මෙහි ඇති සියලුම කතා වල අයිතිය මුල් රචකයා සතු වන අතර කතාව ලබාගත් මුලාස්‍රය අවසානයේ දක්වා ඇත. කතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබද අපගේ වගකීමක් නොමැත.

17 June 2020

---පලිගැනිම (සත්‍ය කතාවක්)---



මේ සිදුවීමද 1987 නුවර පේරාදෙනිය ප්‍රදෙශයේ සිදු වූ සත්‍ය සිදුවිමකි. නම් පමනක් වෙනස් කර ඇත.


1987/88 වසර නම් විශ්වවිද්‍යාල සිසුන්ට තරමක් අසීරැ වසරකී. වාමන්ශික හා පාලක දේශපාලන පක්ශවල බලපෑම විශ්වවිද්‍යාල මත පැටවී ඇති කාලයකි. මෙහි බලපෑම වඩත්ම දැනුනේ දුර බැහැර සිට පැමින බොඩිම් වල නැවති ඉගෙනිම් කරන ශිෂයින් හටය. විශ්වවිද්‍යාල තුලටද සිසුන් නොවන විවිද පුද්ගලයන්ද නිතර ආ ගිය කාලයකි.


මේ 1987 වසරේ අවසන් කාලයයි.


නුවර සහ පේරාදෙනිය වෙන් වනුයේ මහවැලි ගගෙනි. දුම්රිය ගමනා ගමනය සදහා මහවැලි ගග මතින් නුවරත් පේරාදෙනියත් යා කෙරෙන ප්‍රසිද්ද "කලු පාලම" පිහිටයි. මේකල රාත්‍රි තැපල් දුම්රිය නුවර දක්වාම පැමිනේ.


"අන්න කවුද ගැනු ලමයෙක් ඊයේ රෑ කොච්චියට පැනනලු බන්, මිනිය වැටිලා තියෙනවාලු පාලම ලග."
උදෑසනම මේ අවට ජනතාව හා දුම්රිය ස්තාන අතර පැතිර ගියේ මේ ඉතා අවාසනවන්ත ආරන්චියයි. ආරන්චිය පැතිර ගිය වහාම දුම්රිය ස්තානාධිපතිත් තව කිහිප දෙනෙකුත් කලු පාලම අසලට දිව යන්නට විය. ඔවුන් යන විටත් එහි ප්‍රදේශවාසින් රැස් වී සිටි අතර ඔවුන් ඉවත් කරීමටත් පොලිසියට පනිවිඩයක්ද යැවීමත් සිදු කලේය.


මේ සියල්ල අවසානයේ මොවුන් දුටුවේ ඉතා ශෝකබර දර්ශනයකි. තරුනිය ඉතා ශෝබාසම්පන්න තරුනික් බවට සැක නැත. කොච්චියේ වැදුනු තරැනිය රේල් පරෙන් මදක් ඉවතට විසි වී ඇත. ඇගේ ඔලුවේහි පැත්තක් බිදි සැහෙන ලේ ප්‍රමානයක් අවට විසිරි ගොස් ඇත. ඇය ඇද සිටිනුයේ රතු පහැති ගවුමකි. එයද ලේ පැල්ලම් වලින් වලින් තරමක් වැසි ඇති ලෙසකි.
පොලිසිය පැමිනීමත් මුලික පරීක්ශන සිදු කිරීමත් මේ අතරම සිදු වූ අතර. ඉන් පසුව සිරැර මරන පරීක්ශන සදහා රැගෙන ගියේය. රැසව සිටි පිරිසද කෙමෙන් විසිර ගියේය.


පොලිසිය තරැනිය පිලිබද විස්තර සෙවීමෙදි දැන ගැනීමට ලැබුනේ. මේ තරැනිය දුම්රිය පලට මදක් නුදුරින් නවාතැන් ගෙන සිටින විශ්වවිද්‍යාලයේ දෙවන වසර සිසුවියක් බවයි. ඉගෙනිමෙහි දක්ශතාද දක්වු ඇය දීප්තිමත් අනාගතයක් තිබු අයෙකු බව ඇගේ මිතුරියන් පවසයි. මේ සිදු වීම සිදුවීමට පෙර දින රාත්‍රියේ ඇය බොඩිමට නොපැමිනි බවත් දැන ගැනිමට ලබුනී. තව දුරටත් සෙවීමේදි සොයා ගැනුනේ එදිනම සවස විශ්වවිද්‍යාලයෙන් පිටතට පැමිනි ඇයව තරුනයින් දෙදෙනෙකු වැන් රථයකට නන්වා ගත් බවයි. මේ පිලිබදව එය ඇසින් දුටු සුලු සෙවකයෙකු සාක්ශි දරයි. මෙම සුලු සේවකයා පැවසුවේ ඇය මෙම රථයට කැමත්තෙන් නොනැගුන බවත් තරමක් බලෙන් ඇයව නන්වා ගත් බවත්, මෙම නිසා මෙම සුලු සේවකයා මෙම වැන් රථයේ ලියාපන්දින්චි අන්කය ලියා ගත් බවයි. මේ විස්තර මේ මොහොතේ එතරම් වැදගත් බවක් නොපෙනුයේ පොලිසිය මෙය සිය දිවි නසා ගැනිමක් බවට සැක කල නිසාය.


මරන පරීක්ශන වාර්තාවේ සදහන් වනුයේ මරනයට හේතුව හිසෙහි සිදු වු තුවාලයෙන් ඇති වූ ලේ වහනය බවයි. නමුත් පොලිසියේ ඉල්ලිම පරිදි කරන ලද විශේශ පරික්ශනයකින් තවත් වැදගත් කරුනක් ලෙස ඉදිරිපත් වුයේ මෙම තැරුනිය මිය යාමට පෙර බරපතල ලෙස අතවරයකට ලක් කර ඇති බවයි. මෙය පොලිසියේ පරික්ශන ආපරාදයක් දෙසට යොමු විය.
ඉහත සුලු සෙවකයගේ ප්‍රකශය හා තවත් සක්ශී මත හෙලි වුයේ මැගේ කලින් පෙම්වතා සහා ඔහුගේ යහලුවෙකු ඇයව ඉහත කී වැන් රථයට බලෙන් නන්වා ගැනිමේ සිද්දියට සම්බන්ද බවයි.


වැන් රථයේ ලියාපදින්චි අන්කය හා තවත් සක්ශි මත කල පරීක්ශන වලින් මෙම තරැනියගේ පෙර පෙම්වතා ඔහුගේ යලුවා සහා රියදුරු අත් අඩන්ගුවට ගත හැකි විය. මෙම පෙම්වතාගේ යහලුවා එවකට පැවති පාලක රජයේ ප්‍රබල මන්තීවරයෙකුගේ ලගම නෑදෑයෙකු වෙයි. මොහුගේ පවුලේ අයද දේශපාලනයට සම්බන්ද නිසා මින් අනතුරුව පරික්ශන සිදු වුයේ වෙනස්ම ආකාරයකටය.


(මාගේ මේ කතාවට පාදක වෙන්නෙ පොලිස් පරික්ශන නොව ඉන් අනතුරැවුව කාලයක් යන තෙක් සිදු වූ අත්බූත සිදු වීම් සමුහයකි. ඉහත පුද්ගලයන් අත්අඩන්ගුවට ගැනිම් හා ප්‍රශ්න කිරීම් මගින් හෙලි වූ කරුනු බොහොමයක් උසාවිය තෙක් කුමන හෝ හෙතුවක් මත හො පැමිනියේ නැත. නමුත් පසුව හෙලි වු කරුනු මේ තරුනියට සිදු වූ දේ හෙලි කිරීම සදහා මම මෙසේ සටහන් කරමි. )


පසුව දැන ගත් ආකාරයට මේ තරුනියගේ පෙර පෙම්වතා මෙම ප්‍රදෙශයේම අයෙක් වන අතර ඔහු යහපත් පුද්ගලයෙකු නොවේ. මොහු කිසිම ආකාරයට විශ්වවිද්‍යාලයට සම්බන්ද ශිශ්‍යයන්ද නොවේ. මොහුගේ දෙශපාලනයට සම්බන්ද යලුවාද සමගින් මොවුන් නගරයේ විවිද කටයුතු කරමින් සිටින පුද්ගලයන් දෙදෙනකි. ඉතා කඩවසම් තරැනයෙක් වන මොහු මෙම තරැනිය මුනගැසෙන්නේ ඇයගේ යෙහෙලියකගේ උදව්වෙනි. ඇය සහ මොහු පෙමින් බැදීම මේ සමගම සිදු වූ අතර සය මසක් පමන මොවුන්ගේ ප්‍රේමය පැවතියෙය. මෙ තරුනයාගේ නොමනා හැසිරීම් හා අඩම්තේට්ටම් මත මොහුගෙන් ඇය වෙන් වන්නේ නොකරම බැරි නිසාය. මේ ප්‍රේමය බිද වැටිම මෙම තරුනයා එතරම් හොදින් බාර ගන්නේ නැත.
"මම ඔකීට පාඩමක් උගන්නන්නේ නැද්ද බලහන්කෝ" ලෙස තම මිතුරා ඉදිරි සපථ කර සිටියේ ඇය කෙරෙහි දැඩි කේන්තියකිනි.


මේ සිදුවීම සිදු වී මාසයක් ගතවිය. මිය ගිය තරැනියගේ යෙහෙලිය නැවත ඇයට කලින් පෙම්වතා ගැන පවසා ඇවිටිලි කරන්නට විය.


"උබේ කලින් කොල්ලාගෙන් මට මාර කරදරේ බන් උබව meet වෙන්න හදලා දෙන්න කියලා. "
"පොඩ්ඩක් කතා කරලා බලහන්කෝ මොකද ඔය කියලා. ". යහලුවාගේ පෙරැත්ත මත මෙම තරැනිය ඔහු හමූ වීමට දින ‍යොදා ගත්තේය. එක දිනයක සැන්දෑවේදි ඇය ඔහු හමුවීමට සැලසුම් කොට ඇය විශ්වවිද්‍යාලයෙන් එලියට පැමින නගරය දෙසට අවිද යන්නට විය.


මෙම තරැනයා කලින් යොදා ගත් පරිදි පැමිනෙන්නෙ ඇය හමූ වීමටයි නමුත් තනියෙම නම් නොවේ. බීමත්ව ඔහු පැමිනෙන්නෙ ඔහුගේ දෙශපාලන සබදකම් ඇති ඔහුගේම යලුවාද සමගය. ඇයත් සමග කාතා කරනා මොවුන් දෙදෙනා ඇයව කැදවා ගෙන යාමට තැත් කරයි. ඇය අකමැති වන්නේ අනතුරක සෙයාවක් දැනුනු නිසාය. සැන්දෑ වන විට මෙකල නගර වලද වැඩි සෙනගක් නැත. එක වරම ඇයව වාහනය තුලට තල්ලු කරනා ඇගේ පෙම්වතාගේ මිතුරා ඇයව වාහනයට නගවා ගනි. මෙයත් සමගම නගරයෙන් ඉවතට ඇදෙන වාහනය නවතින්නේ තරමක් පාලු නිවසක් අසලය. තරමක විශාල වත්තක් සහිත මේ නිවස පාලුවට ගොස්‍ ය. මෙහි අයිතිකරුවාද තරමක මැදිවියේ සිටින මොවුන්ගේ හිතවතෙකි. පෙර සැලසුමකට නිවසේ අයිතිකරු මොවුන් එන තෙක් බලා සිටින්නේ සිදු වීමට යන දේ පිලිබද දැනගෙනය. වේලාව රාත්‍රි 8 ට පමනය. සියල්ල අදුරේ ගිලි ඇත. ලයිට් නිවා පැමිනි වාහනය නිවස ඉදිරිපිට නවත්වයි. මුලිම බැස ගන්නේ තරැනියගේ පෙම්වතායි ඇය තැරුනියව එලියට ඇද ගන්නේ ඇගේ විරෝදයද නොතකාය. ඇය කෑසිමට උත්සහා කලද එයටද උන්ගේන් ඉඩක් නැත.


සියලුදෙනාම එකතුව ඇයගේ දෑත් හා දෙපා බැද ඇයව කාමරයකට දමන්නේ ඔවුන්ගේ වෙලාව එනතුරුය. මිනිසුන් සිව් දෙනෙකු අතින් ඇයට සිදු වූ දෙය පිලිබදව මා ඔබට පැවසිය යුතු යැයි මා සිතන්නේ නැත. එම සිදුවීමේ දරැනු වීම කොතෙක්ද කිවහොත් ඇගේ කෑගැසිම තරමක් දුර පිහිටි නිවෙස් වලටද ඇසි ඇත. නමුත් දුරකතනද නොමැති මෙකල රාත්‍රි ගමන් යෑම මොනම හේතුවක් මත හෝ කිසිවෙකු නොකරයි.


වේලාව රාත්‍රී 1 ද පසූ වී ඇත. පැය 5කට පසුව සියල්ල අවසනයේ මොවුන් සිව් දෙනා මත් පැන් බදුනක් විවෘත කරන්නේ ජයග්‍රාහි විලසිනී. "ඒ අරකිට සිහි නෑ බන්, මුකුත් කේස් එකක්ද දන්නේ නෑ" යැයි පැවසුවේ වැන් රියේ රියදුරැය. උපහාස හා අපහාස රැසක් සමගින් මද වේලවකින් ඇය පාරික්ශා කල ඇයගේ පෙම්වතාගේ යෝජනාව වූයේ "මේකිව බොඩීම ලගට ගිහින් දාමු. උන් බලාගනිනේ" යන්නයි.


මෙයත් සමගම වැන් රියේ රියදුරැ හා දේශපාලන මිතුරා ඇයව වාහනයේ නන්වාගෙන පිටත් විය. නුවරටත් ඒ හරහා පේරාදෙනියට ලන්වන විටම ඔවුන් ඈතින් දුටුවේ පොලිස් මුර පොලකි. "හරෝපන් හරෝපන් වාහනය අර ඇතුල් පාරට දාපන්, මේකිව මේ කොහෙන් හරී දාලා යමු" යැයි පැවසු දේශපාලන මිතුරා මෙම තරුනියව මග දමා යෑමට පාලු තැනක් සෙවීය.
"ඔන්න ඔතන නවත්තහන්" යන විධානයත් සමග වාහනයේ රියදුරැ වැන් රිය නැවැත් වීය. මේ සමගම අනෙකා ක්‍රියාත්මක වී ඈයව පාර අයිනට ඇද දමන්නට විය. එසැනින් වාහනය වේගයෙන් නික්ම ගියේය.


තරමක වෙලවක් ගතවිය. තරැනිය තාම පාර අයිනේ ය. කෙමෙන් කෙමෙන් ඇයට සිහිය එන්න විය. තවත් මිනිත්තු කිහිපයකින් ඇයට සම්පුර්න සිහිය පැමිනියේය. ඇය සෙමෙන් සිදූ වූ සියල්ල කල්පනා කරන්නට විය. ඇගේ මතකයට සියල්ල පමිනියේ නිමේශයකිනි. තමාගේ පෙම්වතාද ඇතුලුව සිව් දෙනෙකු ඇයට කල අපරාදයත් ඉන්පසු පැයට පහරදුන් සැටිත් ඇයට මතක් වූවා විය හැක. සෙමින් නැගි සිටි ඇය සෙමෙන් සෙමෙන් ඉදිරියට යන්නට විය. කෙමෙන් රේල් පාරට වන් ඇය රේල් පාරේ ඉදිරියට ගමන් කරන්නට විය. ඇයගේ මනසේ මේ වේලාවේ කුමන ආකාරයේ අදහස් තිබුනේදැයි මා නොදනී. නමුත් ප්‍රමාදවී පැමිනෙන රාත්‍රී තැපල් දුම්රිය ඈතින් එන සද්දය ඇසේ. ඇයට රේල් පරෙන් ඉවත් වීමට අදහසක් නැත. කලු පාලම අසලට පැමිනි ඇය තවදුරටත් දුම්රිය ඉදිරියටම පැමිනෙයි. විශාල නලා සද්දයත් සමග දුම්රිය හා මෙම තරැනිය එකිනෙකා හමු වෙයි. දුම්රියෙහි ගැටිමත් සමගම ඇගේ සිරුර ඉවතට විසි වනුයේ ඇගේ ප්‍රානය නිරැද්ද සිරැරයි.
මේ ඇයගේ අවසාන සිදුවිම දකින්නේ කලු පාලම අසල කූඩා කූඩාරමක් වන් නිවසක් තනා සිටින නුවර නගරයේ සපත්තු මහන්නෙකි. දුම්රියේ සද්දයට ඇවදි වන ඔහු දකින්නේ දුම්රිය ඉදිරියට ඇවිදගෙන යන තරැනියකි. ඇය ක්ශනිකයකින් දුම්රියේ වදින ආකාරයත් ඇගේ සිරැර ඉවතට විසි වෙන ආකාරයත් දකින මොහු අදික ලෙස බිය වී එතනින් දිව ගියේය.

මේ සිදුවීම ඇගේ මරනයත් සමග ඉවර වන්නේ නැත. කතාව ආරම්බ වන්නේ මෙතැන් සිටය.


2වන කොටස


කෙමෙන් කෙමෙන් කාලය ගත විය. රටේ එවකට පැවති වාතාවරනය හමුවේ මේ සිදුවීමද සැමට අමතකව ගියේය. පොලිසිය ආදාල පුද්ගලයන් පිලිබද පරීක්ශන පැවැත් වුවද දේශපාලන බලපෑම මත ඒවාද යටපත් විය. මෙය තවත් අසම්පුර්න හා සදාරනයක් ඉටු නොවුන කතාවක් වීමට ඉඩ තිබුනි. නමුත්,

මේ සිදුවීම සිදුවී මාස තුනක් පමන ගෙවී ගොස්‍ ය. අපේ කතානයකන් වූ සිය දිවි නසා ගත් තරැනියගේ පෙම්වතා සහ ඔහුගේ මිතුරා නිදහසේ විනොදයෙන් තමන්ගේ ජීවිතය ගෙන යයි. ඉහත තරුනියගේ මරනය හා බැදි සිදුවීම ඔවුන්ට තවත් එක සිදුවීමක් පමනී. මොවුන් හට මේ කතාව බොහො විට බීමත් වූ විට මාතෘකාවක් විය. මේ ස්ථාන වලදි මොවුන් ගේ අතින් මේ කතාව කිහිප දෙනෙකුටම පැවසීමද සිදු විය.


මෙම තරැනියගේ නම මෙතැන් සිට මම නදිනි ලෙස බාවිතා කරමි. මෙය ඇගේ ඇත්ත නමට මදක් සමානය.


නදිනි මිය යන මොහොත ඇසින් දුටු අබලන් නිවසක වාසය කල සපත්තු මසන්නා ඔබට මතක යැයි මා සිතමි. තමාගේ දවසේ වැඩ ඉවර කර ඔහු තමා නැවතී සිටින නිවසට පමිනියේ මදක් රෑ වේලා ය. ඉකමනින්ම නිදට වන් මොහු රාතියේ අවදි විය. තමත් සමග නිවසේ සිටිනා බල්ලගේ නොනැත්වූ බිරැම නිසා එලියට පැමිනියේ බල්ලා එලවා දැමිම සදහාය. හොදින් සද ද පායා ඇති මෙදින තරමක් ඈතින් මොහු දුරුවේ තරැනියකී. ඔහුට එකවරම සිහි වුයේ මීට මාස තුනකට පමන පෙර සිදු වූ ඒ සිදුවීමයි. මේ තරැනියද ඒ හා සමානය. ඇය කලු පාලම අසල සිට රේල් පාර දෙස බලා සිටි. ඇතින් එන රාත්‍රි තැපැල් දුම්රිය එක වරම ඇය පසු කර යනතෙක්ම ඒ දෙස බලා සිටි ඇය. එකවරම ඝන අන්දකාරය තුල අතුරැදන් විය. බිය වූ සපත්තු මසන්නා තම නිවස තුලට ගොස් දොර වසා ගන්නේ අදික බියකිනි.


"අර කලු පාලම ලග දැන් දන් කව්ද කෙල්ලෙක් රේල් පාර දිහා බලාගෙන ඉන්නවලු බන්. ගොඩක් උන් දැකලා තියෙනවා. රතු ගවුමක් ඇදපු කෙල්ලෙක්."
"රේල් පාර දිගේ හැන්දෑවට එන කිහිප දෙනෙක්ම බය වෙලත් තියෙනවා." මේ කතාව ප්‍රදේශ වාසින් අතර පැතිර ගියේ ඉතා වේගයෙනි.


මේ අතර කිසියම් ව්‍යාපාර කටයුත්තක් සදහා මේ ප්‍රදේශයට පැමිනෙන්නේ නදිනිට අතවර කල නිවසේ හිමි කරුය. මොහු එදිනම හවස නිවස බලා යෑමට සැලසුම් කර සිටියද ඇති වූ ප්‍රමාදයක් නිසා රැ බො විය. මොහු සිය මිතුරාගෙන් සමු ගෙන නැවත සිය මොටර්සයිකලයට නැගුනේ ඉක්මනින් නිවසට යැමටය.
"බලාගෙන පලයන් ඔය පාරේ රෑට යන්ඩ හොද පාරක් නෙවේ". ඔහුගේ මිතුරා කිවේ පසු ගිය දිනවල සමහර පිරිස් බිය වී සිටි නිසාය.
සිනාසී ඔහුටද සමුදී නිවස බලා පිටත් වු මොහු ඉකමනින්ම ගමන් කරන්නට විය. මොහුගේ ගමන් මාර්ගයද වැටි තිබුනේ ඉහත කතාවේ අපේ පිරිස නදිනිව ගෙනත් මාර්ගයට දැමු ස්තානය හරහාය. ඉකමනින්ම ගමන් කරන මොහුගේ බයිසිකලය මේ අසලදි නතර වන්නේ කාර්මික දොශයක් නිසාය.


"මල්ලි මේ හරියේ බයිසිකල් හදන බාස් කෙනෙක් ඉන්නවද ?" මොහු විමසන්නේ පාරේ පැමිනි තරැනයකුගෙනි. අදාල මාර්ගය දැන ගත් මොහු ඒ දෙසට යන්නේ කාර්මික ශිල්පියා සොයා ගෙන ඔහුව කැදවාගෙන ඒම සදහාය. මින් පසු මොහුට සිදුවන්නේ කුමක් දැයි සාදක මට සොයා ගත නොහැක මට ඇත්තෙ අනුමානයක් පමනි එම අනුමානය ඔබට මේ මොහොතේ ඇති අනුමානයට සමානය. ඉහත තරැනයා හමු වී පැය බාගයකට පමන පසුව රේල් පාර අසල නිවෙස් වල කිහිප දෙනෙකු මොහුව දුටුවේ මර බියෙන් කෑ ගසමින් රේල් පාර දියේ දිව යන ආකාරයයි. මෙය රෑ බොවී නිවෙසට යන අපගේ සපත්තු මසන්නාද මේ සිදුවීම දැක ඇත.


පසුදා උදෑසන කාර්‍යාලිය දුම්රියක රියදුරු මහතා සහා එහි ගමන් ගත් පිරිස දකින්නේ කලු පාලම අසල මුනින් අතට ඇති මල සිරැරකි. මේ පිලිබදව පේරාදෙනිය දුම්රිය ස්තානයටත් එය හරහා පොලිසියටත් ඇනුම්දීම් සිදු විය. පොලිසිය පැමිනි විට දකින්නේ ඔනම කෙනෙකු බිය වන ආකාරයේ ආකාරයේ දර්ශනයකි.


මිය ගිය පුද්ගලයගේ සිරැර සම්පුර්නයෙන්ම පහුරෑ ගා ඇත. එය වලසෙකු කරන ලද පහුරු ගෑමකට සමානය. මුහුන අත් පා ආදි සියලුම අවයවයන් එලියට මතු වන තරම් තියුනු ලෙස දැරුනුවට තුවාල සිදු කර ඇත. මරනයට හේතුව සිතා ගැනිම අපහසු නැත. ඒ අධික රැධිර වහනයයි. එය ඉතා වේදනාත්මක මරනයක් වූවාට සැක නැත.


පොලිසිය කරැනු විමසිමේදි මම ඉහත කී රේල් පාරේ මර බියෙන් දිව ඒම වැනි කාරනා හෙලි විය. මේ අතර වැදගත්ම දේ පැවසුවේ අපගේ පරන සපත්තු මසන්නාය.


"මම යද්දි රැ 11 ට වගේ ඇති, මම දැක්කා මේ මහත්තයා කෑ ගහගෙන දුවගෙන ආපු විදිහ, ඒ ඇවිල්ලා ඔතන වැටිලා, මට සමාවෙන්න, මාව බේර ගන්න කියලා ලතොනී දීපු විදිහ." "මට එතන්ට යන්ඩ බෑ මහත්තයෝ මට බය හිතුනා, මේ මනුස්සයා කෑ ගහපු තැන හිටගෙන හිටියේ තරැන කෙල්ලෙක්, ඒ අර කෙල්ල". "රතු පාට ගවුමක් ඇදගෙන මාස ගානකට කලින් කෝච්චියට පැන්න කෙල්ල" " දෙයියම්පා මහත්තයෝ මේ ඒ කෙල්ල." " මම බය වුන පාර දිව්වා. දැන් තමයි මම එන්නේ. " සියල්ලම බය කරමින් කල මේ ප්‍රකාශය සෑම දෙනාම අතර පැතිර ගියේය. මෙහි විශේශම කරැන වන්නේ. නදිනිගේ මිනිය හමු වු තැන හා මේ පුද්ගලයගේ මිනිය හමු වූ ස්ථානය එකක් වීමය.
මෙමගින් මේ නදිනිගේ පලිගැනිමේ ආරම්බය විය.


මේ සිදුවීම ඉතා වේගයෙන් පැතිර ගියේය. අදාල කාරනා බොහොමයක් පෙර නදිනිගේ සිදුවීම හා සම්බන්ද නිසා පොලිසිය දිගු විමර්ශන ආරම්බ කලේ නැත. එය තවත් එක නොවිසදුන සිදුවීම් ඝනයට වැටුනි. මේය ආරන්චි වූ නදිනිගේ පෙම්වතා හා ඔහුගේ මිතුරා මෙය තරමක් සැකයෙන් නමුත් උපහාසයෙන් බැහැර කරන ලදි. නමුත් වැන් රියේ රියදුරා නම් මේ සිදුවීමෙන් බොහො සේ බිය වී තිබුනී.


මේ සිදු වීම සිදූ වීද දින සති බවට පෙරලිනි. යම් යම් අවස්තාවල රතු ගවුමක් හැදි තරැනිය කිහිප දෙනෙකුම දැක බිය වීම නිසා දැන් කිසිවෙකු රේල් පරේන් ගොම්මන් යාමේ ගමන් නොකරයි.


මේ අතර නදිනිගේ පෙම්වතාගේ මිතුරා හා ඔහුගේ රියදුරා (නදිනිගේ අතවරයට සම්බන්ද රියදුරා හා මේ රියදුරා එක් අයෙකි. ) දෙශපාලන කටයුත්තකට සම්බන්ද තරමක් දිගු ගමනක් යෑමට සිදුවිය. මේ ගමන ගොස් තමන්ගේ වැඩ කටයුතු ද කරගෙන නැවත පේරාදෙණියට පමිනෙන විට පාන්දර 2.30 පමන වුවා පමනි. වැන් රිය ඉතා වේගයෙන් පේරාදෙනිය හරහා නුවර දෙසට ඇදෙයි. මහවැලි ගග මතින් දිවෙන පාලම පහු කලා පමනි රියදුරාගේ පාලනයෙන් මිදුනූ වාහනය පරෙන් ඉවතට පැන නතර වූයේ ගහක වේගයෙන් වැදීමෙනි. මෙකල පාරේ මේ වේලාවට වැඩිය වාහන හෝ මිනිසුන් අද මෙන් නැත. මේම අනතුර සිදු වන විටද එය එසේමය. මෙම අනතුර හමුදා අරක්ශක රථයක ගමන් කරන පිරිසක් දකින්නේ අනතුර සිදුවී පැය බාගයක් පමන ගිය පසුවය. ඉක්මනින්ම රොහලට ඇතුලත් කරන මොවුන්ගෙන් නදිනිගේ පෙම්වතා ගේ මිතුරා බේරා ගැනිමට නොහැකි විය. ඔහු රොහලට රැගෙන ඒමට මොහොතකට පෙර මිය ගොස් ය.


ඔහුගේ පපුව වැන් රියේ ඉදිරිපස පුවරැවේ වැදී ඇත. හිසද තුවල වී ඇත. පපුව පෙදෙසේ ඇති අස්තීයක් බීදී එය පෙනහල්ල දක්වා ගිලි ඇත. තවත් දරැනු තුවාල රැසකි. දොස්තරවරැන්ගේ අදහස වුයේ සිදුවීම සිදුවී මිනිත්තු විස්සක් පමන ඔහු ජීවතුන් අතර සිටින්නට ඇත කියාය. මේ කාලය මොහුට ඉතාමත් වේදනාත්මක වූවට සැක නැත. අවසනයේ ඔහුටද වේදනාත්මක මරනයක් අත් විය.
රියදුරුගේ ජීවිතය බේරා ගැනිමට දොස්තරවරැන් සමත් විය. සැත්කමින් පසු අවදි වූ ඔහු ඇසුවේ එක පැනයකි. "අර කෙල්ලට මොකද උනේ ? මගේ වෑන් එකට පැන්න කෙල්ලට මොකද උනේ ?" කියාය.


වෙනත් කිසිම අයෙකුගේ සලකුනක් ගැන හෝ සදහනක් නැති අතර ඒ පිලිබදව සොයා ගැනිමටද පොලිසියට නොහැකි විය. "ඇය මොනවගේ තරැනියක්ද ?" යැයි දොස්තර වරයෙකු ඇසු පැනයට ඔහු කිවේ " මම දැක්කේ, රතු ගවුමක් ඇද ගත්තු කෙල්ලෙක් මගේ වාහනේ ඉස්සරහ ඉන්නවා. එක පාරටම මට වාහනේ හැර උනා වගේ උනා. එක මගෙන්ද උනේ කියන්න මම දන්නේ නෑ". " ඊට පස්සෙ මම නැගිටිද්දි හිටියේ ඉස්පිරිතාලේ." ඒ රියදුරැට කීමට ඇති කතාවයි.
මෙය එවකට පුවත්පත් වලද පල විය. ප්‍රදේශයේ ජනතාව අතර මේ කතාව රතු ගවුමක් ඇදි තරැනිය කල තවත් පලිගැනීමක් බවට පැතිර ගියේය. මේ සියල්ල සමග රතු ගවුම ඇද සිටින තරැනිය නොහොත් නදිනිගේ දෙවන පලිගැනිම ලෙස සටහන් විය.

රියදුරාගෙ ජීවිතය බේරා ගත හැකි වූ නමුත් ඔහුගේ දකුනු අත ඉවත් කිරිමට සිදු විය. සුසුම්නාවට සිදු වූ හානි නිසා ඔහුගේ ඉනෙන් පහල කොටස පන නැති විය.


සියලු සැත්කම් අවසානයේ රියදුරාව වාට්ටුවට දැමුවෙ සම්පුර්න ලෙස සුව වන තෙක්‍ ය. නමුත් සිදු වුයේ වෙනත් දෙයකි. සෑම රත්‍රියකම මේ රියදුරා සිහිනේන් කෑ ගැසිමට විය. රාත්‍රියේ කල කෑගැසිම් හා නින්දෙන් කල දැගලීම් හමුවේ මොහුගේ තුවාල නැවත පරා ගැනිමත් සිදු කර ගත්තෙය. මේ නිසා මොහු දින ගනනාවක්ම කල් ගෙවුයේ විශාල වේදනාවකිනි. රාත්‍රියේ කල කෑ ගැසිම් වලදී නදිනීගේ නම ද නිතරම සදහන් විය.
මෙලෙස කිහිප දිනක් ගතවිය. රියදුරා තුවාල පෑරිම නිසා මේ දිනවල ගත කලේ විශාල වේදනාවකිනි.

එක් දිනක් උදෑසන ඉස්පිරිතාලයේ විශාල කලබලයකි. " අර හැමදාම රෑට කෑ ගහන ලෙඩා මැරිලා." එහා මෙහා යන රෝහල් සාත්තු සෙවකයන්ගේ මුවෙහි නිතරම වාගේ පිට වූ වචනය මෙයයි.


අපගේ රියදුරා පරීක්ශා කල දොස්තරවරැන්ද ඉතා පුදුමයට පත් විය. රියදුරා මිය ගොස් තිබුනේ අධික ලෙස බිය වීමෙනි. අධික ලෙස බිය වීම නිසා ඔහුගේ මොලයේ නහරයක් පුපුරා ගොස් තිබුනී. මොහුව උදෑසන දකින විටත් සිරැර දරදඩු වී නහයෙන් හා කනෙන් ලේ එලියට පැමින තිබුනී. මෙයට අමතරව ඔහුගේ මුහුන බියෙන් විකෘති වී ගොස්‍ ය. මෙලෙස නදිනිගේ අවාසනාවන්ත සිදුවීම හා සම්බන්ද රියදුරාද මිය ගියේය. මෙයත් සමගම නදිනී තමාගේ තෙවන පලිගැනීමද සම්පුර්න කලේය.


තම මිතුරාට සිදු වු දේ හා අනෙකුත් අයට සිදු වූ දේ ඉක්මනින්ම ආරන්චි වූ නදිනිගේ පෙම්වතා මේ කාලය වන විට කල් ගෙවනුයේ ඉතා බියපත්වය. අඩුම තරමේ මොහු තමාගේ මිතුරාගේ මලගමටවත් සහබාගි නොවීය. ගමන් බිමන් සියල්ලක් නැවත්වු ඔහු නිතර මත්පැන් බීමටත් බියෙන් තමාට මුමුනමින් කල් ගෙවන්නටත් විය. සිදුවන දෙය මොහුට දැන් පැහැදිලිය. එයින් ගැලවීමටද මගක් නැත. වරක් මොහුව බැලිමට ගිය ඔහුගේ යලුවේකුට පවසා ඇත්තේ, "මචන්, මට නදිනිව හැම තැනම පේනවා බන්. එකි මගේ දිහා බලාගෙන ඉන්නවා. මම සති ගානකින් නිදියලා නෑ." යන වචනය. ඉතා අවාසනාවන්ත ලෙස පිස්සෙකු මෙන් කල් ගෙවන නදිනිගේ පෙම්වතා තවත් දින කිහිපයක් මෙලෙස ගත කලේය. ඔහුගේ තත්වය දැන් දැන් දරුනූය.


අවසානයේ මොහු තීරනය කරන්නේ නදිනිගේ සිරැර මිහිදන් කල ස්ථානයට යෑමටය. එහි ගොස් කෑ ගසා හෝ නදිනිගෙන් සමාව අයදීමටය. නදිනිගේ සිරැර මිහිදන් කරනුයේ ඇයගේ ගමෙහිය. එය තරමක් දුර ගමනකි. කෙසේ හො පසු දිනම තනිව පිටත් වන නදිනිගේ පෙම්වතා දහවල් වන විට නදිනිගේ ගමටත් එතනින් නදිනිගේ සොහොනටත් ගියේය. ගමේ කිහිප දෙනෙකුම දුටුවේ නදිනිගේ සොහොන බදාගෙන හඩන තරැනයෙකි. පැය ගනනක් එසේ සිටි ඔහු නැවත ඒමට පිටත් වන්නේ හවස් වීය. නැවත නුවරට එන විට බොහො රෑ වී තිබුනි.


නිවසට යා යුතු පාරට තම වාහනය නොහරවා ඔහු දිගටම ගමන් කරන්නට විය. දිගටම යන ඔහුගේ වාහනය නතර වනුයේ කලු පාලමට මෙහා රේල් පාර අසලය. මම තරැනයා වාහනය නවතා රේල් පාර දිගේ ඇවිදගෙන යාමට විය.


මේ වෙලාවේ අපගේ සුපුරිදු සපත්තු මසන්නා තම නිවසේය. මොහු මද්‍යම රාත්‍රිය පසු වුවද නින්ද නොයෑම නිසා එලියට පැමිනෙන්නේ දුම්වැටියක් දවා ගැනිමටය. වේලාව රත්‍රී 1.30 ට පමන ඇත. අදත් සුපුරැදු පරිදී රත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදය. තම දුම්වැටිය උරමින් එලියේ සිටින සපත්තුමසන්නා දකින්නේ ඇතින් රේල් පාර දිගේ සෙමින් ඇවිදගෙන එන තරැනයෙකි. මේ කාලයේ රාත්‍රියට මුදල් දෙනවා කිව්වත් කවුරුත් එලි නොබසි. එහෙත් මේ තරැනයා රේල් පාරේ ඇවිදී. සපත්තු මහන්නාගේ සිතට එක වරම දැනුනේ බියකි. මන්ද යත් කලු පාලමට මදක් නුදුරින් පමිනෙන්නේ රාත්‍රී තැපැල් දුම්රියයි. තරැනයා රේල් පාරේ සිට කලු පාලම දෙසට සෙමෙන් සෙමෙන් ඇවිද යයි.


මේ සිදු වන්නට යන සිදූ වීම එක් වරම මෙම සපත්තු මසන්නට මතක් කලේ මීට මාස හයකට පමන පෙර සිදු වූ රතු ගවුමක් හැදි තරුනියගේ මරනයයි. ඇයද මේ ආකාරයෙන්ම සෙමෙන් සෙමෙන් දුම්රිය ඉදිරියට ඇවිද ගියේය. නදිනි තමාගේ මරනයට ගමන් කල ලෙසටම නදිනිගේ පෙම්වතාද ගමන් කරයි. මේ සිදුවීම් දෙකෙහි සමානකම සපත්තු මසන්නාට සිහි වීමත් සමගම ඔහුට දැනුනු බිය දෙගුන තෙගුන විය.


මීලග නිමේශයේ සිදු වුයේ ඔබ දැනටමද අනුමාන කල දේය. එක වරම දුම්රියේ ගැටුනු තරුනයාගේ අප්‍රානය නිරැද්ද සිරැර විසි වී ගියේය. දුම්රිය රියදුරා නදිනිගේ මරනය මෙන් මේ තරැනයා දුම්රියේ වදිනවාද දුටුවේ නැත. මේ දෙස බියෙන් බලා සිටි සපත්තු මසන්නා අවසනයට දකින්නේ අර තරුනයාගේ සිරැර අසල සිටින රතු ගවුමක් හැදි තරැනියයි. මිනිත්තුවක් පමන ඇය මේ තරැනයාගේ සිරුර දෙස බලා සිට ඇත. එසේ සිට ඇය එක් වරම මීදුම් වලාවක් මෙන් බොදවී අන්දකාරය තුලට අතුරුදන්විය.

මේ නදිනිව කිසිවෙකු හො දුටු අවසාන අවස්තාවයි. ඉන් පසු කෙදිනක හො නදිනි නොහොත් රතු ගවුමක් ඇදි තරැනිය දකින්නෙ නැත. සපත්තු මසන්නා මේ සිදුවීම දැකීමෙන් ඉතා බියට පත්ව තම නිවස තුලට වී දොර වසා ගන්නේ මර බිය දැනුනු නිසා විය හැක.


උදෑසන ප්‍රදේශවසින් දකින්නේ තවත් තරුනයෙකු කොච්චියට පැන ඇති බවකි. කිහිප දෙනෙකුට පමනක් මතක් වුයේ මේ නදිනිගේ මිනිය හා අනෙකුත් පුද්ගලයාගේ මල සිරැරු හමු වූ සුපුරුදු ස්තානය බවයි. එකම ස්තානයක එකම ආකරයකට මල සිරැරු තුනක් විවිද කාල වලදි හමු විය. මේ සියල්ලෙහිම එකම සාක්ශිකරැ අපේ දුප්පත් සපත්තු මසන්නා පමනි.


සිව් වෙනි මරනයට හා මෙම සිදුවීමට එකල විශේශ අවදානයක් යොමු නොවීය. එකල මේයට වඩා විශාල ප්‍රශ්න රටේ තිබු කාලයකි. නදිනිගේ සිව් වැනි හා අවසාන පලි ගැනීමත් සමග ඇයව නැවත කිසිම දිනක දකින්නට ලැබෙන්නෙ නැත. ඇගේ පලිගැනීමත් සමග ඇගේ ආත්මයට විමුක්තියක් ලැබුනා යැයි මම විශ්වාස කරමි.


පසුව ලියමි : - මේ සිදුවීම අදාල මූලිකම කරුනු මා දැන ගන්නේ ඉහත කී සපත්තු මහන්නාගෙන්මය. වයසක අයෙක් වන මොහු පසු කලෙක වැඩිහිටි නිවසකට ඇතුලු වන්නේ ඔහුට සැලකීමට කවුරුත් නැති නිසාය. මේ කතාව ඔහු එහි කිහිප දෙනෙකුට කීමත් එම වැඩිහිටි නිවසට නිතර යන එන මගේ යලුවෙකුගේ මාර්ගයෙන් මාහට අරන්චි විය. කෙටි කතා බහකින් මාත් සමග ඉතා හිතවත් වන ඔහු දන්නා සියල්ල මාහට පැවසුවේය. මේ කාලයේ පලවු පත්තර විස්තර මගින් ඉතිරි තොරතුරු හා අදාල පුද්ගලයන් සොයා ගැනිමටත් මා මාස කිහිපයක්ම වැය කලෙමි. ඔවුන් කී කතා හා සාක්ශිද මත මා මේ කතාව සහතික කර ගතහැකි විය.


සියල්ල අවසානයේ මේ කතාව ඔබට මම ඉදිරිපත් කරමි. මෙය කියවා මෙය පිලිගැනිම හො පිලිනොගැනිම ඔබට බාරය.



Source: Link