටම ලියුවා.

Source: Link


No comments:

Post a Comment