රබ්බඩ පුවක් සුවදයි බොල..
ගමේ නිවසක පිරිමි දරුවෙකු උපන් කල රාත්‍රී කාලයේ නිවසේ පිලිකන්න පැත්තෙන් මෙවැනි කට හඩක් ඇසේ..
කටහඩ ඇසී නිවැසියන් අවදි වී බලන විට දරුවා නිදි කර තිබූ ස්ථානයේ නොමැති අතර සොයාගෙන යද්දි ගෙල කඩා ලේ උරා බිව් දරුවාගේ මළ සිරුර පැදුනු ආනේ ගසා තිබියදී හමුවේ..
එහෙත් එක් දරුවෙක් පමණක් මරණයෙන් බේරුනු අයුරු සදහන් වන්නෙ එම දරුවාගේ පින් බලය නිසාය.
ඈ..බොල තෝ තවම මෙතන මොකද කරන්නෙ..තොට පිරිමි දරුවෙක් හම්බ වෙලා..
නොදන්නා අයෙකු ගැමියෙකුගෙන් මෙසේ විමසයි.
අපොයි..එහෙනම් දැන් මොනවා බලන්නද.මේ වෙන කොටත් වැඩේ ඉවර කරල ඇති...
නෑ..බොල ඒක මහා බලසම්පන්න දරුවෙක්..ඌ ලගට කාටවත් කිට්ටු වෙන්න බෑ..
ගෙදර දුව යන මිනිසා දරුවා යහතින් සිටිනවා දැක සතුටට පත්වේ..
මෙය අප ගැමි වහරේ සූනියම් යක්ෂයා පැමිණි අවධියේ කියවෙන කතාවකි..
සූනියම් දේවතාවුන් වහන්සේ ගැන කියවෙන කතා බොහොමයක් තිබේ..මේ ඉන් කතාවක් පමණි.
ගම්බාර සූනියම් දේවතාවුන් වහන්සේ අව පක්ෂයේදී යක්ෂා වේශයක් ගන්නා බව බොහෝ අයගේ විශ්වාසයයි.අප රටේ යකදුරන් යන්ත්‍ර මන්ත්‍ර සදහා ඔඩ්ඩිස යොදාගනී..
ඔඩ්ඩිස කුමරු ලොවට බිහි වන්නේ ඔඩ්ඩි දේශයේ රජුට දාවයවුදගිරි බිසවගේ කුසෙනි.ඔඩ්ඩි දේශය තෙලිගු දේශය යනුවෙන් හදුන් වන්නේ ඉන්දියාවේ ආන්දා ප්‍රදේශයයි.

ඉංදියාවේ එක්තරා ප්‍රදේශයක වැසියන්ට මෙම යක්ෂ බලවේගය නිසා නොයෙකුත් කරදර ඇති වූ බවත් සදහන් වන අතර ඔහුන්ගේ දරුවන් අකාලයේ මිය ගියහ.ගවයින් අතුරු දහන් වූහ.සුනඛයින් ආබාධිතව මිය ගියහ.ගැහැණු යක්ෂාවේශ වූ අතර ලෙඩ රෝග කරදර නිසා ගම් නියම් පාලු වුනා..එහිදී ගම් වැසියන් තෙලිගු මන්තර කරුවන් ගෙන්වා බොහොම අපහසුවෙන් යක්ෂයා අල්ලා පුස්කොල පත් ඉරුවකට තබා කටු ගසා සිරි කිරීමයි..පසුව ආඩිගුරුන්ද සමග ලංකාවට එවයි.මායාදුන්නේ රජ දවස ඔවුන් ගොඩ බසින්නේ මාතරට..මාතර අදටත් හොදම ගුරුකම් සදහා ප්‍රශිද්ධයි.මොහුන් සීතාවක රජු වෙත ගොස් අර පොත පෙන්වා එම පොතට අධිගෘහිත මහා බලසම්පන්න දෙවි කෙනෙකුන් සිටින බවත් එම දෙවිගෙන් උදව් ගත හැකි බවත් සදහන් කරනවා.
කිසිවෙකු විසින් හොරෙන් පොත බලන්න එය විවෘත කල වෙලාවේ සූනියම් යක් ෂයා එයින් මිදුනු බවත් පසුව නැවත අල්ලා ගනීවි යන බයෙන් යුතුව මෙරට විසු බලසම්පන්න මන්තර කරුවන් විනාශ කල බවත් සදහන් වෙනවා..ඉන්දියාවේ විදිහටම ලංකාවේ ඇඹව .කබලෑව .දොඩම්පාවුල සහ අවට ප්‍රදේශ වලට යක්ෂ කරදර ඇති වූ බව සදහන් වෙනවා.මෙම ප්‍රදේශය කබලෑ දෙවියන්ගෙ නින්දගම් කොටුව ලෙසත් හදුන්වනවා.
මෙම යක්ෂයා දමනය කර ඔහුගේ වෛරය නැති කොට යහපත් කෙනෙකු කලේ පත්තිනී මෑණියන් කියලයි සදහන් වෙන්නේ..සූනියම් යක්ෂයා දමනය කලේ පත්තිනී මෑණියන්..
කබලෑවේ රාළ නම් සිල්වත් උපාසයෙකු යක්ෂයා දමනය කිරීමට උත්සහ කල බවත් ඔහු සතියක් පුරා ලුණු නැති කිරිබත් වලදමින් පේවී පත්තිනී මෑණියන්ගෙන් නව ගුණ ඇට වැලක් ලබාගෙන එයින් සත් පට මාලයක් සාදා..ලක්ෂ වාරයක් පිරිත් කර යක්ෂයා එන මග බලා සිට ඔහුගේ ගෙලට දැමුවාලු.යක්ෂයාගේ ප්‍රචන්ඩත්වය නිසා එයින් සතර පොටක් කැඩී ගිය බවත් ඉතිරි තුන් පොටේ බලයෙන් ඔහු මෙල්ල වුනු බව සදහන්..දමනය වූ යක්ෂයා ඉන්පසු බුදුන් සරණ ගොස් මිනිසාට පිහිට වුනා කියලයි කියවෙන්නෙ..ඉස්සරනම් ගුරුකම් සදහා ඔඩ්ඩිස යොදා ගත්තත්..දැන් ඒ සදහා සොහොන් කාලි යොදා ගන්නෙ සූනියම් අප්පච්චි බුදු බව පතන නිසයි..වෛරය නිසා යක්ෂ වේශය වුනත් පෙර මහා පින් ඇති බලවත් අයෙක් තමයි මේ සූනියම් දෙවියො..
මේ වගේ තවත් බොහෝ කතා අප්පච්චි ගැන තියෙනවා..මෙය තමයි ප්‍රධාන කතාව ඒ අතරින් කියවෙන...ඒ වගේම ඔයාල දන්න කතා අත්දැකීම් තියෙනවනම් කියන්න..