මේ ලිපිය මගින් හෙලිකරන තොරතුර ඔබ මීට කලින් කවදාවත් අසා නොතිබෙන්න පුලුවන්, ඔබ බොහෝවිට සුන්දර පානදුර වෙරලතීරයට ගිහින් ඇති..මුහුද මැදට වෙන්න තියෙන කලුගල් පරය දැකල තියෙනව නේද, සිහිනෙකින් වත් හිතුවෙ නැ නේද මේ ගල්පරය යට ඉඳලා පානදුර නගර මධ්‍යට දිවෙන උමගක් තියෙනබව...මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මේ උමග ඒ වගෙම එහි ඇඟ හිරිවට්ටන කතාව ඔබට හෙලිදරව් කරන්නයි.
කොස්මාමා නැතිනම් ආතර් වි දියෙස් මහතා ලඟ වැඩට හිටපු සීයාකෙනෙක් තමා මේ විස්තර අපි එක්ක කියා තිබුනෙ. මේ සීයට එයාගෙ තාත්තගෙන් තමා මේ විස්තර අඩංගු ලියවිල්ල ලැබිලා තියෙන්නෙ. ඒ විස්තරේ කෙට්යෙන් මෙහෙම කියන්නම්.
රයිගම්පුරය එහෙමත් නැත්නම් රයිගම රජකාලේ ලංකාවේ තිබුන ප්‍රබල රාජදානි ප්‍රදේශයක්. ඉතිං රට අැතුලට වෙන්න රාජදානිය තිබුන නිසා රජු ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමක්වුනා. මේ හිංදම සතුරැ ආක්‍රමණයකින් පලා යන්න පුලුවන් වන විදියට රජතුමා පානදුර මුහුදු වෙරල වෙනකන් උමගක් තනවල තියෙනව. මේ උමග ගැන යම් සටහනක් අදට ඉතිරිවුනෙ අර කියපු සීයගෙ ඥති මුතුන්මිත්තන් ඒ ගැන සටහනක් කරල තිබුන නිසයි. හොරන රත්නපුර මාර්ගය ඉදිකරද්දි පවා ඒ කම්කරැවන්ට තැන් කීපයකදීම පාරෙ ගිලාබැස්ම් හමුවුනේ මෙන්න මෙි කියන උමග නිසාම තමා.
දැන් ඔබට කුතුහලයක් ඇති ඒ උමග අද කෝ කියල පානදුර වෙරලේ, ඒ කාලයේ ඔය ගෝනගල් පරය වෙරල අද්දර තිබුනා වුනත් අද දක්වාම වෙලා තියෙන මුහුදු ඛාදනය නිසා ගල්පරය ගොඩබිමින් ගොඩක් ඇත් වෙලා. ඒ වගෙම මේ උමගට තවත් අතු උමං මාර්ග දෙකක් පානදුර නගරයේ දෙපසකින්ම එකතුවෙනව කියල ඒ සටහන් වල සදහන් වෙනව, ඒ තැන්වල අද වන විට ප්‍රසිද්ද විහාරස්තානයක් මෙන්ම ප්‍රසිද්ද පිරිමි පාසලක භූමියක් ස්තානගතවෙලා තියෙනව.
උමගය භාහිරින් එකතුවන ජලය පිටකීරිම සඳහා මෙම පාසල සහිත භූමිය යොදාගත් බවටත් ඇතැම් භාහිර සාධක මත නිගමනය කරන්න පුලුවන් කරැණක්. කෙසේ නමුත් මේ කතාවේ ඇඟ කිලිපොළා යන කරැණ වන්නෙ වෙරල තීරයට ඔබ්බෙන් වන ගෝනගල ගල්පරය මත අදටත් අධික වැසි සහිත දිනවල සිංහල දින ක්‍රමය අනුව නම් නව වක යෙදෙන දින වල විශේෂයෙන් කෙටි මුගුරක් අතින්ගත් මිනිසෙකුගෙ ඡයාව දිස්වීමයි. මෙය මෙම ප්‍රදේශයේ ධීවරයින් කීපදෙනෙකුම අත්විඳ ඇත් අත්දැකීමක් බව අපට වාර්ථා වෙනව. විනාශ වී දුර්වර්ණ වී ගිය සටහනේ රේවත හෝ රාවණ නම යෙදෙන උමග භාරව සිටි සෙනෙවියෙකු ගැන සඳහනක් ඇති අතර ගල් පරය මත දිස්වන ඡායාව එම සෙනෙවියාගේ ද යන්න අපටත් මතුවු ගැටලුවක්.
පානදුරය හා සබැදි ඓතිහාසික සිදුවීම් ගොන්න අතර මෙය ද තවත් එක් සැගවි ගිය ජන මුලාශ්‍රයක් වන අතර විමර්ශනඇසකින් බලන්නෙකුට ඒ සැඟවි ගිය අතීතයේ අක්මුල් පාදා ගැනීමට අපහසු නොවනු ඇති බවට සාක්ෂි සපයමින් අතීතයේ පුවත්ගොන්නද සමගින් මුගුරත් අතින්ගත් සෙනෙවියා හෙට දිනයේත් ඔහුගේ රාජකාරියේ යෙදනු ඇත.