මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

30 December 2020

---කෙටි පණිවුඩය---

 

sinhala ghost stories

වව්ලන් පියාඹන හඬ නැවතුන පසුව,නරි උඩුබුරණ හඬ ඇසෙයි...එවිට මළ වුන් සොහොනෙන් අවදිවෙන වෙලාවයි..

දේවකීගෙ මුළු ලෝකෙම උනේ අජිත්..දේවකී මුස්ලිම් තරුණියක්..අජිත් සිංහල බෞද්ධ කෙනෙක්.මේ දෙන්නා හඳුනන් බොහෝ කල් වෙනවා..ගෙවල්වලින් තිබුන අකමැත්ත හින්ඳම දේවකීගෙත් අජිත්ගෙත් එකතුවීමෙ සිහිනය දුර ඇදෙමිනුයි තිබුනෙ..
මේ අතර අජිත්ගෙ ගෙදරින් අජිත්ට විවාහයක් කතා කරලා තිබ්බා.අජිත්ගෙ හිතෙත් යම් යම් හැල හැප්පීම් තියෙන්න ඇති..නමුත් අජිත්ට පමනක් තීරණ ගැනීමේ අයිතියක් තම මව ඔහුට අහුරා තිබුණා..
අජිත්ගෙ මව ටිකක් සැර පරුෂ චරිතයක් නිසාම අජිත්ට බොහෝ වෙලාවට...ඔහුගේ මවගේ මතයටද ඉඩ දීමට සිදුව තිබුනා.
"පුතා අද කොහෙවත් යන්ඩ එපා..අපි එනකන්
කඩේ ඉන්ඩ ඕනෑ....."
අජිත් කාමරේ සිට එලියට ඇවිත් දොරකඩ හිටගත්තා විතරයි..
අජිත්ගෙ මව වෘතිය වශයෙන් මුඳල් පොලියට දුන්නා...ඊට අමතරව පොඩි සිල්ලර කඩයකුත් කෙරුවා.ඔහුගෙ පියා හිටපු පියන් කෙනෙක්..
ඔහු දැන් විශ්රාමිකයි..නිවිච්ච මනුස්සයා.


දුරකතනයෙන් වුවද දේවකී එක්ක කතා කරන්න අජිත් බොහෝ වෙලාවට නිඳසේ ඉන්න කැමතියි..
බොහෝ සේ තරබාරු තම මව කළුපාට ඉදිමිච්ච වගේ මූණෙන් කරණ ගැරහුම්වලින් මිඳෙන්න අජිත් බොහෝ සේ ප්රිය කරයි..ඔහුට ඇය කොහේ හෝ නිවසින් පිටව යෑම එක්තරා නිඳහසකි.
තම මව සුදුවතින් සැරසී පියාද සමඟ ත්රීවීලරයේ නැඟ ඈතට නික්ම ගිය පසු දේවකී සමඟ කතාවට සුදුසුයි.
"සොහොන් කාළි මහා දේවාලය"
ගෑණු කෙනෙක් මායම් වෙන මෙම දේවාලය බොහෝ අතුරුපාරවල් මතින් ගිය තැන හමුවන්නකි.
"මෑණියෝ අපි ආවෙ පුතා ගැන ටිකක් බලාගන්න...මං අර පෙරේදා කෝල් එකක් දුන්නෙ ...."
අජිත්ගේ මව එහි යෑමට පෙර සියල්ල දුරකතනයෙන් දැනුම් දී තිබුණි...
මෑණියෝ ද ටිකක් උස කෙසඟ සිරුරක් තියෙන කොණ්ඩය ක්රේල් දිග,තලෙලු සිරුරක් ඇති තැනැත්තියකි..මුහුනේ පිරුණු ස්වභාවයක් ගත් ඇය තරමක් ඇට්ටර ස්වභාවයෙන් යුක්තය.
"හා මට මතකයි...ඔයා මීට ඉස්සරලත් මෙහෙ ආවනෙ..."
"ඔව් මං ඇවිල්ලා වැඩ කීපයක්ම මෑණියොන්ඟෙන් කරන් ගියේ...අනේ දෙයියන්ට පිං සිද්දවෙන්න ඒවා අකුරටම හරිගියා ...."
අල්ලාප සල්ලාපයේ යෙදුන ඔවුන් දෙස අජිත්ගේ පියා මාරුවෙන් මාරුවට ඔවුන්ඟේ මුහුණු දෙස බලා සිටියා හැර වෙන කිසිඳු වචනයක් කතා කළේ නැත....
"හොඳයි අපි ආව වැඩේ කරලා ඉමු..."
මෑණියෝ හිඳ සිටි අසුනෙන් නැඟී සිට තම දෙවොල කරා රිංඟන ගමන් දෙවොලේ දොරේ හඟවා තැබූ සුදු පිරුවටයත් , රතු රෙදි සාටකයත් පැලඳ ගත්තා ...
ඒ කැටුව ගිය අජිත්ගෙ මවත් දෙවොලෙ දොරකඩ අබියස ඉඳ අතේ තිබුණ බුලත් අත උඩින් පන්සීයේ නොට්ටුවක් තම හෑන්ඩ් බෑගය මතින් ඇද දිගහැර තැබුවා...


"ඕංං........කාලී....සොහොන් කාලී...වඩිග අම්මාහ්හ්හ් ....වර ....ඕංංං...හූ...."
අජිත්ගෙ මව කඩිමුඩියෙ තම තඩි සිරුරත් එක්කලා සොහොන් කාළි දේවාලය ඇතුලට රිංඟ ගත්තා....
යහන උඩින් පඬුරු දිග හැර තබා ඇය සිතා ගත්තා..තම පුතාගෙ කරේ එල්ලුණ එකියක් වෙතොත් හැඳිගෑවිලාම පල කියලා..
"ඈ බොල තොට දැන් එකෙක් හැඳිගාවන්ඩද
ඕනෑ.....?"
"එහෙමයි මෑණියෝ ...එහෙමයි..."
🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚
දවස් කීපයක සිට දේවකී හා අජිත් අතර ඇති වූ යම් විරසකයක් නිසා දේවකී තම නිවසේ මුඳුන් යටේ එල්ලී සියදිවි හානිකොට ගෙන තිබුනා...
ඊට පෙර දේවකී තම අත කපාගත් පසු ගලා යන රුදිරයෙන්...අජිත්ට බලවත් ආදරයක් ඇති බවත් ...අජිත් නොමැතිව ජීවත් වී ඵලක් නොමැති බවත් බිත්තියේ ලොකු අකුරෙන් ලියා ත්බා තිබුනා...
හරියටම මැඳියම් රෑ...යක්කු ගස් නඟින වෙලාවට (12) දේවකී ගෙල ලාගෙන ඇති බවට සාක්කි තිබුනා...
මේ සිදුවීම් කිසිවක් අජිත්ට කලක් යන තුරු අජිත්ට යම් දුකක් හෝ වේදනාවක් ගෙනාවේද නැත.අජිත් දේවකී ගැන මතකය ඒ වන විට සහමුලින්ම අමතක කොට දමා තිබුණි.
අජිත්ගේ මව යෝජනා කර තිබූ විවාහය කඩි මුඩියේ ඉවර කිරීමත් අජිත්ගෙ මවගෙ අභිප්රාය වූයේ ය.
එය එසේම සිදුවිය....
විවාහයේ සියළු දෑ අහවර වී අජිත්ගේ හනිමුං යෑමඳ සිදුවිය...ඒ නුඳුරු ප්රදේශයක තිබූ ස්ථානයක් වෙතම ය.
සියළු සිදුවීමන් අතර තුර අජිත් හා අළුත බැඳි මනමාලිය නින්ඳට වැටී තිබුනේ දවල් දවස පුරාම වූ...මහන්සිය නිසාවෙනි...
"එක්ස්කියුස් මී බොස් යූ හෑව් අ ටෙක්ස් මැසේජ්"
අජිත්ගේ ෆෝන් එකේ මැසේජ් රිංග් ටෝන් එක වූයේ එයයි...එය අජිත් අවදි කිරීමට තරම් හඬකින් නොවූවද අජිත් ගැස්සී උඩ ගොස් අවදි විය.
"මේ රෑ....ෆෝන් එක..."අජිත් ඇඳ අසලින් තිබූ ස්වීචය ඔන් කර කාමරයේ විදුලි පහන් දල්වා..එහි බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැළු විට හරියටම රෑ 12 ලඟ කටු දෙක නතර වී තිබුනේ ය.තප්පර කටුව පමනක් දුවන හඬ ඇසෙන තරමටම එහි නිස්කලන්ක පරිසරයකි...


තම දුරකතනය අතට ගත් අජිත් ....කෙටි පණිවිඩය පිරිස්සීමට පෙර තම බිරිඳ දෙස හැරී බැළුවේ ය...ඇය පැත්තකට හැරී නිඳා සිටියේ ය.
නැවතත් දුරකතයේ පණුවුඩය කරා නෙත යැව් අජිත්ට හීන් දහඩිය දාන්නට විය...
=(මං ඔයාට ගොඩක් ආදරෙයි අජිත් මට ඔයා වෙන කෙනෙක්ට අයිතිවෙන්න දෙන්න බෑ..මම දේවකී)=
කාමරයේ ජනෙල් පියන් ඉබේ විවරව ගියේය...
එහි දමා තිබූ කර්ටන් සියල්ල කැඩී යන්නට මෙන් මහා හුළඟක් හමන්නට විය...මහ අමුතු මූසල ගඳක් එක්ක සීතල යමක් අජිත්ගේ ගෙල පිටුපස ගැල්වෙනවා අජිත්ට දැනුනේ ය...
දහඩිය ඉහෙන් කනින් විසි වී නැකිටින්නට වෙර දැරූ අජිත්ට එය කරගන්න බැරි විය..
ඔහු පුළුවන් උපරිමයෙන් කෑ ගැසුවද ලඟ සිටි අළුත බැඳපු තම බිරිඳටද ඇසුනේ නැත...අතපය පවා ගල්වී තිබේ...
කාමරයේ විදුලිපන්කාව ඉබේ නිවි නිවී දැල්වෙන්නට විය...
සිවිලිමේ කොණ්ඩය විහිදා දේවකී දිව එලියට දමා එල්ලී සිටින දසුන එකිනෙහෙම නිවි නිවී දැල්වෙන එලියෙන් අජිත්ට පෙනෙන්නට විය.
යලිත් එකිනෙහිම අජිත්ගේ මුහුණටම එබී දේවකී අජිත්ගේ තොල් සිඹින්නට විය...හමා හා අදික කුණු ගඳ හා ගලා යන ඕජස් අජිත්ගේ පපුව මතින් ගලාගෙන යනවා අජිත්ට දැනුනඳ කිසිවක් කරගත නොහැකි විය..
"අජිත් මං මැරුණෙ නෑ...මාව මැරුවා ඔයාගෙ අම්මා...."
ඇය අජිත්ගෙ කනට කරලා කොඳුරන්නට විය..
"මං යන්නෙ නෑ ඔයා දාලා...ඔයාගෙ අළුත් මනමාලි එක්ක ඔයා ලඟම ඉන්නවා...ඔයා මේක බැරිවෙලාවත් කීවොත් කාට හරි...එයාටවත් ඔයාගෙ අම්මටවත් මං පනපිටින් ඉන්න දෙන්නෙ නෑ...."
දුමාරයක් වැනි යමක් තම අළුත බැඳි බිරියගේ පපුතෙරේ ගිලී යනු දුටු අජිත්...ගල්ගැසී බලා සිටියේ ය...
නිමි......
"කියවා අදහස ලියලා නොගිය කෙනෙකු වෙත දේවකී සමාවක් නොදෙනු ඇති...."



No comments:

Post a Comment