ලොව නොවිසඳුණු අභිරහස් සිදුවීම් අතර තවත් එක් සිදුවීමක් තමයි ඇපල් iphone ජංගම දුරකථනයෙහි මිනිස්රූපය. මේ පුද්ගලයා අලුතින් මිලදී ගන්න ජංගම දුරකථනයේ කැමරාව විවෘත කල විට එහි යම්කිසි ජායාරූපයක් මතුව තිබෙනවා .අපි දන්නවනෙ අලුතින්ම 4n එකක් ගත්තම ඒකෙ තියෙන්නෙ default wallpapers විතරයි කියලා ඒක නිසා තමන්ගේ අලුත්ම ජංගම දුරකථනයේ මේ විදිහට කැමරාව ඕපන් කරහම සාමාන්‍ය දර්ශන පෙවුනත් photo gallery එක පෙන්වන යට කොටුවෙ පේන මුහුණත ගැන පුදුම උණු මේ පුද්ගලයා phone එක reset කර තිබෙනවා.
අපි දන්නවා reset කරපු phone එකක අන්තිමට ඉතුරු වෙන්නෙ ආපු wallpapers ටික විතරයි කියලා ඒත් කැමරාව ඔන් කලහම ආයෙත් අර රූපය මතුව තිබෙනවා අර ගැලරිය පෙන්වන තැනින් ඒත් මේක Gallery යට ගියහම පෙන්නන් නෑ කියලා තමයි සදහන් වෙන්නෙ..ඔහු මේ පිළිබඳව චෝදනා කර iphone එක නැවත Apple සමාගම වෙත යවා සකසා දෙන ලෙස කරනලද ඉල්ලීමකට පිළිතුරු ලෙස එම ජංගම දුරකථනයම සම්පූර්ණ මෘදුකාංග පරීක්ෂාවකින් පසු ලැබී තිබෙනවා.එහෙත් යලිත් අර රූපය මතුව තිබෙන බවයි පැවසෙන්නෙ .මේ පිළිබඳව ඔහු ඇපල් සමාගමට චෝදනා කරන අතර සිදුවීම යට ගැසීමට ඇපල් සමාගම ඔහුට වන්දි මුදලක් දී ඇති බව ඇතැම් අය ප්‍රකාශ කරත් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වන්නේ නෑ.
මෙය පැහැදිලි කල හැක්කේ මේ ආකාරයෙන් මෙවගේ දේකට කියන්නෙ හොරෙක්ස්(horex)එකක් කියලා.හොරෙක්ස් එකකින් කරන්නෙ රදවා තබා ගැනීමක් කෙනෙක් මැරුණට පස්සෙ ඊළග භවයට යන්න දෙන්නැතිව යළිත් ශරීරයටද යා නොදී ආත්මය රදවා තබා ගැනීමක් සිදුවෙනවා හරියට තිරයක් වගේ. කැමරාවෙහි කාචය ක්‍රියා කර ඇතේ හොරැක්ස් එකක් ආකාරයට. ඔයාලා දන්නවනෙ මල ගෙයක් උනාම කණ්නාඩි වගේ ප්‍රතිබිම්බය පේන දේවල් අනිත් පැත්ත හරවලා තියෙනවා කියලා මොකද එහෙම කරන්නෙ සිරුරින් මිදුණු ආත්මයට අතරමං නොවී යන්න පුලුවන් වෙන්න.මේක ඇමරිකාව වගේ රටවල පවා කරන දෙයක්.කණ්නාඩි කැඩීම අසුභ දෙයක් විදිහටත් සළකනවා මොකද කණ්නාඩියකින් කෙනෙකුගෙ ආධ්‍යාත්මයේ ප්‍රතිබිම්බය නිරූපණය වන නිසා.
ඇතැම් දුෂ්ට බලවේග සංචරන මාධ්‍යක් ලෙස කැඩපත් යොදා ගන්නවා(Lady marry) .මේ සිදුවීමෙදි වෙලා තියෙන්නෙත් මිය ගිය කෙනෙක්ගෙ සූක්ෂම ශරීර කොටස නැත්නම් Astral body එක කැමරාවෙ ලෙන්ස් එකේ සිර වීමක්. සිදුවීම එහි අර්ථ දක්කවා තිබුණේ ඔය ආකරයෙන්.
-The world unsolved mysterious- ඇසුරින්
Source: Link