මනෝකාය නැතිනම් සුක්ෂ්ම ශරිරයක් සෑම පුද්ගලයෙකුගේම ශරිරය සමඟ සම්භන්ධ වෙලා තියෙනවා කියලා සහ ඒ ගැන සරලව හැඳින්වීමක් කලින් පල කරපු ලිපි වල සඳහන් වුණාා..
ඒවායේදි අපි කතා කරේ මනෝකාය භාවනා ක්‍රම මඟින් ශරිරයෙන් පිටතට ගැනීම ගැන. ඒ විදියේ භාවනා ක්‍රම කිසිවක් ප්‍රගුණ නොකරපු, ඒවගේම බෞද්ධ නොවන, ඒ ක්‍රම පිළිබඳව කිසිදු දැනුමක් අවබෝධයක් නැති පුද්ගලයින් පවා මේ මනෝකාය සම්බන්ධ අත්දැකීම් ලබලා තියෙනවා.මේ ලිපියෙන් කතා කරන්නේ ඒ ගැන, එනම් මරණාසන්න අත්දැකීම් ගැන..
මොකක්ද මේ මරණාසන්න අත්දැකීම් (Near Death Experience) කියන්නේ ?
මරණාසන්න අත්දැකීමක් කියන්නේ මනුස්සයෙක් මරණයට පත්වන්න ආසන්න විට එනම් නැවත විනාඩි කීපයකට නැවතීම වැනි අසාධ්‍ය තත්ත්වයක පැවතුන වේලාවක දක්නට ලැබෙන සිදුවීම් අත්දැකීම් වලට.
අසාධ්‍ය තත්ත්වයට පත් වන පුද්ගලයෙකුට එහෙමත් නැත්තම් ජිවිතයත් මරණයත් අතර සිට නැවත් ජිවත් වීමට වාසනාව ලබපු සුළු පිරිසකගෙන් තමයි මේවා ගැන විස්තර කරගන්න අවස්ථාව ලැබෙන්නේ.
සමහර විට මරණයට ආසන්නව බොහෝ දෙනෙක්ට මේවා අත්විඳින්න පුළුවන් වුණත් ජිවත් වෙන්න වාසනාව නොතිබුණ අයගෙන් අපිට මේක දැනගන්න අවස්ථාවක් නෑ වගේම සමහර පුද්ගලයන්ට ඒ අවස්ථාව ගැන මතකයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සිද්ධි වාර්තා වීම ටිකක් දුර්ලභයි.
කේ.පී.ආරියරත්න මහතාගේ "මරණය අද්දර පරලොව අභියස" පොතේ විදෙස් රටක තරුණයෙකුට මේ සමඟ තියෙන අත්දැකීමක් සඳහන් කර තිබෙනවා..
" පෝල් ග්‍රිසින්ස්කි නැමැති තරුණයා ඔහුගේ පෙම්වතිය සමඟ හිම කුණාටුවක් පවතින අවස්ථාවේ දී ඔහුගේ මෝටර් රථය පදවමින් සිටියේ ය. හදිසියේම එම මෝටර් රථය තවත් මෝටර් රථයක් සමඟ කෙළින්ම ගැටීම නිසා පෝල්ට ඉතා දරුණු ලෙස තුවාල සිදු විය. ඔහුගේ සිරුර අභ්‍යන්තර ව තුවාල වී කෙතරම් ලේ ගලා තිබුනේ ද යත්, නිර්වින්දන තත්ත්වයට පත් නොකර ම, ඔහු කෙළින් ම ශල්‍යකර්මයට භාජනය කරන ලදී. ප්‍රකෘති සිහිය තිබිය දී ඔහුට අවසාන වරට අසන්න ලැබුණේ ඔහු මිය යමින් සිටින වග වෛද්‍යවරුන් විසින් පවසන බව ය.
ඊළඟට ඔහුට දැනුනේ ඔහු ඔහුගේ සිරුරට අඩි දෙකක් පමණ උඩින් පාවෙමින් සිටිමින් ශල්‍යකර්මය කරනු ලබන අයුරු බලා සිටින බව ය. වෛද්‍යවරුන් ඔහුගේ නහර තුළට බට ඇතුළු කරන බව ඔහු දුටුවේය. ශල්‍යකර්මය අවසාන වී නැවත සිහිය ලැබීමෙන් පසු ඔහු ඔහුගේ වෛද්‍යවරුන්ට ශල්‍යකර්මය සිදු කරන ලද ආකාරය පිළිබඳව සුක්ෂ්ම විස්තරයක් කළේය. මෙම විස්තරය සත්‍ය වු බැවින් ශල්‍ය වෛද්‍ය වරයා මහත් විමතියට පත් විය. පෝල් විසින් ශල්‍යකර්මය පිළිබඳ පවසන ලද කරුණු සත්‍ය ඒවා වූ බව පෝල්ගේ මව විසින් ද පසුව සනාථ කර ඇත. "
මේ කථාවත් එක්ක අපිට මනෝකාය කියන සංකල්පය තහවුරු කරගන්න සාක්ෂියක් ලෙස ගන්න පුළුවන්. මොකද සුක්ෂ්ම ශරිරය නැතිනම් මනෝකාය ශරිරයෙන් පිටතට ගත් අයගේ අත්දැකීම් සහ මෙහි සඳහන් විස්තරය සමානකම් දක්වනවා. ඒ සැවෝම ශරිරයට පිටතින් සිට තම ශරිරය දෙසම බලා ඉන්නවා යන්න පොදු කරුණක්. ඒ වගේම මේක කෙනෙක්ට හීනයක් ලෙස සිතා බැහැර කරන්නත් පුළුවන්.
නමුත් ඉහත සඳහන් උදාහරණය පරිදි එම තරුණයා සැත්කම සිදු කල ආකාරය විස්තර කිරීම විශ්මයජනකයි නේද? සැත්කම් සම්බන්ධ කිසිම දැනීමක් නැති පුද්ගලයෙක් එම සැත්කම ගැන සියුම් විදියට කිසිම අඩුවක් නැතුව විස්තර කරපු නිසා හුදෙක් හීනයක් ලෙස සලකලා බැහැර කරන්න බෑ. ඒ නිසාම මේ කතාව ගොඩක් දෙනෙකුගේ අවධානයට ලක් වුණ කතාවක් වුනා.
මරණාසන්න අත්දැකීම් සමඟ මනෝකාය ඇති සම්භන්ධය තමයි මේ ලිපියෙන් සඳහන් කළේ.
ඊට අමතරව වෙනස් වු මරණාසන්න අත්දැකීම් සහ ඒ ගැන තවත් විස්තරයක් ඊළඟ ලිපියෙන් අරන් එන්නම්..
රචනය - කලන චතුරංග
(කතෘ අයිතිය සුරකින්න)
අඩෝ ගූ පුච්චන් කාපන් වෙසිගේ පුතෝ. පච ලියලා සයිට් කරලා ඇඩ් දාන්නේ නැතුව. හොල්මනක් එවලා උබේ අම්මට පුකේ ඇරලා කැරි ටික කටට දාන්න ආසයි ඒ හුත්තිගේ.
ReplyDelete