මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

22 June 2020

---බුදුදහම ඇසුරෙන් අදෘශ්‍යමාන බලවේග පිළිබඳ විග්‍රහයක්---



ජීවය යනු ජීවත් වෙන පදාර්ථයකි. වස්තූන්ගේ සංයෝගයෙන් උපදින ජීවය බොහෝ දුර විකාශනය වීමෙන් සත්වයෙක් ඇතිවෙයි. එහි මානසික ක්‍රියාවලියක් ආරම්භ වීමෙන් පසුව ක්‍රමයෙන් "සත්ව" යන තත්ත්වයට පත්වෙයි. මරණයෙන් පසු අවශ්‍ය ප්‍රමාණයට මනස විකාශනය වී සිටි සත්ත්වයා නැවත උපතක් ලබයි. එතැන් සිට මරණය හා උපත චක්‍රයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් යයි.


නැවත ඉපදීමේ චක්‍රයට එසේ ඇතුළු වූ සත්ත්වයාගේ රූපී ශරීරය හැර එය තුළ තුල ශක්ති ශරීරය එහි හැඩහුරුකමින් එම සත්ත්වයා තුළ බොහෝ ඇති වෙයි. මේවා එකින් එක ඝනත්වයෙන් විවිධ ව පවතී.
උදාහරණයක් වශයෙන්, විදුලි බුබුළු දහයක් ඇති තැනකට අප ගියොත් අපගේ සෙවනැලි දහයක් දක්නට ලැබෙයි. පහන්වල ආලෝකය වැඩි හා අඩු ප්‍රමාණය හැටියට සෙවනැලි වල කළු පාටට වැඩිවෙයි.
මෙලෙසින් අපගේ ශරීරයක ඇති සූක්ෂ්ම ශරීර ඝනත්වයෙන් විවිධ වෙයි. මරණයේදී ඔහු දරා සිටි උපාදානස්කන්ධ සංයුතිය සමඟ මෙයින් කිසියම් තත්ත්වයක සූක්ෂම ශරීරයක් ද ගමන් කරයි.


අරූපී බ්‍රහ්ම ලෝකයක උපත ට සුදුසුකම් වන අරූප රූප සම්පත්තිය ද ලබා සිටි කෙනෙකුගේ උපාදානස්කන්ධ සංයුතිය පමණක් වෙන් වී ඇතැයි සිතිය හැක.ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට සුදුසුකම් ලැබූ අයද එසේ විය හැක.එහෙත් ශුද්ධාවාස කායික බ්‍රහ්මයන් මෙලොවටපැමිණ යම් යම් අවස්ථාවල පෙනී සිටි බව සඳහන් වන බැවින් මෙය අවිනිශ්චිත ය . සෙසු ජනතාව මරණින් මතු ව කිසියම් ප්‍රමාණයක සියුම් ශරීරයක් සමඟ සිරුරෙන් වෙන් වෙති .


එම තැනැත්තා වැඩිපුර ආශාවන්ගෙන් හා බලාපොරොත්තුවෙන් පිරී සිටියේ නම් ඔහු සමග යන්නේ වඩා රළු තත්ත්වයේ සුක්ෂම ශරීරයකි. ඒ නිසා ඔහු පොළොවේම හෝ ආසන්නව හැසිරේ.ඇතැමුන්ට අවතාර ලෙස පෙනෙන්නේ ඉලෙක්ට්‍රොනික ඡායාරූප ල හසුවන්නේ ද හොල්මන් කරන්නේ ද ඔවුන් ය. මැරෙන්න පුද්ගලයා ආශාවන් අඩු කරපු මෛත්‍රී සිතිවිලිවලින් යුක්තව සිටියානම් ඔහු ගෙන යන සියුම් ශරීරයද එම ගුණයන්ට සමානව අති සූක්ෂම වේ. මෙසේ ශරීරයෙන් වෙන්වූ වෙන් වූ පුද්ගල ඒකකය කලින් ජීවත කාලයේ කළ යහපත් හා අයහපත් ක්‍රියා වලින් ඉපිද වූ කර්ම ශක්තීන් විසින් පිළිගනු ලැබ සැප ඇති තැන්වල හෝ දුක් ඇති තැන්වල විවිධ කාල පරිච්ඡේදයක් ගත කරයි. දෙව්ලොවක වී නම් ඉතා සියුම් ශරීරවල සිටී. බ්‍රහ්ම ලෝක වල තත්ත්වයට සියුම් වන විට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භේදය ද නැත. ඒ කවර හෝ තැනක සිටින විට එහි සිටීමට ඇති සුදුසුකම් වූ පින හෝ එහි ආයුෂ ඉවර වූ පසු එතැනින් චුත වෙයි.නැවත මිනිස් ලොවට ම හෝ වෙනත් ලොවකට උපත් වශයෙන් පැමිණිය හැකි ය. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත ව මව් කුස ට පිවිස සැටිය ප්‍රකටය. එලෙසින් වෙනත් මනුෂ්‍යයෝද තමන්ගේ සුදුසුකම්වලට අනුව තේරුන මවකගේ කුසෙහි හටගත් ජීවයකට පිවිසි මිනිස් ජීවිතයක් ආරම්භ කරයි. ඉදිරි ගමන ද මෙසේ ය. පුද්ගලයන්ගේ සුදුසුකම්වලට අනුව තිරිසන් සතුන්ගේ මව් කුසේ රැදි පැමිණීමට පුළුවන.


එසේ නැති ව අහසේ පාවෙමින් මිනිස් ඇසට නොපෙනී ශරීර දරාගෙන අපා දුක් විඳින අය ද වෙති. බුදු හාමුදුරුවෝ මෙවැන්නක් දැක තොරතුරු වදාළ තැන් ඇත. මෙලෙස අපිරිමිත කාලයක් උපාදානස්කන්ධ සංයුතියෙන්ගේ ගලායාම සිදු වේ.


අපගේ ශරීරයකින් නිකුත්ව යන ශරීරවල ඇතැයි රසායන විද්‍යාඥයන් සලකන්නේ ඔවුන්ට හමුව ඇති ඉතාම සූක්ෂම පදාර්ථයන් ය. 'ඊතර' , 'ප්ලැස්මා' ආදී වශයෙන් ඔවුන් අනුමාන කරන්නේ දැනට සොයාගෙන ඇති හා නමක් ඇති ඉතා සියුම් පදාර්ථයන් ඒවා නිසාය. එහෙත් ඊට වඩා ඉතාමත් සියුම් තත්වයන් ඇති බව පැරණි විස්තරයන්ට අනුව සැලකිය හැක.


මේ අනුව මෙම සූක්ෂම ශරීර සතුව විවිධ ශක්තීන් විවිධ ස්වරූප පවතින බවත් හොල්මන් අවතාර භූතයන් ලෙස අප හඳුන්වන ඇතම් පුද්ගලයන් විසින් දුටු බවත් පවසන්නේ මෙහි සදහන් සූක්ෂම ශරීරයයි


මේ ආකාරයට සාරාංශ කර ඇති නමුත් මේවා ඉතාමත් පුළුල් පරාසයක් තුළ පැතිරී පවතී.කෙසේ නමදු මෙහි සදහන් වන්නේ කුඹුරුවල සිරි රේවත ස්වාමීන් වහන්සේ විසින් සදහන් කළ විග්‍රහයක් ඇසුරෙන් කරන ලද නොපෙනෙන බලවේග පිළිබඳ සරල සටහනකි.


ඉදිරි ලිපි පෙලින් මෙහි ඇති සියලු කරුණු සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.


(රචනය - කලන චතුරංග)
කතෘ අයිතිය සුරකින්න.

1 comment: