නිවාඩුවට ගෙදර ඇවිත් ආපහු යන්න යන දවසේ.උදේම බදුල්ල කොලඹ බස් එක අල්ලගන්න නම් මහ රෑ යන්න ඕනි ප්‍රධාන පාරට තනිකර පාලු පාර..කිලෝමීටර් දෙකක් විතර දුර යන්න ඕනි.ඒ කාලේ අපේ ගෙදර ඉදන් කිලෝමීටර් එකක් විතර යනකම් ගෙවල් දෙක තුනයි තියෙන්නේ....පාර අයිනේ..කට්ට කලුවරේ යන්න ඕනි මහ රෑ...උදේ එකට පස්සර ඉදන් එන බස් එකට යන්න.
තාත්තා දීපු තේ එකත් බීලා බෑග් එකත් අර ගෙන පිටත් උනා යන්න.
ගෙවල් පාරෙන් අනිත් පාරට බැහැලා ටිකදුරක් යනකොට තියෙනවා කොස් ගස් මණ්ඩියක්...ඒක නිසා හද එලියවත් වැටෙන්නෙ නෑ පාරට.කට්ට කලුවරයි..
ටික දුරක් යනකොට මගේ පිටි පස්සෙන් ඇහෙනවා ටොක් ටොක් ගාලා සද්දයක්...එක්කෝ හරකෙක් එනවා වගේ...මං ආවා ඒත්...ටික වෙලාවකින් ආයෙත් ඇහෙනවා..චූටියට එලියක් වැටුනු තැනකදි මං හැරිලා බැලුවා මොකාද එන්නේ කියලා..බැලීනම් අල්ලපු ගමක අදුරන වයසක මාමා කෙනෙක්.
එයාගෙ වැඩේ ඔය කොහේහරි ඇවිද ඇවිද කයිවාරු වක් ගහගෙන ඉන්න එක තමයි...
මං ඉතිං තනියම යන එකේ හොදයිනේ කියලා එයත් එක්ක කයියක් ගහගෙන ආවා...ලමයින්ගෙ ගෙදර ගියාලු..බස් එකට බැරි උනාලු කතා ගොඩයි ඉතින්.කොහොමත් මිනිහට පොඩ්ඩක් අවුල්...
මං එච්චර ගනන් ගත්තෙ නෑ.මොකද මටත් ඕනි කයියක් ගහගෙන යන්න හින්දා ..ඒත් ටික දුරක් ඇවිත් අනේ බෑ පුතේ...මට හයියෙන් යන්න කියලා ඉද ගත්තා පාර අයිනේ...ඊට පස්සේ මට බඩගිනියි ....හන්දියට ගියාම කන්න මොකුත් ගන්න සල්ලිත් නෑ...පුලුවන්නම් කීයක් හරි දීලා යන්න කිව්වා..
මං ගාව මාරු සීයක් තිබිලා මං දුන්නා..මං යං කිව්වත් බෑ පුතා යන්න මං පස්සේ එන්නම් හිමීට කිව්වා....
එහෙනම් මාමා එන්න...කියලා මං ඉක්මනට ගියා...මොකද එහෙම ගියානම් බස් එක මිස් වෙනවා...
කෑම්ප් එකට ගිහින් පහු වෙනිදා තාත්තට කෝල් කරාට පස්සේ විස්තර කියලා නං තාත්තට මේ ගැන කිවුවා
තාත්තා කියපු දෙයින් තමයි දෙලෝ රත් උනේ.
ඒ මාමා මැරිලා මාස දෙකක් විතර වෙනවා කියලා
Source: Link