මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

31 December 2020

---රැළ මහ---

holman katha


අපේ මහප්පාගෙ ගෙවල් ලග ඉස්සර තිබුණා ලස්සන ඇළක් ඒකට අපි කිවුවෙ බන්ට් එක කියලා.....වතුර ගහගෙන යන කොන්ක්රීට්වලින් බැඳලා හදපු,අඩියෙ සුදු වැලි තියන,ගොඩක් පිරිසිදු ,දැක්ක ගමන් පැනලා නාන්න හිතෙන ඇළක් ඒක..අපේ පැති වල ඉතින් වැඩිය ඇළ දොල ගංඟා වගේ ඒවා නෑනේ....ඒ නිසා අපිට මේවා දැක්කම හරි මෙවුවා එකයි ඉතින්...අර මොක්කුන්ටද මොනාද හම්බුණා වගේ තමයි......

පොඩි කාලේ එහේ ගියාම මමයි අපේ අයියයි එහෙ( මහප්පගෙ ළමයි )අයියලයි අක්කලයි තමයි ඒ බන්ට් එකේ නාන්න යන්නෙ......අනිත් අයට පීනන්න පුලුවන්..මටයි චූටි අක්කටයි පීනන්න බෑ ....අපි දෙන්නා පොඩියිනෙ එතකොට.....ඔය මොකක් හරි කණුවක හරි අතු කෑල්ලක හරි එල්ලිලා තමයි නාන්නෙ😁..ඉතින් අපි එහෙම ගියාම ගෙවල් වලින් හොයන් ඇවිත් අර පෙඟෙන්න දාපු පොල් අතු ඇදන් යනවා වගේ ඇදගෙන යනකන් වතුරෙමයි.(ඔය ඇළ ගැන කිවුවෙ මෙච්චර වෙලා)


දැන් මේකයි කතන්දරේ.....
මේ එක්දහස් නවසීය බර ගනන් වල...මේ ඇළ මේ විදිහට නෙමෙයිලු තිබුණෙ ඒ කාලේ.....මාලු එහෙම සෑහෙන්න ඉන්න ඇළක්ලු..වටේම ටිකක් කැලෑව වගේත් තිබුණාලු.වෙලේ නියර දිගේ ගිහින් තමයි ඒකට යන්න ඕනෙ....මේකට ඉස්සර කිවුවෙ ගල් අමුණ කියලලු....දැන් ඒ බන්ට් එක තවත් වෙනස් කරලා....ඒ හරියෙන් තමයි දැන් ජොගින් රෝඩ් එක හදලා තියෙන්නේ...
ඉතිං ඉස්සර ඕකෙ මිනිස්සු මාලු අල්ලනවා ...... හුගක් අය මාලු අල්ලන්න යන්නෙ රෑටනෙ ..... මොකද රෑට මාලු දිය පාරවල් වල උඩ ඉදන් පහලට යනවලු..
මේ මම කියන්න හදන්නේ අපේ මහප්පා ඉස්සර..ඒ කියන්නේ තරුණ කාලේ..රෑක ඔය ගල් අමුණෙ මාලු අල්ලන්න ගිහින් එයාට වෙච්ච අකරතැබ්බයක් ගැන..කතාව කිව්වේ එයාම තමයි...
දවසක් අපේ මහප්පයි,එයාගෙ යලුවෙකුයි,තව නෑදෑවෙන මාමා කෙනෙකුයි කතා වුනාලු අද රෑට යමු මාලු අල්ලන්න කියලා........ඉතිං තුන් දෙනා එක්ක ඔන්න පන්දමකුත් අරගෙන තව ඕන කරන දේවලුත් එක්ක..දැලකුත් අරගෙන ගියාලු....ඒ දැලට කියන්නේ "රිටිදැල" කියලලු..ඒක කාගෙන් ද මන්දා ඉල්ල ගත්තු එකක්ලු...
ඉතින් තුන් දෙනාත් එක්ක වෙල මැද්දෙන් වදුල අස්සෙන් ගියාලු අර පොට් එකට.. ගිහින් වැඩේට බැස්සලු.ඒ කියන්නෙ එක්කෙනෙක් ඇළට බැහැලා අර රිටිදැල කියන එක අටෝගෙන ඉන්නවලු..... දැන් මේ ගහගෙන යන වතුර පාරෙ ඕක හරස් කරලා ගැට ගහගෙනලු මාලු අල්ලන්නෙ ඕකෙන්.... ඔහොම ටික වෙලාවක් ගිහින්...හැබැයි ඒ තරම් සරුවට මාලු අහුවෙන පාටක් පේන්න නෑලු.....දැන් කට්ටියගෙ උනන්දුවත් ටික ටික වතුරටම හේදිලා යනවා වගේලු ..


මේක කියන්න ඕනෙ..මේ තුන්දෙනාම ගියාට ඇලට බැහැලා දැල දාගෙන මාලු අල්ලන්නෙ එක පාරට එක්කෙනා ගානෙලු...අනිත් දෙන්නා එතකන් උඩලු ඉන්නෙ...මොකද හැමෝම වතුරට බැහැගෙන ඕකේ ජලසන්නිය නටන්න බෑනේ..මාලු බයවෙලා යනවනෙ...ටික වෙලාවකින් මහප්පා කිවුවලු අර මාමට.."මාමා දැන් ටිකක් ගොඩ වෙන්නෙ මම දැල දාලා බලන්නම්" කියලා....ඉතින් ඒ මාමත් මහප්පට දැල දීලා ඇළෙන් ගොඩ උනාලු.....
මහප්පා දැල දාගෙන ඔහොම ඉන්න අතරේ එයාට නිකන් අමුතු ෆීලින් එකක් වගේ දැනුනලු...ඒ කියන්නෙ අමුතු සීතලකුත් එක්ක පරිසරෙත් නිකන් අමුතු වෙන්න ගත්තා වගේලු......
මෙහෙමයි...
වෙලක් ලග උනාම රෑට ඇහෙනවනෙ ඉතිං එක එක සද්ද බද්ද...ඔය ගෙම්ම්බොන්ගෙ, රැහැයියන්ගෙ,පලගැටියන්ගෙ වගේ එක එක සත්තුන්ගේ....ඒවා ඇහෙන එක නෙවෙයිලු ප්රශ්නෙ.......
එහෙනම්...??
ප්රශ්නෙ මෙච්චර වෙලා ඇහුණු ඒ සද්ද කිසිදෙයක් එකපාරටම මහප්පට ඇහුනෙ නැතිව ගිය එකයි....අර කන්දෙක නිකන් ක්රීං ගාගෙන ඇතිවෙන නිෂ්ශබ්දතාවය තියෙන්නේ....අන්න ඒ වගේ...අඩු තරමෙ ඇලේ වතුර පාරෙ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු....හැබැයි වතුර පාර ගලාගෙන යනවලු ඒත්...
ඔහොම විනාඩියක් දෙකක් වගේ එක දිගටම එහෙමම තිබිලා.....මහප්පා ඇළේ ඉදන්ම ඉස්සිලා යන්නතම් ඉවුරෙ හිටෝලා තිබුන පන්දමේ එලියෙන් බැලුවලු ගොඩ ඉන්න දෙන්නා දිහා.....ඒ දෙන්නට නම් එහෙම අමුත්තක් දැනිලා නෑ වගේලු...දෙන්නා ඉන්නවලු කයියක් ගහගෙන....ඒත් මහප්පට ඒ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු 🤔


ඔන්න එක පාරටම ටිකකින් අර නිෂ්ශබ්දතාවය නැති වෙලා වතුර පාර ඉහළ ඉදන් මහා සද්දයක් එක්ක පහලට එනව වගේ මහප්පට ඇහෙනවලු....හරියට ලොකු මුහුදු රැල්ලක් එනකොට ඇහෙන්නේ අන්න ඒ වගේ...
ඒත් එක්කම වගේ මෙන්න යකෝ නෑ කියලා හිතපු මාලු....එක පොදියට එනවා හෝ ගාලා අර සද්දෙත් එක්ක වතුර පාර දිගේ...ජක බක ගගා එහෙන් පනිනවලු,මෙහෙන් පනිනවලු...මාලු කියන්නෙ..සූ ගාලලු 😮..එක දිගටනොසෑහෙන එනවලු.....නතරවීමක් නෑලු.....මහප්පගෙ දැන් කට කනේලු.ඇයි යකෝ මාලු ටොන් ගනන් අහුවෙනවනේ.
ඉතින් ඔන්න එක පාරටම මහප්පට දැනුනලු හෙන අ...අ..අ..ම..තඩීම තඩි සයිස්.ඌරෙක් විතර මාලුවෙක් ඇවිත් දැලේ පැටලුනා වගේ
කලබල වෙච්ච පාර මහප්පා"මාමේ....අයියේ" කියලා අර දෙන්නට කෑ ගැහුවලු..ඉතින් ඒ දෙන්නත් අඩියට දෙකට එතනලු...මහප්පා කිවුවලු"මාලු මහා ගොඩයි ඒ මදිවට හෙන ලොකු භාන්ඩයකුත් අහුවෙලා ඉන්නවා..තනියම බෑ,අදිමු තුන් දෙනාම කියලා..දැන් ගැට ලෙහලා එහෙම තුන්දෙනාම ඇද්දලු දැල උඩට..
ඒත් සෑහෙන අමාරුයිලු දැල අදින්න...ඒ තරම් බරයිලු..මාලුත් නලියනවලු ආපහු දැල අරන් යන්න වගේ...ඉතින් කොහොම හරි තුන් දෙනාම දැල උඩට ගෙනත්,පන්දමත් අරන් ඇවිත් ලෑස්ති උනාලු මාලු දැලෙන් ගලවගන්න.
කෝ.........??
යකෝ...දැලේ මාලු තියා එක ගප්පි පැටියක්වත් නෑලු ......අර ලොකු මාලුවා...ඌත් නෑ.ඒ විතරයෑ.....දැල මැද්දෙ බස් එකක රෝදයක් තරමට තඩි හිලක්ලු....😲 දැන් ඉතිං තුන්දෙනාට කතා කරගන්නවත් බෑලු...
ටික වෙලාවකින්..."මොකද මාමෙ මේ උනේ මාලු මහ ගොඩක් ඇල්ලුවනෙ උඩට ගේද්දිත් මාලු හිටියනෙ දැලේ " කියලා මහප්පා කිවුවලු..මාමාගෙ මූණ එක පාරටම වෙනස් උනා මාමා දැක්කලු..
මහපට තේරුනාලු මාමා ටිකක් කලබල වුණත් වගේ කියලා"ආ....ඒකට කමක් නෑ අපි යං..මෙතන තවත් ඉන්න ඕනේ නෑ" කියපු අර මාමා අනිත් දෙන්නවත් ඇදන් ඉක්මනට ගෙදර ආවලු..
මහප්පාට දැන් හොඳටම තේරෙනවාලු මාමා මොනාහරි දෙයක් නොකියා මග අරිනවා කියලා......එත් එයා එවේලෙ මුකුත් අහන්න ගියේ නෑලු..මේ වෙච්චි දේවලුත් හරි අමුතු නිසා.....ඊට පස්සෙ පහුවදා මාමායි අපේ මහප්පයි අර රිටිදැල මහන්න අරං දිග ඇරියලු ඉතිං..ඇයි දැන් ඉරිච්ච තැන් මහලා අයිතිකාරයට බාර දෙන්න එපැයි..
යකෝ එතන මාලු දැලක් නෑලු .....😧


තිබුනෙ වොලිබෝල් කෝඩ් එක මැද්දෙ බදින දැලක්ලු..ඒ තරමට ඒ දැලේ හැමතැනම අලි හිල්ලු.....හැමතැනම අගලක් නෑර හිල් වෙලාලු
ඒක ආයෙත් පාවිච්චියට ගන්නම බෑලු..
පස්සෙ තමයි අර මාමා ඊයෙ සිද්ධිය ගැන කට ඇරලා තියෙන්නෙ....මාමා මෙහෙම කිව්වලු...."කොලුවො උඹ ඊයේ බේරුනේ වාසනාවකට......උඹ ඊයෙ අහු උනේ "රැළ මහට"...උඹලා බයවෙයි කියලා මං නොකියා හිටියෙ කියලා ඕකට හරියට අහුවුන කෙනෙක් ලේසියෙන් ගැලවිලා එන්නෙ නෑ...තනි උනේ නැති නිසා උඹ බේරුණේ කිවුවලු.....
රැළ මහ කියන්නේ.....රෑ ජාමෙ මාලු අල්ලන අයට එන දිශ්ඨියකට කියලා ඒ මාමා මහප්පට පස්සෙ විස්තර කරලා දුන්නලු ....
ඉතිං ඕක පස්සෙ දැන ගත්තු නිසා මහප්පට අවුලක් වෙලා නෑ..තව පොඩ්ඩෙන් එතනත් තොවිලයක් තමයි....කොහොමහරි අර රිටි දැල කියන කෙංගෙඩියත් අලුතෙන් අරන් දෙන්නත් වෙලා කට්ටියට
තව කතානම් තියනවා ගොඩාක් මං දන්න...ටික ටික දාන්නම් ඔයාලා කැමතිනම් මේ වගේ.....ඔන්න ඔහොමයි රැළ මහ හොල්මනෙන් අපේ මහප්පා ගැලවිලා තිබුණෙ.....
යන්නම්......
එහෙමනම් හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි හැමෝටම 🙏

30 December 2020

---කෙටි පණිවුඩය---

 

sinhala ghost stories

වව්ලන් පියාඹන හඬ නැවතුන පසුව,නරි උඩුබුරණ හඬ ඇසෙයි...එවිට මළ වුන් සොහොනෙන් අවදිවෙන වෙලාවයි..

දේවකීගෙ මුළු ලෝකෙම උනේ අජිත්..දේවකී මුස්ලිම් තරුණියක්..අජිත් සිංහල බෞද්ධ කෙනෙක්.මේ දෙන්නා හඳුනන් බොහෝ කල් වෙනවා..ගෙවල්වලින් තිබුන අකමැත්ත හින්ඳම දේවකීගෙත් අජිත්ගෙත් එකතුවීමෙ සිහිනය දුර ඇදෙමිනුයි තිබුනෙ..
මේ අතර අජිත්ගෙ ගෙදරින් අජිත්ට විවාහයක් කතා කරලා තිබ්බා.අජිත්ගෙ හිතෙත් යම් යම් හැල හැප්පීම් තියෙන්න ඇති..නමුත් අජිත්ට පමනක් තීරණ ගැනීමේ අයිතියක් තම මව ඔහුට අහුරා තිබුණා..
අජිත්ගෙ මව ටිකක් සැර පරුෂ චරිතයක් නිසාම අජිත්ට බොහෝ වෙලාවට...ඔහුගේ මවගේ මතයටද ඉඩ දීමට සිදුව තිබුනා.
"පුතා අද කොහෙවත් යන්ඩ එපා..අපි එනකන්
කඩේ ඉන්ඩ ඕනෑ....."
අජිත් කාමරේ සිට එලියට ඇවිත් දොරකඩ හිටගත්තා විතරයි..
අජිත්ගෙ මව වෘතිය වශයෙන් මුඳල් පොලියට දුන්නා...ඊට අමතරව පොඩි සිල්ලර කඩයකුත් කෙරුවා.ඔහුගෙ පියා හිටපු පියන් කෙනෙක්..
ඔහු දැන් විශ්රාමිකයි..නිවිච්ච මනුස්සයා.


දුරකතනයෙන් වුවද දේවකී එක්ක කතා කරන්න අජිත් බොහෝ වෙලාවට නිඳසේ ඉන්න කැමතියි..
බොහෝ සේ තරබාරු තම මව කළුපාට ඉදිමිච්ච වගේ මූණෙන් කරණ ගැරහුම්වලින් මිඳෙන්න අජිත් බොහෝ සේ ප්රිය කරයි..ඔහුට ඇය කොහේ හෝ නිවසින් පිටව යෑම එක්තරා නිඳහසකි.
තම මව සුදුවතින් සැරසී පියාද සමඟ ත්රීවීලරයේ නැඟ ඈතට නික්ම ගිය පසු දේවකී සමඟ කතාවට සුදුසුයි.
"සොහොන් කාළි මහා දේවාලය"
ගෑණු කෙනෙක් මායම් වෙන මෙම දේවාලය බොහෝ අතුරුපාරවල් මතින් ගිය තැන හමුවන්නකි.
"මෑණියෝ අපි ආවෙ පුතා ගැන ටිකක් බලාගන්න...මං අර පෙරේදා කෝල් එකක් දුන්නෙ ...."
අජිත්ගේ මව එහි යෑමට පෙර සියල්ල දුරකතනයෙන් දැනුම් දී තිබුණි...
මෑණියෝ ද ටිකක් උස කෙසඟ සිරුරක් තියෙන කොණ්ඩය ක්රේල් දිග,තලෙලු සිරුරක් ඇති තැනැත්තියකි..මුහුනේ පිරුණු ස්වභාවයක් ගත් ඇය තරමක් ඇට්ටර ස්වභාවයෙන් යුක්තය.
"හා මට මතකයි...ඔයා මීට ඉස්සරලත් මෙහෙ ආවනෙ..."
"ඔව් මං ඇවිල්ලා වැඩ කීපයක්ම මෑණියොන්ඟෙන් කරන් ගියේ...අනේ දෙයියන්ට පිං සිද්දවෙන්න ඒවා අකුරටම හරිගියා ...."
අල්ලාප සල්ලාපයේ යෙදුන ඔවුන් දෙස අජිත්ගේ පියා මාරුවෙන් මාරුවට ඔවුන්ඟේ මුහුණු දෙස බලා සිටියා හැර වෙන කිසිඳු වචනයක් කතා කළේ නැත....
"හොඳයි අපි ආව වැඩේ කරලා ඉමු..."
මෑණියෝ හිඳ සිටි අසුනෙන් නැඟී සිට තම දෙවොල කරා රිංඟන ගමන් දෙවොලේ දොරේ හඟවා තැබූ සුදු පිරුවටයත් , රතු රෙදි සාටකයත් පැලඳ ගත්තා ...
ඒ කැටුව ගිය අජිත්ගෙ මවත් දෙවොලෙ දොරකඩ අබියස ඉඳ අතේ තිබුණ බුලත් අත උඩින් පන්සීයේ නොට්ටුවක් තම හෑන්ඩ් බෑගය මතින් ඇද දිගහැර තැබුවා...


"ඕංං........කාලී....සොහොන් කාලී...වඩිග අම්මාහ්හ්හ් ....වර ....ඕංංං...හූ...."
අජිත්ගෙ මව කඩිමුඩියෙ තම තඩි සිරුරත් එක්කලා සොහොන් කාළි දේවාලය ඇතුලට රිංඟ ගත්තා....
යහන උඩින් පඬුරු දිග හැර තබා ඇය සිතා ගත්තා..තම පුතාගෙ කරේ එල්ලුණ එකියක් වෙතොත් හැඳිගෑවිලාම පල කියලා..
"ඈ බොල තොට දැන් එකෙක් හැඳිගාවන්ඩද
ඕනෑ.....?"
"එහෙමයි මෑණියෝ ...එහෙමයි..."
🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚
දවස් කීපයක සිට දේවකී හා අජිත් අතර ඇති වූ යම් විරසකයක් නිසා දේවකී තම නිවසේ මුඳුන් යටේ එල්ලී සියදිවි හානිකොට ගෙන තිබුනා...
ඊට පෙර දේවකී තම අත කපාගත් පසු ගලා යන රුදිරයෙන්...අජිත්ට බලවත් ආදරයක් ඇති බවත් ...අජිත් නොමැතිව ජීවත් වී ඵලක් නොමැති බවත් බිත්තියේ ලොකු අකුරෙන් ලියා ත්බා තිබුනා...
හරියටම මැඳියම් රෑ...යක්කු ගස් නඟින වෙලාවට (12) දේවකී ගෙල ලාගෙන ඇති බවට සාක්කි තිබුනා...
මේ සිදුවීම් කිසිවක් අජිත්ට කලක් යන තුරු අජිත්ට යම් දුකක් හෝ වේදනාවක් ගෙනාවේද නැත.අජිත් දේවකී ගැන මතකය ඒ වන විට සහමුලින්ම අමතක කොට දමා තිබුණි.
අජිත්ගේ මව යෝජනා කර තිබූ විවාහය කඩි මුඩියේ ඉවර කිරීමත් අජිත්ගෙ මවගෙ අභිප්රාය වූයේ ය.
එය එසේම සිදුවිය....
විවාහයේ සියළු දෑ අහවර වී අජිත්ගේ හනිමුං යෑමඳ සිදුවිය...ඒ නුඳුරු ප්රදේශයක තිබූ ස්ථානයක් වෙතම ය.
සියළු සිදුවීමන් අතර තුර අජිත් හා අළුත බැඳි මනමාලිය නින්ඳට වැටී තිබුනේ දවල් දවස පුරාම වූ...මහන්සිය නිසාවෙනි...
"එක්ස්කියුස් මී බොස් යූ හෑව් අ ටෙක්ස් මැසේජ්"
අජිත්ගේ ෆෝන් එකේ මැසේජ් රිංග් ටෝන් එක වූයේ එයයි...එය අජිත් අවදි කිරීමට තරම් හඬකින් නොවූවද අජිත් ගැස්සී උඩ ගොස් අවදි විය.
"මේ රෑ....ෆෝන් එක..."අජිත් ඇඳ අසලින් තිබූ ස්වීචය ඔන් කර කාමරයේ විදුලි පහන් දල්වා..එහි බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැළු විට හරියටම රෑ 12 ලඟ කටු දෙක නතර වී තිබුනේ ය.තප්පර කටුව පමනක් දුවන හඬ ඇසෙන තරමටම එහි නිස්කලන්ක පරිසරයකි...


තම දුරකතනය අතට ගත් අජිත් ....කෙටි පණිවිඩය පිරිස්සීමට පෙර තම බිරිඳ දෙස හැරී බැළුවේ ය...ඇය පැත්තකට හැරී නිඳා සිටියේ ය.
නැවතත් දුරකතයේ පණුවුඩය කරා නෙත යැව් අජිත්ට හීන් දහඩිය දාන්නට විය...
=(මං ඔයාට ගොඩක් ආදරෙයි අජිත් මට ඔයා වෙන කෙනෙක්ට අයිතිවෙන්න දෙන්න බෑ..මම දේවකී)=
කාමරයේ ජනෙල් පියන් ඉබේ විවරව ගියේය...
එහි දමා තිබූ කර්ටන් සියල්ල කැඩී යන්නට මෙන් මහා හුළඟක් හමන්නට විය...මහ අමුතු මූසල ගඳක් එක්ක සීතල යමක් අජිත්ගේ ගෙල පිටුපස ගැල්වෙනවා අජිත්ට දැනුනේ ය...
දහඩිය ඉහෙන් කනින් විසි වී නැකිටින්නට වෙර දැරූ අජිත්ට එය කරගන්න බැරි විය..
ඔහු පුළුවන් උපරිමයෙන් කෑ ගැසුවද ලඟ සිටි අළුත බැඳපු තම බිරිඳටද ඇසුනේ නැත...අතපය පවා ගල්වී තිබේ...
කාමරයේ විදුලිපන්කාව ඉබේ නිවි නිවී දැල්වෙන්නට විය...
සිවිලිමේ කොණ්ඩය විහිදා දේවකී දිව එලියට දමා එල්ලී සිටින දසුන එකිනෙහෙම නිවි නිවී දැල්වෙන එලියෙන් අජිත්ට පෙනෙන්නට විය.
යලිත් එකිනෙහිම අජිත්ගේ මුහුණටම එබී දේවකී අජිත්ගේ තොල් සිඹින්නට විය...හමා හා අදික කුණු ගඳ හා ගලා යන ඕජස් අජිත්ගේ පපුව මතින් ගලාගෙන යනවා අජිත්ට දැනුනඳ කිසිවක් කරගත නොහැකි විය..
"අජිත් මං මැරුණෙ නෑ...මාව මැරුවා ඔයාගෙ අම්මා...."
ඇය අජිත්ගෙ කනට කරලා කොඳුරන්නට විය..
"මං යන්නෙ නෑ ඔයා දාලා...ඔයාගෙ අළුත් මනමාලි එක්ක ඔයා ලඟම ඉන්නවා...ඔයා මේක බැරිවෙලාවත් කීවොත් කාට හරි...එයාටවත් ඔයාගෙ අම්මටවත් මං පනපිටින් ඉන්න දෙන්නෙ නෑ...."
දුමාරයක් වැනි යමක් තම අළුත බැඳි බිරියගේ පපුතෙරේ ගිලී යනු දුටු අජිත්...ගල්ගැසී බලා සිටියේ ය...
නිමි......
"කියවා අදහස ලියලා නොගිය කෙනෙකු වෙත දේවකී සමාවක් නොදෙනු ඇති...."