මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

27 June 2020

---විලාපය---



මේ 2015 වසරේ මුල් බාගයේ සිදු වූ සත්‍ය සිදුවීමකී.


එය වැසි බර කාලගුනයක් සහිත දවසකි. වැහි බර සුලන් දසත පැතිරෙන අතර අහස ඝන වලාකුලින් බරව ඇත. මේ සියල්ල පරදා කදු අතරින් පැමිනෙන මද මීදුම දුම්රිය මාර්ගයද ආක්‍රමණය කර ඇත. මේ සියල්ල මැදින් සෙමෙන් සෙමෙන් කදු අතරින් පැමිනෙන්නේ අපගේ බදුලු පුරවරය බලා යන රාත්‍රි තැපැල් දුම්රියකි. වේලාව පාන්දර තුන පසු වී ඇත. මේ දුම්රිය ට අද දින පත් කරන ලද අලුත් රියදුරෙකි. විඩාබර රත්‍රියක් වුවත් මෙම දුම්රිය රියදුරු කිසිම විඩාවක් නැති ලෙසකි. තරැනයෙකු වූ මොහුට මෙය පුරුදුය.


සහයක රියදුරැ මහතා මොහුට දුම්රිය දාවනයට ඉඩ දී මද විවේකයක් ලබා ගැනිමට විය.


දුම්රිය දැන් තරමක වේගයෙන් ඉදිරියට ඇදේ. කෙමෙන් ඔහු ලන් වන්නේ බැවුම් සහිත ප්‍රදේශයකටය. එක වරම ඇතින් ඔහු දකින්නේ පාසල් නිල ඇදුමක් ඇදි තරැනියකි. ඇය රේල් පාර මැද ගමන් කරමින් සිටි. තරැන රියදුරා වරක් දෙවරක් දුම්රිය නලාව මහ හඩින් නාද කරවීය. නමුත් ඇය ඉවත් නොවේ. විශාල බියක් ඔහුගේ සිතේ ඇති විය. එක වරම දුම්රියේ තිරිංග හැඩලය අදින මොහු බලාපොරොත්තු වන්නේ දුම්රිය තරැනිය හා ගැටිමට පෙර නවත්වා ගැනිමටය. මේ අතරතුරද මොහු මහා හඩින් දුම්රිය නලාව නාද කරයි නමුත් මෙම යුවතිය මේ කිසිවක් නැසුනා මෙන් රේල් පාරේ ගමන් කරයි. සහයක රියදුරැ අවදිව "මොකද බන්, කොච්චිය නවත්තන්නේ" යැයි වට පිට බලමින් ඇසුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහුට පිලිතුරැ දීමට අපගේ රියදුරට වේලාවක් නැත. තරැනිය හා ගැටිමට මොහොතකට පෙර දුම්රිය නවත්වා ගැනිමට අපගේ තරැන රියදුරැ මහතා සමත් විය.


තරැනියට හානියක් නැති බව ඔහුට විශ්වසය. "ඉස්කොලේ ඇදුමක් ඇද ගත්ත කෙල්ලෙක්, කොච්චි පරේ හිටියා. මේ කෙල්ල අයින් උනේම නැ එකයි නැවත්තුවේ." "බහිමුකො පොඩ්ඩක් බලන්ඩ". කියා ඔහු දුම්රියෙන් බැස්සේ ඉක්මනිනි.
සහයක රියදුරැ සැකයෙන් නමුදු මදක් බියෙන් දුම්රියෙන් බැසිමට විය. මේ දෙදෙනාට එකතු වුයේ මෙම දුම්රියේ ගාඩ් මහතාය. ඔහුටද අපගේ රියදුරැ මහතා පැවසුවේ පෙර කතාවමය.


සියල්ලම එක්ව පාසල් ඇදුමින් සිටි යුවතිය සෙව්වද ඇගේ ලකුනක් හෝ සොයා ගැනිමට නැත. වම් පසින් ඇත්තෙ දැවැන්ත බැවුමකි. එය අඩි දහසක පමන විහිදේ.


දකුණු පසින් විශාල කන්දක් සහිත ඝන කැලැවකි. සියලු දෙනාම දුම්රිය මදක් නවතා මෙම පාසල් යුවතිය සොයයි. "මොන වගේ කෙනෙක්ද දැක්කේ ?" මෙවර ප්‍රශ්නය ගාඩ් මහතාගෙනි.


"අවුරැදු 14 ක් 15 ක වගේ පොඩි කෙල්ලෙක්. ඉස්කොලේ ඇදුමෙන් හිටියේ." "මම නලාව ගැහුව ගැහුවා මේ කෙල්ල අහුනේ නෑ වගේ ගියේ. නිකන් වත් හැරිලා බැලුවේ වත් නෑ". " අනේ මන්දා දැන් කොහේ අතුරැදහන් වෙලාද කියලා." යැයි පැවසු අපේ තරැන රියදුරැගේ මුහුනේ විමතියකි. මෙය ඇසුනු අනෙක් දෙදෙනගේම මුහුනට ආවේ විශාල බියකි.


"ධර්මේ අපි යන් ඉක්මනට යමු මෙතනින්." යැයි ගාඩ් මහතා සහයක දුම්රිය රියදුරැට පවසා ඉක්මනින් එතනින් ඉවත් විය. ඔහු සිටියේ විශාල තැති ගැන්මකිනි. ධර්මේ නම් සහයක රියදුරාගේන්ද දිස් වූයේ බියට පත් අයෙකුගේ ලකුනුය. "මල්ලි අපි ඉක්මනට යමුකෝ. කොච්චිය පරක්කු කරන්ඩ බෑ. ඒ කෙල්ල ගැන මම පස්සෙ කියන්නම් දැන් යමුකෝ." යැයි පවසා ඔහුද ඉකමනින්ම දුම්රිය ධාවන මැදිරියට ගොඩ විය. වෙන කලහැකි යමක් නොවූ අපගේ තරැන රියදුරා දුම්රියට නැගුනේ ප්‍රශ්න රැසක්ද සමගිනි.


තම ගමන් වාරය අවසන් කල අපගේ තරැන රියදුරැ මහතා රියදුරැ විවේකාගරෙයේදි සහයක රියදුරැ මහතා හමුවේ. "මොකද්ද අයියේ අර කෙල්ලට උනේ, මොකද්ද පස්සෙ කියන්නම් කිව්වේ ?". සැකයෙන් බරව මෙම ප්‍රශ්නය යොමු කලේ අපගේ තරැන රියදුරැ මහතාට පිලිතුරක් අවශ්‍යම නිසාය.


"ඔය මනුස්සයෙක් නෙවේ මල්ලි, මොකක් හරි හොල්මන් කේස් එකක්".


"මල්ලි ඔය හරියේ ඕක වෙන්නේ දැන් ටික කාලයක ඉදන්. හේතුව නම් මම දන්නේත් නෑ. ඔය පැත්තේ මිනිස්සු ටිකක් එක විදිහක් ඒක නිසා අහන්නත් බෑ." "මාත් ඕක කිහිප දවසක්ම දැක්කා. අපිට නම් දැන් ඕක ගානකුත් නෑ බන්.""උබ එවලේ බය වෙයි කියලා මම කිව්වේ නැත්තේ." " ඕක හැම තිස්සෙම වෙන්නෙත් නෑ, හැමොම දකින්නෙත් නෑ එත් ඉදලා හිටලා ඕක උනොත් මල්ලි වැඩිය බැහැලා කරලා බලන්ඩ යන්ඩ එපා..".


මෙයින් අපගේ තරැන රියදූරාට පිලිතුරැ වලට වඩා මතුවූයේ තවත් ප්‍රශ්නය. ඔහු මේ ගැන කිහිප දෙනෙකුගෙන් ම ඇසු මුත් ඔහුට වැඩි යමක් දැන ගත නොහැකි විය.

මේ පලමු සිදුවීමයි. දෙවන සිදුවීම මෙයට වඩා මදක් වෙනස්‍ ය.


වේලව පාන්දර පහ පසු වී ඇත. පලාතේම ඇත්තෙ අදික සීතලකි. ඝන මීදුමක්ද ගලා ඒම ආරම්බ කර ඇත. ඉහත අපගේ දුම්රිය රියදුරගේ සිදුවීම සිදු වු ප්‍රදේශයට ආසන්න පෙදෙසක දුම්රිය මාර්ගය දිගේ තරැනයෙකු ඉදිරියට ඇදේ. මොහු එක් තරැන සන්චාරකයෙකි. මොහුගේ අරමුන ඉරැ නැගෙන විට ඉදිරියේ ඇති බැවුම හා ඒ අවට පරිසරය මනාව චායරෑප ගත කිරීමයි. මෙය මොහුගේ විනෝදාන්ශයයි. සෙමෙන් සෙමෙන් ඔහු සිතලද දරාගෙන ඉදිරියට ඇදෙන්නේ ඔහුට තවත් වේලාව ඇති නිසාය. ඔහුට දකුනු පසින් බයානක දල බෑවුමකුත්, බෑවුමෙන් පහල ඝන කැලෑවකුත් ඇත. වම් පසින් ඈතට විහිදී යන මනරම් කදු පන්ති සහා තේ වතුය.


කෙමෙන් කෙමෙන් ඔහු තවත් සැතපුම් බාගයක් පමන ඉදිරියට ගමන් කලේය. සිතලෙ ගමන් කරන මොහුට එක වරම ඇසුනේ ඉකි බිදුමකි. වට පිට බැලුවද කිසිත් නැත. සුලු වේලාවකින් ඔහුට නැවත ඇසුනේ පෙර කී ඉකි බිදුමයි. මෙවර එය ඉතා පැහැදිලිය. ආපසු හැරි බැලුවද කිසිත් නැත. මීදුම නිසා වැඩි දුරක් ඔහුටද නොපෙනේ. නැවත තම ගමන ආරම්බ කීරිමට සුදානම් වන විටම ඔහු දුටුවේ ඔහුට පිටුපසින් කුඩා චායාවකි. එය කුඩා ගැහැනු ලමයෙකුගේය. ඉකි බිදුම ඇසෙන්නේ එතනිනි. අපගේ තරැන සන්චාරකයාටද සහොදරියක් සිටි. මෙය ඔහුට සිහි කලේ ඇයයි. මෙම ගැහැනු ලමයා පාසල් නිල ඇදුමකින් සැරසි සිටි. අපගේ තරැන සන්චාරකයා සිතුවේ ඇය කිසියම් කරදරයකට පත්වී කියාය. කෙමෙන් ඇය වෙත ගමන් කල සන්චාරකයා " ඔයා හොදින්ද ? මොකක් හරි කරදරයක්ද ? "යැයි ඇසුවේ උදව් කිරිමේ අවන්ක චේතනාවකීනි. නමුත් ඇය නිහඩය. තවමත් ඉකි බිදී.

අපගේ තරැන සන්චාරකයා මදක් පසු පසට වුයේ ඔහුට කිසිම් අස්වාභාවික ස්වාභාවයක් දැනුනූ නිසාය. නැවතත් පෙර ප්‍රශ්නයම ඔහු නැගුවෙ කුමන හෝ පිලිතුරක් බලාපොරොත්තුවෙනි. ඇය එකරම ඉකි බිදුම නවතා. අපගේ සන්චාරකයා දෙස හිස ඔසවා බැලීය.


එක වරම අපගේ සන්චාරකයාගේ මුවින් නිකුත් වුයේ කෑගැසීමකි. මන්ද ඔහු දුටුවේ, අඩක් ලෙයින් වැසුනු තරමක් විකෘති වී ගිය මුහුනකි. එම මුහුන හා ඇස් ඔහු දෙස බලා සිටින්නේ ක්‍රෝධයකිනි. ඇයගේ හිස එක් පසක් බිදි ඇති සෙයකි. එයින් නිකුත් වන ලෙයින් මුනුනේද හිසේද පැත්තක් ලෙයින් රත් පැහැ ගැන් වී ඇත.
අදික බියත් තැති ගැනීමත් නිසා මොහු කෑගසමින් ඉදිරියට දිව යන්නට වුයේ අරමුණකින් තොරවය. මෙසේ දිව යන ඔහුට පිටුපසින් ඇසෙනුයෙ ඇගේ විලාපයයි. ඇගේ වේදනාත්මක විලාපයයි.


මීලග සෑතපුම් දෙක ඔහු දිව ගියේ කෙසේද කියා ඔහුවත් දන්නේ නැත. මේ සැතපුම් දෙක පුරාවටම ඔහුට වම් පසින් පිහිටනුයේ මහා දල බෑවුමයි. පය පැකිලීමක් හෝ අන්දකාරය නිසා පය වැරදිමක් හෝ සිදු වූවා නම් මොහු වැටෙන්නෙ අඩී දහසක පමන වන ප්‍රපාතයකටය. "පෙර පිනකට බන් දෙයියෝ බැලුවා වගේ මම වැටුනේ නැත්තේ". පසුව මේ කතාව මට පවසන විට ඔහු පැවසුවේ එවැන්නකි.


වේගයෙන් දිව ගිය මොහු නතර වූයේ මීලග නගරයෙහි ආරම්බක මායිමේ ඇති වනජීවි මුර කුටිය අසලය. එහි සිටි මුර කරු මොහු දිව එනවා දකින විටම ඉදිරියට පැමින වැටෙන්නට ඔන්න මෙන්න කියා සිටි මොහුව අල්ලා වාරු කරගන කාර්‍යාල ඉදිරිපස ඇති කොරිඩෝවේ පුටුවක පාඩි කර වීය.


ඔහු කම්පනයෙන් මදක මිදුනේ මේ කාරැනික මුරකරැ ඔහුට ලබා දුන් තේ කෝප්පය තොල ගෑමත් සමගය.

"පුතා ට මුකුත් කරදරයක් උනාද ? " යන මුරකරැ ගේ ප්‍රශ්නයත් සමග අවදි වූ අපගේ සන්චාරකයා ඔහුට සියල්ල පැවසුවේ ඔහුගෙන් පිලිතුරක් අපේක්ශාවෙනි.


"ඔය සිද්දිය උන පලවෙනි කෙනා පුතා නෙවේ." "පුතාට ඔය සිදුවීම වෙන්න කලින් පහුකර ගෙන ආව පොඩි ටවුම මතකද, ඔන්න ඔහේ සිද්ද උන මොකද්ද කෙල්ලෙක්ගෙ පලහිලව්වක් කියලා විතරයි අපිත් දන්නේ." "හැබැයි දැන් අවුරුදු ගානක ඉදන්ම මේක වෙනව." " ඔය පුතා දැකපු කෙල්ල ඔය ටවුමේ මිනිස්සු එක්ක තරහකටමද මන්ද උන්ව පුදුම විදිහකට බය කරලා තියෙන්නෙ." " කොටින්ම ඔය මිනිස්සු හැන්දෑවේ හයෙන් පස්සෙ එලි බහින්නෙ නෑ බයට." මුරකරැ නොනවත්වාම පැවසුවේ අපගේ සන්චාරකයටය.


"මේක මීට කලිනුත් වෙලා තියෙනවාද ? " අපේ සන්චාරකයට තවත් පැනයකි. "
"වෙලා තියෙනවද විතරක් නෙවේ මිනිස්සු කියන විදිහට කව්ද කොල්ලෙක් ඔක හින්දා මැරිලත් තියෙනවා". " තව සෑහෙන කට්ටියක් බය වෙලා ඉස්පිරිතාලෙ ගෙනියන්නත් වෙලා තියෙනවා".


" පුතාගේ වෙලාව හොදයි , මම මුරට හිටිය හින්දා." " ඉස්සරහා තියෙන්නේ කොච්චි පරේ ලොකු නැම්මක්, පුතා තව දුවගෙන ගියානම් එහෙම මේ කරුවලේ ඕක වැඩිය පෙන්නෙත් නෑ පුතා කෙලින්ම නවතින්නේ වැටිලා කන්ද පතුලේ."
මුරකරුගේ මේ ප්‍රකාශත් සමග අපගේ සන්චාරකයා තෙරුම් ගත්තේ ඔහු බේරි ඇත්තේ පෙර වාසනාවකට බවයි.
සියල්ල අවසානයේ ඔහු මුරකරැට නොසෑහෙන්න ස්තූති කොට නිවස බලා ඒමට සැරසෙන්නේ ප්‍රශ්න රැසක්ද සමගිනි.


මෙම තරුනිය කව්ද ?, ඇයට සිදු වු අසාදාරනය කුමක්ද ? ඇය ගමන් කරන පුද්ගලයන් බිය වැද්දිමට පමනක් නොව ජීවිත තර්ජන පවා ගේන ඒමට තරම් බිහිසුනු වී ඇත්තේ ඇයි. ඇගේ ක්‍රෝදය යන එන අය පමනක් නොව මුලු ගමක්ම අද වන විට බියෙන් සලිතකර ඇත. මෙයට හේතුව හා මේ පසු පස ඇති කතාව කුමක් නම් විය හැකිද ?. මේ අප සැම හමුවේ ඇති ප්‍රශ්න සමුදායයි.


ඇගෙ එම කතාව දැන ගැනීමට නම් අප මේ සිදුවීම් සිදූ වූ දිනයේ සිට අවුරුදු පහක් අතීතයට යා යුතුය. එනම් මෙයට හේතුව වැලලී ඇත්තේ 2010 වසරේය.


****************************************************************************************************************


(මම මෙම තරැනිය හා බැදි සත්‍ය සිදූවීම හා මා හට සොයා ගත හැකි වූ පරිදි ඇයට සිදු වූ අවාසනාවත ඉරනම මම ඔබට පැවසිමට පෙර මම කරැනු දෙකක් ඔබට දැනුම් දීමට කැමැත්තෙමි.


ඉන් පලමු වැන්න නම් මේ කතාවේ ඉලග කොටස තුල වර්ගවාදය හා ඒ අශීතව සිදු වූ යම් යම් සිදුවීම් කිහිපයක් අන්තර්ගය. මේය මේ කතාව හා සම්බන්දය, මන්ද මේ කතාව වර්ගවාදයේ අනිටු ප්‍රතිපලයක් නිසාය. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මේ වර්ගවාදී සිදුවීම් මත සන්වේදි නොවන ලෙසය.


දෙවැන්න ඉතා වැදගත්‍ ය. මේ කතාව තුල මා කිසිම ආකාරයක ඉහත කී නගරයේ නම හො ඒ ප්‍රදේශය හදුනා ගැනිම පිලිබද ඉගි ලබා නොදෙමි. මන්ද යත් මේ කතාව මා පෙර ඔබට ඉදිරිපත් කල "නැවත හමුවෙමු හෝ පලිගැනිම" වැනි කතා මෙන් සිදු වී අවසාන කතාවක් නෙවේ. මෙය අද (2020/5) මා රචනා කරන දින වන විටත් ඉතා සක්‍රීයව පවතී. මෙය අදටද එක් අසම්පූර්ණ කතාවකි.


මින් පෙර මේ කතාව මාගෙ blog එකට මවිසින් රචනා කර ඉදිරිපත් කලද මා මෝඩයෙකු සේ මේ හා සම්බන්ද නගරය හා ඒ ආදිත ප්‍රදේශ ඉදිරිපත් කිරීම නිසා එය අත්දැකීමක් ලෙස අත්වීදිමට ගොස් මා දන්නා හදුනන කිහිප දෙනෙකුම අනතුරේ වැටුනී.
මේ සිදුවීම් හා සම්බන්ද විස්තර සොයාගැනිම් මා සිදු කලේ ද ඉතා ප්‍රවේසමිනි.
එම නිසා මම පාඨක ඔබෙන් කාරැනිකව ඉල්ලා සිටින්නේ මෙය කතාවක් ලෙස රස විදින ලෙසත් මෙය අත්දැකිමක් ලෙස විද ගැනිමට උත්සහා නොකරන ලෙසත්‍ ය. )


****************************************************************************************************************


ඒ 2010 වසරේ මැද බාගයයි. එක් පසෙකින් දුම්රිය මාර්ගයටත් ඊට එපිටින් කදු බෑවුමකටත් හා අනෙක් පසින් සුවිසල් කදු පන්තියකට හා ඒ හා බැදි තේ වත්තකටත් මායිම් වූ කුඩා නගරයකි. මෙම නගරයේ බොහොමයක් දෙනා දමිල ජාතිකයන් වන අතර සින්හල පවුල් සිටියේ කිහිපයකි.


කුඩා ගමක් වු මෙහි ඇත්තේ කුඩා කෝවිලක් හා සිල්ලර කඩ දෙකක් පමනි. පාසල හා අනෙකුත් අත්‍යාවශ්‍ය ස්තාන පිහිටියේ සැතපුම් තුනක් පමන දුරින් පිහිටි අනෙක් නගරයේය. මාර්ගයෙන් ගමන් කලහොත් සැතපුම් තුනක් වුවත් දුම්රිය මාර්ගයෙන් ගමන් කලහොත් එය සැතපුම් දෙකකට මදක් අඩු වීම නිසා බොහො දෙනා පයින් ගමනේදි දුම්රිය මාර්ගය බාවිතා කරයි.

මේ රේල්පාර දිගේ කඩිසර ගමනින් දිව එන දැරියකි. පාසල් නිල ඇදුමකින් සැරසි සිටින ඈ මේ කුඩා නගරයේ සින්හල පවුලකට අයත්වේ.


අපගේ කතාවේ කතා නායිකාව වන ඇයට අපි මෙහිදි නිම්මි යැයි කියමු. නිම්මිගේ පවුලේ සිටින්නේ නිම්මි සහ ඇගේ පියා පමනි. ඇගේ මව මීට වසර කිහිපයකට පෙර මෙලොව හැර ගියාය. මෙයට හේතුව යුද්දය පැවති සමයේ මේ ප්‍රදේශයේ ඇති වූ සින්හල හා දෙමල පිරිසක් අතර ඇති වු ගැටුමකි. පොලිස් හා හමුදා නිලදාරින් මෙම ගැටුම සමතයකට පත් කලත් සුලු හා බරපතල තුවාල ලැබූ කිහිප දෙනෙක්ද විය. බරතල තුවාල ලැබූවන්ගෙ කිහිප දෙනෙකු සුව වුවත් කිහිප දෙනෙකුට සුවය ලැබීමට වාසනාව නොවීය. නිම්මිගේ මවද මෙයින් එක් අයෙකි.


මෙම සිදුවීම නිම්මිගේ පවුල හා ඇගේ ජීවිතය උඩු යටිකුරු කර වීය. යහපයත් මිනිසෙකු වූ නිම්මිගේ පියා මේ සිදුවීමෙන් පසු බීමට ඇබ්බැහි වූ අයෙක් විය. නිම්මිද බොහො කතා අඩු තැනත්තියක් බවට පත් විය.
රේල් පාර දිගේ දිවගෙන් ආ නිම්ම් කෙලින්ම දිව ගියේ ගෙදරය. නිවසේ මේ වේලාවේ කවුරුත් නැති මුත් නිම්ම්ගේ නිවසින් ගෙවල්කිහිපයක් එහායින් සිටින්නේ නිම්මිගේ නැන්දනීයයි. නිම්මි පැමිනෙනු දුර තියාම දුටු නැන්දා නිම්මිගේ නිවසට පය ඉක්මනින් යන්නේ ඇයගේ දවල් කෑම එක රැගෙනය.


"දුවේ, මෙන්න කෑම එක" පවස්මින් නැන්දනිය ගෙට ගොඩ වන්නේ නිම්මිව බැලීමටය. මෙය සෑම දිනකම මෙයාකාරයෙන් සිදුවේ. නිම්මි පාසලේ හොදින් ඉගෙන ගත් සිසුවියක් වුවාය.නමුත් බොහොමයක් දෙනා මෙම නගරයේ දමිල වීම හා මෙහි ඇති යම් යම් ජාති ප්‍රශ්න නිසා ඇයට යහලු යෙහෙලියන් කිසිවෙක් නැත.


නිවසේ හා පාසලේ තනිව ගත කරන ඇය බොහො විට පසෙලේ දී හා මාර්ගයේදි අනෙකුත් සම වයස් පිරිස් තුලින් බොහෝ තාඩන පීඩන වලට ලක් වුවාය. ඇය මේ සියල්ල නිහඩව විද දරා ගත්තාය. ඇය ජීවත් වෙනුයේ මෙවන් පසුබිමකය.

නගරයේදි හා පාසලේදි ඇයට අඩම්තේට්ටම් කරන පිරිස අතර තිදෙනෙක් ප්‍රදාන වේ. මොවුන් බොහො විට මෙය පුරැද්දක් ලෙස සිදු කරන අතර පාසලේදි කිහිප වරක් මේ පිලිඹද ඇය පැමිනිලි කලද පලක් නොවීය. මේ පිරිසෙහි ප්‍රදානියා වන්නේ මෙම නගරයේ කොවිලෙහි පුජකයාගේ පුතා දාස් ය මේ අතර මෙම පිරිසෙහි නගරයේ සිල්ලර කඩයක හිමිකරුගේ පුත් කමල්දීන් හා මොවුන්ගේ මිතුරෙකු වන අරැන් යන කන්ඩායමයි.


නගරෙයේ මොවුන්ගේ පියවරැන් අනසක පතුරවන අතර මොවුන්ද සමවයස් පිරිසට අඩම්තෙට්ටම් කරමින් විනොද වේ.
නිම්මිට පසලේදී හා මර්ගයේදි සිදුවූ අඩම්තේට්ටම් පිලිබද කිය මම ඔබව වෙහෙසට පත් නොකරමි. එම නිසා මම ඇයට සිදුවු අවාසනාවන්ත ඉරනම පිලිබද පවසමි.


මෙම දිනයද අනෙකුත් දින මෙන් නිම්මි පාසල් යන්නේ එදින සවස ඇති සන්ගීත පුහුනුවීම් වලද නිරත වීමේ බලාපොරොත්තු ඇතිවය.


"නැන්දේ කෑම තියන්න එපා මම එන්න රැ වෙනවා" එය ඇගේ නැන්දාට ඇය පැවසු අවසාන වැකියයි. පාසල්‍ යන ඇය තමාගෙ අද්‍යාපන කටයුතුත් සන්ගීත පුහුනුවීමුත් සිදු කර පාසලෙන් එන්නේ 5.30 පමනය. මාර්ගයෙන් යෑම දුර වැඩි වීම නිසා ඇය දුම්රිය මාර්ගයට ගොඩ වන්නේ ඉකමනින්ම නිවසට යෑමටය.
තමාගේ පොත් බෑගය හා සන්ගීත බඩුද රැගෙන නිවස බලා සෙමින් යන ඈ 6.30 පමන වනවිට නගරය පේන මානයට පමිනියේය. අවසනාවකි ! ඇය දුර තියා දකීන්නේ දාස් ප්‍රමුඛ සහචරයන් පිරිස දුම්රිය මාර්ගයේ සෙල්ලම් කරන අකාරයයි. මෙම පිරිසද ඇයව දකි.


"ඒ අර බලපන්කෝ ඒ අර කෙල්ල". එක් කොලුවෙකුගෙන් නික්මුන කටහඩය, "වරෙන් බයිට් කරමු" තවත් අයෙකුගේන් නික්මුන වචනය.


සියල්ලොම ඈ වට කර ගැනීමත් ඇයට විහිලු කීරිමත් ආරම්බ විය. මා මෙය ලිවිමට අකමැති වුවත් මෙම කොලු රැලගේ විහිලු වලට බෝහො විට මාතෘකාව වන්නේ නිම්මිගේ මව සහා ඇගේ පියගේ බීමත් කමයි. වයස 14 සන්වේදි ගැහැනු ලමයෙකු වන ඇය බොහො විට මේ විහිලු වලට සන්වේදි වෙයි. මෙතනදිද සිදු වුයේ එයයි. ඇගේ සන්ගීත උපකරන බිමට දමා ඇය ආපසු දිව යන්නේ ඇඩු කදුලෙනි. ඇගේ දිව යාම දකින මම ඉහත කි තිදෙනාට ලැබුනේ උත්තේජනයකි. එම උත්තේජනයත් සමග ඇගේ පිටුපස මොවුන් දිව යන්නේ ඇයට තවත් විහිලු කරමිනි.


මිනිත්තු පහක් පමන නිම්මි දිව යෑමත් කොල්ලන් පිටුපසින් ඒමත් සිදු විය. මේ වන වට අන්දකාරය පැතිර එමින් ඇත. වට පිට පෙනිමද අඩුය. දිවීම නතර කර නිම්මි රේල්පාරෙන් මදක් ඉවත් වන්නේ ගලක් අසුලා ගැනිමටය. රේල් පාරේ වම් පසින් ඇත්තේ මා කලින් සදහන් කල දරුනු ප්‍රපාතයයි. ඇගේ අරමුන අසුලා ගත් ගලින් අර කොල්ලන් තිදෙනාට පහරදි තමාගේ කේන්තිය පිට කර ගැනිමටය. මෙය දැක ඔවුන් නිම්මිගෙන් මදක් ඈත් වූ නමුත් විසුලු කීරිම නැවතුවේ නැත.
නැවතත් ආපසු හැරෙන නිම්මි උත්සහ කරන්නේ මදක් ඉදිරියට දිව යෑමටය. අවාසනාවක මහත ඈගේ පය පැටලෙන්නෙ අසල ඇති ගලකය. පොත් බෑගයේ බරත් සමග සමබරතාවය ගිලිහෙන ඇය දකුනු පස ප්‍රාපතයෙන් පහලට පෙර ලී ගියේය. ප්‍රපාතයේ අන්දකාරය ඇයව ගිල ගන්නේ ඇගේ විලාපය පමනක් ඉතුරැ කරමිනි. අවසානයට ඇගෙන් නික්මුනේ මේ විලාපයයි.


ඇගේ විලාපයත් පහලට පෙරලීමත් සිදු වන්නේ එක විටමය. ඇය වෙනුවෙන් කිසිවක් සිදු කීරිමට වේලාවක් නොමැත. සියල්ලම බිය වී බලා සිටි. "යමන්, දුවමු." යැයි දාස් ගේ මුවුන් පිට වූයේ ක්ශනිකයකිනි. එයින් ආපසු හැරුනු ඔවුන් තිදෙනා කෙලින්ම දිව යන්නේ දාස් ගේ නිවසටය. පුජකයෙකු වූ දාස් ගේ පියා කොවිල්ලත් නිවසත් ඉදි කර ඇත්තේ එකිනෙකට ලන්වය.


තම පුතු ඇතුලු පිරිස දිව එනු දුටු පුජකයා පෙරට ගමන් කොට ඔවුන්ව හමු වෙයි. "මොකද උබලා මේ කලබලෙන්" පුජකයාගේ ප්‍රශ්නයත් සමග දාස් තම පියා හා සියල්ල පවසයි.


"කොතනද ඔක උනේ ?" නැවතත් පුජකයගෙන් පැනයකි. "අර සිග්නල් කනුවට පොඩ්ඩක් එහායින්." පිලිතුර දාස් ගෙනි. මද වේලාවක් පුජකයා කල්පනා කලේය.ඔහුගේ මනසට පැමිනියේ කරැනු කිහිපයකි. මෙම සිදුවීම වූ ස්තානයේ ඇත්තේ දැවැන්ත ප්‍රපාතයකි, එතනින් පහල කැලෑවකි, කිසිවෙකුට පහලට වැටී දිවි ගලවා ගත නොහැක. මේ සිදුවීම ප්‍රසිද්ද වුවහොත් නැවත මෙම නගරයේ ජාති ප්‍රශ්න මතුවේ.


"දැන් මේ අහපල්ලා, දැන් මේකට අපිට කරන්ඩ දෙයක් නෑ, මේක උබලා කරපු දෙයක් නෙවේනේ. උබලා මේ ගැන කට හොල්ලනවා නෙවේ." දැන් උබලා පලයල්ල ගෙදර මම ඇවිත් ගෙදර ඌන් එක්ක කතා කරන්නම්" . යැයි පවසා පුජකයා පිටත් වුයේ කමල්දීන් හා අරැන් ගේ පිය වරැන් හමු වීමටය. තත්වය පැහැදිලි කල මොහු ඔහුගේ අදහස වන නිශ්ශබ්දව සිටිමට ඔවුන්ද කැමති කරවා ගත්තේය. නැවත නිවසට පැමිනි පුජකයා කල්පනා කලේ මීලගට නගරයේ කුමක් සිදු වේවිද කියාය.

මේ අතර නිම්මිගේ නැන්දා රෑ බො වන තුරැම බලා සිටියත් නිම්මි නැති තැන කලබල විය. නිම්මිගේ පියා පැමිනි පසු ඔහුට සියල්ල පැවසු විට ඔහු පිටත් වුයේ පාසලට ගොස් බැලීමටය. නිම්මිගේ පියා පසලට ගොස් මුර කරැ හමු විය. "ඔය කියන ලමයා මම දැක්කා පාර පැත්තට යනවා." "හැබැයි ගියේ නම් රේල් පාර පැත්තට." යන්න මුර කරුගේ ප්‍රකාශයයි. එම ප්‍රකාශයත් සමග රේල් පාර දෙසට දිව ගියත් නිම්මිගේ සලකුනක් හෝ සොයා ගත නොහැකි විය. කිහිප දෙනෙකුගෙන් විමසුවත් කිසිම ආරන්චියක් නොවීය. නිම්මිගේ පියා නැවත රේල් පාර දිගේ තම නගරය වෙත යන්නේ දුවගේ සලකුනක් හෝ සොයා ගැනීමටය. නිම්මිගේ සලකුනක් හෝ නැත.


නිම්මිගේ නැන්දනිය හා පියා තීරනය කරන්නේ පොලීසිය කරා යෑමටය. නිම්මිගේ පියා පසූදා උදෑසන හමු වන්නේ පොලිස් ස්තානාදිපතිතුමාය.


"අනේ සර්, මගේ දුව නැති වෙලා ඊයේ රෑ ඉදන් මට කෙල්ල හොයා ගන්න උදව් කරන්න.. " ලෙස ඇඩු කදුලින් නිම්මිගේ නැන්දනිය හා පියා ඉල්ලා සිටියේ වෙන කල හැකි යමක් නොදන්නා නිසාය. මෙයින් පොලිස් පරීක්ශන ආරම්බ විය.
පොලිස් පරීක්ශන සිදු වූ අකාරය පිලිබද ලියා මම ඔබ වෙහෙස නොකරමි. ඒ එය අපට අදාල නැති නිසාය. නමුත් පරීක්ශන වල ප්‍රතිපලයක් ලෙස රේල් පාරේ වැටි තිබූ නිම්මිගේ සන්ගීත බඩු කට්ටලය සොයා ගත හැකි විය. පොලිසිය වනජීවි නිලදාරින්ගේද සහය ඇතිව ප්‍රපාතය පහල කැලෑව පරික්ශා කිරිම අරම්බ කලේ ඉන් පසුවය.

"සර් බොඩි එක තියෙනවා.. " සෙවීමෙ ප්‍රතිපලයක් ලෙස මෙම අවාසනාවන්ත දැරියගේ සිරැර සොය ගැනින.
ඇගේ හිස බිදි ඇත. තවත් අස්ති රැසක් බිදි ගොසිනි. කැලෑ සතුන් විසින් ඇගේ සිරෑරේ උදරය, කලවා හා පාද මාන්ශපේශි ආහාරයට ගෙන ඇත. මෙලෙස හමු වූ සියල්ල රැගෙන වනජිවි නිලදාරින් ආපසු යෑමට විය. ඉන් අසු සිදු වූ සියල්ල ඔබට අනුමාන කල හැක. නිම්ම්ගේ අවසාන කටයුතු සරල ලෙස සිදු කලේය. මේ කතාව මෙතනින් අවසන් වීමටද ඉඩ තිබුනී. නමුත් දෛවයේ සරදමකට මෙන් එයඑසේ නොවුනී.


මසක් පමන ඇඩු කදුලින් දිවි ගෙවු නිම්මිගේ පියා අවසානයේ වස පානය කර දිවි තොර කර ගැනීම මේ අතර සිදු විය.
කාලය සෙමෙන් ගතවිය. කෙමෙන් කෙමෙන් සියල්ලටම ආරන්චි වනුයේ කොච්චි පාරෙ දී දකින පාසල් නිල ඇදුමක් ඇදි තරැනියකි. මුලින් සිදුවිම් කිහිපයක් වාර්තා වුවත් පසුව මෙම සිදු වීම් දිනපතා සිදු වීම අරම්බ විය. මුලු නගරය වසාගෙන ප්‍රපාතය දෙසින් සමහර දිනවල පැතිර ගියේ දරැනු විලාපයන්‍ ය. මේ කාලය වන විට නිම්මිව කිහිප දෙනෙකුම දැක තිබුනී. ඇගෙ බියකරැ විලාසයටම මොවුන් සියලු දෙනා දිව ගොස් ඇත්තේ සිහිමද ගතියෙනි. පුරා වසරක් මෙය සිදු විය.


ඉහත මම කී පුජකයාගේ පුතා දාස් සහා මිතුරෙකු දිනක් නුවර පැමිනෙන්නේ පියාගේ වුවමනාවකටය.දාස් නැවත යෑමට සිදු වන්නේ රාති තැපැල් දුම්රියෙනි.


දාස් සහා මිතුරා දැන් සිටින්නේ ඔවුන්ගේ නගරය ආසන්නයෙනි. නිම්මි වැටුන ප්‍රපාතයද පසෙකින් ඇත. "බලහන්කෝ අර කෙල්ලෙක් රේල් පාර අයිනේ ඉන්න හැටි". දාස් ගේ මිතුරා පැවසුවේ දාස් ගේ බිය දෙගුන තෙගුන කරමිනි. දාස් ඒ දෙස බැලුවෙ. ප්‍රපාතය අයිනේ එක් රැවකි. එම රැව දාස් අදුනයි. එම රැව දාස් ගේ ඇස් ඉදිරිපිටින් පසු වී ඇත. "ඒ නිම්මි, ඒ නිම්මි" දාස් පැවසුවේ එපනකි. එසේ කැ ගැසූ දාස් අනෙක් පසට ගොස් දුම්රියෙන් පැන්නේය.


දාස්ගේ මිතුරා එක වරම කලබල වී කෑගසන්නට විය. දුම්රිය නවතාගත් ඔහූ දාස් රෝහලට ගෙන යන්නට විය. යන තෙක්ම ඔහුගේ මුවේ තිබුනේ "ඒ නිම්මි, ඒ නිම්මි" යන වැකිය පමනි.


දාස්ගේ තුවාල බරපතලය. ඔහුගේ දකුනු පාදය ඉවත් කිරීමට සිදු විය. දරැනු ලෙස හිස තුවාල වු ඔහුට ස්ථිර ස්නායු ආබාද රැසකි. ඔහුගේ දකුනු අත පන නැත. ස්නායු ආබාදයක් නිසා එම අතෙහි ඇගිලි පමනක් සෙලවිය හැක. නමුත් අත එසවීමටවත් නොහැක. මෙම ස්නායු ආබාද කෙතරම් දර්නුද කිවහොත් ඔහුට නිතරම ෆිට් එක ඇති වේ. එය අදටද එසේමය. මෙය සුව කල නොහැකි ස්නායු ආබාදයක් බව දොස්තර වරුන්ගේ අදහසයි.


( මා මේ සිදුවීම සම්බන්ද තොරතුරු සොයන විට එක වරක් දාස් හමු වී කතා කලෙමි. මෙහි අඩන්ගු බොහො විස්තර ඔහු මා හා පැවසීය. ඔහු ඇගේ සොයුරිය සමග දිවි ගෙවයි. ඔහු ගෙවන්නෙ ඉතා දුක්කිත ජීවිතයකි. තමාගේ කිසිම වැඩක් කර ගත නොහැක. මා හා සම වයස් තරැනයෙකු වූ මොහු ගැන මගේ හිතේ දුකක් ඇති වුවත් මෙය මොහුගේ ක්‍රියාවන් වලම ප්‍රතිපලයකි.)

තම පුතාට සිදුවූ අවාසනාවත සිදුවීම දාස් ගේ පියා වන මා කලින් සදහන් කල පුජකයා සිටියේ දැඩි කලකිරිමෙනි. දිනපතා තම පුතා බැලිමට මහ රෝහලට යෑම මොහුගේ පුරුද්දක් විය.
මෙදිනද ඔහු තම පුතා බලීමට යන්නේ හවස පහේ ලෙඩ්ඩු බලන වේලාවටය. තම පුතා බලා අපසු ඒමට මදක් ප්‍රමාද වෙන පුජකයා ප්‍රදාන නගරයට එන විට රාති 8ට පමන වී ඇත.


මෙම නගරයෙන් පුජකයා වෙසෙන කුඩා නගරයට යෑමට ඇති බස් රිය ඔහුට මග හැරි ඇත. පාරෙන් යා නොහැක දුර වැඩිය.එකම මාර්ගය. දුම්රිය මාර්ගයෙන් යෑමය.


ඔහු දුම්රිය මාර්ගයෙන් යෑමටම තොරා ගත්ත් ඇයි දැයි කිසිවෙකු දන්නෙ නැත. පුජකයා රේල් පාරෙ ගමන් කරයි. ඔහුගේ අරමුන තම නිවසට ඉක්මනින් ලගා වීමටය. නමුත් එය එසේ සිදු වුයේ නැත. එක වරම නිම්මිගේ නගරයේ සිටි සියලු දෙනාට ඇසුනේ කෑ ගැසිමකි. නිවැරදිව කිවහොත් මර ලතෝනියකි. ඒ පුජකයාගේය බොහො දෙනෙකු තම නිවසේ ජනෙල් පියන් මෑත් කර බැලු විට දුටුවේ. උඩු කය නිරැවත්ව පුජකයා ලතෝනී දෙමින් තම නිවසට දෙසට දිව යන බවය. එක වරම නිවසේ දොර හැර තම නිවසට කඩා වැදුනු පූජකයා නිවසේ සිටි සියල්ලමද බය කරමින් කෑ ගසමින් එක වරම බිම පතිත විය.
නිවැසියන් ගමේ පුද්ගලයන් හා එක්ව රොහලට පුජකයා රැගෙන ගියද ඔහු මිය ගොස්‍ ය. ඔහුට ඇති වූ දරැනු හෘදයාබාධයකින් ඔහු මිය ගොස්‍ ය.


"අප්පට මොනවා උනාද දන්නේ නෑ, කෑ ගහගෙන ආවා එහෙම්මම වැටුනා. පස්සෙ බලද්දි මරිලා."
"මට විශ්වාශයි ඔකත් අර කෙල්ලගෙම වැඩක් මහත්තයෝ… " ඇඩු කදුලෙන් මා හට පැවසුවේ පුජකයාගේ දියනියයි.
ඔහුට රේල් පාරේ සිද් වූ දේ හො ඔහු දුටුවේ කුමක් වුවද එය ඔහුගේ දිවි තොර කර ඇත. ඔහු තමගේ නිවසට කෑ ගසමින් පැමින මැරි වැටෙන විට ප්‍රපාතය දෙසින් විලාපයක් ඇසුනු බව නම් මේ ගමේ පුද්ගලයන් දිවුරා පවසන්නෙ අදික බියෙනි.


දාස් ඇතුලු කන්ඩායමේ අනෙක් දෙදෙනා ඔබට මතක ඇතැයි මා සිතමි. ගමේ සිල්ලර කඩ හිමි කරුගේ පුතා වන කමල්දීන් හා අරුන් ඉක්මනින්ම මෙම ප්‍රදේශයෙන් පිට කරන්නේ ඔහුට අනතුරක සේයාවක් දැනුන නිසාය.
ඉහත සිදුවීම් සිදු වී තවත් වසරක් ගත විය. නිම්මි සියල්ලන්ටම ඇයව අමතක වීමට නම් ඉඩ නොදුනී ඇගේ විලාපය හා ගම් වැසියන් බිය වැද්දිම් නිරතුරුව සිදු විය.


මේ අතර අරැන් ගමට පැමිනෙන්නේ තම පියාට අසනිප වූ නිසාය. තම පියා බැලිමට පැමින නිවසේ නතර වනනේ තම පියාට සාත්තු කීරිමටය. ගමේ තත්වය අරැන් දැන සිටියත් ගමේ නැවතත් තම සුපුරුද් ඇසුරට වැටෙන්නෙ නිතැතිනි.
"යකෝ මේ ඔය හන්දෑපානේ ගමන් නවත්තපන්. උබ දන්නවනේ මේ ගමේ උන දෙවල්". අරැන්ගේ මව අරැන්ට නිතර පැවසු වදන් අරැන කනකට ගත්තේ නැත.


අරැන්ගේ ඉරනම් දවස් උදා උයේද මෙවන් තත්වයක් උඩය. මෙම දින අරුන් යන්නේ මවගේ විරෝදයද නොතකා මිතුරෙකු හමූ වීමටය. මිතුරා හමුවී ඔහු ආපසු යන්නේ රත්‍රි 10 පමනය.


ඔහු ගමන් කරන්න පාර පාලුය. කිසිවෙකුත් නිවසින් එලියට හෝ එන්නෙ නැත.

මොහු යන දෙස උඩුමහලේ ජනේලයෙන් බලා සිටින්නේ නිම්මිගේ නැන්දාය. තම දියනියට සිදු වූ දෙය සිහි කොට ඇය මොහුට සිතින් සාප කරන්නෙ "මුන්ටත් ඉර පායනවානේ" යැයි සිතාය.


පාලු පාරේ ගමන් කරන අරුන්ට එක වරම ඇසේනනේ නිම්මිගේ බිහිසුනු විලාපයයි. මෙයින් අධික ලෙස බිය වන මොහු දිව යන්නේ තමන් යන්නේ කොහෙදෝ කියා වත් නොදැනය. අරුන්ට දිව යන මොහොතේ නිම්මි හා ඇයට සිදූ වූ දෙය මැවී පනුනාට සෑක නැත මන්ද ඔහු දිව යන මොහොතේ නිම්මිගේ නම කිහිපවරක්ම කියා කෑ ගැසු නිසාය.


මොහු දිව යන්නේ ගමෙන් ඉවතට ය. ඒ ගමට එහායින් ඇති තේ වතු දෙසටය. මෙම තේ වතුද පසු කර තවත් සැතපුම් බාගයක් පමන ගිය විට කුඩා දිය ඇල්ලක් හමුවේ. මෙය පහලට ගලා විත් තේ වත්ත සමීපයේ කුඩා පොකුනක් නිර්මානය කරයි. මේ අසල ඉතෑවන් වැනි සතුන් ඇල්ලිම සදහා උගුල් අටවන පුද්ගලයෙකු අදද රැදි සිටි. කදු මාර්ගයක ඉහලට ගමන් කල හැකි මේ දිය ඇල්ල උසින් අඩි විසි පහක් පමන් කුඩා එකකි. මේ අසල රැදි සිටින මේ උගුල් අටවන මුර කරැ දකින්නේ මේ දිය ඇල්ලේ ඉහලට දිව යන තරැනයෙකි. "යකෝ මූ කොහේ යනවද මේ රෑ " යැයි තමාටම මුමුනාගෙන බලා සිටිමට විය.


මෙම උගුල් අටවන්නා දකින්නේ මේ ඉහලට දිව යන තරැනයා එක වරම මෙම කුඩා දිය ඇලෙන් පනින ආකාරයත් ඒ අසල සිටින නිම්මිගේ රැවත්‍ ය.එක වරම හාත්පස වසා ගත්තේ නිම්මිගේ බිහිසුනු විලාපයයි.


මෙයින් බිය වන උගුල් අටවන්නා නහරයට දිව යන්නේ උදව් ඉල්ලිමටය.


"තමුසෙට පිස්සුද මේ විලාප අස්සෙ යන්න දගලනේ. මෙන්න මෙහේ ෆොන් එකක් ඇති පොලිසියට කෝල් කරනවා ඔනේ නම්" යන්න මිතුරන්ගේ පිලිතුර විය.
උදෑසන ගමේ සියල්ලමද සමගින් පොලිසිය ඇල්ල ලගට යන්නේ සිදු වුයේ කුමක් දැයි සොයා බැලීමටය. ඔවුන් ඈත තියා දකින්නේ පාවෙන සිරැරකි. ඒ අරැන්ගේය.


"අනේ මගේ කොල්ලා " යැයි අරැන්ගේ මව විලාප තියයි. අරැන්ගේ මුහුනේ ඇත්තේ අදික ලෙස බියට පත් ලකුනුය. බැලු බැල්මට අරැන් දියේ ගිලි ගොස් මිය ගොසින්‍ ය. මෙහි ඇති අත්බූතම කරැන නම් මෙය ඉතා කුඩා ජල පහරක් සහිත දිය ඇල්ලකි. මෙහි වතුර එකතු වන පොකුනෙහි උපරිම ගැබුර අඩි තුනහමාරක් පමනය. එය කෙසේත් ම මිනිසෙකු ගිලි යාමට සමත් නැත.


නමුත් මරන පරීක්ශන වාර්තාවේ සදහන් වුයේ මෙය දියේ ගිලි සිදු වූ මරනයක් ලෙසය. ඔහුගේ සිරැරේ වෙන කිසිම ආකාරයක අස්ති බිදීමක් හෝ හානි වීමක් සිදු වී නැත. මෙය අදටද ප්‍රෙහේලිකාවකි. මේ නිම්මි මේ වන තෙක් බිලි ගත් අවසාන අවසාන පුද්ගලයායි.


මේ සිදුවීමත් සමග බොහො අය මේ ගමෙන් ඉවත් විය. අදටත් පවුල් 20ක් පමන මෙහි වාසය කරයි. එම පුද්ගලයන් මේ සිදුවීම් සිහිකරන්නේද අප්‍රමාන බියෙනි. නිම්මි තාමත් එම ප්‍රදේශයේ සැරි සරයි. ගමේ ඉතිරිව සිටින කිහිප දෙනාද ඇය බියෙන් සලිත කර ඇත. යම් යම් පුද්ගලයන්ට අනතුරැද සිදු කර ඇත. ඔවුන් මේ ගැන කතා කරනවාටවත් කැමති නැත. එක දෙයක් නම් විශ්වාසය ඒ ඇගේ විලාපය මාරන්තික බවයි.


පසුව ලියමි - මේ සිදුවීම් සමුදාය පිලිබද මා කරැනු සොයන්නේ 2018 දිය එකලද මෙය ඉතා සක්‍රීය සිදුවීමකි. මේ කතාව අද ඔබට ඉදිරිපත් කරන විටද එය එසේමය. මෙම හේතුව නිසාම ම හැකි සෑම අයුරින්ම නගර හා ගම් පිලිබද තොරතුරු වසන් කරමි.


ඔබට තොරතුරැ ඉදිරිපත් කිරීමේදි මම සමහර ස්තාන වලදි දෙබස් අඩු කොට වාර්තාවක ස්වරෑපයක් ගැනීමට සිදුවේ. ඒ කියවන ඔබට පැහැදිලිව කරැනු ඉදිරිපත් කිරීමටය. එයින් ඔබේ කතා රසයට හානි වුවා නම් මම සමාව අයදිමි.


සමාප්තයි.


Source: Link 


1 comment:

  1. මට ඔබව සමිබන්ධ කරගත හැකි ක්‍රමයක් තියෙනවද

    ReplyDelete