මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

14 June 2020

---සාදය---




අපි අවට සිද්ධ වෙන බොහෝමයක් දේවල්වල අපි හැබැහින් දකිනවට වඩා දේවල් ගැබ්වෙලා තියෙනවා, අපි යන එන තැන් වල පේනවට වඩා හැංගුන දේ ගොඩාක් තියෙනවා කියලා මට අනන්වත් හිතිලා තියෙනවා. සමහර හැංගුන අද්භූත දේ තේරැම් ගන්න එක හරිම අපහසුයි.


වෙන්නප්පුව පැත්තේ මගේ යාලුවෝ ගොඩාක් අය ඉන්නවා.මෙයාලාගෙන් ගොඩාක් අය නිතරම විනෝදෙන්, කාලා බීලා සතුටින් ඉන්න අය.


මේ විදිහට එක යාලුවෙක් එයාගේ සෙට් එකත් එක්ක මාසෙකට සැරයක් පොඩියට සෙට් වෙන්න පුරැද්දක් තිබුනා.මෙයාලා සෙට් වෙනවා කියන්නේ බොන එක විතරක් නෙවේ.වෙන්නප්පුව පැත්ත ටිකක් සංගිතකාමි වටපිටාවක් තියෙන නිසාම ලස්සන සිංදු ටිකක් කියලා කතාවක් දාන්න, කෑම ටිකක් කන්නත් මේක හොඳ අවස්ථාවක්.


මේ පාර සෙට් වෙන්න තෝරාගෙන තිබුනේ ටිකක් දුරට වෙන්න හලාවත දැදුරු ඔය ඉවුර. හලාවත නගරයේ ඉඳන් පුත්තලම පැත්තට යද්දි දැදුරුඔය පාලම ළඟින් පහලට ගියාම ඉුවුර අයිනේ උවමනාවටත් වඩා ඉඩකඩ තියෙනවා. මෙන්න මේ වගේ තැනක ගහක් යටින් වෑන් එකත් නවත්තගෙන අඩුම කුඩුම ලැහැස්ති කරගත්තා. තවත් අය දර කෝටු ටිකක් හෙව්වේ රෑට පොඩි ගිනිමැලයක් ගහන අදහසින්.


කොහොම හරි හවස් ⁣වෙද්දි වැඩේ පටන් ගත්තා.පොඩියට මධුවිතක් තොල ගාන ගමන් සිංදුවක් හීන්සරින් මුමුණමින් සාදය ගලාගෙන යනවා. පැත්තකින් සෙට් එකක් ගිනිමැලය වටේ පුටු පොඩිවල වාඩිවෙලා තාලය අල්ලද්දි අනිත් පැත්තෙන් බාබකිව් එක ලස්සනට රත්වෙලා වැඩේ නැගලා යනවා.


මෙි විදිහට මැදියම් රෑ ලංවෙන්න වගේ සාදය ගලාගෙන යද්දි සෙට් එක හැමදාම වගේ ෆොටෝස් ගහගත්තා සිංදු කියන,නටන, බාබකිව් දාන එකේ එහෙම.සාදයේ උපරිමය වෙද්දි එක පාරම මාර වැඩක් වෙනවා.


අපුරැවට සිංදු කිය කිය හිටපු එකෙක් "අම්මෝ මගේ බඩ රිදෙනවෝ, ඉන්න බැරියෝ " කියමින් කෑගහන්න ගත්තා.කොල්ලෝ සෙට් උනාම මේ වගේ ආතල් දෙන නිසා මුන් ගනන් ගන්නෑ. ඒත් මූ එක දිගටම කෑගහද්දි කට්ටිය ටිකක් කලබල වුනා.ඉක්මනටම බඩු ටික අස්පස් කරගෙන ඉක්මනටම හලාවත රෝහලට අර කොල්ලව අරන් එනවා.මූ මග දිගටම කෑගහනවා. ⁣හොස්පිටල් එකේ කරන්න තියෙන හැමදේම කලත් මූගේ අමාරැව ⁣නෙවේ අඩුවුනේ.කොහොම හරි මූට බෙහෙතක් විදලා මූව නිදි කරගත්තා. දොස්තරලා ලොකු ගේමක් දුන්නා මෙිකගේ අසනිපේ හොයන්න.ඒත් අඩුවුනේ නැහැ. ලෙඩක් හොයාගන්නත් නැහැ. පස්සේ ළඟපාත පල්ලියක පියතුමෙක්ව ගෙන්නගෙන යාච්ඤා කරලා ආසිරි පැන් ටිකක් දුන්නම මූට හොඳවුනා.යන්තම් ටිකටි කපන් ගෙදර යන්න පුලුවන් වුනා.


හොඳම හරිය සිද්ධ වෙන්නේ ඊට පසසේ.මේ කලබල අස්සේ සා⁣දයේ මතකයන් අමතක වෙමින් තියෙද්දී අර එදා ෆොටෝස් ගත්ත එකා ⁣ෆෝන් එක ඔබනවා සාදය මතක් වෙලා. ඒකේ ⁣ෆොටෝස් බලනකොට දැක්ක දෙයින් මූට හිරිගඩු පිපෙනවා.ෆෝන් එකත් අරන් දුවන්නේ යාලුවගේ කඩේට.


අනිත් එවුන්ටත් එන්න කියලා ⁣ෆොටෝස් ටික ලැප්ටොප් එකට දාගෙන බලාගෙන යද්දි මුන් සෙට් එකට දෙ⁣ලොව රත් වුනා.බාබකිව් දාපු තැන තිබුන ගහ මුුදුනේ හරි හැටි පේන්නේ නැති අපැහැදිලි දත් විලිස්සා ගත් රතු ඇස් තියෙන රෑපයක් බාබකිව් එක දිහා බලන් ඉන්නවා."ඔය ෆෝන් එක හෙලවිලා බං ඔහොම වෙන්නේ'" එකෙක් එහෙම කියද්දි අනිත් ෆොටෝස් ටික බලන්න ගත්තා.


⁣අර දැක්ක රෑපය ටිකෙන් ටික ගහෙන් බැහැලා එනවා ෆොටෝ එකින් එකට පේනවා.ඒ හැම රෑපයක්ම එකින් එක පැහැදිලි වෙන්න ගත්තා.ඇගේ නූල් පොටක් නැති වකුටු ගැහුන කැතම කැත රෑපයක් අතේ නියපොතු පිරැන දත් එලියට ආව ජරා ඇස් දෙකක් තියෙන රැපයක් මතු වෙන්න ගත්තා. ගහෙන් බැහැගෙන ඇවිත් තිබුන රෑපය අන්තිමට බාබකිව් එක ළඟ ඇවිත් හරිම පෙරේත විදිහට ඒ දිහා බලන් ඉන්නවා ඒකේ සටහන් වෙලා තිබුනා.ඉන් පස්සේ බාබකිව් එක ළඟ හැම ⁣ෆොටෝ එකකම අර රෑපය තිබිලා.


සිංදු කියන තැන ෆොටෝ එකකින් ෆොටෝ ගැහිල්ල නතර වෙලා තිබුවේ අරැට බඩේ අමාරැව පටන් ගත්ත නිසා.අන්තිම ෆොටෝ එකේ අර බඩේ අමාරැව හැදුන එකා මස් කෑල්ලක් හපන දිහා අර රෑපය බලන් ඉන්නවා සටහන් වෙලා තිබුනාලු.

ප.ලි. මේක මම අහලා ටිකක් කල් මට කියපු කෙනාගෙන් ෆොටෝස් ටික ඉල්ලුවේ මටත් බලන්න ආසාවට මගේ අවාසනාවට මුන් එදාම ෆොටෝස් ටික මකලා දාලා.



Source: Link




No comments:

Post a Comment