මීට වසර 45කට පමන පෙර මුතුරාජවෙල අවට කෙරවලපිටිය /බලගල/ වර්තමානයේ අවරකොටුව හා ඒ ආසන්න ප්රදේශය සම්පුර්න වගුරු බිම් ලෙස පැවත ඇත.. ජානාවාස පිහිටුවා ගත් ඉඩම් තිබී ඇත්තේ ඉතාමත් සුලු ප්රමානයකි.. එක් ප්රදේශයකටම තිබී ඇත්තේ නිවාස පහක් හෝ දහයකි ඒවාත් එකකට එකක් හැතප්ම දෙක තුනක් දුරිනි මා මේ කියන්නට යන සිදුවීම සිදුවී ඇත්තේ ඇලකන්ද ප්රදේශයේයි... මාගේ සීයාගේ උපන් ගම වත්තල ඇලකන්ද ප්රදේශයයයි ඔවුන් මෙහි මුල් ගම් පදින්චි කාරයන්ය. අද අඩියෙන් අඩිය වෙලද වියාපාර හා විවිද කර්මාන්ත ශාලා පැවතියද මීට වසර 45කට පෙර එනම් 1974 මේ ප්රදේශ බොහොමයක් වගුරු බිම්ව තිබී ඇත...
කැලනි ගගට සම්බන්ධව හලාවත දක්වා ඇදී යන හැමිල්ටන් ඇල හා ඝන කැලෑව හැරුන විට මිනිසුන් පදින්චි ඉඩම් තිබී ඇත්තේ ඉතාමත් සුලු ප්රමානයකි... ගන කැලෑ හා වගුරුබිම් නිසා ඒ කාලයේ කොල දිවියන් හා විවිද විසකුරු සර්පයින් නිවෙස් තුලට පැමිනීමද සුලබ සිදුවීම් වී තිබේ .. විශාල ඉඩම් වල පදින්චි පුද්ගලයන් ගමට අලුතෙන් පැමිනන පිටස්තර අයට නොමිලේ ඉඩකඩම් සින්නක්කරයට ලබා දී ඇත.. එසේ ලබා දී ඇත්තේ පාලුවට ගිය වගුරු බිම් හා කලෑ ප්රදේශ වැඩි වශයෙන් තිබීම නිසා පේන මානයයේ තවත් පිරිසක් වාසය කිරීම මහත් අස්වැසිල්ලක් වූ බැවිනි.. ඒ කාලයේ එම ප්රදේශ වල විවිද ගුප්ත සිදුවීම් වලින් නම් අඩුවක් පාඩුවක් නොවූ නිසා මෙසේ ඉඩකඩම් බහුලව පරිත්යාග කල බව තතු දත්තෝ පවසයි..
මෙම ප්රදේශ දීවර ගම්මාන වන අතර එම කාල වකවානුව තුල අතේ මිටේ මුදල් හදල් වැඩි පුර ගැවසී ඇත්තේ බෝට්ටු හිමියන් ලගයි ... ගමේ සිටිනා අනිත් අයවලුන් තම ජීවිකාව සරිකරගෙන ඇත්තේ බෝට්ටු හිමියන්ගේ යටතේ ධීවර වෘත්තීයේ නියෙලෙමිනි.
හවස හයෙන් හතෙන් පසු කුප්පු ලාම්පු දල්වාගෙන පිරිමි අයවලුන් මැදියම් රැය පසු වෙනකම් අවදිව සිටින්නේ සතුන්ගෙන් සිදුවිය හැකි උවදුරු වලින් තම නිවෙස් ආරක්ශා කර ගැනීමටයි.
හීනියට කසිප්පු ටිකක් කටේ හලා ගෙන ඕපයක් කියවන ගමන් බීඩි කොටයක් පත්තු කරගන පිරිමි මිනිස්සු ටික මැදියම් රෑ පහු වෙනකම් මුර සේවයේ..මේක ඒ කට්ටියගේ දින චර්යවක් විදිහට තමයි මේදේ සිදුවෙලා තියෙන්නේ... මම දැනගත්ත විදිහට මේ 1975 මැයි මාසේ දවසක් කොහොම හරි මැයි හා ජුනි මාස මුහුද වාරකන් කාලය නිසා ගොඩක් දුරට පොඩි බෝට්ටු මුහුදු යනවා අඩුයි අනික මහ වැස්සේ කොහොමත් යන්නේ නෑ.
උදේ ඉදන් තිබුන වර්ශාවෙන් අඩුවක් නම් එදා දවසම නැති හඩයි. කොහොම උනත් හවස් වරුව වෙද්දි වැස්සෙම අපේ කතානායකවරයා වන අප්පුහාමි උන්නැහියේ එලියට බැහල තියෙන්නේ කසිප්පු වාඩියට ගිහින් කසිප්පු ටිකකින් සප්පායම් වීමට හිතාගෙන...
ඔය යන අතරමගදී අප්පුහාමිට හම්බෙලා තියනවා නිව්ටන් නම් වූ ගමේ හොද කකුලක්. ගේ පහුකරන වැස්සෙම හැතප්මයක් විතර ඉස්සරහට යනකොට තමයි මේ පුද්ගලයව හම්බෙලා තියෙන්නේ .. .ඔහු තමයි ඒ කාල වකවානුවේ මේ පැත්තේ ජයටම මස් වෙලදාම කරගෙන ගිය පුද්ගලයා ඉතින් මඩේ එරීගෙන වැස්සෙම තනියෙම යනකොට මේ මනුස්සයා හම්බුන එකෙන් අප්පුහාමියට මාර සතුටක් දැනුනලු.. මොකද වැස්ස වහිනකොට වෙල් යායවල් උතුරනකොට සතා සිව්පාව එලියට බහින නිසා බයෙන් බයෙන් තමයි පොර මේ වැස්සෙම කසිප්පු ගහන්න යන්නේ...අනිත් හේතුව අදුරු ලදු කැලෑවක් අස්සෙන් යද්දි දැනෙන මූසල බව. මේ දෙකම නිසා මේ යකාව මේ වෙලාවෙ මුනගැහුන එක රටක් රාජ්යක් ලැබුනා වගේලු.
ආ උබත් වැස්සෙම බඩගාන්නේ අඩියක් ගහන්න වගේ
කියලා අප්පුහාමි කතාවට මුල පිරුවලු....
අනේ නෑ අප්පුහාමි අයියේ මම මේ උබ එනකම් බලන් හිටියේ කියලා මූ කුපාඩි හිනාවක් දැම්මලු
මම එනකම් වැස්සේ උබ මේ කැලෑව ඇස්සෙ අනේ නිකන් පලයන් බන් යන්න
දෙන්නා මෙහෙම කතා කරගන ඉස්සරහට යනකොට මූ එක පාරටම කැලේ පැත්තට පනල දුවන්න ගත්තලු
අපේ එකා ෆුල් හොල්මන්ලු යකෝ මූට මොකද උනේ වැස්සෙ මූ කෑලේ අස්සට කියන්නෙවත් නැතුව දුවගෙන ගියේ පිස්සු වේ...ගෙ පුතා කසිප්පු ගහල ගහල ඕකගේ මොලේ අප්සට් වෙලා කියල හිත හිත පොර කසිප්පු පොට් එකට යා ගන්නකොට පොට් එකේ වෘත්තීමය කසිප්පු මහත්වරු සියලු දෙනාම පහේ වැඩ ආරම්භ කරල තිබිලා තියෙන්නෙ.පැය බාගෙක විතර ගමන ඉවර වෙලා පොට් එකට අප්පුහාමි සෙට් වෙනකොට වැස්සත් අඩු වෙලා නිසා අප්පුහාමි ඉදගෙන හරි බරි ගැහිලා ඉස්සෙල්ලාම කරේ පැකට් එකක් අරගෙන කටේ හලා ගත්ත එක..
කසිප්පු පැකට් දෙක තුනක් උගුරෙන් පහලට ගියාම මිනිහට මතක් උනා නිව්ටන් කාරයව..
කසිප්පු පැකට් දෙක තුනක් උගුරෙන් පහලට ගියාම මිනිහට මතක් උනා නිව්ටන් කාරයව..
ඒයි ක්රිස්ටෝපර් උබ නිව්ටන් කාරයව දැක්කද බන් අද ?
උගේ ඔලුව හොද නැත්ද බන් මේ වැස්සේ කැලේ අස්සට රින්ගුවා මා එක්ක මගටම ඇවිත්
නෑ අප්පුහාමි අයියා අදනම් ඕකව ඇහට දැක්කේ නෑ මම හිතන්නේ ඉත්තෑවෙක් හරි හාවෙක් හරි පස්සෙ එලවන්න ඇති ...කියල කිව්වෙ මිනිහගේ හැටි හමෝම හොද හැටි දන්න නිසා වෙන්ට
වෙලාව රාත්රී එකොලහත් පහු උනා අප්පුහාමේගෙ ගෑනි ලමයි තුන්දෙනා එක්ක ඔට්ටු වෙන ගමන් ගෙදර ඉන්න වයසක තාත්තා එක්ක අප්පුහාමියගේ පට්ට පතුරු ඇරිනවා..
ඔය මිනිහට බොන්න ගියාම ඉවරයක් නෑ මේ වැස්සෙ මමයි ලමයි ටිකයි දාල ගානක්වත් නෑ ඌරා වගේ තාමාත් බොනවා ඇති කිය කිය ගෑනි නහයෙන් හඩනවා..හොදම ටික තියෙන්නේ දැන් ...වෙනදා අවසිහියෙන් වගේ කෑ ගහගෙන ගෙදර එන අප්පුහාමි අද සද්දයක් වත් නැතුව හරි පිලිවලට දොර ලගට ඇවිත් තුන් පාරක් දොරට තට්ටු කරාලු වැඩේ කියන්නේ වත්තේ අහල පහල ඉන්න ඔක්කොම බල්ලො අප්පු හාමියගේ පස්සෙන් මර බෙරිහන් දිදී බුරනවලු වෙන එකක් තියා ගෙදර බල්ලත් බුරනවලු ... ගෙදර හිටපු වයසක ඩයල් එකට මේකේ පොඩි වෙනසක් තේරිලා සැකේට වගේ මිනිහා ලෑලි දෙකක් අස්සෙන් හිමීට ඇහ තියලා බලද්දි අරූ ඉද්ද ගැහුවා වගේ දොර ලග හිටගෙන දොරට හිමීට තුන් පරක් අයේ තට්ටු කරාලු ... ඔය අතරේ කුස්සියේ හිටපු ගෑනු පරානේ දුවගෙන ඇවිත් තියෙන්නේ දොර අරින්න හිතාගෙන ... දොර අරින්න යනවත් එක්කම තාත්තා එකට ඉඩ නොදී මෙහෙම කිව්වලු
"අරින්න එපා දොර ..ඕකට පුලුවන්නේ කතා කරන්න ඔකා කතා කරනකම් දොර අරිනව එහෙම නෙමේ
ඇයි තාත්තේ එහෙම කියන්නේ මේ මුනුස්සයා දැන් කියේ ඉදන් දොරට ගහනවද ඔන්න ඔතනින් එහාට වෙලා එහෙනම් තාත්තා දොර අරින්නකො කිව්වත් පොර දොර ලගට යන්නෙත් නෑ අරින්න දෙන්නෙත් නැතුව ලෑලි දෙක අස්සෙන් බලා ගෙන ඉන්නවලු
"දොර අරින්න නම් ඕකට කතා කරන්න කියපන් ඇයී ඌ වෙනදට ඔතන හිටගෙන ගමටම අහෙන්න බෙරිහන් දෙන්නේ දොර අරිනකම්ම...""
දැන් ගෑනී කෑ ගහවලූ කතා කරන්නකො ඒයී අනේ කතා කරන්නකො කිය කිය... නොකිව්වට මේකිටත් දොර අරින්න පොඩි බයක් හිතට ඇවිත් තියෙන්නේ කවදාවත් නැතුව බල්ලො සීයක් විතර මූගේ පස්සෙන් ඇවිත් වත්ත වටේම උඩ බුර බුර දුවන නිසා... කොහොමෙන් කොහොම හරි මූ කිසි කතාවක් බහක් නැතුව දොර ලග හිටගෙනම ඉන්නවලු වයසක ඩයල් එකට තේරුනාලු සීන් එක මොකක්ද කියලා
දොර ඇරින්න ඕන කමක් නෑ ඔය ඉන්නේ අප්පු හාමියා නෙමෙයි කියලා නැවත කතා නොකරන ලෙස ඇතින් ඉගියක් දීලා පස්සෙන් පස්සට ගිහින් ඉදගත්තලු ..... ගෑනිත් කරගන්න දෙයක් නැතුව බීරන් තට්ටු වෙලා වගේ එහෙමම කරාලු විනාඩි පහක් විතර ඔහොම දොර ලග හිටපු අප්පුහාමි අයේ හැරිල යන්න ගියාලු ... මූ වත්තේ මායිම පහු කරනවත් එක්කම බල්ලො දෙන්නෙක් තුන් දෙනෙක් මර ලතෝනියක් දෙන සද්දෙ ආවලු අනිත් බල්ලො කෑ ගහගන දුවන සද්දෙත් (හරියට බර දේකින් ගහපුවම බල්ලො කෑ ගහන්නෙ ඒ වගේ) ඊට පස්සෙ වත්ත ඉස්සරහ බල්ලො කෙදිරිගාන සද්දෙත් අහුනලු... ඒත් අරුන් නෙමේලු එලියට බැස්සෙ....

කොහොමෙන් කොහොම හරි උන කිසිදෙයක් අප්පු හාමියගේ ගෑනිට තේරෙන්නෙ නෑලු මේකි වයසක පොරගෙන් ඇහුවම මූ කියන්නෙත් නෑලු මුකුත්....
උබ ගිහින් නිදා ගනින් උන දෙවල් උදේට කතා කරමු ලමයින්ට මේ ගැන දනගන්න තියන්න එපා අරූ ආපුවම මම දොර අරින්නම් අපේ එකා නෙමෙ ඒ ආවේ උබ පලයන් අන්තිමට තාත්තා කටහඩ අවදි කලේ ප්රශ්න සීයකට පමන දුන් එකම පිලිතුර විදිහටයි...
ඔන්න ඉතින් කිව්වත් වගේම හරියටම පැයකට විතර පස්සෙ අප්පුහමියා කරටි කැඩෙන්න ගහලා තව එකෙක්වත් එක්කන් ගෙදර ආවලු .. සීයා දොර ඇරලා මුන් දෙන්නව ගේ ඇතුලට අරන් මුකුත් නොවුන ගානට එදා රෑ ගත කරාලු...
පහුවෙනිදා උදේම පොරගෙ තාත්තා (වයසක ඩයල් එක) ඇවිත් අප්පුහාමිගෙන් ඇහුවලු
උබ ඊයෙ කොහෙද හිටියෙ කියපන් මට
කොහෙ ඉන්නද වෙනද ඉන්න වාඩියෙම තමා
කවුද උබත් එක්ක හිටියෙ එතන
වෙනදා ඉන්න උන්ම තමයි අප්පච්චි මොක්ද කවදාවත් නැතුව මෙහෙම අහන්නෙ?
අහන්නෙද උබ එන්න ටික වෙලාවකට කලින් එකෙක් අවා මෙහාට දොරට තුන් පාරක් තට්ටු කරා ඉස්සෙලම මම ලීය අස්සෙන් ඇහ තියලා බලපු ගමන් මම දැක්කා උගේ ඇස් දෙක ඒක ගිනි බෝල දෙකක් වගෙ ..
බලු නකුටො පන්සීයක් විතර උගේ පස්සෙ .. ආපු එකා ආවේ නම් උබේ වේසෙන් .. ඌ හිට්ගත්ත ගමන් ආපු පුලුටු ගද මුලු ගේ ඇතුලෙම ._මම දනගත්ත ඒ මොකක්ද කියලා.. ඒ වේලාවෙම
බලු නකුටො පන්සීයක් විතර උගේ පස්සෙ .. ආපු එකා ආවේ නම් උබේ වේසෙන් .. ඌ හිට්ගත්ත ගමන් ආපු පුලුටු ගද මුලු ගේ ඇතුලෙම ._මම දනගත්ත ඒ මොකක්ද කියලා.. ඒ වේලාවෙම
කිසිදෙයක් හිතාගන්න බැරි අප්පු හාමි ගල් ගැහිලා වගේ කතාව අහගෙන හිටියලු
උබ මොනාට හරි බය උනාවත්ද ? මොනා හරි දෙයක් උබ දැක්කවත්ද මතක් කරපන්....
වයස පොර ඔහොම කියාගෙන එලියට බැහිද්දි ආප්පු හාමියත් කට ඇරගෙන කිසිදෙයක් හිතාගන්න බැරුව තාත්තගෙ පස්සෙන් එලියට ආවලු
මල හුත්..යි වත්ත වටේම ලේ වමනේ දාගෙන බල්ලො තුන් හතර දෙනෙක් පත බෑවිලා
මේක දැක්ක ගමන් අප්පු හාමිගේ ඇ.ට දෙක පූට්ටුලු....
මේක දැක්ක ගමන් අප්පු හාමිගේ ඇ.ට දෙක පූට්ටුලු....
මම උබට කිව්වෙ නැත්ද මේන් බලාපන් ආපු එකා යන ගමන් අපිට කරලා යන්න ආපු එක ලස්සනට කරගෙන ගිහින් බල්ලො ටිකට.. පිටම හරියට අතගලා තියෙන්නෙ දැක්කා නේද? නහයෙන් කටින් ලේ පෙරා ගෙන මැරී සිටි බල්ලන් පෙන්නන ගමන් වයසක උන්දා කිව්වලු
අප්පු හාමිට ඊයේ බීපු වෙරි පු..න් ගියා වගේ දැනෙන්න ඇති නේද???😁😁😁😁
අප්පච්චි නිව්ටන් කැලෑවේ හිටියා මම යනකොට ඌ එක පාරටම කැලෑව ඇතුලට රින්ගුවා මා එක්ක කතා කරලා මොර සූරන වැස්සෙම අප්පුහාමි කටහඩ අවදි කරේ සීන් එක ලාවට මිටර් උන නිසා වෙන්න ඇති
කියට විටරද උබ ඌව දැක්කෙ ?
හවස හයට විතර
දැන් ඌ ගෙදර ඇතිනෙ වරෙන් යන්න බලන්න කියලා තාත්තයි පුතයි නිව්ටන්ව හොයන්න පිටත් උනේ මෙතන අමුත්තක් තියනවා කියලා තේරුම් ගත්ත නිසා...
නිව්ටන්ගෙ ගේ ලගට දෙන්නා ලං වෙනකොට පැයක් හමාරක් ගියාලු නිව්ටන් කාරයගේ ගෑනි පිල උඩට වෙලා කල්පනා කර කර ඉන්නව දෙන්න ඈත තියාම බලගෙන තමයි ගෙදරට ගොඩ වෙලා තියෙන්නෙ
අහ් පිලමිනා කෝ නිව්ටන් උන්නැහියේ .. ඒ අප්පුහාමිගේ තාත්තා හඩ අවදි කලේ මෙහි වත ගොත දැනගැනීමටයි
බලන්නකො සීයේ ඊයේ හවස ගියා වාඩිය පැත්තේ යනවා කියලා තාමත් නෑ මාත් මේ එනකම් තමයි බලන් ඉන්නෙ කොහෙ හරි වැටිල ඇති බීලා මොකෙක් එක්ක හරි.
වෙරි බැස්සම එන්නෙ නැතෑ උන්දා ගිය තැනකින් මම බලගන්නම්කො ආවම...
සීයාලා මස් මොනා හරි ගන්නද?
වෙරි බැස්සම එන්නෙ නැතෑ උන්දා ගිය තැනකින් මම බලගන්නම්කො ආවම...
සීයාලා මස් මොනා හරි ගන්නද?
නෑ අපි මේ නිව්ටන් උන්නැහියේ හම්බෙන්න කියලම තමා ආවේ...අප්පුහාමි කොලුවට ඊයේ ඔය මනුස්සයව හම්බෙලා තියනවා පස්සෙ මිනිහා මුකුත් නොකියම කැලේට රිංගල තියනවා කියලා මුලු කතාවම ගෑනිට කිව්වලු ....පස්සෙ ගෑනිවයි ගමේ තව දෙතුන් දෙනෙක්වයි එකතු කරන් කට්ටිය නිව්ටන් හොයන්න පිටත් වෙලා තියනවා....
ඔය යන අතරේ කස්සිපු පොලේ වාඩියේ යාලුවන්ගෙ ගෙවල් අහල පහල ඉන්න පුලුවන් හැම තැනකම බලුවත් නිව්ටව කවුරුත් දැකවත් කොහෙවත් ඉදලවත් තිබ්නෙ නෑ...
අන්තිමට නිව්ටන් අතුරුදන් වුන පුවත ගමේම පැතිරගෙන ගිය අතර බොහෝ දෙනා එක්ව කල හොයා බැලීම් වලිදී කැලෑව අතුලේ මුනින් අතට වැටී තිබු නිව්ටන් ගේ මල සිරුර හොයා ගෙන මියයන විට ඔහුට මලපහ හා මුත්රා පිටව තිබූ බවත් අස් දෙකම ඇරගෙන නහයෙන් කටින් ලේ දමා වැටී සිටි ඇත්තේ පොලවේ පස් හාරගෙන ඉතාමත් බයානක විදියට බව මම අසා දැනගතිමි. ඔහුගේ මුහුනෙන් හා ඉරියව් වලින් පෙනී ඇත්තේ යමකට අසීමාන්තිකව බිය වූ ලක්ශනයි

මිනිහා හවස සතෙක් පස්සෙන් කැලේට යනකොට අතේ ඇගිලි පහම පිටේ හිටින්න තමයි දෙන කෙනා කවුරු උනත් මිනිහට දීලා තියෙන්නේ ඒ වැඩි පිරිසගේ මතයයි
ඔය අතරේ තමයි අප්පුහාමියට හවස මිනිහව දකින්න ලැබුනේ ඒ වෙනකොටත් මිනිහ කැලේ ඇතුලේ පතබෑවිලා ඉවරයි
මිනිහාගේ වේසෙන් ආවෙ පිල්ලියක් එත් මොන හේතුවකට හරි අප්පුහාමියා බේරුනා
අප්පුහාමිව මග ඇරුන නිසා ඒ පිල්ලියම අප්පුහාමිගේ වේශයෙන් අයේ අප්පුහාමිගේ ගෙදර ගියේ මගහැරුන බිල්ල ආයෙ ගන්න .. එකත් වැරදුන තැන තමයි බල්ලො තුන් දෙනෙකුට පාර දීලා ගිහින් තිබ්බෙ
අපිට පේනවට වඩා යමක් බල්ලො දකින නිසා තමයි උන් බුර බුර පස්සෙන් කැරකිලා තියෙන්නේ ...හවස හයට එලියට බහින එක තුන්පාරක් දොරට තට්ටු කරොත් දොර අරින්නෙ නැති එක පුලුටු ගද වගේම බල්ලොන්ගේ උඩ බිරීම් වගේ දේවල් ගැන ඒ කාලේ මිනිස්සු ගොඩක් සැලකිලි මත් වෙලා තියනවා කොහොම උනත් අප්පුහාමිගේ තාත්තා සැලකිලි මත් උන නිසා ගෙදර කට්ටිය පරිස්සම් උනා.... හැමදෙම දැනගත්තට පස්සෙ අප්පුහාමියට ශාන්ති කර්මයක් කරන්න උනා කියලයි ආරන්චිය...........

විශ්වාශ කිරීම හෝ නොකිරීම ඔබ සතු පරම අයිතිය වන අතර මා සත්ය කතාවක් මෙසේ අකුරු කලෙමි...විද්යාවෙන් ඔබ්බට ගිය අව්ද්යත්මක ස්තීර සත්යතාවන් වන නොපෙනෙන බලවේග මේ මොහොතෙත් ඔබ හෝ මා අසල සැරිසනවා විය හැක අවදියෙන් සිටීම් මැනවි...
Don Kevin Fernando
Source: Link