මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

23 June 2020

---මනෝකාය---



මනෝමය කාය යන වචනයෙන් බිදී ආ වචනයක් ලෙස මනෝකාය (astral body) ලෙස දැනට ව්‍යවහාරයේ පවතිනවා. සරලවම කියනවනම් මේ මනෝකාය කියන්නේ සිත මුල්කරගෙන පවතින, ජීවත්වන සෑම පුද්ගලයෙකුගේම ශරීරය සමඟ සම්බන්ධ වී පවතින සූක්ෂම ශරීරයකට. ශරීරයත් එක්ක තියෙන ආත්මය වගේ වචන වලින් කියැවෙන්නේ මේ දේම තමයි.


දැනට අවුරුදු ගණනාවක ඉඳන් මේ වෙනකන්ම බටහිර රටවල මේ ගැන විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා.මේ වෙනකනුත් කරගෙන යනවා. නමුත් නිශ්චිත ප්‍රතිඵලයක් නැහැ. මොකද මේ ගැන හොයන්න, මේවා අත්විඳින්න තාක්ෂණයෙන් බැහැ. මූලිකම දේ සිත. සිතට අපව පාලනය කරන්න නොදී සිතේ පාලනය අපි අතට ගන්න පුළුවන්නම් මේ මනෝකාය ශරීරයෙන් එලියට අරන් ඒක අත්විඳින්න ඕනම කෙනෙකුට පුළුවන්. එය දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාවනා ක්‍රම මගින් ක්‍රමානුකූලව සිත එකඟ කර ගැනීමේ හැකියාවක් හදා ගන්නම වෙනවා. මේ මනෝකාය පිටතට ගැනීමේ අත්දැකීම ගැන මට යම්කිසි විශ්වාසයක් ඇති වන්නට හේතු වුණේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්ගේ අත්දැකීමක් නිසා. එය උන්වහන්සේගේ අපට නොපෙනෙන ලෝකය පොතේ තියෙන විදිහට,


"එක්තරා පුරුදු ක්‍රමයකින් සිතේ එකඟ බව වැඩුවා. ඊට පස්සේ සිරුර විවේකීව තැබුවා. ටිකෙන් ටික ශරීරයෙන් ඉවත් වෙන්න හිතුවා.දිගටම ඒ දේම හිතාගෙන ඉන්නකොට ටික වේලාවකින් නින්ද ගියා වගේ දැනුනා. පසුව මා ඈත බිත්ති ඔරලෝසු ලඟින් පිබිදුණා. ඔරලෝසුව දිහා බැලුවා. 12.10 ට වී තිබුණා. වටපිට බැලුවා. මා මෙතනට ආවේ කුමකටද කියා මා සිතුවා. නිදා ගන්න ඕනෑ කියලා හිතලා මා ගියා ඇඳ ලගට. කෙනෙක් ඇඳේ නිදි. තවත් ලං වෙලා බැලුවා. ඒ මගේම ශරීරය කියා මට වැටහුණා."


මේ ආකාරයට උන්වහන්සේ අත්දැකීම විස්තර කර තිබුණා. මෙයට අමතරව එතනදී උන්වහන්සේ සඳහන් කළේ පුහුණුවකින් තොරව සූක්ෂ්ම ශරීරය නැතිනම් මනෝකාය බැහැරට ගෙන යාම කිසිසේත්ම නොකළ යුතු වැඩක් විදියට.මොකද කියනවනම් ශරීරයෙන් මේ මනෝකාය එළියට අරන් ගියත් ආයේ ශරීරයට මනෝකාය රැගෙන එන එක ඇතම් වෙලාවකට බැරි වෙන්න පුළුවන් නිසි පුහුණුවක් සිත හැසිරවීම හරියට කරගන්න බැරි කෙනෙකුට.


කෙනෙකු ගේ මරණයෙන් පසු මෙම මනෝකාය ශරීරයෙන් පිටවී යනවාද? නිශ්චිත විද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු නොකළත් බෞද්ධ දර්ශනය හා මරණාසන්න අත්දැකීම් (ඉදිරි ලිපි වලින් පැහැදිලි කරන්නම්) විශ්ලේෂණය කරාට පස්සේ අපිට හිතන්න පුළුවන් මරණයෙන් පසු මනෝකාය ශරීරයෙන් නික්මිලා යනවා කියලා. ඒ කියන්නේ හදවත, මොළය මිය යනවාත් සමගම මනෝකාය ශරීරය අතහැර යනවා. ඒ විදිහට මොලය, හදවත නතර වෙලා මිනිත්තු කිහිපයකින් වෛද්‍ය ප්‍රතිකාර නිසා නැවතත් ජීවත්වීමට වාසනාව තිබුණු අයගේ ඒ මිනිත්තු කිහිපයක අත්දැකීම් තමයි මරණාසන්න අත්දැකීම් කියලා කියන්නේ.


මේ සේරම කරුණු එක්ක මේ මනෝකාය කියන සංකල්පය ලේසියෙන් බැහැර කරන්න බැහැ. ඒ වගේම ඉස්සරහට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන අන්තරා භවය, හොල්මන් අවතාර, අදෘශ්‍යමාන බලවේග ගැන ලිපි කියවන්න කලින් මෙම මනෝකාය ගැන දැන ගන්න එක වැදගත්. මොකද මේවා එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා තමයි මේ විදියට කෙටියෙන් මනෝකාය කියලා දෙයක් තියෙන්න පුළුවන් කියලා විස්තර කරේ. තුන්වන ලිපියෙන් හමුවෙමු.


රචනය - කලන චතුරංග
(කතෘ අයිතිය සුරකින්න.)

1 comment:

  1. හොල්මනක් ඇවිත් මට පුකේ ඇරලා ගියා. මල්ලිට කවුරුත් පුකේ ඇරියද?

    ReplyDelete