අපේ මහප්පාගෙ ගෙවල් ලග ඉස්සර තිබුණා ලස්සන ඇළක් ඒකට අපි කිවුවෙ බන්ට් එක කියලා.....වතුර ගහගෙන යන කොන්ක්රීට්වලින් බැඳලා හදපු,අඩියෙ සුදු වැලි තියන,ගොඩක් පිරිසිදු ,දැක්ක ගමන් පැනලා නාන්න හිතෙන ඇළක් ඒක..අපේ පැති වල ඉතින් වැඩිය ඇළ දොල ගංඟා වගේ ඒවා නෑනේ....ඒ නිසා අපිට මේවා දැක්කම හරි මෙවුවා එකයි ඉතින්...අර මොක්කුන්ටද මොනාද හම්බුණා වගේ තමයි......
පොඩි කාලේ එහේ ගියාම මමයි අපේ අයියයි එහෙ( මහප්පගෙ ළමයි )අයියලයි අක්කලයි තමයි ඒ බන්ට් එකේ නාන්න යන්නෙ......අනිත් අයට පීනන්න පුලුවන්..මටයි චූටි අක්කටයි පීනන්න බෑ ....අපි දෙන්නා පොඩියිනෙ එතකොට.....ඔය මොකක් හරි කණුවක හරි අතු කෑල්ලක හරි එල්ලිලා තමයි නාන්නෙ
..ඉතින් අපි එහෙම ගියාම ගෙවල් වලින් හොයන් ඇවිත් අර පෙඟෙන්න දාපු පොල් අතු ඇදන් යනවා වගේ ඇදගෙන යනකන් වතුරෙමයි.(ඔය ඇළ ගැන කිවුවෙ මෙච්චර වෙලා)

දැන් මේකයි කතන්දරේ.....
මේ එක්දහස් නවසීය බර ගනන් වල...මේ ඇළ මේ විදිහට නෙමෙයිලු තිබුණෙ ඒ කාලේ.....මාලු එහෙම සෑහෙන්න ඉන්න ඇළක්ලු..වටේම ටිකක් කැලෑව වගේත් තිබුණාලු.වෙලේ නියර දිගේ ගිහින් තමයි ඒකට යන්න ඕනෙ....මේකට ඉස්සර කිවුවෙ ගල් අමුණ කියලලු....දැන් ඒ බන්ට් එක තවත් වෙනස් කරලා....ඒ හරියෙන් තමයි දැන් ජොගින් රෝඩ් එක හදලා තියෙන්නේ...
ඉතිං ඉස්සර ඕකෙ මිනිස්සු මාලු අල්ලනවා ...... හුගක් අය මාලු අල්ලන්න යන්නෙ රෑටනෙ ..... මොකද රෑට මාලු දිය පාරවල් වල උඩ ඉදන් පහලට යනවලු..
මේ මම කියන්න හදන්නේ අපේ මහප්පා ඉස්සර..ඒ කියන්නේ තරුණ කාලේ..රෑක ඔය ගල් අමුණෙ මාලු අල්ලන්න ගිහින් එයාට වෙච්ච අකරතැබ්බයක් ගැන..කතාව කිව්වේ එයාම තමයි...
දවසක් අපේ මහප්පයි,එයාගෙ යලුවෙකුයි,තව නෑදෑවෙන මාමා කෙනෙකුයි කතා වුනාලු අද රෑට යමු මාලු අල්ලන්න කියලා........ඉතිං තුන් දෙනා එක්ක ඔන්න පන්දමකුත් අරගෙන තව ඕන කරන දේවලුත් එක්ක..දැලකුත් අරගෙන ගියාලු....ඒ දැලට කියන්නේ "රිටිදැල" කියලලු..ඒක කාගෙන් ද මන්දා ඉල්ල ගත්තු එකක්ලු...
ඉතින් තුන් දෙනාත් එක්ක වෙල මැද්දෙන් වදුල අස්සෙන් ගියාලු අර පොට් එකට.. ගිහින් වැඩේට බැස්සලු.ඒ කියන්නෙ එක්කෙනෙක් ඇළට බැහැලා අර රිටිදැල කියන එක අටෝගෙන ඉන්නවලු..... දැන් මේ ගහගෙන යන වතුර පාරෙ ඕක හරස් කරලා ගැට ගහගෙනලු මාලු අල්ලන්නෙ ඕකෙන්.... ඔහොම ටික වෙලාවක් ගිහින්...හැබැයි ඒ තරම් සරුවට මාලු අහුවෙන පාටක් පේන්න නෑලු.....දැන් කට්ටියගෙ උනන්දුවත් ටික ටික වතුරටම හේදිලා යනවා වගේලු ..
මේක කියන්න ඕනෙ..මේ තුන්දෙනාම ගියාට ඇලට බැහැලා දැල දාගෙන මාලු අල්ලන්නෙ එක පාරට එක්කෙනා ගානෙලු...අනිත් දෙන්නා එතකන් උඩලු ඉන්නෙ...මොකද හැමෝම වතුරට බැහැගෙන ඕකේ ජලසන්නිය නටන්න බෑනේ..මාලු බයවෙලා යනවනෙ...ටික වෙලාවකින් මහප්පා කිවුවලු අර මාමට.."මාමා දැන් ටිකක් ගොඩ වෙන්නෙ මම දැල දාලා බලන්නම්" කියලා....ඉතින් ඒ මාමත් මහප්පට දැල දීලා ඇළෙන් ගොඩ උනාලු.....
මහප්පා දැල දාගෙන ඔහොම ඉන්න අතරේ එයාට නිකන් අමුතු ෆීලින් එකක් වගේ දැනුනලු...ඒ කියන්නෙ අමුතු සීතලකුත් එක්ක පරිසරෙත් නිකන් අමුතු වෙන්න ගත්තා වගේලු......
මෙහෙමයි...
වෙලක් ලග උනාම රෑට ඇහෙනවනෙ ඉතිං එක එක සද්ද බද්ද...ඔය ගෙම්ම්බොන්ගෙ, රැහැයියන්ගෙ,පලගැටියන්ගෙ වගේ එක එක සත්තුන්ගේ....ඒවා ඇහෙන එක නෙවෙයිලු ප්රශ්නෙ.......
එහෙනම්...??
ප්රශ්නෙ මෙච්චර වෙලා ඇහුණු ඒ සද්ද කිසිදෙයක් එකපාරටම මහප්පට ඇහුනෙ නැතිව ගිය එකයි....අර කන්දෙක නිකන් ක්රීං ගාගෙන ඇතිවෙන නිෂ්ශබ්දතාවය තියෙන්නේ....අන්න ඒ වගේ...අඩු තරමෙ ඇලේ වතුර පාරෙ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු....හැබැයි වතුර පාර ගලාගෙන යනවලු ඒත්...
ඔහොම විනාඩියක් දෙකක් වගේ එක දිගටම එහෙමම තිබිලා.....මහප්පා ඇළේ ඉදන්ම ඉස්සිලා යන්නතම් ඉවුරෙ හිටෝලා තිබුන පන්දමේ එලියෙන් බැලුවලු ගොඩ ඉන්න දෙන්නා දිහා.....ඒ දෙන්නට නම් එහෙම අමුත්තක් දැනිලා නෑ වගේලු...දෙන්නා ඉන්නවලු කයියක් ගහගෙන....ඒත් මහප්පට ඒ සද්දෙවත් ඇහෙන්නෙ නෑලු 

ඔන්න එක පාරටම ටිකකින් අර නිෂ්ශබ්දතාවය නැති වෙලා වතුර පාර ඉහළ ඉදන් මහා සද්දයක් එක්ක පහලට එනව වගේ මහප්පට ඇහෙනවලු....හරියට ලොකු මුහුදු රැල්ලක් එනකොට ඇහෙන්නේ අන්න ඒ වගේ...
ඒත් එක්කම වගේ මෙන්න යකෝ නෑ කියලා හිතපු මාලු....එක පොදියට එනවා හෝ ගාලා අර සද්දෙත් එක්ක වතුර පාර දිගේ...ජක බක ගගා එහෙන් පනිනවලු,මෙහෙන් පනිනවලු...මාලු කියන්නෙ..සූ ගාලලු
..එක දිගටනොසෑහෙන එනවලු.....නතරවීමක් නෑලු.....මහප්පගෙ දැන් කට කනේලු.ඇයි යකෝ මාලු ටොන් ගනන් අහුවෙනවනේ.

ඉතින් ඔන්න එක පාරටම මහප්පට දැනුනලු හෙන අ...අ..අ..ම..තඩීම තඩි සයිස්.ඌරෙක් විතර මාලුවෙක් ඇවිත් දැලේ පැටලුනා වගේ
කලබල වෙච්ච පාර මහප්පා"මාමේ....අයියේ" කියලා අර දෙන්නට කෑ ගැහුවලු..ඉතින් ඒ දෙන්නත් අඩියට දෙකට එතනලු...මහප්පා කිවුවලු"මාලු මහා ගොඩයි ඒ මදිවට හෙන ලොකු භාන්ඩයකුත් අහුවෙලා ඉන්නවා..තනියම බෑ,අදිමු තුන් දෙනාම කියලා..දැන් ගැට ලෙහලා එහෙම තුන්දෙනාම ඇද්දලු දැල උඩට..
ඒත් සෑහෙන අමාරුයිලු දැල අදින්න...ඒ තරම් බරයිලු..මාලුත් නලියනවලු ආපහු දැල අරන් යන්න වගේ...ඉතින් කොහොම හරි තුන් දෙනාම දැල උඩට ගෙනත්,පන්දමත් අරන් ඇවිත් ලෑස්ති උනාලු මාලු දැලෙන් ගලවගන්න.
කෝ.........??
යකෝ...දැලේ මාලු තියා එක ගප්පි පැටියක්වත් නෑලු ......අර ලොකු මාලුවා...ඌත් නෑ.ඒ විතරයෑ.....දැල මැද්දෙ බස් එකක රෝදයක් තරමට තඩි හිලක්ලු....
දැන් ඉතිං තුන්දෙනාට කතා කරගන්නවත් බෑලු...

ටික වෙලාවකින්..."මොකද මාමෙ මේ උනේ මාලු මහ ගොඩක් ඇල්ලුවනෙ උඩට ගේද්දිත් මාලු හිටියනෙ දැලේ " කියලා මහප්පා කිවුවලු..මාමාගෙ මූණ එක පාරටම වෙනස් උනා මාමා දැක්කලු..
මහපට තේරුනාලු මාමා ටිකක් කලබල වුණත් වගේ කියලා"ආ....ඒකට කමක් නෑ අපි යං..මෙතන තවත් ඉන්න ඕනේ නෑ" කියපු අර මාමා අනිත් දෙන්නවත් ඇදන් ඉක්මනට ගෙදර ආවලු..
මහප්පාට දැන් හොඳටම තේරෙනවාලු මාමා මොනාහරි දෙයක් නොකියා මග අරිනවා කියලා......එත් එයා එවේලෙ මුකුත් අහන්න ගියේ නෑලු..මේ වෙච්චි දේවලුත් හරි අමුතු නිසා.....ඊට පස්සෙ පහුවදා මාමායි අපේ මහප්පයි අර රිටිදැල මහන්න අරං දිග ඇරියලු ඉතිං..ඇයි දැන් ඉරිච්ච තැන් මහලා අයිතිකාරයට බාර දෙන්න එපැයි..
යකෝ එතන මාලු දැලක් නෑලු .....

තිබුනෙ වොලිබෝල් කෝඩ් එක මැද්දෙ බදින දැලක්ලු..ඒ තරමට ඒ දැලේ හැමතැනම අලි හිල්ලු.....හැමතැනම අගලක් නෑර හිල් වෙලාලු
ඒක ආයෙත් පාවිච්චියට ගන්නම බෑලු..
පස්සෙ තමයි අර මාමා ඊයෙ සිද්ධිය ගැන කට ඇරලා තියෙන්නෙ....මාමා මෙහෙම කිව්වලු...."කොලුවො උඹ ඊයේ බේරුනේ වාසනාවකට......උඹ ඊයෙ අහු උනේ "රැළ මහට"...උඹලා බයවෙයි කියලා මං නොකියා හිටියෙ කියලා ඕකට හරියට අහුවුන කෙනෙක් ලේසියෙන් ගැලවිලා එන්නෙ නෑ...තනි උනේ නැති නිසා උඹ බේරුණේ කිවුවලු.....
රැළ මහ කියන්නේ.....රෑ ජාමෙ මාලු අල්ලන අයට එන දිශ්ඨියකට කියලා ඒ මාමා මහප්පට පස්සෙ විස්තර කරලා දුන්නලු ....
ඉතිං ඕක පස්සෙ දැන ගත්තු නිසා මහප්පට අවුලක් වෙලා නෑ..තව පොඩ්ඩෙන් එතනත් තොවිලයක් තමයි....කොහොමහරි අර රිටි දැල කියන කෙංගෙඩියත් අලුතෙන් අරන් දෙන්නත් වෙලා කට්ටියට
තව කතානම් තියනවා ගොඩාක් මං දන්න...ටික ටික දාන්නම් ඔයාලා කැමතිනම් මේ වගේ.....ඔන්න ඔහොමයි රැළ මහ හොල්මනෙන් අපේ මහප්පා ගැලවිලා තිබුණෙ.....
යන්නම්......
එහෙමනම් හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි හැමෝටම 
