මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

25 June 2020

---මරණාසන්න අත්දැකීම්---


මරණාසන්න අත්දැකීම් පිළිබඳ කෙටි හැඳින්වීමක් එක්ක මරණාසන්න අත්දැකීම් සමඟ සම්බන්ධ වෙන මනෝකාය පිළිබඳ අත්දැකීම් ගැන කලින් ලිපියෙන් විස්තර කලා. මෙම ලිපියෙන් මේ මරණාසන්න අත්දැකීම් ගැන මනෝකාය සම්බන්ධයට අමතරව වාර්තා වුන සුවිශේෂී අත්දැකීම් ගැන විස්තර කරන්නම්.....


ඇතැම් විටෙක මේ අත්දැකීම් සිහින හෝ කිසියම් මානසික තත්ත්වය නිසා දැකපු දර්ශන කියලා බැහැර කරන අවස්ථාත් තියෙනවා. ඒත් ඒ විදිහට බැහැර කරන්න බැරි සමහර හේතු සාධක නිසා මේවා සිහින හෝ කිසියම් මනසේ ඈදුනු දර්ශනයක් කියන්න බැහැ. එකක් නම් මේ දර්ශන දැකපු පුද්ගලයන්ගෙන් සමහරු මුලින් සිරුරෙන් ඉවත් ව සිටි බවක් විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ කලින් ලිපියෙන් සඳහන් කල මනෝකාය සම්බන්ධ අත්දැකීම් මේ අයත් ලබලා තියනවා වගේම ඔවුන්ට කරපු සැත්කම් ගැන සියුම් විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා. "ඒ සිදුවීම බලන් ඉඳලා ඊළඟට තමන්ව ආලෝකයක් දෙසට ඇදී ගියා, අඳුරු උමගක් නැත්නම් බිංගෙයක් තුලින් ඇදී ගියා" අදුනන කෙනෙක් කතා කළා, කළු හෝ සුදු ඇදගත් පුද්ගලයෙක් දැක්කා, මෙවැනි විවිධ එකිනෙකට වෙනස් වූ විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මරණය අද්දර පරලොව අබියස පොතේ සදහන් එක කතාවක් පහතින් දක්වන්නම්.....


"පනස් පස් හැවිරිදි ඇල් සලිවන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඔහු හෘද සැත්කමකට භාජනය වෙමින් සිටියේ ය ඇල්ගේ හෘදය ක්‍රියාවිරහිත වී, ECG වාර්තාව තනි ඉරක් විය. එනම්, ඔහු ශායනික වශයෙන් මිය ගිය තත්වයට පත් විය. ශල්‍ය වෛද්‍යවරුන් විසින් ඔහු ගේ දෙනෙත් "ටේප්" පටි යොදා වසා තිබිණි. එසේ කර තිබුණේ ශල්‍යකර්මය කරනු ලබන දීර්ඝ කාලය තුළ දී දිගටම ඇස් දෙක ඇරී තිබීමෙන් ඇස්වල ඉගිරියාවලට සිදුවන උපද්‍රව වැළැක්වීම සඳහාය. එසේ වුවත්, ඇල්ට ඔහුගේ සැත්කම දිස් වී, සැත්කමෙන් පසුව එය නිවැරදි ලෙස විස්තර කිරීමට ඔහුට හැකි විය. තමාගේ හදවත විවෘත කර තිබෙනු ඇල් දුටුවේ. හදවත සිරුරෙන් පිටතට ගෙන තිබෙන බව ද ඔහු දුටුවේය. එවිට හදවතෙහි වර්ණය දම් පැහැයට හුරු සුදු පැහැයක් විය. ඇල්ට දැනුණේ ඔහු මියගොස් ඇති ලෙසය. දුමාරය සහිත කලුවරක් තුළින් ඔහු කිසිවෙකුගේ ඡායාමය රුවක් දුටුවේ ය. 


එම රුව ඇට සැකිල්ලක ස්වභාවය දැරූ අතර එය ලෝගුවකින් වැසී තිබිණ. එම රුව ඇල්ට අත වනා ලඟට ඒමට කතා කළේය. එසේ වුවත්, ඇල් එම ඇටසැකිලි රුව වෙත නොගොස්, ඇදහිය නොහැකි තරම් ප්‍රබල වන ආලෝකයක් වෙතට ඇදෙන්නට විය. එය ඔහු එතෙක් දැක තිබුණු ඉතාමත් ලස්සනම දේ විය. ඇල් හැඳින සිටි, මියගිය කාන්තාවක් ද එහි දී ඔහුට හමු විය. එම කාන්තාවගේ දෙමාපියන්ට තමාගේ මරණය වෙනුවෙන් කණගාටු නොවන්න යැයි කීමට ඇය ඇල් ගෙන් ඉල්ලීමක් ද කළා ය."


මෙම කතාවේ කියවෙන ආකාරයෙන් මෙම පුද්ගලයාට මුලින් තමාගේ සැත්කම සිදුකරන සිදු කරන ආකාරයත් අව , දෙවනුව ආලෝකයත්, වෙනත් පුද්ගලයින්,කලින් දැන සිටි මියගිය කෙනෙකු වැනි දේවල් දර්ශනය වෙලා තිබෙනවා. සැත්කමට භාජනය කරන වේලාවේ හිතේ ඇතිවන මරණ බය නිසා ඇතිවෙන මානසික තත්වයන් විදියට ලේසියෙන් මේ සිද්ධිය බැහැර කරන්න බැරි වන්නේ මේ සැත්කම ගැන නිවැරදි විස්තරයක් සැත්කමක් ගැන කිසිවක් නොදන්නා මේ පුද්ගලයා විස්තර කළ නිසා.

මෙම සිදුවීම නිසා මේ වගේ මරණාසන්න අත්දැකීම් මිත්‍යාවක් විදිහට එක පාරටම බැහැර කරන්න බැහැ. වෛද්‍ය රෙමන්ඩ් මූඩි විසින් රචනා කරන ලද "Life After Life" යන කෘතියේ මෙවැනි සිද්ධි විශාල ප්‍රමාණයක් විස්තර කරලා තියෙනවා. ඒවා අධ්‍යයනය කලවිට මෙම මරණාසන්න අත්දැකීම් ගැන එන්න පුළුවන් නිගමන කිහිපයක් තිබෙනවා.


1. මනෝකාය පිටතට පැමිණ සැත්කම් ආදිය හා අවට පරිසරය දැකීමෙන් පසු ශරීරයට ඇතුල්වී අනෙක් දර්ශන දැකීම.

2. මේ දැකපු සියලුම දර්ශන මනසේ සටහන් වන කිසියම් දර්ශනයක් පමණක් බව.

3. මරණින් මතු ලෝකයක් සම්බන්ධ දර්ශන දැකීම.


මේ විදිහේ නිගමන අපිට හිතන්න පුළුවන්. නමුත් නිශ්චිත නිගමනයකට එන්න තරම් කරුණු නැහැ. මොකද මරණාසන්න අත්දැකීම් අපිට වුවමනා විදියට පර්යේෂණවලින් හරි නැත්නම් වෙනත් දෙයකි හරි අත්හදාබැලීම් කරන්න බැහැ. ඒ වගේම මේ අත්දැකීම් දුර්ලභයි. ඒ කියන්නේ මරණය ආසන්නයට ගිහින් ජීවත් වීමට වාසනාව ලැබූ අය ඉන්නේ ටික දෙනයි.


කොහොම වුනත් මේ සිද්ධි අපිට වැදගත් වන්නේ මරණයෙන් මතු උපත, පුනරුප්පත්තිය වගේ මාතෘකා වලදී. ලෝකයේ බොහෝ කාලයක ඉඳන් සංවාදයට ලක්වන මාතෘකා තමයි පුනරුප්පත්තිය, මරණයෙන් මතු උපත වගේ සංකල්ප ඒව ගැන හදරන්නත් මේ දේවල් අධ්‍යනය කරන එක වැදගත්. ඒ වගේම මනෝකාය හා අන්තරාභවය වගේ සංකල්ප. ඒ ගැන ප්‍රවේශයක් ගන්න තමයි මේ සම්බන්ධ ලිපි සියල්ලම ගෙන ආවේ. ඊලඟ ලිපියෙන් හමුවෙමු.


රචනය - කලන චතුරංග
(කතෘ අයිතිය සුරකින්න)


No comments:

Post a Comment