උලමා ගැන වැඩි විස්තරයක් දාන්නන් කිව්වනෙ එක තමයි මේ තියෙන්නෙ මේ කතාව ජනප්රවාදයේ එන කතාවක් රසවිදීමට පමනි
උලමා කියන පක්ශියා කෑ ගැහුවාම මරනයක් වෙනවාද ?
ඔබ දන්නවද එය සිදුවන්නට පුලුවන් බව ඔව් එක වෙන්නෙ මෙහෙමයි ඒ පිලිබද විස්තර මේ ලිපියෙ ඉදිරිපත් කරන්නම් ඊට ප්රතමයෙන් අපි මේ උලමා කියන සත්වයා පිලිබදව කෙටි තොරතුරු ටිකක් දැනගමු .......
උලමා නැත්තන් උකුසු බකමූනා කියන්නෙ බොහොම අහින්සක පක්ශියෙක් ඒ වගේම මෙයා නිශාචර පක්ශියෙක් 🐦ඒ කියන්නෙ මෙයා එලියට එන්නෙ රෑට විතරයි ඒ නිසා මෙයාව දැකල තියන පිරිසත් බොහොම සුලු පිරිසක් තමයි අනෙක් කුරුල්ලන් සාපේක්ෂව මෙයා ටිකක් වෙනස් එකට හේතුව තමයි මෙයාගෙ ඇස් පිහිටල තියන ආකාරය, මුහුනේ හැඩය වැනි ලක්ශන තමයි මෙයාගෙ මුහුනේ ඉදිරිපසට වෙන්නට තමයි මෙයාගෙ ඇස් පිහිටල තියෙන්නෙ අනෙක් කුරුල්ලන්ගෙ නම් සාමාන්යයෙන් ඔලුවෙ දෙපැත්තට තමයි ඇස් පිහිටලා තියෙන්නෙ ඉතින් මෙන්න මේ හේතුව නිසා මෙයාගෙ ඇස් විශාල සහා මුහුනේ ඉදිරිපස පිහිටීම නිසා මෙයාට රාත්රී කාලයෙ හොදට ඇස් පේනවා ඒකට හේතුව තමා වැඩි ආලෝකයක් ලබා ගන්නට මෙයාගෙ ඇස් වලට හැකියාව තියනවා
මෙයාට පිහිටල තියෙන්නෙ වක් වූ තියුනු හොටක් මේ නිසාම මෙයාට ඉතා හොදින් ගොදුර ඉරා ආහාරයට ගැනීමට පහසු වෙනවා උල් නිය සහිත ශක්තිමත් පාද නිසා ගොදුර හොදින් අල්ලා ගැනීමටත් හැකියාව තියනවා ඒ වගේම මෙයා ජීවත් වීම සදහා ඉස්තීර බිමක් තොරා ගන්නවා ගොදුරු ලබා ගැනීමටත් සහකාරයෙක් හෝ සහකාරියක් සොයාගැනීමටත් කැදලි සාදා ගැනීමටත් මෙයා තෝර ගන්නෙ මේ ස්තීර බිමම තමයි මෙයා සාමාන්යයෙන් මෙයාගෙ නිවස සාදා ගන්නෙගස් බෙන වල සහා පර්වත වල පැලුම් වල මෙයා මාන්ශ බක්ශක පක්ශියෙක් ඒ කියන්නෙ කුරුල්ලන් උරගයන් ගෙම්බන් වවුලන් මීයන් කෘමීන් ප්රදාන ආහාරයයි ඒ වගේම මෙයාට හතුරොත් නැතුවම නෙවේ ඒ තමා සර්පයන් උගුඩුවන් බිලාල පවුලේ සාමාජිකයන් උකුස්සන් වැනි අය .
මෙයාව බොහෝ රටවල මන්තර කරුවන් තම සුරතලා ලෙස යොදා ගන්නවා ඒ වගේම අරාබි ජාතිකයන් මිනිස් ආත්මයක් ලෙස සලකනවා
ඔන්න දැන් ඔයා දන්නව උලම ගැන .......
දැන් අපි කතා කරමු උලමා ගැන ලන්කාවෙ තියෙන්නා වූ විශ්වාසයන් පිලිබද විස්තර .......
උලමා පිලිබද විවිද ජනප්රවාද වල එන කතා රාශියක් අතරින් වැඩි වශයෙන් ප්රචලිතව වී ඇති කතන්දර තුනක් ඔයා වෙනුවෙන් මම අද ඉදිරිපත් කරන්නන් එම කතන්දර අවසානයේදී කෝමද මරනයක් සිදුවන්නෙ කියලත් පැහැදිලි කරලා දෙන්නන්
1. පලමු කතාව
ඉතාමත් බීමතින් දඩමස් කුට්ටියක්ද රැගෙන ගෙදරට එන පුද්ගලයෙක් සිය බිරිදට පිසින්නට යැයි අන කරමින් නැවත බොන්නට පටන්ගන්නවා බිරිද මේ දඩ මස් ටික කුස්සියේ තබා වෙනත් අඩුම කුඩුම සකස් කරන අතරේ දඩමස් කුට්ටිය සතෙකු විසින් ඩැහැගෙන යනවා මෙයින් දැඩි සේ බියට පත් වූ බිරිද කෙසේද තම සැමියාට මෙය පවසන්නෙ දැයි සිතමින් අවසානයේදි ඇය සැමියාට පවසනවා සැමියා කමක් නැතැයි පවසමින් ගෙදරින් පිටවන නමුත් ඔහු පිටවන අවස්තාවේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි ඔවුන්ගෙ දරුවා දකින බීමතින් සිටින මේ අමනුෂ්යයා තම දරුවාව මරා ඔහුගේ සිරුරෙන් මස් කුට්ටියක් රැගෙන නැවත බිරිදට ගෙනවිත් දෙනවා මේ අපරාදය ගැන කිසිත් නොදන්නා බිරිද මාන්ශය කලින් සැකසූ අඩුම කුඩුම සමග පිසින්නට ගන්නවා
සැමියාට මෙය පිලිගන්නට සූදානම් වෙන අවස්තාවේ දී පිසින ලද මස් හට්ටියේ කුඩා ඇගිල්ලක් දක්කනට ලැබෙනවා සිදුව ඇති විපත නිමේශයකින් තේරුන් යනවා ඉන්පසු දැඩි ශෝකය නිසා අත ඇති තම හිස හිල් වී යන සේ ඇනගන්නා මව මගේ පුතා කෝ උමතුවෙන් දරුවව සොයාගෙන දුවන්නට පටන් ගන්නවා දරු දුකින් අඩමින් එසේ සැරිසරන ඇය මරනින් පසු උලමා ලෙස උප්පත්ති ලබා ඇති බව යැය් ජනප්රවාදයේ කියවෙන්නෙ
ඉතින් මේ පිලිබදව තියන අනිත් කතාවත් මේ හා සමානයි
2. දෙවනි කතාව
එක්තරා මවක් තම දරුවා පුරුශයෙකු සමග ගෙදර සිටුවා කැලයට ගොස් දර කපාගෙන නැවත පැමින කැඩූ දර ගෙනවිත් මිදුලේ දමා කුස්සියට ගොස් බලන විට ලිපේ මස් හැලියක් ඉදෙනවා දැක එයින් කෑල්ලක් හැන්දට ගෙන ඉදිලාද කියා බැලීමට යන අවස්තාවේ කුඩා අතක ඇගිල්ලක් අසුවී සැක සිතී "කෝ දරුවා ....?" කියා විමසනවා එසේ ඇසූ විට පුරුශයා "ඔහේ ඇති" කියා කීවාද තම සැමියා මස් වලට ගිජු නිසා දරුවා මරා ඇති බවට සිතා එම මස් කැබැල්ල ගත් හැන්ද හිස මුදුන තබා දරුවාගෙ නම වන තිනෝ තිනෝ කිය කියා දරුවා සොයමින් කැලේට දිව යනවා හදවත පැලී මිය යන ඇය යක්ශනියක් වී ඉපදී අදත් තෙනෝ තෙනෝ කිය කිය මර හඩින් රාත්රී යේ දරුවාට අඩගහන බවයි ජන විවහාරයේ විශ්වාසයෙ පැවතෙන්නෙ හිස මුදුනේ පිහාටු හැන්දක ආකාරයේ දක්නට ඇත්තේද ඒ නිසා බවයි විශ්වාස කෙරෙන්නෙ
තුන් වෙනි කතාවනන් මීට වඩා වෙනස්
3. තුන් වෙනි කතාව
සොයුරන් දෙදෙනෙකු තම මව ගල් ගුහාවක ජීවත් වෙනවා වැදි කෙල්ලෙක් හා ලෙන්ගතු වන බාල සොයුරා ඇයව සහේට ගෙන ගල් ගුහාවෙ වාසය කරනවා වැඩි මහල් සොයුරාටත් මේ කෙල්ල ගැන ඇති වන්නෙ ආශාවක් දිනක් මේ සොයුරන් දෙදෙනා මී කැඩීම සදහා වනයේ සැරිසරන මොහොතේදී වැඩිමල් සොයුරාට ඉතා කුරිරු අදහසක් පහල වෙනවා ඒ තමා තම මල්ලිව මරා ඔහුගේ බිරිද තමා සතුකොට ගැනීමයි උපායෙන් ඔහුව මරා දමන වැඩි මහල් සොයුරා සිහිවටනයක් ලෙස මල්ලිගෙ ඇගිල්ල කපාගෙන එය තම බුලත් මල්ලෙ රදවා ගෙන කිසිත් නොවුනා සේ ගෙදර එනවා මල්ලි ගැන මව හා බිරිද විමසද්දි ඔහු පිලිතුරු දෙන්නෙ වනයේ වෙනත් ඉසව්වක සැරිසරා ඉක්මනින් ගෙදර එන බවයි කෙසේ නමුත් සොයුරාගෙ පැමිනීම කල් යතම මේ ගැන මවට දැඩි සැකයක් මතු වෙනවා වෙනදාට වඩා වැඩිපුර තම බුලත් මල්ල ආරක්ෂා කරන වැඩිමහලාගෙ හැසිරීමද ඇයට අමුතක් ලෙස පෙනෙන්නට ගන්නවා දිනක් රහසින් වැඩිමල් පුතුගෙ බුලත් මල්ල පරීක්ෂා කරන ඇයට ඔහු විසින් සගවා තැබූ ඇගිල්ල හමු වෙනවා සිදු වී ඇති සියල්ල වටහා ගන්නා මව උමතු තැනත්තියක් සේ තම පුතු සොයාගෙන කෑ ගසමින් ඇය වන වදිනවා උල ලේනා ලෙසින් ඇය නැවත උපදිනවා එසේ ඇය උප්පත්ති ය ලැබූ බවටයි කිය වෙන්නෙ
මේ කතන්දර එක්ක සන්සන්දනේ කරල බලනකොට ඔබට හිනා යනවත් ඇති ඇයි මේ ආච්චි ල සීයලා කියන්නෙ උල ලේනා හෙවත් උලමා කැ ගහනකොට ගම් හතක් පාලු වෙනවා එමත් නැත්තන් උලමා කෑ ගසූ පමනින් මරනයක් වෙනවා ඒ වචන පේලිය ඇසූ පමනින් ඔබට සිනායන්නට පුලුවන් මේ අහිංසක සතා නිස කෙසේ මරනයක් සිදුවන්නෙ කියා...? එය අසුබ වන්නෙ මේ නිසයි
උලමා කියන සත්වයාගෙ හඩෙ තෲව තවය ඉතාමත් ඉහල සන්ක්යාතයක පවතින හඩක් මෙන්න මේ හේතුව නිසා ඉතාමත් වයෝවෘද්ධ අයගේ හදවතට මෙය දරාගැනීමට හැකියාවක් නෑ මේ හේතුව නිසා මේ හඩ නිසා ඇතිවන දැඩි පීඩනය හා බීතිය නිසා මරනයට පත් වීමේ හැකියාවක් තියනවා මෙන්න මේ හේතුව නිසා තමයි කටින් කට පැවත ආ මේ මතය මෙතෙක් පවතින්නට හේතුව යම් අවස්තාවකදී උලමෙක් කෑ ගහනව නම් එම අවස්තාවේ දී ඉතාමත් වයෝවෘද්ධ පුද්ගලයන්ට මේය දරා ගැනීමෙ නොහැකියාව නිසා මරනයට පත් වන නිසා එම ගම්මානයේ ඇති වන ශෝකය ගම් හතක් පාලු කරනවා යන්නට හැකියාව තිබෙනවා මේ හේතුව නිසා තමයි මෙ කතාව ඉස්සර ඉදන්ම පැවතගෙන එන්නෙ මෙය 100% විශ්වාස කර්න්නට අවශ්ය කතාවක් නොවේ
මෙන්න මේ විදියට තමා අහිංසක උලමා ගැන කියවෙන කතාව
නිමි
හැමොටම බුදු සරනයි
Source: Link
No comments:
Post a Comment