මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

16 June 2019

---එක් අසරන පියෙකුගෙ දරු දුකක් (සත්‍යම සිදුවීමක්)---



අපි ලගදි දවසක ගියා පොඩි වැඩකට ඒ ගෙදර ඉන්නෙ තාත්තයි දුවයි විතරයි... ප්රශ්නෙ නම් දුවගෙ අමුතුම හැසිරීම් හා අමුතු ආහාරයි.. එම නිවසේ විටින් විට සිදුවන ශබ්ද හා අප්රසන්න ගන්දයන් පිටවන්නෙ උයපු ආහාර වලං වලින් වීමයි..
ඒ ගැහැනුලමයා පිලුනු වූ ඉදුල් ආහාර හා නිවසේ සිටි සුරතල් ගිරවකුද මරා කෑම නිසා පියා බයවී කට්ටඩි මගින් නොයෙකුත් යන්ත්ර මන්ත්ර වැඩ කලත් කිසිම පලක් නති තැන ගම්වැසියෙකු මාර්ගයෙන් අප වෙත යොමු කලා...

එතැන් පටන් කතාව...

අප යහන් දිශිඨි කර මතුරනවිට දැරියගෙ යම්කිසි චලනයන් පෙන්නුම් කලා... බඩගාගෙන සාලය පුරා ගමන් කලා ..
මහත්තයො දැරිවිට මහා කාලකන්නි අමන් වැඩක් කොරලා...තුච්ච බලු සක්කිලි වැඩක් මහත්තයො... මේ කෙලීට මලපෙරේතයො බන්දලා. තව දෙන්නෙක් ඉන්නවා ඒකෙන් එකෙක් ගෑනු පරානයක් හැබැයි මහත්තයො එයා ඉන්නෙ මේ දරුවගෙ හොදට ඒත් මේ භන්දනය නිසා එ ආත්මෙට කෙලීට ලං වෙන්ඩ බෑ.. ඒකයි මේ ආත්මෙ ගෙදර අමුතු අමුතු වැඩ කරන්නෙ... පොඩ්ඩක් ඉමු අපි විස්තර කෙලීගෙන්ම අහමු....

නැවත කඩවර මැතිරීමේදී ගැහැනු ලමයා කතාකරා ( ගැහැනු ලමය කිවුවට ඇගේ ඉන්න ප්රේතයා )

🔴 හොදයි කියමු බලන්ඩ මේ කවුද කියලා.
කෙල්ල - කියන්නෑ කියන්නෑ

🔴 ම්ම්ම් එහෙමද එහෙනම් ඉමුකො
රන්තොරනේ වැඩ සිටිනා කඩවරා........
කෙල්ල - කියන්න්ම් කියන්නම්... මම සිරිදාස. මම් මේකිව දන්නෙත් නෑ.අරූ මාව මේකිට බැන්දෙවුවා...

🔴 කවුද බැන්දුවෙ ඉතින් උබත් ආසයිද මේකිගෙ ඇගේ ඉන්න..
 නෑ නෑ මාව් බන්දලා දැම්මා කසුන් කියන එකා.මට නිදහස් වෙන්ඩයි ඕනෙ.

🔴 ඉතිං උබව බැන්දුව හේතූව කියපං බලන්ඩ...
මේකිට ඌ කැමතියි ඒත් මේකි ඌට කැමති නෑ එකපාරක් මේකි ඌට කනට ගහුවා. ඒකට පලිගන්ඩයි මාව එවුවෙ..

🔴 ඉතිං උබ පලි ගනින්කො බං. මම්ත් ආසයි උබල පලි ගන්න හැටි බලන්ඩ...
බෑ බෑ මාව යවපං මෙහෙන්. මේකිට තව එකෙක් කැමතියි ඌ මෙකිට වශියක් කලා. ඔලුවට තෙල් ඉස්සා හරිගියෙ නෑ මේකිට මේකිට දැං පිස්සු හැදෙන්න යන්නෙ. මාව යවපං මාව හිරකරා මේකිගෙ ඇගේ..අනේ මාව යවපං..

🔴 මහත්තයො පේනවනෙ මං කීවෙ දෙයක් බලෙන් ලබාගන්ඩවට්ග් බැරි නම් මුං ඒක විනාස කොරනව හිතේ තියෙන ඊර්ෂ්යාව නිසා පාදඩ හැත්ත..
මේකිගෙ අම්ම මේකිට ආදරෙයි ඒත් මං ඉන්න නිසා ඒකිට ලගට එනඩ බෑ.. ඒකි ඉන්නෙ ඔය මුල්ලෙ. අර බංකුව ගාව ඉන්නෙ මං වගේ තව එකෙක් ඌටත් මං වගේ හිරවෙලා ඉන්නෙ.



🔴 හරි මං උබව යවනව උබල තුන්දෙනාවම මං ජයසිරිමහ බොදීන්වහන්සේ ගාව නිදහස් කොරනවා.. නමුත් මං කියන වැඩේ කරන්ඩ ඕනෙ ඉස්සෙල්ලම.
කියපං කියපං ඉක්මනට

🔴 ඇයි හදිසි පොඩ්ඩක් ඉදපං තේ එකක් එහෙම බීලා යමං ඉතිං...
( විහිලුවක් එහෙමත් කරනවා )
අපෙ මහත්තයො දැං කියන්ඩ මොකද කරන්නෙ මුන් තුන්දෙනාවම නිදහස් කරන්නඕනෙ. ඊට කලියෙන් කරපු එකාට මොනවද කරන්න්ඩ ඕනෙ... උගේ කතාව ඉවර කරමුද නැතිනම් විදවන්ඩ දඩුව්මක් දෙමුද.
තාත්තා - අනේ එපා ඒත් ජීවිතයක්නෙ මට මගෙ දුවව ආපහු හිටපු විදියට ලැබුනම ඇති..
මහත්තයො ඔබතුමා වගේ මිනිස්සු අඩුයි මහත්තය. වෙන තැං වල නම් කියන්නෙ අනිත් පැත්තට කපලා ඇරල මරලම දාන්ඩ කියලා..කමක් නෑ මේ කරපු දේට මං කරන්නම් ඕකුන්ට...
පිල්ලි උබට පුලුවන්ද මේක කරපු එකාටයි කරවපු එකාටයි දඩුවම් දෙන්ඩ.
කියපං මොකක්ද කරන්ඩ ඕනෙ.

🔴 වැඩේ කරපු ඇදුරගෙ යහන ගිනිතියපං මං උගෙ බල බිදිනව අර මනමාලය අන්න ඌටත් රිදෙන්න ඒවගේම මතක් වෙන්ඩත් දඩුවමක් දීපන්.. ඔන්න් මම බල බිදිනවා..

කොහොම කොහොම හරි අර ගෑනු ලමයව ඒ මාරකෙන් බේරුවැ ඒවගේම වැරදි කරපු උන්ට පැය 24 යන්ඩ කලියෙන් දඩුවම් දුන්නා....

මේ සිදුවීම ගොඩක්ම ලියුවෙ ඒ අහින්සක තාත්තෙකුගෙ පිය සෙනෙහස පෙන්නන්න... හැමෝම ජීවිත කියන එක අමතක මේ රටේ මිනිස්සුන්ට ඒ තාත්තා ලොකු ආදර්ශයක්................

Source: Link

අපගේ Android App එක අදම Download කර දිනපතා අලුත් හොල්මන් කතා පහසුවෙන් කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..